රාජපක්ෂලාට ඇති වෛරයට රට පාවාදීම
Posted on March 11th, 2016

රත්තනදෙණියේ මේධානන්ද හිමි යුතුකම සංවාද කවය

සරත් ෆොන්සේකා පිලිබඳ මා තුල අද වෙනතෙක් කිසියම් ගෞරවයක් තිබුණි. යුධ හමුදාපතිව සිට තීරණාත්මක කාර්යභාරයක් කළ ඔහු කවර තත්වයක් යටතේ වුවද සිරගත කිරීම පවා මා අනුමත කලේ නැත. එය පැහැදිලිවම දේශපාලන පලිගැනීමක් බව මා තුළ පැවති විශ්වාසයයි. එහෙත් ඔහු අද පාර්ලිමේන්තුවේ කළ කතාව ඇසූ විට මේ ෆොන්සේකා ගැන ඇති වුයේ දැඩි අප්‍රසන්න සහගත පිළිකුලකි. දේශපාලන අනාථයකු වූ ඔහු සැබවින්ම මේ ඔප්පු කරන්නේ තමා තරම් ජඩයකු මේ ලංකා ඉතිහාසයේම පහළවී නැති බව විය යුතුය.

ඔහු කියන්නේ කුමක්ද ? යුධඅපරාධ පිලිබඳ කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය අනිවාර්යෙන් කළයුතු බවය. ඒ සඳහා විදේශීය නිරීක්ෂකයින්ට විදේශීය උපදේශකයින්ට සහය දී ජාත්‍යන්තරයේ මනදොල පූරණය කළයුතු බවය. සුදු කොඩි පරීක්ෂණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවය. තමන් යුද්ධය මෙහෙයවුයේ ජිනීවා සම්මුතීන්ට අනුව බවත් ඒවා කඩකළ අතලොස්සක් සිටී නම් අනිවාර්යෙන් දඩුවම් කළයුතු බවය. ඔහු කියන මේ අතලොස්ස කව්ද ? මහින්ද ,ගෝටාභය ඇතුළු තමන් සමග පසුගිය කාලයේ අත්වැල් බැඳ නොගත් හමුදා නිලධාරීන්ය. වසර 40ක හමුදා දිවියේ එදා මෙදාතුර තමන්ට කීකරු නොවූ සෙසු නිලධාරී ටිකය. ශවේන්ද්‍ර සිල්වා ,කරන්නාගොඩ වැනි තමාගේ පරම සතුරන් සේ සලකන අයත් ඔහුගේ මේ අතලොස්සක් වූ සතුරු ලයිස්තුවේ ඉහලින්ම සිටී. ජිනීවා සම්මුතීන්ට අනුකූලව සටන් කිරීමට අප දන්නා පරිදි ඔහුටම කියා වෙනම රාජ්‍යක ස්වායක්ත බලයක් තිබුනේ නැත. ඔහුද ආණ්ඩුවේ එක උපකරණයකි. ඔහුට සිදු වුයේද සේනාධිනායක හා ආරක්ෂක ලේකම්ගේ නියෝග පිළිපැදීමය. එත් දැන් ඔහු රාජ්‍ය යාන්ත්‍රණයෙන් විනිර්මුක්ත වූ වෙනම ශීලයක් ආරක්ෂා කළ එකම සුදනා තමන් බව කියමින් ජාත්‍යන්තර පරීක්ෂණයකට ආරාධනා කෙරේ. ප්‍රභාකරම් නන්දිකඩාල් කලපුවේ ගිල්වා තැබූ වරදට පරවේණි ගත වෛරයකින් පෙලෙන විකල්ප ගෝත්‍රයේ මෘග්ධයින්ට හැරෙන්නට ෆොන්සේකාගේ කතාවේ ඇති කැකෑරෙන වෛරය කොතෙක්දැයි සාධාරණව බලන ඕනෑම මනුෂ්‍යකුට වටහා ගැනීම අමාරු නැත.

ෆොන්සේකාගේ වර්තමාන කියුම් කෙරුම් හරහා ඔහුට හිමිවන්නේ ඉතිහාසයේ යුධ වීරයකුගේ භූමිකාවක් නොව රාජපක්ෂලා සමග ඇති පෞද්ගලික වෛරයක් නිසා රටම පාවා දුන් ද්‍රෝහීයකුගේ තත්වයයි. රාජපක්ෂවරු සමග ඇති වෛරී කෝන්තරය සමස්ත රට ජාතියකින් පිරිමැසිය යුතු නැත. ඔහු අද ඒ තැනට තිරස්චීන වී ඇත්තේ එජාප පිළිකන්නේ ළගිමින් ඉදුල් බුදින්නෙකු ලෙසය. තමන් ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කියූ, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියූ, තොප්පිගල මුදාගැනීම කජ්ජක් නොව කැලෑවක් කියූ, අලිමංකඩ වෙනුවට පාමංකඩ යනවා කියූ, කරන්න පුළුවන් හැම නින්දාවක්ම හැම අපහාසයක් ම කල මිලේනියම් සිටි බුද්ධි අංශ පවාදුන්, එජාපය සමග සම අසුන් ගනිමිනි. මෙවැනි නීච පුද්ගලයකුට හිටපු හමුදාපති යයි කලකට හෝ අපට කීමට සිදුවීම ගැන ලජ්ජා විය යුතුය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7 Responses to “රාජපක්ෂලාට ඇති වෛරයට රට පාවාදීම”

  1. Hiranthe Says:

    He is a opportunist and a selfish person came from a gutter.

    It is indeed shameful to call him a Rana Wiruwa.

  2. Dham Says:

    රාජපක්‍ෂලා කොතරම් සතුරුකම් කලත් මහත්මයෙක් පරිදි මෙවැනි ද්‍රෝහි කම් නොකොට​, රට වෙනුවෙන් වැඩක් කලානම් මෙලොව පරලොව දෙකටම වැඩදායක බව නොදත් මෝඩයකු බව පැහැදිලිය​.
    මහත්මයකු වන මොහුගේ සොහුයුරාටත් නින් දාවකි.
    කෙසේ වෙතත් යුද්ධයෙන් දවස් 2 කින් කුලල්කාගෑම පටන් ගත්තේ මොහුයි. කරන්නාගොඩ හොඳ මිනිහෙකු නොවුනත් එකට ආ ගමන සතුටින් විසිර නොගොස් ගහමරා ගැනීම පටන් ගත්තේ ද මොහුමයි. කරුමයක මහත​.

  3. NAK Says:

    He became a traitor the moment he accepted the US offer to contest against Mahinda in the presidential elections 2010 for money. Still there is no explanation for the US$500 000 found in Danuna’s mother’s safe deposit box which Anura the red elephant promised.

  4. Christie Says:

    The former President called an early election. The Indian imperialists (Indian Union) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. When profiling Mahinda they did not take in to account his brothers, in particular Gotabaya who was in the US at that time. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and had got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.

    We have only one path. Unite and stand up against the Indian Empire.

  5. Christie Says:

    Human Rights Watch director for Asia Meenakshi Ganguly recently said Gota is the worst while talking about all involved in the Indian initiated war.

  6. ranjit Says:

    Dog is a dog whether he is a bull terry or a stray dog. I do not know how such a low class person became a Field Marshall in my country. VEL VIDANE also not fit for this hateful man. I do not think anyone will approve his speech the other day in the Parliament. These type of people must be punished by god for their unacceptable acts thru vengeance towards his former masters who made him a General for his services in the battle.
    I have read about great Generals, Field marshals but not about a person so low as this traitor. He was a rejected person by the voter and has no public support at all except greediness for power and money. These type of people will not live long they will be like stray dogs on the street who barks just but no one cares or hear.
    Vel vidane is not a clean man as he thinks his time will come to answer very soon. Let’s see how this wicked man will answer all the questions in the future.

  7. Dr.K Says:

    ඕනෑම ගොනෙකු කරත්තයට බැන්දත් එය ගමනාන්තය දක්වා ගෙනයාහැක්කේ දක්ෂ කරත්ත කරුවෙකු සිටියොත් පමණි. ඕනෑම ගොනෙකුට යුද්දය කරන්න හැකිවන්නේද ඔහු පසුපස එඩිතර දේශපාලන නායකත්වයක් තිබුනොත් පමණි යන්න කිරිඇල්ල දැනසිටියත් ඔහු ප්‍රකාෂ කලේ එයින් කොටසකි. ඒ ‘ඕනෑම ගොනෙකුට යුද්දය කල හැකිය’ යන්න පමණය.

    අද සරත් ෆොන්සේකා කියන කරන කතා ඇහුවම ලක්ෂ්මන් කිරිඇල්ල කියූ කතාව ඇත්තක් බව තහවුරු වන්නේය. ඒ අනුව පහුගිය රජයට එඩිතර නායකත්වයක් තිබූ බවද නිකම්ම සනාථ වන්නේය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress