සාක්ෂිකරුවන් නොමැතිව
Posted on March 15th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සාජන් ”
ඔව් සර් ”
මෑන්ව ගන්ඩ එදා ගිය රාලහාමිලා දෙන්නත් දාගන්ඩ බණ්ඩාරට කියන්ඩ වාහනේ පිටිපස්සටකරලා නවත්තන්ඩ කියලා ”
ඕකේ සර්”
මල්ලි සර් කිව්වා ඔය දෙන්නටත් අද එන්ඩ කියලා මෑන්ව කූඩුවෙන් ගන්ඩ අත් පිටිස්සට කරලාමාංචු දාන්ඩ ”
හරි සාජන් මහත්තයා”
බැද්දේ පළයං මං එන්නං. සාජන් මහත්තයා අද මට පොඩි දත් කැකුමක් තියනවා අද මාව තියලාප්‍රියන්තව ගෙනියනවද ?
රත්නේ දතේ අමාරුව පුකේ අමාරුව නෙවෙයි හරියට ඩියුටිය කරපං
සාජන් මහත්තයා මීට කලිං මම කොච්චර ඇවිල්ලා තියනවද මේ වගේ ගමං. මේකයි කාරනේ සාජන් මහත්තයා, වයිෆ්ට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා. මම දැං හරක් මස් වත් කන්නේ නැහැ.මම මේ දවස් ටිකේ ස්ටේෂන් එකේ රාජකාරි කරන්නද ?”
මේ උඹ මගෙන් කුණුහර්ප අහගන්නැතිව බැද්දයා එක්ක ගිහිල්ලා අරූව ජීප් එකට දාගනින්. උඹටඩියුටිය කරන්ඩ බැහැ කියනව කියලා මම සර්ට කියන්ඩද ?
හරි හරි සාජන් මහත්තයා මම එන්නං කවදා හරි දවසක මේවා පබ්ලික් වෙලා අපිටත් කේස්වැටනොත් සාජන් මහත්තයාම අපි වෙනුවෙං උත්තර දෙන්න ”
මේ තෝ මගේ යකා අවුස්සන්නේ නැතුව අරූව ජීප් එකට දාගනිං. ආවා මෙතන නීති කතා කරන්ඩ”
හරි හරි සාජන් මහත්තයා ඕකට කෑගන්න එපා මම එන්නං”
බැද්දේ හරිද වැඩේ , කෝ මූ තාම සෙල් එකේනේ . අඩෝ මෙහාට වරෙං , ඒයි උඹලා පස්සට වෙලාඉඳපල්ලා. බැද්දේ මූට මාංචු දාපං , ඉක්මං කරපං සාජන් මහත්තයට තද වෙලා ඉන්නේ.
සර් මාව කොහේ ගෙනියන්න ද ?
කෑගහන්නේ නැතුව හිටපං උඹෙන් තව කට උත්තරයක් ගන්න තියනවා ”
අනේ සර් මම ඔක්කොම කිව්වනේ. වෙපන් එක චුල්ලේ ලඟ මීගමු ගියොත් දැන් ඌව අල්ල ගන්නපුළුවන්.
හරි හරි ඒකට තමයි අපි යන්නේ කට වහගනිං”
බැද්දේ ශේප් එකේ පිටිපස්සට ගෙනිහිල්ලා මූව වාහනේට දාපං, දැන් සරුත් එනවා.
සාජන් හරිද වැඩේ?
හරි සර් පොර වාහනේ”
ඔකේ එහෙනං දැන් පිටත් වෙමු
ආ කස්ටිය හරිද ?
හරි සර්
අනේ සර් මාව කොහේද ගෙනියන්නේ මේ ?
හෙඩ්ක්වාටර්ස් බං මොකද බයද ? උඹල ගේම් දෙනකොට තිබ්බ බොක්ක කෝ දැං ?
අනේ සර් මම ඔක්කොම කිව්වනේ වෙපන් එක චුල්ලේ ලඟ”
වෙපන් එකක් ගැන නෙවයි මම අහන්නේ ආරියදාස මුදලාලි මැරුවේ කව්ද ?
සර් මම නෙවෙයි ”
උඹ නෙවෙයි ? මූ තාමත් අපිව ගහේ අරිනවා නේද ?
අම්මපා සර් ආරියදාස මුදලාලි මැරුවේ වැළි චන්දරේ. ඌ තමයි සේප්පුවේ තිබ්බ සල්ලි ඔක්කොමත්ගත්තේ. මගේ කොටසවත් මට ලැබුනේ නැහැ ”
යකෝ උඹ කරපු ඔක්කොම චන්දරේගේ ඇඟට තියලා කපනවා නේද ?
නෑ සර් මම කිව්වේ සහතික ඇත්ත
අම්මප ? ඉතින් දැන් කොහොමද හගිස්සන්නේ ? චන්දරේ නැහැනේ”
ඇයි සර් චන්දරේට මොකද උනේ?
මොකද උනේ? අපි චන්දරේව ගල් කරා ඌත් උඹ වගේ අපිට පානිය දාගෙන ආවා. ඇත්ත කිව්වේනැත්තං උඹවත් අපි ගල් කරනවා”
සර් මම කිව්වේ ඔක්කොම ඇත්ත ”
කිව්වේ ඔක්කොම ඇත්ත එතකොට බෙන්තොට කෙල්ලව දූෂණය කරේ කව්ද?
සර් මම කවදාවත් කෙල්ලෙක්ගේ කැමැත්තක් නැතිව අතක්වත් තියන්නේ නැහැ රොබරිය දීලාගම්පොළ සනා කෙල්ලවත් ඇදගෙන වී ගබඩාවට ගියා. ඌ තමයි වැඩේ දුන්නේ
එතකොට කෙල්ලගෙ කට උත්තරේ තියෙන්නේ උඹත් බලහත්කාරයෙන් ඒකි එක්ක හිටියා කියලා?
මම දන්නේ නැහැ සර්
මම දන්නේ නැහැ ? තෝ ඔක්කොම ගේම් දීලා දැං බබා පාට් නේ. සාජන් මූව හොඳට තද කරලාඅල්ලගෙන ඉන්ඩ , මූ ආමි එකේ එස් ඕ පී කෝස් කරපු එකෙක්
අනේ නෑ සර් මම හමුදාවේ එච්චර කාලයක් හිටියේ නැහැ
කටවහගනිං මට කෝල් එකක් එනවා
හලෝ”
ඔව් සර් ”
එහෙමයි සර් ,
දැන් යනිං ගමන් සර් , එදා ගිය ටීම් එක යන්නේ ”
බොල්ගොඩ සර් ”
හරි සර් ප්‍රශ්නයක් නෑ සර් ”
හරි සර් මම ඒක නියමට බලා ගන්නං ”
ඕකේ සර් වැඩේ ඉවර වෙලා මම මැසේජ් එකක් දෙන්නං ”
ඕකේ සර්”
බණ්ඩාර පොට් එකට ගිහිල්ලා මූණ ඉස්සරහට තියලා පාක් කරන්ඩ ”
හරි සර්”
ආ මෙතන දාන්ඩ”
සාජන්, රත්නේ එක්ක මූව බස්ස ගන්ඩ , බැද්දේ පොඩ්ඩක් ඉස්සරහා වොච් එකේ ඉන්ඩ
හරි සර්”
අඩෝ බැහැපං ”
සාජන් මහත්තයා මාව කොහෙද ගෙනාවේ ”
උඹව ගෙනාවේ නාවන්ඩ , නොදකිං මූ ලඟ ගස් ගඳ බැහැපිය වතුරට පරයා
සර් මට කළුවරේ මොකුත් පේන්නේ නැහැ , අනේ සර් මම ඔක්කොම කිව්වනේ . සර් මට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා ”
ළමයි පස්සේ බලන්ඩ පුළුවං දැන් ඔහොම අඩිය තියපිය තෝ වැටෙන්නේ නැහැ අපි අල්ලගෙනඉන්නේ”
සාජන් මහත්තයා මට තව අඩියක්වත් යන්ඩ බැහැ මට මොකක් ද කරන්න යන්නේ මම කෑගහනවා ”
කෑගන්ඩ ? රත්නේ උස්සපං මුගේ කකුල් දෙකෙං, ඔහොම ගනිං දැං ඔබපං වතුරේ. කෝ අල්ලපංහරියට ඔබපං ඔළුව යටටම. යකෝ හයියෙං ඔබපිය ගැම්ම බුරුල් කරන්ඩ එපා හු…පුතෝ. බැද්දේඉක්මනට වරෙං මුගේ කකුල් දෙක තද කරලා අල්ල ගනිං , මූට අමර හයියක් තියෙන්නේ ”
කස්ටිය බලාගෙන ඇඟට මොකුත් කරන්ඩ මාක් තියන්ඩ එපා. තව යටට කරලා අල්ලගෙන ඉන්ඩ”
හරි සර් , බැද්දේ කකුල් පොඩ්ඩක් උස්සපං ඔළුව තව යට යන්ඩ ඕනේ. යකෝ රත්නේ උඹ ගැම්මබුරුල් කරන්ඩ එපා. මූ තමත් දඟලනවා ”
ඔන්න ඔහොම ඔබං හිටපං ”
තව තව මම කියනකං අත අරින්ඩ එපා ”
තව ඔබං හිටපං ”
ඔන්න ඔහොම ඔය තියෙන්නේ ”
මම කියනකං අල්ලං හිටපං ”
තව තව ”
සාජන් මහත්තයා මූට වැඩේ හරි වගේ පොර සයිලන්ස් උණා ”
නැහැ නැහැ තව ඔබං හිටපං”
කොහොමද වැඩේ නැගලා යනවද ?
සර් මූට මාර ගැම්මක් තිබුනේ අපි තුන් දෙනෙක්ටවත් මේච්චල් කරන්ඩ අමාරු උණා
හරි තව විනාඩි දහයක් විතර අල්ලගෙන ඉන්ඩ උඩට ගන්ඩ එපා ”
රත්නේ මූව තව ටිකක ගැඹුරට ගෙනියමු , බය නැතුව වරෙං යකෝ මෙතන මඩ නැහැ ”
ඔන්න ඔහොම තව අල්ලගෙන හිටපං, ඇඟං අල්ලන්ඩ එපා යකෝ මාක් හිටිනවා සේට් එකෙන්අල්ලපං ”
බැද්දේ පොඩ්ඩක් කකුල් පාත දාපං”
හරි අයියට බඩු බනිස් වගේ ”
බැද්දේ තව අල්ලගෙන හිටපං තාම ගන්ඩ එපා ”
පොඩ්ඩක් අත බුරුල් කරලා බලපං මූ දඟලනවද කියලා ”
නෑ සාජන් මහත්තයා මම කිව්වේ මූට සැට් කියලා ”
හරි හරි අත ගන්ඩ එපා යන්තං බුරුලට තියාගෙන හිටපං ”
සාජන් කොහොමද වැඩේ ”
සර් පොරගේ වැඩේ හරි වගේ ”
එහෙනං බොඩි එක තව ඈතට දාලා මැසෙජ් එක ගහමු. ”
බැද්දේ මූගේ සේට් එකෙන් ඇදගෙන ගිහිල්ලා වැව මැද්දට දාපං ඒ කරලා ඉක්මනට පීනගෙන වරෙංතව ටිකකිං සර් මැසේජ් එක යවයි”
හරි සාජන් මහත්තයා”
රත්නේ මුගේ බාටා දෙක ජීප් එකේ , ඒ දෙකත් ඔන්න ඔය ඉවුර පැත්තට විසි කරපං ”
******************************************************
පැය තිස් හයකට පසු : පසුගිය දා බොල්ගොඩ වැවේ ඉවුරේ සගවා ඇති ආයුධ සේවීමටසැකරුවකු ගෙන යාමේ දී අදාළ සැකකරු මාංචු පිටින් වතුරට පැන, අත් අඩංගුවෙන් පැනයාමටඋත්සාහ කිරීමේ දී දියේ ගිලී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කලේය. මෙම සැකකරු හමුදාවේ සිට පළාවිත් මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ වල යෙදුණු අයෙකු බව පොලිස් මාධ්‍යප්‍රකාශක වැඩි දුරටත් සඳහන් කරයි.
March 15th, 2016 at 6:21 pm
““අම්මපා සර් ආරියදාස මුදලාලි මැරුවේ වැළි චන්දරේ. ඌ තමයි සේප්පුවේ තිබ්බ සල්ලි ඔක්කොමත්ගත්තේ. මගේ කොටසවත් මට ලැබුනේ නැහැ ”
The Sinhala rich, but these men had no idea that Indian colonial parasites are the richest in the island.
Brain washing by Indian imperialists using Socialist puppets like NM, Colvin, Phillip, etc etc.