ජනප්‍රිය පාසල් නිසා ජන අප්‍රිය වන අධ්‍යාපන ක්‍රමය
Posted on September 25th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

දරුවන් පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව වෙෙද් නිලධාරීන්ගේ සංගමය සහ අධ්යාපන ඇමතිවරයා අතර ඇවිලුන සටන තවමත් අවසන්ව නැත. කෙසේ වුවද මේ ගැන කතා කිරීමේදී වෙෙද්යවරුන් අතින් සියලු දෙනාටම සිතා  බැලිය යුතු කතාවක් කියැවුනි. සෞඛ් ක්ෂේත්රයේ ඇති වූ ප්රගතිය තුල දැන් ශ්රී ලංකාව ලෝකයේ රටවල් අතර සෑහෙන ඉහල මට්ටමකට පැමින තිබෙන බවට ලෝක සෞඛ් සංවිධානය මගින් පිලිගෙන අැති බවට ලද සහතිකයයි. නමුත් නිදහස ලබා වසර 68 පසු වුවද එවන් ප්රගතියක් පෙන්වා ඇත්තේ කුමන ක්ෂේත්රයකද කියා පෙන්වන ලෙස ඔවුන් අභියෝග කලහ. දැන් මේ ප්රශ්නය පැන නැගී ඇත්තේ අධ්යාපනය සම්බන්ධව බැවින් ගැන විමසා බැලීම වටී.

 

මා පාසල් යන වියේදී අප පෙනී සිටියේ 7 වසර ශිෂ්යත්වයටයි. නමුත් එකල කෙතරම් ඉහල ලකුණු ගත්තත් තමන් පදිංචි දිස්ත්රික්කයෙන් පිට පාසලකට ඇතුලත් වීමේ අවස්ථාව සිසුන්ට නොලැබුනි. නමුත් දිස්ත්රික්කය තුල ප්රධාන පාසල්වලට ඇතුලත් වීමට දුර බැහැර ප්රදේශවල  සිසුන්ට ඉඩකඩ ලැබින. එසේ ඇතුලත්වන සිසුන්ට බොහෝ විට නේවාසිකාගාර පහසුකම්ද, ආදායම අනුව ශිෂ්යත්ව ආධාර මුදලක්ද ලැබුනේය. වර්තමානයේ මෙන් කඩඉම් ලකුණු ප්රකාශයට පත් කිරීමක් නොවීය. සමහර මව්පියෝ යම් නොවැලැක්විය හැකි හේතු මත තම දරුවන් වෙනත් ප්රධාන දිස්ත්රික්ක කරා ගෙන ගිය මුත් අද මෙන් තරගයක් නොවීය. යම් අවස්ථාවල අප කුඩා දරු දැරියන් එක් රැස්වූ කිසි විටෙක තම තමන් යන පාසල කිසිවකුට වැදගත් නොවූ අතර අප මව්පියන්ටදමගේ දරුවා යන්නේ අහවල් පාසලටයි කියන්නට කිසි විටෙක මතක් වූවාද කියාවත් නොදනිමු. දැන් සමාජය හා අධ්යාපනයේ වටිනාකම මනින මිම්ම මොන තරම් වෙනස් වී ඇතිද?

 

පලමුව අප රටේ පාසල් පද්ධතිය පිලිබඳ විමසා බැලිය යුතුය

 

ලෝක බැංකුවේ සහය ඇතිව අප රටේ අධ්යාපන ක්ෂේත්රයට හඳුන්වා දුන් අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය යටතේ පාසල් වර්ගීකරණයට ලක් කර තිබේ. ඒ් යටතේ 1 AB වර්ගය, 1 C වර්ගය, 2 වන වර්ගය හා 3 වන වර්ගයේ පාසල් යනුවෙන් පාසල් වර්ගීකරණය වෙයි. 1 AB වර්ගය පලමු වසරේ සිට විද්යා සහ විද්යා නොවන විෂය ධාරාවන්ගෙන් උසස් පෙල  පන්ති පැවැත්වෙන පාසල්ය. එනම් ජාතික පාසල්ය. පලමු වසරේ සිට  විද්යා නොවන විෂය ධාරාවන්ගෙන් පමනක් උසස් පෙල පන්ති පැවැත්වෙන පාසල් 1 C වර්ගයට අයත්වේ. මේවාද ජාතික පාසල් ගනයට අයත් වුවත් සමහර අවස්ථාවල දිස්ත්රික්කයේ පවතින පාසල්වල තත්වය අනුව ජාතික පාසල් ගනයට නොවැටෙන අවස්ථා ඇත

 

2 වන වර්ගයේ පාසල් යනු 1 -11 වසර දක්වා පන්ති පැවැත්වෙන ඒවායි. 3 වන වර්ගයට ගැනෙන්නේ 1-8 වසර දක්වා හෝ 1-5 වසර දක්වා පන්ති පැවැත්වෙන පාසල්ය. කෙසේ වුවද ජාතික පාසල් ගනයට වැටෙන, 1 වසර සිට විද්යා සහ විද්යා නොවන පුලුල් විෂය පරාසයක උසස් පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසල් අප රටේ ඇත්තේ 5% ක් පමනි. ඉතින් අප රටේ පාසල් විය අරඹන වයසට පැමිනෙන බොහෝ දරුවන්ගේ මව්පියන්ගේ අභිලාෂය වනුයේ තම දරුවා මේ 5% න් එක පාසලකට ඇතුලත් කිරීමටය. නමුත් අප රටේ පාසල්වලින් 76% ක් අයත් වන්නේ 2 වන හෝ 3 වන ගනයේ පාසල් වලටයි

 

නිවැරදි අධ්යාපන ප්රතිපත්තියක්ද, හසල දැනුමක් සහ අවංක කැපවීමක් ඇති ඇමතිවරයෙක් සිටිනවා නම් මේ පාසල් පිලිබඳ ප්රශ්නය මතු නොවනු ඇත. මන්ද මේ වර්ගීකරණය, පාසල් සංවර්ධනය කිරීමේ පහසුව සඳහා මිස පාසල් අතර වෙනසක් ඇති කිරීමට නොවේ

 

රටේ අධ්යාපන තත්වය දියුණු කිරීමේදී එය විවිධ අවකාශයන් තුල සිදුවිය යුතුය. ප්රධානවම එම පාසල නිවැරදිව වර්ගීකරණය විය යුතුය. ලඟට   පාසල් කාණ්ඩවල පරිපාලනය, මූූල් පහසුකම්, ගුරුවරුන් තෝරා ගැනීම සහ ඉගැන්වීම් ක්රම, පාඨමාලා සැකසීම සහ තොරතුරු පද්ධතිය යාවත්කාලීන වීම ප්රශස්ථ මට්ටමක පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මේ නිවැරදි වර්ගීකරණය තුල පාසල්වල තත්වය ඉහල නැංවීම සඳහා පාසල අයත් වර්ගයට අනුව සම්පත් සැපයීම විය යුතුයි. සඳහා නිවැරදි වැඩපිලිවෙලක් සෑම පාසලකටම අත්යවශ් වේ. වරක් රූපවාහිනී වැඩ සටහනකදී සෑම් විජේසිංහ මහතා කරුණු ගෙන හැර දක්වමින් පැවසූ පරිදි අප රටේ පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් වෙන්වන පිරිවැය ප්රතිශතයක් වශයෙන් පවතිනුයේ ඉතියෝපියාව හා සුඩානයටත් පහල මට්ටමකය. එසේ බලන කල අධ්යාපන ක්ෂේත්රයේ මෙවන් තත්වයක් පවත්වා ගැනීම පිලිබඳ අපේක්ෂාවක්වත් ඉතිරිව නැත.

 

වෙනුවට අද සිදුවී තිබෙන්නේ තිබෙන සම්පත් හා දක්ෂතා දක්වන ප්රමානය පදනම් කරගෙන එම පාසලේම තත්වය ඉහල දැමීමට කටයුතු කිරීමයි. තුල  අධ්යාපන ක්ෂේත්රය තුල විශාල පාසල් ප්රමානයක් ඉතා දරුණු ලෙස කොන් වී යාම සිදුවේ. නාගරිකග්රාමීය ලෙස, පිහිටීම, දිස්ත්රික්ක අනුව මෙම විෂමතාවන් පැතිරී ඇත

ඉහත කී පරිදි වර්ගීකරණය කල පාසල්වල පරිපාලනය මධ්යම රජය යටතේ හෝ පලාත් සභා යටතේ පවත්වාගෙන යාම දැනට සිදුවේ. පරිපාලන ව්යූහයන්ට අනුව වෙන් කරන මුදල් ප්රමානයත්, ප්රතිපත්තිමය තීරණ ගන්නා පුද්ගලයන්ගේ පරිණත බව හා දක්ෂ බව වැනි ස්වභාවයත්, මේ පාසල්වල දියුණුවට විශාල බලපෑමක් ඇති කරයි.

 

ජාතික පාසල් ලෙස නම් කර තිබුනද, එම වර්ගයට තිබිය යුතු උපමානයන් (Criteria) තිබෙන්නේ ඉන් 35% පමනි. එනම් කොළඹ සහ වෙනත් පහසුකම් සපිරි දිස්ත්රික්කවල ඇති ජාතික පාසල්වලට, වෙනත් දුර බැහැර ප්රදේශවල ඇති ජාතික පාසල් කෙසේවත් සම කල නොහැක. නමුත් අධ්යාපනය සම්බන්ධව නිවැරදි ප්රතිපත්තියක් වෙයි නම් මෙය සිදු නොවනු ඇත

 

පාසලක් නියමිත ප්රමිතියකින් පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීමේදී එම පාසලේ පිහිටීම, යටිතල පහසුකම් එනම් ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, දුරකථන පහසුකම්, ඉඩ පහසුකම්, මේස පුටු වැනි භාණ්ඩ ආදිය පිලිබඳව සැලකිලිමත්වීම අවශ් වේ. සමගම වසරකට ඇතුලත් වන සිසුන් ප්රමානය, පාසල සඳහා ඇති ඉල්ලුම සහ පාසල හැර යන සංඛ්යාව පිලිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතුය. දැනට කෙරෙන්නේ නම් පාසල සඳහා ඉල්ලුමක් නැති සේ පෙනෙයි නම් පාසල වසා දැමීමට අර ඇඳීමයි

ඊට අමතරව විදුහල්පති සහ ගුරු මණ්ඩලය ප්රමාණවත්ද, පාසල අයත් වන වර්ගයට අනුව ඔවුන් තම සුදුසුකම් සපුරා ඇත්ද යන්නත්, ඉංග්රීසි භාෂාව, විෂය බාහිර ක්රියාකාරකම් වෙනුුවෙන් සම්බන්ධව ප්රවීනත්වය ලද ගුරුවරුන් ලබා දීමත් සිදුවිය යුතුමය. ගුරුවරුන්ට කලින් කලට නිසි පුහුණුව ලබා දීමත් වැදගත් ඉලක්කයකි

 

මේ කරුණු කාරණා සම්බන්ධ අවධානය යොමු කරමින් මධ්යම රජය හා පලාත් සභා යටතේ පවත්නා පාසල් වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාම අඛණ්ඩව සිදු වෙයි නම් දොස්තරවරුන්ට පමනක් නොව කිසිම දෙමව්පියෙකුට තම දරුවන් පාසලකට ඇතුලත් කර ගැනීම ජීවිතය හා මරණය සම්බන්ධ කරුණක් සේ නොහැඟෙනු ඇත. අධ්යාපනය තුලින් අපේක්ෂා කරන සමාජ සම්මත ඉලක්කයන් වෙනුවට, තම සහජ කුසලතා සහ දක්ෂකම් දරුවන්ටම තක්සේරු කර වටහාගත හැකි අධ්යාපන ක්රමයක්ද සහිතව සංවර්ධනය වන පාසල් පද්ධතියක් තුලින් මිස මේ පාසල් ප්රශ්නය විසඳීම නම් අසීරුය

 

අවාසනාවකට නිදහසින් පසු බලයට පත් වූ කිසිදු රජයක් මේ පිලිබඳව විධිමත් සැලැස්මක් සහිත වැඩ පිලිවෙලක් කරගෙන යාමට අවධානයක් යොමු නොකල නිසාම දැන් මුලු අධ්යාපන ක්ෂේත්රයම අවුල් ජාලයකි. 5 වසරේ ශිෂ්යත්ව විභාගය ඉතාම තරගකාරී වීමත්, වැඩි පහසුකම් සහිත ජනප්රිය පාසල්වල කඩඉම් ලකුණු ඉතා ඉහල දැමීමත් තුල මේ පාසල් අතර පවතින පරතරය වඩාත් වැඩි වන අතර මෙම අකටයුත්තේ වන්දිය ගෙවන්නට සිදුව ඇත්තේද දරුවන්ටමය.

 

රජයේ අසංවිධිත භාවයටම ගැලපෙන සේ ඉහල යයි සම්මත පාසල්වල ආදි ශිෂ් සංගම් සැදී තවත් නාඩගමක් නටති. ඔවුන් විසින් රජයෙන් කල යුතු වගකීම් තම කර පිට පටවාගෙන තම පාසලේ ප්රතිරූපය පුම්බා ලීමට තවත් තරගයක යෙදෙති. පිහිණුම් තටාක සැදීම, ටෙනිස් පිටි සැදීම ආදී දේ සඳහා පවතිනුයේ නිම නොවන තරගයකි. ඇති හැකි ආදි සිසුන් මේ කර්තව්යට කර ගසන විට මොන තරම් බැරි අමාරුකම් තිබුනත් අනිත් ආදි සිසුන්ද මේ ප්රවාහයට ඔහේ ඇදී එති. ලංකාව තුල පමනක් නොව පිටරටවල සිටින අයද මේ ආදි සිසු සංගම් පිහිටුවීමේ නිරත වී ඇත. දුර බැහැර ගමක, මධ් මහා විද්යාලයක ආදි සිසු සංගම් පිටරටක හෝ මෙරට පිහිටුවා තිබෙනු ඔබ දැක තිබෙනවාද? ඉන් කියැවෙන්නේ එවැනි පාසල්වල ඉගෙනගත් අය පිටරටවල නැතැයි කියාද? නැත. තමා ඉගෙනගත් පාසල ගැන කටක් ඇර කියන්නට ඔවුන්ට ඇති ශක්තිිය මේ සරුව පිත්තල සමාජය තුල වියැකී ගොසිනි. අනික මගේ අත්දැකීම නම් දියුණු අධ්යාපන ක්රමයක් ඇති රටවල උදවිය ප්රජාවක් ලෙස යම් විශේෂ අවස්ථාවල සුහදව හමුවනවා මිස මෙසේ පාසල් පදනම් කරගත් සාද පවත්වන්නේ නැත

 

මේ ප්රශ්න තුල තැලී පොඩි වනුයේද අපේම දරු පරපුරය. උදේ 6.30 අවදි වී නිවෙස අසල පාසලට නිවී සැනසිල්ලේ ගොස්, සවස 1.30 පාසල ඇරුන පසු ගෙදර ඇවිත් නිදහසේ පාඩම්වල ගෙදර වැඩ කරගෙන, කෙලි සෙල්ලම් කර රූපවාහිනිය නරඹා ගත කල හැකි නිදහස් දිවිය ළමුන්ගෙන් උදුරාගෙන ඇත්තේ මේ අධ්යාපන ක්රමය විසිනි. වෙනුවට ඔවුන්ට ගෙවන්නට සිදු වී ඇති ජීවිතය අමුතුවෙන් විස්තර කල යුතු නොවේ.

 

මේ වසර මුලදී මතුවූ පාසල් නිල ඇඳුම් වවුචර ප්රශ්ණය ගැන පාර්ලිමේන්තු ලොබියේදී කතාකල අගමැතිවරයා පවසා තිබුනේමේ ප්රශ්න කිසි දෙයක් නැහැනේ රෝයල්, ආනන්ද, නාලන්ද වගේ ඉස්කෝලවල. ඔය ඈත පලාත්වල විදුහල්පතිල තමා මේව අනාගෙන දඟලන්නෙ. ටික දවසක් ගියාම මිනිස්සුන්ට ඕව පුරුදු වේවිකියාය. මෙය වාර්තා කර තිබුනේ සති අන්ත පුවත්පතක දේශපාලන සතිය විශේෂාංගයේය! මේ වවුචර ප්රශ්නය සම්බන්ධව දිනවල රූපවාහිනී පුවත් තුලින් ඔබ දුටු දේ මතකයේ ඇති නම් මේ කියමනෙහි ඇති ස්වභාවය ගැන සිතීම ඔබටම භාර කරමි. පාන් ගණන් නම් කේක් කාපල්ලා කීවා වැනිය

 

මෙසේ පටු විදියට හිතන අගමැති කෙනෙකුත්, ප්රශ්නවල වැරදි කෙළවර අල්ලාගෙන තම සම්පූර්ණ කාලය සඳහා යොදවන අධ්යාපන ඇමති කෙනෙකුත්, අධ්යාපනයට වෙන්කල පිරිවැය සම්බන්ධවකොලේ වහලා ගහනමුදල් ඇමති කෙනෙකුත් සමග මේ ප්රශ්න විසඳේවි යැයි සිතීම අසීරු කාර්යයකි.

 

තව දෙයක් කිවයුතුය. එනම් අපොස සාමාන් පෙල අසමත් අයටත් උසස් පෙල විභාගයට ලියන්නට අවස්ථාව සැලසෙන අධ්යාපන ක්රමයක් ගොඩ නගන බව අධ්යාපන ඇමති පවසයි. ඒකත් හොඳයි. එවිට සයිටම් එකට ඇතුලත් වන අය සාධාරණීකරනය කරන්නට හැකි වනු ඇත. සමහරවිට සාමාන් පෙල නොතබාම සිටීම වඩාත් හොඳ යයි අධ්යාපන ඇමතිටම පසුව සිතෙන්නටත් පුලුවන.

 

2015 දී විශ්ව විද්යාල ප්රවේශයට පෙනී සිටි ලක්ෂ 3 ක් පමන වූ සිසුන්ගෙන් 1/6 ක් පමන විශ්ව විද්යාලවලට ඇතුලත් වීමට සුදුසුකම් ලැබූවද අවස්ථාව ලැබෙන්නේ 27,630 පමන පිරිසකට පමනි. හරි අධ්යාපන ක්රමයක් තුල මේ ලක්ෂ 3 අවස්ථා තිබිය යුතුය. වගකීම තිබෙන්නේ උසස් අධ්යාපන ඇමති අතේය. ලක්ෂ 3 පමනක් නොව අද පාසලට ඇතුලු වන සෑම දරුවෙකුටම තම ජීවිතය අනුනට හෝ තමාටම බරක් නොවී, තම කුසලතාවන් ඔප නංවාගෙන රැකියා වෙළඳපලට පිවිසිය හැකි අන්දමේ වෘත්තීය අධ්යාපනය මාර්ගයක් විවෘත වීම අත්යවශ්යය. ඊට අවශ් වන්නේ අද වල පල්ලට වැටී ඇති තාක්ෂණික විද්යාල පද්ධතිය පණ ගැන්වීමයි. එම ඩිප්ලෝමා පාඨමාලාවන්ට නිසි පිලිගැනීම ලැබෙන අන්දමේ වැඩ පිිලිවෙලක් සැකසේ නම් අධ්යාපන ඇමතිවරයාට නව අත්හදාබැලීම් වලට ගොස් තවත් අවුල් ජාලයක් සදනු වෙනුවට වැඩකට ඇති යමක් කල හැකි වනු ඇත.

 

රටේ ජනතාවටත් දරු පරපුරටත් ඇත්තටම සේවය කරන්නට ඕනෑනම්, අධ්යාපන ඇමති, උසස් අධ්යාපන ඇමති, වෘත්තීය පුහුණු ඇමතිලාට දොස්තරවරුන්ගේ හෝ වෘත්තීය සමිතිකරුවන්ගේ ඇඟේ එල්ලෙන්නටත්, පසුගිය රජය ගැන හිත හිතා ඉන්නටත් කාලය වැය නොකර, එක්ව කරන්නට මොන තරම් වැඩ සම්භාරයක් තිබෙනවාද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress