විග්නේෂ්වරම්ගේ කි‍්‍රයාකලාපය ජාතිවාදය අවුලවා දේශපාලනයේ වැජඹීමට ගන්නා උත්සාහයක් 
Posted on September 28th, 2016

ජාතික භික්‍ෂු පෙරමුණ

පසුගිය 24 වනදා බලවත් උත්සාහයකින් ගෙන්වාගත් දෙමළ ජනතාවක් පෙරමුණේ තබාගනිමින් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා ජාතිවාදය ඇවිලවීමේ අරමුණින් කර ඇති ප‍්‍රකාශය අපි ඉතා තරයේ හෙළා දකින්නෙමු.

ව්‍යවස්ථානුකූලව රටේ පුරවැසියන්ට රටේ  ඕනෑම පළාතක වාසය කළ හැකි අතර  ඕනෑම ආගමක් ඇදහිය හැකිය. එය විනිසුරුවරයෙක් වූ විග්නේෂ්වරම් මහතා නොදන්නවා නොවේ. දැන දැනම තම දේශපාලන යැපීම වෙනුවෙන් දෙමළ ජන මානසිකත්වය කැළඹීමේ නින්දාසහගත උත්සාහයහක ඔහු යෙදි ඇති බව පැහැදිලිය.

අතීතයේ පටන් සිංහල දෙමළ ජාතිවාදී නායකයින් සුපුරුදු ලෙස සිදුකළ එකම දේ නම් උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් තරඟෙට මෙන් ලේ කී‍්‍රඩාවට (Blood Game) ඇද දැමීමයි. සඳහා තිස් වසරක් ලෙයින් සහ ජීවිතවලින් වන්දිගෙවා ඇති ලාංකීය සමාජයට තවත් එබඳු ලේ කී‍්‍රඩාවක් අවශ්‍නැති මොහොතක ඊට අත වනමින් විග්නේෂ්වරම්ලා කරන සාහසික උත්සාහය නිවැරදිව තේරුම්ගත යුතුව ඇත.

දැන් දකුණේ ජාතිවාදීන්ට ඉහේ මල් පීපී ඇත. නිසා විග්නේෂ්වරම්ගේ ප‍්‍රකාශයට නොදෙවෙනිව සිංහල ලේවලට කථාකරන සිංහල ජාතිවාදීන් තම වාග් සංග‍්‍රාමයෙන් සටන් වදින්නට පටන්ගෙන ඇත. අවසානයේ උතුරේ දෙමළ ජාතිවාදය අවුස්සන දෙමළ නායකයන් හා දකුණේ සිංහල ජාතිවාදය අවුස්සන සිංහල නායකයන් නෑ සබඳතා ගොඩනගා ගනිද්දී ඔවුන්ගේ ඊනියා වාග් සංග‍්‍රාමවලින් ඇවුළුනු ජාතිවාදී වෛරයෙන් සිංහල දෙමළ අහිංසකයින් කාකොටා ගනිද්දී නායකයින්ගේ මනදොළත්, තනතුරුත් පිරී ඉතිරී, රැුකී, සුරැුකී පවතිනු ඇත.

දෙමළ ජාතික සන්‍ධානයේ පමණක් නොව යම් පමණකට හෝ ජාතික සමගියක් ගැන හිතන දෙමළ නායකයින් පවා විග්නේෂ්වරම්ගේ ප‍්‍රකාශයට විරෝධය දැක්වීම ජාතිවාදයට ඇති විරෝධය පෙන්වන සාධකයකි. අපි එය අගේ කරන්නෙමු.

වත්මන් ආණ්ඩුව සපරිපූර්ණ ලෙස ජාතිවදය පිටු දැකීමටත්, ජාතික සමගිය වැඞීමටත් නිසි කි‍්‍රයාදාමයක් කි‍්‍රයාවට නොනගා ඇති නිසාම විග්නේෂ්වරම්ලා මහ ඇමති බලයේ පංගුවද යොදාගනිමින් ජාතිවාදය අවුලන්නට කැසකවයි. ජනතාවගේ ලේ මතින් දේශපාලනයේ වැජඹෙන්නට කැසකවන දෙමළ වුවද, සිංහල වුවද ජාතිවාදීන්ගේ තිරස්චීන උත්සාහය අද පමණක් නොව හෙටද අතුගා දැමිය යුතුව ඇත. එසේ නොවුනහොත් ප‍්‍රභාකරන්ගෙන් පසු විග්නේෂ්වරම් ඔහුගෙන් පසු තවත් අයෙක් ජාතිවාදය ඇවිලවීමේ යෂ්ටිය භාරගනු ඇත. ජාතිවාදයට එරෙහි එය මුලිනුපුටා දැමීමට සිතන, පතන, කි‍්‍රයාකරන අපකාටත් ඇති වගකීම නම් මේ සිංහල දෙමළ ජාතිවාදී නායකයින් හුවමාරු කරගන්නා යෂ්ටිය විනාශකර දැමීමයි. වෙනුවෙන් ජාතික භික්‍ෂු පෙරමුණ කළ හැකි සියලූ දේ නොනැවතී සිදුකරන බව සියලූ ජනතාවට අවධාරණය කරන්නෙමු.

මෙයට,

ලේකම්,

ජාතික භික්‍ෂු පෙරමුණ

(විමසීම් හා සම්බන්ධීකරණය සඳහා :- 071-8082647 උදිත හිිමි)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress