එ.ජා.පය හෙවත් අය්කීය දේශීය කච්චි හි උපන් ගෙයි බෙදුම්වාදය
Posted on September 29th, 2016

මතුගම සෙනෙවිරුවන්

  ලංකා ජාතික සංගමය වටා පෙළ ගැසුණු ලංකාවේ දේශපාලන ප්‍රභූහු ඩී.එස්.සේනානායක මහතා යටතේ සංවිධානයව 1946 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්හ. බණ්ඩාරනායක මහතාගේ සිංහල මහ සභාව නියෝජනය කළ පිරිසත් මෙයට එක් විය. එය එකල සේනානායක මහතා ලද  ජයග්‍රහණයක් විය. ලංකාවට නිදහස ලබා ගැනීමේ අටියෙන් සිංහල දෙමල මුස්ලිම් සියළු පිරිස එක්කාසු කරමින් තැනූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් ප්‍රකාශ පත්‍රයේ  මූලික අරමුණු අතර පංච විධි නිදහසක් අපේක්ෂා කරන ලදී. ඒවා නම් විදේශීය පාලනයෙන් මිදීම අගහිඟ කම්වලින් මිදීම රැකී රක්ෂා හිඟකමින් මිදීම නොදත්කකමින් මිදීම සහ ලෙඩ රෝග වලින් මිදීම යනුවෙන් සඳහන් විය.එම ප්‍රකාශ පත්‍රයේ පක්ෂය පිළිබඳ පාලන ක්‍රම නම් මුල් පරිඡේදය ඇරඹෙන්නේ පක්ෂයේ නාමකරණය විස්තර කරමිනි. පක්ෂයේ නම සිංහල භාෂාවෙන් එක්සත් ජාතික පක්ෂය විය. එයම නැවතත් අය්කීය දේශීය කච්චි වශයෙන්ද යුනයිටඩ් නැෂනල් පාටි යනුවෙන්ද දක්වා තිබේ. සියළු ජාතීන් ගේ එක්සත් භාවයෙන් ගොඩ නැගෙන පක්ෂය යන අදහස සිංහල වාක්‍ය යේ වෙයි. දෙමල බසේ එක්සත් නමින් වචනයක් නැත. ඔවුහු සංස්කෘත බසින් ණයට ගත් ඒකීය වචනය අය්කීය යනුවෙන් වහරති. එසේම ඔවුහු දේශීය යනුවෙන් අදහස් කරන්නේ අප දරන අදහස නොවේ. රට යන අදහසයි.මේ වචන හරඹයෙන්ම එක්සත් ජාතික පකෂය උපන් ගෙයි දෝෂයක් ඇති කර ගෙන ඇත. එනම් එකිනෙකාට නොතේරෙන බෙදුම්වාදයයි.

            විසිවන සියවසේ මුල් භාගයේ දෙමල ප්‍රභූවරු වශයෙන් සමාජය ඉදිරියට පැමිණි සිටියේ පොන්නම්බලම් සහොදරයන් සහ චෙල්වනායගම් වැනි තැනැත්තන්ය. අනතුරුව  අමිර්තලිංගම් වැනි නායකයන් කරළියට පැමිණියහ. මේ දෙමළ නායකයන් සිංහල දේශපාලන නායකයන් සමග හරි හරියට පණහට පණහ සම අයිතිය ඉල්ලා සිටියහ. එයට හේතුවූයේ ඒ වන විට ඔවුන් ගේ මනස තුල ගොඩ නැගී තිබූ දෙමල නිජ භූමිය පිලිබඳ සංකල්පයන්ය. සංකල්පයක් වශයෙන් එය නිවරදි නොවේ.දකුණු ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද මලබාර් දෙමල වහලුන් ගෙන් සැදුම් ලත් දෙමළ සමාජයට ලංකාවේ ඓතිහාසික දෙමල නිජ භූමියක් තිබිය හැකි නොවේ. නමුත් ආර්ය චක්‍රවර්තී පාලනයෙන් පසු ඕලන්ද පාලකයන් විසින් පත් කරන ලද දෙමළ වන්නි පාලකයන් තමන්ගේ ගෝත්‍රය දෙමළ නොවුවද දෙමල ඓතිහාසිකත්වයක් ආරෝපණය කර ගත්හ. මේ පිරිස අතලොස්සක් වුවද බ්‍රිතාන්‍යයන් යටතේ ඇමරිකන් මිෂනාරීන් යටතේ දේශපාලන පුහුණුව ලැබූවන් වෙති. හරිහරියට පණහට පණහ  ඉල්ලන්නේ මේ පිරිසයි.ඩී.එස්. සේනනායක මහතා මේ ඊනියා දෙමළ ප්‍රභූවරු තම පක්ෂයට එක් කර ගත්තේ කල් යන විට ඔවුන්ගේ දෙමළ අරමුණු වලින් ඈත් විය හැකි යයි යන බලාපොරොත්තුවෙනි යයි සිතිය හැකිය.

        ගල්ඔය සේනානායක සමුද්‍රය ඉදි කොට ජනතාව පදිංචි කරන කල්හිද වවුනියාව වැනි  ප්‍රදේශයන්හි ජනපද ඇති කරන කල්හිද ඩී.එස්. සේනානායක් මහතා ජනතාව පදිංචි කරන ලද්දේ සිංහල දෙමළ මුස්ලිම් දෙකට එක එක අනුපාතයෙනි.මේ නිසා පූර්ණ වශයෙන් නොවුවද උතුරු පළාතෙන් පන්නා දමන ලද සිංහලයන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු විය. එසේම දෙමල ජනතාවටද සිංහලයන් සමග වැඩ කිරීමටද සහජීවනයෙන් විසීමටද ඉඩහසර ලැබුණි.1948 වර්ෂයේ නිදහස ලබන විට නිදහස් උත්සවයට එසැවිය යුතු කොඩිය කුමක්දැයි සාකච්ඡා කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කොඩිය භාවිත කල හැකි නොවේදැයි අදහසක් ඉදිරිපත් කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. එම අදහසම ඔහු උපක්‍රමශීලීව මඩකලපුව මන්ත්‍රී සින්නලෙබ්බේ හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමත් විය. එහිදීද බලාපොරොත්තු වූයේ රටේ ඓතිහාසිකත්වය මත සියලු ජන කොටස් සමගි විය යුතු බවයි.නමුත් එ.ජා.පය එක් බරපතල වැරැද්දක් කරන ලදී. 1815 උඩරට ගිවිසුමේ අත්සන් කරන ලද්දේ එක් පාර්ශවයක් සිංහලේ වශයෙන් සහ අනෙක් පාර්ශවය සිලොන් වශයෙනි. සිංහලේ යන වචනයෙහි පරිවර්තනය සිලෝන් විය. මේ ගිවිසුම 1818 දී ඉංග්‍රීසීන් විසින් ඒක පාක්ෂිකව උල්ලංඝණය කරන ලද නමුත් 1948 වන් විටත් මේ ගිවිසුමේ යම් වලංගු භාවයක් තිබුණි.කල යුතුව තිබුණේ ගිවිසුම පාර්ශව දෙකේ එකඟතාවය මත අවලංගු කොට ලංකාව ස්වදේශිකයන්ට භාරදීමයි.නුමුත් එසේ සිදු නොවුණි. නිදහස් ලංකාව හඳුන්වනු ලැබූයේ සිලෝන් යනුවෙන් පමණකි. එහිදී සිංහලේ යන සිංහල වදන ඉවත් කර තිබුණි..මෙම යෙදීම එක්සත් ජාතික පක්ෂය විසින් හිතාමතාම කරන ලද්දකි. දෙමළ ජන ප්‍රභූවරුන් ගේ හිත් රිදවීමට සුදුසු කාලයක් නොවන බැවින් එසේ කරන්නට ඇත.නමුත් මේ පරිවර්තනය සිංහල ජන සමාජය විසින් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා අනුමත නොකළහ. ලංකාවේ ඓතිහාසික ජාතික අභිමානය සිංහල ජන ප්‍රධානීන්ට ඉහළින්ම තිබුණි.ඒ නිසාම අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් විසින් අවුලවූ ජාතික බලවේගයන්හි අභිප්‍රාය වූයේ පූර්ණ නිදහස සඳහා සිංහල ජාතිකත්වය නැවතත් ඔසවා තැබිය යුතු බවයි. මේ මතය ඉතා ඉවසිල්ලෙන් ගෙන යාමට අවශ්‍ය ජාතික ව්‍යාපාරයක් නොවීය.එම නිසා මේ මතය දේශපාලන වශයෙන් තම දඩමීමා බවට පත් කර ගැනීමට බණ්ඩාරනායක මහතා ගත් උත්සාහ නිසා ඉදිරි දශකය තුළ සිංහල ජන මතයේ ජයග්‍රහණයන් ඇති නොවීය. ඒ වෙනුවට සිදු වූයේ බෙදුම් වාදය ශක්තිමත් කර ලීමට දෙමළ බසට සම තැන දීමට සිදු වීමයි.

       1960 සිරිමා බණඩාරනායක රජය බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුව ක්‍රියා කල බව බොහෝ දෙනා පවසති. බණ්ඩාරනායක ප්‍රතිපත්ති වශයෙන් මූලිකව විග්‍රහ කෙරෙන්නේ සිංහල ජාතික මතය ඔසවා තැබීමයි.සිරිමා මැතිණියගේ ක්‍රියාකලාපය තුළ එම මතය යම් ආකාරයකින් ඉහළට ඔසවා තැබූ බව සත්‍යයකි. සිරිමා මැතිණිය ඒ යුගයේදී රටට පිරිමහින තීරණ රැසක් ගන්නා ලද්දේය.විශේෂයෙන්ම උඩරට වතු කරයේ සිංහල ජනාවාස ඇති කරන්නට එතුමිය දුන් සහාය අපට අමතක නොවේ. මැතිණිය ගේ රජය පරාජයට පත් කොට බලයට පැමිණි ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂ රජය බලයට පැමිණිම සඳහා ෆෙඩරල් පක්ෂයත් සමග රහස් ගිවිසුමකින් කටයුතු කළහ.පසුව ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළහ.මේ පිළිබඳ හෙලිදරව්වක් ලෙස්ලි ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා කර ඇත. එමකරුණ ඔවුන්ගේ ජන මතය පත්‍රයේ  පළ ව තිබූ අතර පසුව පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවෙන් හැන්සාඩ් ගත කෙරිණ.

        ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත් වී වර්ෂයක කාලයක් ගත වීමෙන් පසුව මහජනතාව අතර පුදුම අන්දමේ පිළිකුලකට ලක් වී ඇත. ඊට හේතු කීපයක් තිබේ. පළමු කොට ආණ්ඩුව ඇති කිරීමට මුලින්ම හැකි වූයේ ෆෙඩරල් පක්ෂයත් සමග ගිවිසුමක් ඇති කිරීම කරණ කොට ගෙනය. ෆෙඩරල් පක්ෂය සමග එක්සත් ජාතික පක්ෂය එකතු වන්නේ යැයි මැති වරණ කාලයේදී සිහිනෙකින්වත් නොසිතූ මහජනයා මේ ඇතිවූ සම්මුතිය ගැන සතුටු වූයේ නැත. එමෙන්ම මැතිවරණ කාලයේදී එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට සිදුවී ඇත්තේ අනෙකකි. සභාග රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට යයි බලයට පත් වූ අය කර ඇත්තේ කුමක්ද මහජනයාගේ අදහස් පත්‍ර මාර්ගයෙන් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කොට දරුණු හදිසි අවස්ථා රෙගුලාසි මාර්ගයෙන් රට පාලනය කිරීමයි.

             බෞදධාගම ආරක්ෂා කිරීමටයි  කියමින් බලයට පත් වූ ආණ්ඩුව හතර පෝය දින නිවාඩු  දින කළද එම ආණ්ඩුව යටතේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙඩිතබා මරණයට පත් කිරීමෙන් 1848 දී ලංකාණ්ඩුකාර ටොරින්ටන් සාමි යටතේ මෙවැන්නක් කලායින් පසු මේ දක්වා ලංකාවේ කිසිම ආණ්ඩුවක් යටතේ සිදු නොවූ අවාසනාවත්ත සිද්දියක් මතු කලේය. ඇමරිකාව සතුටු කිරීම සඳහා අපට රටට පහසුවන අන්දමට ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ගේ අසාධාරණ වන්දි ප්‍රතිපත්ති තහවුරු වන අන්දමට තෙල් කොම්පැණි වන්දි ගෙවීමේ පණතක් සම්මත කර ගන්නා ලදී. ඇමරිකාව සතුටු කිරීම සඳහා ඇමරිකන්  ජනාධිපති ජොන්සන් සහ බ්‍රිතාන්‍ය අගමැති විල්සන් එකතු වී වියට්නාමයේ යුද්ධය සමාදාන කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව අපරට අගමැති ඩඩ්ලි සේනානායක මහතාද අනුමත කර ඇත. මේ ආණ්ඩුව ගමන් කරන ද්‍රෝහී මාවතේ ඔවුන් ගමන් කර ඇත්තේ ත්‍රිකුණාමල වරායත් ඇමරිකානුන් හට යුද්ධ කලාපයක් සේ භාරදීම පමණයි.එහෙත් මේ සියල්ලම කලායින් පසුවත් ඇමරිකන් අධිරාජ්‍ය වාදීන් පාලනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඊනියා ජාතික ආණ්ඩුව ඉල්ලන ප්‍රමාණයේ ණය මුදලක් ලැබෙනු ඇත්තේ ඔවුන් මහජනායගේ සහල් සලාකයට තට්ටු කලොත් පමණයි යයි අධිරාජ්‍ය වාදීන් ආණ්ඩුවට දන්වා තිබේ.

          හැටපහේ ආණ්ඩුවද ජාතික ආණ්ඩුවක් විලස හඳුන්වා දී තිබේ. එම  ජාතික ආණ්ඩුව තම බෙදුම්වාදී මුල් ප්‍රතිපත්ති අනුව තවත් ඉදිර පියවරක් තබමින් ඇමරිකාවට අවශ්‍ය පරිදි නැටවෙන රූකඩයක් විලස කටයුතු කල ආකාරය මෙයින් පැහැදිලි වේ. නමුත් ජනතා බලවේග විසින් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව  පරාජයට පත් කරන ලදී. 1970 එක්සත් ජාතික පක්ෂය බිංදුවට බැස්සේ මේ නිසාය. නමුත් මැතිණියගේ රජය සිය මුල් ස්ථාවරත්වයෙන් වෙනස්ව  සමසමාජ බලවේයන්ට සහ ධනපති කොම්පැණි වල අවශ්‍යතාව  අනුව යමින් රටේ ස්වාධීනත්වය අහිමි කර ගැනීමට කටයුතු කරන ලදී. මෙහි ප්‍රතිඵලය දීර්ඝකාලීනව ලබා ගන්නා ලද්දේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි.මේ යුගය වවන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කර අවසන් වී තිබුණි. නමුත් ජේ.ආර්. පාලන කාලය තුළ එය නැවත වර්ධනය  විය. එසේම කොටි ත්‍රස්තවාදයේ මුල් බීජ තැන්පත් කිරීම ඇරඹුණි. ජේ.ආර්.ට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට බල කරන ලදී. 1989 දී ජනතා විමුක්ති පෙරමුණ සහමුලින්ම මර්දනය කරන ලද බව අප සිහිපත් කළ යුතුයි.

             වර්ෂ තිහක් පමණ ඇදී ගිය කොටි ත්‍රස්තවාදය බෙදුම්වාදයේ උච්චතම අවස්ථාවකි. විසිවන සියවසේ මුල් භාගයේ දී ඇති කරන ලද දෙමළ ප්‍රභූ වරුන් ගේ ස්වයංපාලන ඉල්ලීම් ලබා ගැනීමට සන්නද්ධ අගරගලයකින් කළ යුතු යයි තිබෙන ස්ථාවරය එහි විය. මෙයට ඉන්දියාව ඇමරිකාව බ්‍රිතාන්‍යය නෝර්වේ යන රටවල් සහාය ලබා දුනි. එයට හේතුව ඔවුන්ගේ බල කඳවුරු වුවමනාවන්ය. කෙසේ වෙතත් ප්‍රභාකරන් ගේ හිතුවක් කාරී ක්‍රියාකලාපය නිසා ඔහු මර්දනය කරලීමට ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමටද අවසානයේ ඔවුන්ට සිදු විය. එහෙත් ඔහු මරා දැමීම නොව ඔහු ජීවග්‍රහයෙන් අල්වා පුනරුත්ථාපනය කොට උතුර භාරදීම ඇමරිකාවේ ප්‍රතිපත්තිය විය. නමුත් වීරෝදාර හමුදාවන්හි ක්‍රියාකාරිත්වය නිසා සහ මහින්ද රජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ යන දෙපළ ගේ නායකත්වය නිසා යුද්ධය අවසන් කිරීමට හැකි විය. නමුත් පසු කාලයේ දී ගන්නා ලද් විවිධ වැරදි තීරණ හේතු කොට ගෙන මහින්ද රාජපක්ෂ නායකත්වය ඉවත් කර රට නැවතත් එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්නා ලදී. දැන් නැවතත් ඒ බෙදුම් වාදයේ නීත්‍යානුකූළ කටයුතු එකින් එක සිදු වෙමින් පවතී.

      වර්තමාන අගමැතිවරයා සිය දේශපාලන සැලසුම දිගහැර ඇත්තේ අතීත අත්දැකීම් පදනම් කරගෙනයි.එ.ජා.ප යේ උපන් ගෙයි බෙදුම්වාදය එම සැලසුම් වල පදනමයි.දෙමල ජාතිවාදය විසින් එකින් හක පපියවරෙන් පියවර ලබාගත් ජයග්‍රහණය කරන ලද ඉල්ලීම් සම්පූර්ණ කරලීමට මෙවර විශාල උත්සාහයක යෙදෙමින් ඇත. අය්කීය දේශීය කච්චිය ෆෙඩරල් කච්චි දක්වා වර්ධනය වී ඇත.මෙය හේතුව සිංහල ජනතාවගේ ඓතිහාසිකත්වය සහ  උරුමය එ.ජා.ප.ය විසින් නොපිළිගැනීමයි.ෆෙඩරල් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ව සිටි තංගදුරේ  විසින් මුතූර් අවට කිලිවෙඩ්ඩියේ තිබූ ඓතිහාසික සිරිවඩ්ඩන බෝධිය 1976 දී සහමුලින්මකපා විනාශ කර දැමූයේ උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල බෞද්ධ උරුමය සදහට අතුගාදමන්නටය. එවැනි තත්ත්වයක් මත විවිධ ක්‍රිස්තියාන නිකායන්ට  සිය කුරුස ව්‍යාප්තිය ඇතිකරන්නට ඉඩ හසර ලැබුණි. අද විග්නේශවරන් සහ දකුණේ එ.ජා.ප. යේ ගිවිසුම එය බව අපට වැටහේ.

මතුගම සෙනෙවිරුවන්

4 Responses to “එ.ජා.පය හෙවත් අය්කීය දේශීය කච්චි හි උපන් ගෙයි බෙදුම්වාදය”

  1. Christie Says:

    Tamil United Liberation Front
    தமிழர் ஐக்கிய விடுதலை முன்னணி
    ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ

  2. Ancient Sinhalaya Says:

    Any of these links shows why catholic run UNPatriotic party supported catholic tigers of tamil drealam. UNPatriotic
    party takes orders from the christian west. So they have to dance to their tune. Their main agenda is making
    Sri Lanka a christian country. Then you have the catholic run UNPatriotic party’s voter base, traitor tamils,
    mussie and catholics. Is it any wonder then, the UNPatriotic party has been anti Buddhist, anti Sinhalese and
    anti Sri Lanka? Sinhalaya famous for being modayas don’t see their true colours. Also the catholic controlled
    Sri Lankan media report their clandestine agenda. Meanwhile Sinhala modayas belive every lie coming from
    these monsters and happily destroy an ancient, proud race with 1000s of years’ history. No wonder we are
    called modayas. UNPatriotic party makes them jaathi dhrohiyas as well.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. Ancient Sinhalaya Says:

    Why catholic run UNPatriotic party supported catholic tigers of tamil drealam? UNPatriotic
    party takes orders from the christian west. So they have to dance to their tune.

    Their main agenda is making
    Sri Lanka a christian country. Then you have the catholic run UNPatriotic party’s voter base, traitor tamils,
    mussie and catholics. Is it any wonder then, the UNPatriotic party has been anti Buddhist, anti Sinhalese and
    anti Sri Lanka? Sinhalaya famous for being modayas don’t see their true colours. Also the catholic controlled
    Sri Lankan media report their clandestine agenda. Meanwhile Sinhala modayas belive every lie coming from
    these monsters and happily destroy an ancient, proud race with 1000s of years’ history. No wonder we are
    called modayas. UNPatriotic party makes them jaathi dhrohiyas as well.

    Buddhist jvpers burnt in tyres and from traitor thambi mudiayanselage alugosu (to Sinhalese only) jr(at), traitor
    alugosu (to Sinhalese only) lk porisada, traitor chief die hard catholi token Buddhist Batalande Wadakaya aka
    pol pot ponil wickrama Sinhalakiller all turned a blind eye to catholic tigers of tamil drealam. Still Sinhala modayas
    don’t understand why the UNPatriotics dragged the war for 30 years. Catholic tigers of tamil drealam were
    mainly killing Sinhalese, you morons. That’s why the UNPatriotics didn’t want to end the war. Same time
    they got the catholic tigers to destroy temples and kill Buddhist monks in the north and east. Still Sinhala modayas
    revere these traitor monsters. Pea brained jaahi dhrohiyos those morons are.

  4. Christie Says:

    Change the word from Christians to Hindus and you got the answer.

    Drink holy cow urine.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress