Sri Lanka Navy’s poor attempt to white wash the Shameful and cowardly conduct (Latest)
Posted on December 13th, 2016

News Review

In a poor and distasteful attempt to justify the Shameful and cowardly attack on unarmed group of innocent journalists, the Sri Lanka Navy and the government are now in defensive mode and issuing conflicting reasons to justify the attack..

This is not Lichchavi approach, more looks like Kalinga Magha’s – Dullas

නාවික හමුදාපතිවරයා 66 වසරක කීර්තිය වැනසීම

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

විදේශ නෞකාවක්‌ කිසිදු ලෙසකින් ප්‍රාණ ඇපයට තබාගැනීමට කිසිවකුටත් හිමිකමක්‌ නැත. එවන් ක්‍රියා සිදුකරන්නේ මුහුදු කොල්ලකරුවන්ය. එහෙත් හම්බන්තොට වරායේ තිබූ හයිපේරියන් හයිවේ නමැති නැව මෝටර් රථ ගොඩබා ආපසු ආජන්ටිනාව බලා යැමට උත්සාහ කළ අවස්‌ථාවේ එම නැවේ ගමන වැළැක්‌වීමට වරායේ වැඩවර්ජිත පිරිසක්‌ ක්‍රියා කළහ.

ගාලු වරායේ තිබූ ඇවන්ගාඩ් නැව සම්බන්ධයෙන් ගත් අධිකරණ ක්‍රියාමාර්ගය මෙම හම්බන්තොට වරායේ තිබූ නැව සම්බන්ධව ගැනීමට පොලිසිය කටයුතු කළේ නැත.

එසේම වර්ජනයේ යෙදෙන පිරිස විදේශ නැව්වලට රැකවරණ සැපයීමේ ජාත්‍යන්තර නෞකා වරාය පහසුකම් ආරක්‌ෂක නීතිරීති (ෂීඡී) ක්‍රියාත්මක වන බව තේරුම්ගත යුතුව තිබිණි.

තමන් දියත් කළ වර්ජනයට විදේශ නැව් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීමට නොහැකි බව මෙම පිරිසට අවබෝධ කර ගැනීමට නොහැකිවූයේ මන්ද?

මෙවැනි ක්‍රියාවලින් නෞකාවේ රක්‌ෂණ ගාස්‌තු වැඩිවිය හැකිය. ආරංචි මාර්ග දක්‌වන අන්දමට දැනටමත් ප්‍රමාද ගාස්‌තු ගෙවීමට සිදුවී තිබේ. එසේම ලන්ඩන් නුවර ලොයිඩ්ස්‌ රක්‌ෂණ සමාගම මෙම වරාය අවදානම් ස්‌ථානයක්‌ ලෙසට හැඳින්වීම සඳහා ක්‍රියාකිරීමට ඉඩ තිබිණි.

මේ පසුබිම මත නාවික හමුදාපතිවරයා සිවිල් ඇඳුමින් සැරසී වරායේ අර්බුදයට මැදිහත්වීම බරපතළ ප්‍රශ්නයක්‌ බවට පත්විය.

ඉන්දියාවේ මුම්බායි වරායේ වර්ජන රැල්ලක්‌ ඇතිවූ විට එරට නාවික හමුදාපතිවරයා ඊට මැදිහත්වූයේ නැත.

නාවික හමුදාව කෙරේ ජනතාව තුළ මහත් ප්‍රසාදයක්‌ ඇතිවූයේ කොටි ත්‍රස්‌තයන් වැනසීමේ උත්කෘෂ්ඨ ක්‍රියාවලියට සම්බන්ධවීම නිසාය.

සිසිල් තිසේරා, දයා සඳගිරි, සෝමතිලක දිසානායක, කරන්නාගොඩ, තිසර සමරසිංහ, ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඹගේ යන නාවික හමුදාපතිවරු කෙරේ ජනතා ප්‍රසාදය හිමිවූයේ ඔවුන් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් නොවීම නිසාය.

එහෙත් ඇත්ත කතා කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා හමුදා කුමන්ත්‍රණයක්‌ ගැන කතා කළ විට ඊට ප්‍රතිචාරය දැක්‌වූයේ වත්මන් නාවික හමුදාපතිවරයායි. ඔහුට ඒ සඳහා ප්‍රතිචාර දැක්‌වීමට කිසිදු හිමිකමක්‌ නැත.

ඉන්පසු මාගම්පුර වරායේ වර්ජනයට ඔහු මැදිහත්විය. ප්‍රාණ ඇපයට ගෙන ඇති විදේශ නැව් මුදාගැනීම නාවික හමුදාවේ වගකීමකි. නමුත් වත්මන් නාවික හමුදාපතිවරයා මාධ්‍යයට ප්‍රහාර එල්ලකරනු ලැබුවේ මන්ද?

මෙය මුළු ලොව පුරා විකාශනය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අවමානයක්‌ ඇතිකරමිනි. ඔහුගේ හැසිරීම පිස්‌සු වැටුණු අයකුට සමාන විය.

එසේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හාස්‍ය ජනක නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කළේය. සංවේදී කටයුත්තකදී මාධ්‍ය විසින් සදාචාරමය නීති උල්ලංඝනය කර ඇති බව එම නිවේදනයේ දැක්‌විණි.

එසේ නම් කොටුවේදී ආබාධිත සෙබළුන්ට පොලිස්‌ ප්‍රහාර එල්ලවීම සංවේදී ක්‍රියාමාර්ගයක්‌ නොවුණේද?

රතු පස්‌වල සිද්ධියට හමුදාව ද සම්බන්ධ විය. එම අවස්‌ථාව සංවේදී නොවුණේද?

මෙයට මාස ගණනකට පෙර නැගෙනහිර මහ ඇමැතිවරයා ප්‍රසිද්ධ වේදිකාවකදී නාවික නිලධාරියකුට බරපතළ ලෙස අවමන් කළේය. එහෙත් එම සිද්ධිය යටපත් විය.

මන්නාරමේ ගංජා ඇල්ලීමට ගිය නාවිකයන් පිරිසකට ප්‍රදේශවාසීන්ගේ පහරදීමක්‌ සිදුවිය. නාවික හමුදාපතිවරයා එම ස්‌ථානයට ගියේ නැත.

මේ තත්ත්වය මත මතුවන ප්‍රශ්නය නම් සිවිල් ඇඳුමින් සැරසී යම් මෙහෙයුමකට සම්බන්ධවීමට වත්මන් නාවික හමුදාපතිට නීතියෙන් ඉඩක්‌ තිබේද යන්නයි.

විදේශ නැව් ප්‍රාණ ඇපයට ගැනීමට වර්ජකයන්ට කිසිදු හිමිකමක්‌ නැත්තා සේම නාවික හමුදාපතිට සිවිල් ඇඳුමින් සැරසී එම අර්බුදයට මැදිහත්වීමට කිසිදු හිමිකමක්‌ නැත.

මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. එසේම තවත් හාස්‍යජනක කරුණක්‌ නම් මාගම්පුර වරායේ සිද්ධිය ගැන තමා නාවික හමුදාපතිගෙන් වාර්තාවක්‌ ඉල්ලන බව ආරක්‌ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවසීමයි.

මාධ්‍යයට පහරදීමේ සිද්ධියේ චූදිතයා නාවික හමුදාපතිවරයාවේ. ඔහු වර්ජකයන් අතර හැසිරුණේ නාවික හමුදාපතිවරයකු මෙන් නොව මැරවරයකු ලෙස බව ජනතාවට පැහැදිලිය.

මෙම සිද්ධිය මත නාවික හමුදාපති ඉල්ලා අස්‌විය යුතු බවට හඬක්‌ නඟා ඇත. එහෙත් අපේ රටේ දේශපාලකයන් ඉල්ලා අස්‌නොවන විට නාවික හමුදාපති ඉල්ලා අස්‌වේද?

විදේශ නැව මුදාගැනීමට දකුණ ප්‍රදේශය භාර ආඥපතිවරයාට පැවරිය යුතුව තිබූ අතර නාවික හමුදාපති ඊට මැදිහත්වූයේ කාගේ නියෝගය මතද?

එසේම මාධ්‍යවලට පහරදීමට කටයුතු කිරීමට නාවික හමුදාපතිවරයා ක්‍රියාකළේ අනිකුත් නාවිකයන් මාධ්‍ය පාර්ශ්ව විසින් අල්ලා ගෙන සිටියදීය.

මේ දීන ක්‍රියාකලාපය ගැන ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන කිසිදු හඬක්‌ නඟා නැත.

මෙම තත්ත්වය මත ජනතාවගෙන් වැටුප් ලබන නාවික හමුදාපතිවරයා යුද්ධාධිකරණයක්‌ වෙත පැමිණිය යුතුව ඇත.

ඔහු නාවික හමුදාපතිවරයකුට සුදුසු නොවන ලෙසින් මැරයකු ලෙස කටයුතු කිරීම සහ නාවික හමුදාවේ කීර්තිය වැනසීම යන චෝදනාවලට ඔහු වරදකරු වේ.

නාවික හමුදාවට වසර 66 ක්‌ සපිරෙන අවස්‌ථාවේ වත්මන් නාවික හමුදාපතිවරයා සිදුකළේ කිරි කළයට ගොම දැමීමක්‌ වැනි අශෝභන ක්‍රියාවකි. එසේම ඔහු නාවික හමුදා ඉතිහාසය ආපස්‌සට දැමුවේය.

පසුගිය කාලය තුළ ලොව රටවල් රැසක වරායන්හි වැඩ වර්ජන ඇතිවුවත් එම රටවල නාවික හමුදාපතිවරුන් ඊට මැදිහත්වූයේ නැත.

එහෙත් නාවික හමුදා ඉතිහාසයේ මුල්වරට නාවික හමුදාපතිවරයා බොරු වීරයකු වීමට ක්‍රියාකළේය. ඔහු මාගම්පුර වරායේදී දැක්‌වූ රංගනය තුළින් අපට සිහිවූයේ සුප්‍රකට ටින් ටින් කාටුන් චිත්‍ර කතා මාලාවේ එන කපිතාන් හැඩොක්‌ගේ චරිතයයි.

 

නාවික හමුදාපතිගේ හම්බන්තොට ප‍්‍රහාරයෙන් රජය අවුලක.. නිල ඇදුම් නැතිව එහෙම කරන්න බෑ.. – විජේදාස

හම්බන්තොට වරයේ පැවති විරෝධතාවය පාලනය කිරීමට පැමිණි අවස්ථාවේ නාවික හමුදාපතිවරයා සිවිල් ඇදුමින් පැමිණි සිටීම බරපතල තත්වයක් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ සන්නද්ධ හමුදා බල ඇණියක් සමග ගිය නාවික හමුදාපතිවරයා රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියකුට පහර දීමෙන් රජය ගැටලුවකට මුහුණ පා සිටින බවය.

නාවික හමුදාපතිගේ හම්බන්තොට මෙහෙයුම නිසා UN ඉදිරියේ ශ‍්‍රී ලංකා හමුදාව අවදානමේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අද රටේ හැමෝම කතාවෙන පසුගිය දා සිදුවුණ නාවික හමුදාපතිවරයාගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදින්ටත් වැඩවර්ජකයන්ටත් පහරදීම සම්බන්දව අපි දකින්නේ ඉතාමත් වෙනස් විදිහකට. නාවික හමුදාපතිවරයාගේ හැසිරීම තවත් එක් හුදකලා සිදුවීමක් නෙවෙයි. නාවික හමුදාපතිවරයා විතරක් තනියම වගකිව යුතු නෑ. මරදානේ චෝප්පේ වගේ හමුදාපතිවරයාට හැසිරෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ රටේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව. මාධවේදීන්ගේ නම් කියමින් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී අපහාස කරනවා අපි දැක්කා. මාධ්‍යවේදීන්ට රිරියාකා, මහසොහොනා, සට්ටැබිරාල වගේ කියන්න පුළුවන් අපහාසාත්මක නම් සේම කියලා මේ මාධ්‍ය කියන්නේ නරක, පහර දිය යුතු හෙලා දැකිය යුතු සමාජයට විෂබිජයක් බවට අවශ්‍ය මතය මානසිකත්වය නාවික හමුදාවෙත් සමාජයෙත් ගොඩනගන්න අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ නායකයින් කටයුතු කරා. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එකවරක් ඒකාබද්ධ විපක්ෂය කියන නම පාවිච්චි කොලොත් බලාගෙනයි කියලා ලියුම් දානවා. CSN නාලිකාවේ බලපත්‍රය අහෝසි කරනවා. හිරු සහ දෙරණ නාලිකා වල බලපත්‍රය අහෝසි නොකිරීමට නිදහසට කරුණු අහනවා. මේ මාධ්‍ය කියන්නේ මහ කරදරකාරයෝ ටිකක් රට ඉදිරියට යන එකකට බාධා කරන පිරිසත් මුන්ට දෙකක් නෙලන්න ඕනේ කියන මානසික මට්ටම අවුරුදු දෙකක කාලයක සිටන් ක්‍රමානුකුලව ගොඩනැගුවා. අපි දන්නවා බෝට්ටුවක අනුනව දෙනෙක් නැගලා ඉදලා බෝට්ටුව දැන් තියෙන්නේ වතුර මට්ටමට ගෑවෙන්න සියවෙනියා නැග්ග ගමන් බෝට්ටුව ගිලෙනවා දැන් හැමෝම බනින්නේ අර සියවෙනියට. අර අනුනවයම නැතුව සියවෙනියා නැග්ගම බෝට්ටුව ගිලෙනවද නෑ ඒවගේ තමයි අද නාවික හමුදාපතිවරයාට ඇගිල්ල දිගු වුණාට මේක මාධ්‍ය මර්ධනය සදහා අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව ගෙන යන තවත් එක් දිගුවක් විදිහටයි අපි දකින්නේ. නාවික හමුදාපතිවරයා මේකට වගකිව යුතු වගේ, ඔහු ඉල්ලා අස්විය යුතු වගේම, අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් මේ මාධ්‍යෙව්දින්ටත් වැඩවර්ජකයන්ටත් පහර දීමේ වගකීම බාරගත යුතුයි කියන එක තමයි පිවිතුරු හෙළ උරුමයේ ස්තාවරය.

මා මිත්‍ර රුවන් විජේවර්ධන මහතා මේක ආරක්ෂා කරන්න කියලා තිබුණා මේක මුහුදේ සිද්ධ වුණ දෙයක් නැවක් වෙත කෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තාම නාවික හමුදාව තමයි කැදවන්නේ. සම්පුර්ණ ඇත්ත හැබැයි මේ ප්‍රශ්න සහිත කාරණය සිද්ධ වුණේ නැවේ නෙවෙයි ගොඩබිම. නාවික හමුදාපතිවරයා පහර දෙන්නේ ඔවුන්ව ඇදගෙන යන්නේ මේක සිද්ධ වෙන්නේ නැවේ දී නෙවෙයි. නැව නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී නෙවෙයි. අපි අහන්නේ ලෝක ඉතිහාසයේම නාවික හමුදාපතිවරයෙක් නිල වශයෙන් රාජකාරියේ යෙදිලා ඉන්න කොට කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගෙන රාජකාරි කරපු එකම එක වතාවක් පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. කොටිත් එක්ක යුද්ධ කරන සමයේ නම් හමුදාව වෙස්වලාගෙන යනවා නිල ඇදුමෙන් ගියාම පහර දීමට ලක්වෙන නිසා නමුත් සමාන්‍ය ජනතාව අතරට යන විට නාවික නෙවෙයි ඔනේම හමුදාවක් නිල ඇදුමෙන් සිටිය යුතුයි. නැත්නම් ජනතාව දන්නේ කොහෙමද නාවික හමුදාවේ ද නැත්නම් මැර හමුදාවේ ද කියලා. පෙනුම වචන හැසිරීම යන තුනම එකට ගත්තාම මම සතුටු වෙනවා නාවික හමුදාපතිවරයා ගුටිනොකා බේරීම පිළිබදව. ජනතාව වටවෙලා පහර දෙන්නත් තිබුණා කොහේදෝ යන රස්තියාදුකාරයෙක් කියලා. මේ ක්‍රියාව නිසා අද නාවික හමුදාවේ කිර්තීනාමය අද පළදුවෙලා තියෙනවා. අපේ රණවිරුවා කියන්නේ මහා මැර අහිංසක ජනතාව මරණ කියන ඒක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය හරහා ලෝකය පුරා ස්තාපිත කරන්න දෙමළ බෙදුම්වාදීන් උත්සහ කරන මෙහොතක තමයි නාවික හමුදාපතිවරයා මෙසේ හැසිරුනේ. රණවිරුවන් අප කිර්තියට පත් කිරිම සදහා අපේ නාවික හමුදාපතිවරයා දැන හෝ නොදැන කොටස්කරුවෙක් බවට පත්වෙලා තියෙනවා. නාවික හමුදාපතිවරයාගේ මේ ක්‍රියාව නිසා අපි දැක්කා වැඩ වර්ජනයේ යෙදි සිටිය වරායේ සේවකයන් අඩ අඩ කියා සිටියේ අපේ ඉඩම් නැති වුණා දැන් රස්සාව නැතිවෙන්න හදන්නේ එකයි අපි පාරට බැස්සේ ඇයි තුවක්කු අරන් අපිට ගහන්න එන්නේ ඔබ උතුරේ යුද්ධ කරද්දි ලේ දුන්නේ අපි. බොධි පුජා කරේ අපි එහෙම කරපු අපට ද මේ ගහන්නේ කියලා ප්‍රශ්න කරන අපි දැක්කා. මේ කරන්න හදන්නේඅතුරුදහන් වුවන්ගේ කාර්යාල හරහා යුධ අපරාධ ක්‍රියාවලිය හරහා රණවිරුවන් දංගෙඩියට ගෙන යද්දි පාරට බහින්න ඉන්න ජනතාව සහ රණවිරුවන් අතර ආරවුලක් ඇති කරලා දුරස් කරන්නයි මේ සුදානම් වෙන්නේ. ආණ්ඩුවේ පැත්ත අරන් අපිට ගහන්න ආපු කෙනා විදිහට රණවිරුවන් පේනවා නම් අපි සමස්ත හමුදාවටම කියනවා ඔබේ වගකීම ආණ්ඩුව රැකීම නෙවෙයි රට සහ ජනතාව රැකීමයි. ඔබ ආණ්ඩුව රකින්න ගියොත් ජනතාව ඔබව නොසලකා හරින්න පුළුවන්. රණවිරුවා රැක ගන්න පාරට බහින්න ඉන්න ජනතාවගේ හැගීම් මරා දැමිම තමයි ඊළග අරමුණ.

අපි කිව්වා මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජනතා රැල්ලක් තියෙනවා කියලා දැන් ජනාධිපතිතුමත් කියනවා. ඒවගේම අපි දැක්කා ගරු පා ච රණවක ඇමතිතුමත් කිව්වා ජනමත විචාරණයක් තිබ්බොත් පාරාදයි කියනවා. එම නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා ඉදිරි වසර තුන ජනතාව ප්‍රතිමුර්ත වන ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යන්න ඔනේ. එහෙම නැත්නම් එක විකල්පයක් තියෙනවා හමුදාව සහ පොලිසිය යොදා ගෙන ජනතාවගේ හඬ යටපත් කරගෙන ඉදිරි වසර තුන මේ රට පාලනය කිරීමට. හම්බන්තොට දී නාවික හමුදාව යොදා ගනිමින් පෙන්නුවේ මේ ආණ්ඩුව 1987 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කල ආකාරයට හමුදා බලයෙන් පොලිස් බලයෙන් මැර බලයෙන් ජනතාව යටපත් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදානම් කියන පණිවිඩයයි ලැබුණේ. ජනමත විචාරණයේ දීත් 1982 කල ආකාරයටම ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් හරහා මේ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් සම්මත කර ගන්න ඉඩ තියෙනවා. ජේ ආර් ජනාධිපතිවරයා දැක්කා ජනමත විචාරනය පරදිනවා කියලා ඒක නිසා මැර බලයෙන් දුෂිත ආකාරයට ජනමත විචාරනය ජයග්‍රහනය කර ගත්තේ. මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා එතෙක් ලංකාවේ පැවැති දුෂිතම මැතිවරණය මෙයයි කියලා. මේ සිද්ධිය පිටුපස ලංකාව අදුරෙන් අදුරට යන අදුරු සෙවනැලි තියෙනවා කියන අනතුරු ඇගවීම තමයි අපේ විග්‍රහය.

– අරවින්ද අතුකෝරල

ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. – නාවික හමුදාපති

– රිවිර

නෞකාව මුදා හැරීම නිසා ජාත්‍යන්තර සමුද්‍රීය නාවික සංවිධානයෙන් මට සහතිකයක් ලැබුණා
මෙරටට එන නැව් ගැන මට වගකීමක් තියෙනවා
මට දේශපාලනයක් නෑ: මම අණ පිළිපදින්නෙක්

හම්බන්තොට මාගම් රුහුණුපුර වරායේ පසුගිය සෙනසුරාදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණ මණ්ඩලයේදී තමන් වැරදිකරු කරන්නේ නම් නාවික හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදියාට පහර දුන් බව පවසමින් එම ස්ථානයේ ඇතිව තිබූ බියකරු තත්ත්වය වාර්තා නොකිරීම කනගාටුදායක බවත් විජේගුණරත්න මහතා පැවැසීය.

මාගම් රුහුණුපුර වරායේ විරෝධතාකරුවන් විසින් දින හතරක් තිස්සේ රඳවාගෙන තිබූ හයිපෙරියොන් හයිවේ නමැති ලොව තෙවැනි විශාලතම වාහන ප්‍රවාහන නෞකාව මුදා හැරීම හේතුවෙන් තමන්ට ජාත්‍යන්තර සමුද්‍රිය නාවුක සංවිධානය විසින් මේ වනවිට සහතිකයක් පවා ලබා දී ඇති බව හෙතෙම හෙළි කළේය. ඒ අනුව අදාළ නෞකාව ඊයේ වන විට ඩුබායි දක්වා දියත්වී තිබිණි.

ශ්‍රී ලංකාව කියන්නෙ නාවික කේන්ද්‍රස්ථානයක්, ශ්‍රී ලංකා රජයෙනුත් ජාත්‍යන්තර නාවික කටයුතු සම්බන්ධව වගකීමක් දරනවා. ඒ අනුව නාවික හමුදාපති ලෙස මෙරටට සේන්දුවන ජාත්‍යන්තර නෞකා සම්බන්ධයෙන් මට වගකීමක් තිබෙනවා. දවස් හතරක් තිස්සේ මේ හයිපෙරියොන් නෞකාවේ කාර්ය මණ්ඩලයට එහි ඊළඟ ගමනාන්තය දක්වා දියත්වීමට මෙම වර්ජනයේ නිරත පිරිස ඉඩ දී තිබුණේ නැහැ. නාවික හමුදාව මෙම සිද්ධියට එකවරම පැමිණියා නෙමෙයි. ඊට පෙර දිනයෙත් ඔවුන්ට වහාම නැව් දෙක නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළා. ඒවාට මේ වර්ජනයේ නිරත පිරිස් ඇහුම්කම් දුන්නෙ නැහැ. මාධ්‍ය වාර්තා පළවුණා ඉල්ලීම් ඉටු නොකර නැව් නිදහස් කරන්න ආවොත් මරාගෙන මැරෙනවා කියලා. එවැනි අවස්ථාවකයි නාවික හමුදාව මැදිහත් වුණේ. මෙතනදි මට දේශපාලනයක් තිබුණේ නැහැ. මම අණ පිළිපදින්නෙක්. එජාප ආණ්ඩු කාලේ මම එස්.බී.එස් එක හැදුවා. පහුගිය ආණ්ඩුව කාලේ යුද්දෙ ජයගන්න දායක වුණා. දැන් තවත් ආණ්ඩුවක්. හැබැයි මට තීරණ ගන්න වෙන්නෙ රට වෙනුවෙන් නාවික හමුදාව පැත්තෙන්. මුහුදු කොල්ලකෑමක් මැඬලීම, නෞකාවක් යම් කඩාකප්පල්කාරීන් හෝ කොල්ලකරුවන් පිරිසක් සිය අණසකට ගැනීමේ අවස්ථාවක නාවික හමුදාව හැසිරෙන ආකාරය වෙනස්. එදා මාධ්‍යවේදී මහත්තයා මම ගැහුවා කියලා නඩු මගට ගියොත් ඒ නඩුව වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. මගේ පැත්තෙනුත් ඉදිරිපත් කරන්න මෙතෙක් පළ නොවුණ, පෙන්නපු නැති ගොඩක් වීඩියෝ තියෙනවා. නාවික හමුදාපති විධියට මට මාධ්‍ය ප්‍රතිචාර දක්වන විධියට ක්‍ෂණික ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවක් නැහැ. පරීක්‍ෂණ මණ්ඩලයක් බදදා (හෙට) සිට පටන් ගන්නවා නම් එය දින තුනක කාලයක් විතර පවත්වාවි. ඒ සඳහා ආරක්‍ෂක ලේකම්තුමා දැනට වාර්තාවකුත් කැඳවලා තියෙනවා. අදාළ තොරතුරු මම ඔහුට ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව අවශ්‍ය නම් අදාළ අනතුරේ ස්වභාවය හා විරෝධතාකරුවන් හැසිරුණු ආකාරය ගැන මාධ්‍යයට තොරතුරු දෙන්න පුළුවන් යැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පැවැසීය

නාවික හමුදාපති දිවයින මාධ්‍යවේදියාට පහර දෙයි –දිවයින

“මම මීඩියා එකෙන් කියලා කිව්වා. ඒ කියද්දිත් මීඩියා හින්දා තමයි යකෝ ගහන්නේ කියලා නාවික හමුදා නිලධාරියෙක්‌ මට ගැහුවා. පස්‌සේ මම දැනගත්තා ඒ ගැහුවේ නාවික හමුදාපතිවරයා කියලා. මේක මට විතරක්‌ නෙවෙයි මුළු මාධ්‍යයටම එල්ල කරපු ප්‍රහාරයක්‌…” යෑයි ‘දිවයින’ සූරියවැව ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (11 දා) පැවසීය.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ආවරණය කිරීමට ගිය ‘දිවයින’ සූරියවැව ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට නාවික හමුදාපතිවරයා විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසූ අවස්‌ථාවේ ඔහු එසේ කීය.

තවදුරටත් සිද්ධිය විස්‌තර කළ මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතා මෙසේ ද කීය.

“මම දිවයින පත්තරේ සූරියවැව වාර්තාකරු ලෙසත් හිරු ටී. වී. වාර්තාකරු ලෙසත් කටයුතු කරනවා. මම හම්බන්තොට මාගම්පුර වරාය සේවකයන්ගේ සත්‍යග්‍රහය ආවරණය කරන්න 10 වැනිදා උදේ ගියා. ඒ ගිහින් එය ආවරණය කරමින් ඉන්නකොට සිවිල් ඇඳුමින් සැරසී එතනට ආපු නාවික හමුදා නිලධාරියෙක්‌ මොනවද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා ‘මම මීඩියා එකේ’ කියලා. එහෙම කියද්දිත් මගේ බෙල්ලේ දමාගෙන හිටිය මීඩියා හැඳුනුම්පත් පටියෙන් මාව ඇදගෙන ගියා. ඒත් එක්‌කම කොට කලිසමක්‌ හා ටීෂර්ට්‌ එකක්‌ ඇඳගත් නාවික හමුදා නිලධාරියෙක්‌ මා දෙසට ආවා. මම ඔහුටත් කිව්වා මම මීඩියා එකෙන් කියලා. ඒ කියද්දිත් මීඩියා හින්දා තමයි යකෝ ගහන්නේ කියලා පරුෂ වචනයෙන් බැණ වදිමින් ඔහු මගේ ගෙල ප්‍රදේශයට අතින් පහර දුන්නා.

ඒ වෙලාවේ වරායේ සේවකයන් මේ මීඩියා එකෙන් ගහන්න එපා කියලා කෑගැහුවා. පස්‌සේ මට තේරුණා නාවික හමුදාව මගේ වීඩියෝ කැමරාව ගන්න හදනවා වගේ. මම පහරදීම් හමුවේ ඔවුන්ගෙන් මිදී වෙනත් ස්‌ථානයකට දිව්වා. පසුව මා දැනගත්තා මට පහර දුන්නේ නාවික හමුදාපතිවරයා කියලා.

පස්‌සේ මගේ බෙල්ලේ වේදනාව නිසා මම සූරියවැව පෞද්ගලික වෛද්‍ය ආයතනයකින් බෙහෙත් ගත්තා.

මම ඒ ස්‌ථානයට ගියේ එම ස්‌ථානයේ සිදුවෙන්නේ මොකක්‌ද කියලා රටට කියන්න මිසක්‌ විරෝධතාවේ යෙදෙන්න නෙමෙයි. මම මීඩියා එකේ කියද්දිත් අසභ්‍ය වචනයෙන් බැණවදිමින් නාවික හමුදාපතිවරයා මට පහර දුන්නා. අපි අහන්නේ කෝ මාධ්‍ය නිදහස? කියා. මට විතරක්‌ නෙමේ තවත් මාධ්‍යවේදියකුටත් මේ නාවික හමුදා නිලධාරීන් පහර දුන්නා. මගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරිවරයාට අද පැමිණිලි කරනවා.

මම මාධ්‍යවේදියකුට ගැහුවා නම් ඔහු ඉන්න ඕනෑ රෝහලේ.. ඔහු කා එක්කද හිටියේ කියලා මා දන්නවා – නාවික හමුදාපති දිවයින

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නෞකා දෙකක්‌ උද්ඝෝෂකයන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි නිසා ඒවා මුදාහැරීමට නාවික හමුදාව කටයුතු කළ බව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා පැවැසීය.

ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‌ෂක පද්ධති නාවික හමුදාවේ ආරක්‌ෂාව යටතේ පවතින බවත් යම් හෙයකින් ඒවාට මුහුදු කොල්ලකරුවන්ගෙන් හෝ ත්‍රස්‌තවාදීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල වේ නම් ආරක්‌ෂා කරදීම නාවික හමුදාවේ වගකීම බවත් ඔහු කීය.

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නැව් දෙකෙන් එකක්‌ ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම තැන්වැනි නෞකාව බවත් එම නැව හා අනෙක්‌ විදෙස්‌ නෞකාව දින හයක්‌ තිස්‌සේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීම මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවකට ගැනෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

වාහන වරායට ගොඩ බෑමෙන් පසු උද්ඝෝෂකයන් විසින් වාහන ප්‍රවාහන නැව සහ අනෙක්‌ නැව බලහත්කාරයෙන් වරායේ රඳවාගෙන සිටී.

එම නිසා වාහන ආනයනය කළ සමාගම්වලට දිනකට ඩොලර් ලක්‌ෂ 04 බැගින් රඳවාගෙන සිටි දින 06 ක්‌ සඳහා ගෙවීමට සිදුවනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. විශාල නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ දෙවැනි වතාවට බවද සේවකයන් තම ඉල්ලීම් දිනා ගැනීමට විදෙස්‌ නැව් බලහත්කාරයෙන් රඳවාගෙන අරගල කළ බවද හෙතෙම පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදියකුට පහරදීමක්‌ කළා දැයි නාවික හමුදාපතිවරයාගෙන් දිවයින” කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා.

වත්මන් නාවික හමුදාපති රාජපක්‍ෂලාගේ හිතවතෙක්.. වරද රාජපක්‍ෂගේ.. – ජවිපෙ

වත්මන් නාවුක හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න යනු පසුගිය රාජපක්‍ෂ පාලනයේ සමීපතමයෙක් බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

රාජපක්‍ෂ කළු දශකයේදී රාජපක්‍ෂ පුතුන්ට නාවික හමුදාවේ අධිකාරී තනතුරැ, විදෙස් ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් ඔහු කැපවූ අයෙක් බවද මන්ත‍්‍රිවරයා කීය.

හම්බන්තොටදී නාවික හමුදාව වෙඩි තිවුවෙත් නෑ.. ගැහුවෙත් නෑ..

‘යහපාලනය කියන්නේ කොන්ද පණ නැතිකම නෙමෙයි. විශේෂ අධිකරණයක් පිහිටුවලා මේ හොරකම් කරපු තක්කඩි ටික ඇතුලත දාන්න ඕනේ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කැලණිමුල්ල ගග අසබඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ උත්සවයකදීය.

ඒකාබද්ධ කල්ලියේ කට්ටියේ හම්බන්තොට වරායේ සේවකයින්ගේ උද්ඝෝෂණය නතර කරපු ආකාරය අල්ලගෙන විශාල හා හූවක් කලා. මේ ආකරයට කටයුතු කළේ හවස් වෙනකොට අයැවැය 2/3 ආණ්ඩුව දිනන බව දැනගෙන ඒකෙන් ආණ්ඩුවට ලැබෙන ආකර්ෂණය නතර කරන්න තමයි. අපි කියන්න ඕනේ එම උද්ඝෝෂණය වලක්වන්න නාවික හමුදාව දමලා උද්ඝෝෂකයින්ට වෙඩි තිබ්බෙත් නෑ පහර දුන්නෙත් නෑ. ඔය කිඹුල් කදුළු හෙලන අය කටුනායක රෝෂේන් චානක මැරුවේ කොහොමද?, රතුපස්වල දී වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තියලා මිනිස්සුන්ව මැරරුවේ කොහොමද ? හලාවත ධිවරයන්ගේ උද්ඝෝෂණ වලට වෙඩි තියලා මැරුවේ කොහොමද ?අපි වෙඩි තියලත් නෑ පොලු වලින් ගහලත් නෑ. ඒ නිසා කලිසම ඹලුවෙන් දාගෙන ද මේ අය මේවා කතා කරන්නේ. ඒ වගේම හොරු ගිහින් අනිත් අයට හොරු කියනවා. ඒක හරියට ගමේ හොරා ගෙදරකින් හොරකම් කරලා ඒ ගෙදර අයට විරුද්ධව හොරකම් කළ කියලා පැමිණිලි කරනවා වගේ වැඩක්.ඒකාබද්ධ කල්ලිය හිතාගෙන ඉන්නවා යහපාලනයේ කියන්නේ කොන්ද පණ නැති කමක් කියලා. ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ අයගේ පරීක්ෂණ ටික වේගවත් කරලා. විශේෂ අධිකරණයක් හරි පිහිටුවලා මේ හොරකම් කරපු තක්කඩි ටික ඇතුලත දාන්න ඕනේ. ඒක වුනාම මේ නාට්‍ය නාඩගම් මුකුත් නෑ කිඹුල් කදුලුත් නෑ. ප්‍රජාත්‍රන්ත්‍රවාදය රකිනවා කියන්නේ කොන්ද පණ නැති කම නෙමෙයි. හැබැයි කොන්ද පණ තියෙනවා කියන්නේ මිනිස්සුන්ට වෙඩි තියෙන එකයි පොලු වලින් පහර දෙන එකයි.  රට දියුණු කරන්න මේ දෙක අතර මැද ඉදගෙන හරි වැඩේ කළ යුතුයි.

– මිනුර රෂාන්ත

නාවික හමුදාව හම්බන්තොට වරායේ කලේ සංවේදී කටයුත්තක්.. මාධ්‍යවේදීන් එය පටිගත කිරීම වරදක්.. – ආරක්‍ෂක ලේකම්

හම්බන්තොට වරායේ සේවක විරෝධය අතරතුර එහි තිබූ විදේශීය නෞකා දෙක බේරා ගැනීම සදහා නාවික හමුදාව විසින් කලේ සංවේදී කටයුත්තක් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මාද්‍යවේදීන් විසින් එය පටිගත කර අන්තර්ජාලයේ ප‍්‍රචාරය කිරීමෙන් රටට අපකීර්තියක් සිදුවන නිසා මාධ්‍යවේදීන්ට ඉවත් වන ලෙස දැන්වුවත් ඔවුන් ඉවත් නොවීම නිසා එවැනි උණුසුම් තත්වයක් ඇති වූ බවද ඔහු කියා සිටී.

නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට පහර දීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

හම්බන්තොට ප‍්‍රහාරයට නාවුක හමුදාවට අණ දුන්නේ කවුද.. අලූත් සේනාධිනායක කවුද.. – ආණ්ඩුව කැළඹේ..

ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට අණ ලබා දුන්නේ කවුදැයි මේ වන විට දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දැඩි කැලඹීමක් ඇතිව තිබේ.

හමුදාවට අණ දීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වුවත් මෙම සිදුවීම පිටුපස තවත් අනියම් සේනාධිනායකයෙක් සිටීදැයි කතාබහක් ඇතිව තිබේ.

මේ අතර වාර්තා වන්නේ ඊයේ දිනයේ මාධ්‍යවේදීනට පවා කුණුහරුපෙයෙන් බැන පහර දෙමින් අහසට පොලවට මුහුදට වෙඩි තබමින් එම ක‍්‍රියාව මෙහෙයවූ නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ සමීපතම ඥාතියෙකු බවයි.

මාධ්‍යවේදියාට පඩිය මදි.. නාවික හමුදාපතිගෙන් ගුටි කා ඇත්තේ ඒකයි.. – රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව – BBC

 සෙනසුරාදා මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට පහරදීම දැඩිව හෙලා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය යළිත් වරක් අවධාරණය කරයි.

කෙසේ නමුත් පහරකෑමට ලක් වූ මාධ්‍යවේදියා අතින් එවැනි අවස්ථා වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම කිහිපයක් කඩ වී තිබෙන බව ඒ පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණයේ මූලික නිගමණ අනුව හෙළි වී තිබුණු බවත් ඔහු පැවසීය.

උද්ඝෝෂණයේ යෙදී සිටි මාගම්පුර වරායේ සේවකයන්ගෙන් නෞකා දෙකක් බේරාගැනීම පිණිස නාවික හමුදාව පැමිණි අවස්ථාවේ, එය වාර්තා කළ මාධ්‍යවේදියකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

එම පහරදීමට එරෙහිව රටපුරා විවිධ ප්‍රදේශවල මාධ්‍යවේදීන් කළු පටි පැළඳ උද්ඝෝෂණවල නිරතව සිටි අතර, එහිදී මාධ්‍යවේදියා ආචාරධර්ම කඩ කළ බව පවසමින් ආචාර්ය රංග කලංසූරිය ඉරිදා නිකුත් කළ නිවේදනය බොහෝ මාධ්‍යවේදීන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා එසේ කඩ කළ ආචාර්ධර්මය කවරක් දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ආරක්ෂක හමුදා සම්බන්ධ ඉතා සංවේදී සහ ගැටුම්කාරී තත්වයක් පවතින අවස්ථාවක මාධ්‍යවේදීන් පිළිපැදිය යුතු විශේෂ ආචාරධර්ම පවතින බවයි.

විශේෂයෙන්ම කිසියම් ස්ථානයකින් ඔබ්බට නොයන මෙන් ආරක්ෂක හමුදා උපදෙස් දුන් අවස්තාවක ඒ උපදෙස් නොපිලිපැදීම සහ ඔහුගේම ආරක්ෂාව පිණිස සිය මාධ්‍ය සගයන් සමඟ එක් ස්ථානයක සිටීමට අපොහොසත්වීම මාධ්‍යවේදියා විසින් කඩ කරන ලද ප්‍රධාන ආචාරධර්ම කිහිපයක් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතයයි.

මේ අවස්ථාවේදි මේ මාධ්‍යවේදියා මේ පිරිසෙන් ඈත්වෙලා වෙනම රාජකාරියක් කරන්න ගියා කියල අපිට ආරංචි වෙලා තියෙනවා.”

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සේවය ලබාගන්නා ආයතන ඔවුන්ට නිසි වේතනයක් පවා නොගෙවමින් ඔවුන්ගේ සේවය සූරා කෑම ඔවුන් මේ ආකාරයෙන් ‘තරගයක’ යෙදී සිටීමට ප්‍රධානම හේතුව බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මාස දෙක තුනකට පඩි ගෙවල නැති ආයතන තියෙනව. ඒ අයට රැකියා සුරක්ෂිතභාවයක් නෑ.”

එබැවින් තමන් ආරාක්ෂා වී රැකියාවේ නිරතවන්නේ කෙසේ දැයි ඔවුන්ට පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.

සෙබළ ආරක්‌ෂක වැට බිඳගෙන පෙරට ගිය නිසා මාධ්‍යවේදියා පහර කෑමට ලක්‌වුණා
– රජයේ ප්‍රවෘත්ති අධක්‍ෂ ජනරාල්

සිරිමන්ත රත්නසේකර

මාගම්පුර වරායේදී ප්‍රාදේශීය මාධ්‍යවේදියකු නාවික හමුදාපතිවරයාගේ පහරකෑමට ලක්‌වන්නේ ඔහු නාවික හමුදා සෙබළුන් විසින් ගොඩනැඟූ සෙබළ ආරක්‍ෂක වැට (Line) කඩා බිඳ දමා පෙරට පැමිණීම නිසා යෑයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා ඊයේ 
(12 වැනිදා) ‘දිවයින’ ට පැවසීය.

හමුදාවක්‌ ගැටුමක්‌ නිරාකරණය කිරීමට ඉදිරිපත් වන අවස්‌ථාවකදී මාධ්‍යවේදියාගේ ස්‌ථානගතවීම අවම ආචාර ධර්මයෙහි සහ තමන්ගේ ආරක්‍ෂාවේ කොටසක්‌ බවත් හෙතෙම කියා සිටියේය.

කැමරාවක්‌ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පත් අතේ තිබූ පමණින් හමුදා මෙහෙයුමක්‌ වාර්තා කළ නොහැකි බව පැවසූ කලංසූරිය මහතා එහිදී තමන්ගේ වෙනසක්‌ විය යුතු බවත් එසේ නොවන්නේ නම් සිදුවන්නේ එක්‌කෝ මැරුම්කෑමක්‌ හෝ ගුටිකෑමට සිදුවීමක්‌ බවත් පැවසීය.

ඒ කෙසේ වෙතත් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට නාවික හමුදාපතිවරයා විසින් කළ පහරදීම මුළුමනින්ම වැරදි ක්‍රියාවක්‌ බවත් එය තරයේ හෙළාදකින බවත් ආචාර්ය රංග කලංසූරිය මහතා අවධාරණය කළේය.

කිසිවකුට පහරදීමට කිසිවකුට අයිතියක්‌ නැති අතර කිසිවකුගෙන් ගුටි නොකා සිටීමට දැනගත යුතු යෑයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම මාධ්‍යවේදියා පිළිබඳ හඬ නඟන මාධ්‍ය ආයතනවලින් තමාට විමසීමට ඇත්තේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කලට වේලාවට ගෙවීම් කළාද? ඔහුගේ රැකියා සුරක්‍ෂිතභාවය හා ජීවිත ආරක්‍ෂාව තහවුරු කළාද යන්න බවත් එසේ සිදුකර මෙසේ පෙනී සිටින්නේ නම් කමක්‌ නැති බවත් පැවසූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගැන සොයා බලන විට ඔවුන්ට මාස තුන හතරකින් ගෙවීම් කර නැති බවත් කියා සිටියේය.

මේ පිළිබඳ සිදුකරන පරීක්‍ෂණයේදී පහරකෑමට ලක්‌වූ මාධ්‍යවේදියා සමඟ එම වාර්තාකරණයට එක්‌වූ තවත් මාධ්‍යවේදීන් සිව්දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එහිදී එම මාධ්‍යවේදීන් පහරකෑමට ලක්‌වූ මාධ්‍යවේදියා හමුදා වළල්ල බිඳගෙන ඉදිරියට ගෙන ගිය බව ප්‍රකාශ ලබා දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්‍ෂණයේ මූලික වාර්තාව ඊයේ (12 වැනිදා) තමා අතට පත් වූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Govt seeks report from Navy over dock workers protest – -PTI -Agencies

Sri Lanka’s Defence Ministry has sought a report from the Navy over a clash between security forces and striking dock workers who had held up a Japanese vessel at a port demanding job security.  The ministry of defence has called for a report from the Navy on alleged attack against protesting port workers,” Defence Secretary Karunasena Hettiarachchi said.   The Navy had done their job to provide security to vessels.

The ships were held for days,” Hettiarachchi said.  Sri Lankan navy fired warning shots to disperse the striking dock workers who had prevented a Japanese vessel from leaving Hambantota port for four days by placing gantry cranes to block its path.  The Navy said it acted within the law to prevent a sea piracy situation.  Opposition legislators told parliament  that eight workers were wounded when the navy stormed the main pier, but the government denied there were casualties.

The Joint Opposition in Parliament carried out a demonstration accusing the government of allegedly using Navy personnel to assault” employees of the Hambantota Ports authority who were conducting a strike.  The temporary port workers at Hambantota port have been striking since Tuesday demanding that they be taken on as permanent employees of the state-owned Sri Lanka Port Authority after a move by the government to lease the port to China.

Some 483 temporary workers are demanding that they be made permanent before the lease.

Navy Commander Ravi Wijegunaratne was accused of threatening a television reporter during the protest.  Navy Commander Vice Admiral Ravindra Wijegunaratne, has dismissed the allegation, Hettiarachchi said.  Hettiarachchi said he personally looked into the matter after media reports alleged that the Navy Commander had allegedly threatened the journalist.

– See more at: http://www.adaderana.lk/news/38202/govt-seeks-report-from-navy-over-dock-workers-protest#sthash.o7iHMc9O.dpuf

FMM calls for special investigation on dock workers protest

The Free Media Movement, condemning the alleged attack on journalists by the Navy, including the Navy Commander on the International Human Rights Day, urged the President to commence a special investigation and take legal actions.

The Navy had launched a mission to rescue two foreign ships that were held by the protesting employees of Hambantota, Magampura port and the Navy Commander has allegedly attacked the journalists who were reporting the incident, rebuking them using obscene language.

The FMM in a statement said, This cannot be considered as a mere incident. The attack was led by the Navy Commander, who is one of the three Commanders of the country. He has chased away the journalists who revealed their identity, beating and scolding them using obscene language..

This is a very serious incident. At this moment when the right to information is guaranteed by an Act, it is tragic that these reporters from Hambantota who were reporting an incident have been treated as terrorists.

Even though affirmed to establish a better media culture, such media suppression is a blemish to the whole country. It was revealed not only to the country, but also to the whole world that the Navy Commander’s attempts to suppress media, whose behaviour was even worse than a person with primary knowledge only.

In order to rescue the country from such denounce, the Free Media Movement urges the President Maithripala Sirisena to hold a special investigation on this incident and implement the law, to do the justice for journalists.”

– See more at: http://www.adaderana.lk/news/38209/fmm-calls-for-special-investigation-on-dock-workers-protest#sthash.3x0PHu5b.dpuf

මත්තල ගැහිල්ල සෙවීම දකුණේ ඩීඅයිජීට බාරයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හම්බන්තොට වරායේදී ලංකාදීප මාධ්‍යවේදි රොෂාන් දිලීප් කුමාරට පහරදීම ගැන සොයා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විමර්ශන කටයුතු දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යු ප්‍රනාන්දු මහතාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත් මාධ්‍යවේදියකුට තබා සාමාන්‍ය පුද්ගලයකුටවත් පහර දීමට නාවික හමුදාපතිට බලයක් නැතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

H’tota assault; Journo violates basic media ethics-Govt

 

Government Information Department Director General Ranga Kalansooriya said that the journalist, who was allegedly assaulted during an incident in Hambantota, had violated basic ethical practices when covering sensitive conflict situations.

Issuing a statement said, he said that the government has initiated an inquiry into the alleged assault on a journalist during the protest at Hambantota Port on Saturday.

“It is expected that the journalists adhere to the highest standards of ethical practices when covering these types of conflict situations,” Mr Kalansooriya said.

The statement also said the navy had pointed out that the physical presence of its commander at the scene was mandatory requirement of the International Ship and Port Facility Security (ISPS) Code.

– See more at: http://www.dailymirror.lk/article/H-tota-assault-Journo-violates-basic-media-ethics-Govt-120525.html#sthash.kBdpZ610.dpuf

4 Responses to “Sri Lanka Navy’s poor attempt to white wash the Shameful and cowardly conduct (Latest)”

  1. Hiranthe Says:

    Yama Palanaya at its best!!

    Ohoma Yang…

  2. Christie Says:

    ලැව්ගින්නක් පටන්ගන්නේ ගිනිපුපුරකිනි. මෙහි ගිනිපුපුර කුමක්ද?

    ජේ වී පියයි.ජේ වී පී මැරයන්ගේ පිටරට නැව්වලට බලහත්කාරකම් කිරීමත් හඳුන්නෙත්තිගේ කතාවත් හොඳම සාක්කි.

    A cinder will lead to massive bush fire. What is the cinder in this case?

    The answer is the J V P.

    The evidence : J V P the Sinhala terrorist held foreign ships to an ransom and the statement by Hon. M P Handhunnethi.

  3. S.Gonsal Says:

    Agree with Christie. It was JVP , most likely.

  4. Ancient Sinhalaya Says:

    The doormat in Sri Lanka is the Sinhalese. The door mat is tamils, mussies and catholics easy meat. Sinhalese have no say in
    anything in the country. Thanks to some traitor Sinhalese donkeys who voted in this traitor YAMA PALLAN are
    destroying Sri Lanka, Sinhalese race and Buddhism. Meanwhile impotent puppet maru (hora) sira looking on
    helplessly. Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller
    is the one ruling Sri Lanka today. He is the supreme destroyer.

    Army, navy, airforce, police used to come in coffins regularly during catholic-run UNPatriotic party’s regime last
    time. Then MR came and saved 1000s tri forces lives, civilian lives. This goes to tamil and mussie lives as well
    since hitler pira paharan was using tamils children as canon fodder and at the same time killing mussies indiscriminately.
    MR saved 1000s and 1000s of lives. Not an iota of gratitude. Not a good word from tamils, mussies and some
    Sinhalese. Now these ungrateful, treacherous navy guys shamelesely harass poor Sinhalese workers knowing they
    are helpless. The doormat in Sri Lanka. You think any of the traitor deshapaluwan like pol pot r@nil, karupaiya,
    minister of erection (permanent) john baas, puppet impotent maru sira, kirixxlla, pongal mongol, cham pakaya etc.
    etc open their mouth in support? No chance in hell. If tamil or mussie hurt or demand something all of their
    deshapaluwan will fight tooth and nail and get what they ask for. When these navy guys go to the north and east, they become just pussy cats. They lick the tamils and mussies backsides. Sinhalese? In front of Sinhalese, full force of the law. Shame on you! Shameful low lives.

    The door mat is a door mat. Traitor low lives know it. Election
    is a long way away. So who cares? Come the election, 10,000 salary increase or 1 million jobs or something all the
    donkeys going to vote for them. So the door mat going to be the door mat till that time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress