”බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන”-කෘතිය ජනගත කිරීම
Posted on December 29th, 2016

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ප්‍රමාණික විශාරදයකු වන ජනාධිපති නීතිඥ මනෝහර ආර්ග ද සිල්වා මහතා විසින් රචනා කරන ලද ”බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන” නමැති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13, 16, 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධනයන්, 2000 වර්ෂයේ දී යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත හා 2016 නව ව්‍යවස්ථා යෝජනා පිළිබඳ විවරණයක් ඉදිරිපත් කරන මාහැඟි කෘතිය 2017 ජනවාරි 06 වන දා (සිකුරාදා* පස්වරු 4.30ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අතිපුජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

එහි දී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී, ආචාර්ය පුජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් ගේ අනුශාසනාවක් හා ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ගේ අදහස් දැක්වීමක් සිදු කෙරෙන අතර ෙජ්‍ය්ෂ්ඨ නීතිඥ ගෝමින් දයාශ්‍රි මහතා ප්‍රධාන දේශනය පවත්වනු ඇත. ජාතික වශයෙන් වැදගත් මේ අවස්ථාවට සහභාගී වන ලෙස දේශමාමක සැමට ජාතික ඒකාබද්ධ කමිටුව ගෞරවයෙන් ඇරයුම් කරයිග”බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන” කෘතිය විසිදුනු ප‍්‍රකාශනයක් වන අතර මේ උලෙළේ දී එම කෘතිය විශේෂ මිලකට ලබා ගැනීමේ අවස්ථාව ද සලසා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress