නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාවලට අප  විරුද්ධ විය යුත්තේ ඇයි? ලක්ෂ ගණනින්  බෙදා හැරිය යුතු මහජන අත් පත්‍රිකාව
Posted on January 2nd, 2017

චානක බණ්ඩාරගේ, ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායම [email protected]

 යෝජනාවලට අනුව, නව ආණ්ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්‍යයකි:

  • 1987, 13වෙනි සංශෝධනයෙන් පසුව වත් නොලැබුණු ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත් සභාවලට දීමට යාම. රටේ ඉඩම් අයිතිය/පාලනය සහ කළමනාකරණය මුළුමනින්ම පළාත්සභා වලට. එනම්, උතුරේ මහා ඇමතිට ඕන නම් තමිල්නාඩුවේ  අයට වුනත් ඉඩම්?  සිංහලයන්ට උතුරු/නැගෙනහිර අළුතෙන් ඉඩම් අයිතිවාසිකම්  අහිමි වේවි?
  • පොලිස්‌ – පළාත් 9 ට වෙනම ස්වාධින පොලිස් සේවාපොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් පොලිස් කොමිසම් 9ක්. ඒවායේ  සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමතිට. සෑම පළාතකටම  IGP කෙනෙක්? උතුරු/නැගෙනහිර සිංහල පොලිස් නිලධාරින් නැතුවම යාවි?  උතුරේ අපරාධකරුවෙක්/ත්‍රස්තවාදී ක්‍රියාකරුවෙක් කෙලින්ම උතුරට ගොස් අල්ලන්න මධ්‍යම රජයේ පොලිසියට නොහැකිවේවි.
  • ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය පළාත් සභා වලට ලබාදීම – ඔබ මතට තව, තව අධි-බදු බර දාන්න, ඉදිරියට පළාත් සභා වලටත් ඉඩ දීමක්. පළාත් සභා වලට විදේශ රටවලින් මුදල් ලබා ගැනීමට ඉඩ?- මධ්‍යම රජයට මේවායේ කටයුතු විභාග කරන්න බැහැ? ජනතාව තවත් ණය භරිත වීමක්.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ‘සමගාමී’ ලැයිස්‌තුව ඉවත් කිරීම. ඒ කියන්නේ, මධ්‍යම රජයේ බලතල කපා, එය, පළාත් සභා වලට වඩා පහතින් තැබීමක් – මුලිකතම කොං-ෆෙඩරල් සිද්ධාන්තය. එනම්, ෆෙඩරල් වලටත් එහා දීමක්‌. මෙයින් අදහස් වන්නේ අධ්‍යාපන, සෞඛ්‍යය, අධිකරණ, ප්‍රවාහන, මහාමාර්ග, කෘෂිකර්ම, පරිසරය, ඛනිජ සම්පත්, සංචාරක ආදී අත්‍යාවශ්‍ය අංශ පළාත්සභා  වලට ඕනා විදියට කරන්න ඉඩදීම. එක පුංචි රට තුල රටවල් 9ක්!?  ලෝකයේ කොහෙවත් නැති දෙයක්!! (ඉන්දියාව මෙන් නොවේ, අපේ සමහර පලාත්වල ලක්ෂ 10ක් වත් චන්දදායකයන් නැහැ). අපේ රටට මේවා මෙසේ අවශ්‍යමද? ණය බරින් මිරිකුනු, දුප්පත් අප රටට මේ අමතර, අධික වියදම් දරා ගත හැකිද?
  • අධිකරණ – පළාත් තුල ක්‍රියාත්මක වෙන වෙනම උසාවි (මහේස්ත්‍රාත්, දිස්ත්‍රික්, මහාධිකරණ, අභියාචනාධිකරණ), මධ්‍යම රජයේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා. සෑම පළාතකටම වෙනම නීතිපති කෙනෙක්?
  • මධ්‍යම රජය සතු ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම – මධ්‍යම රජය ‘දත් ගැලවූ සිංහයෙක්’ බවට පත් වීම. තිතක් වැනි වූ මේ පුංචි රට දෙකඩ වීම වැලක්වීමට අපට අවශ්‍ය වන්නේ බලගතු මධ්‍යම රජයක්. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පවා ‘බලගතු මධ්‍යම රාජ්‍ය සංකල්පය’ පිළිගෙන එය සැමදා ක්‍රියාත්මක කළා. මේ යෝජනා සම්මත වුනොත්, ඉදිරියේදී ‘මහින්ද චින්තනය’, ‘යහපාලනය’  වැනි ජාතික ප්‍රතිපත්ති  සකසන්න බැරි වේවි.
  • පළාත් ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම; එනම්, උතුරේ/නැගෙනහිර මහා ඇමති කැමති කෙනෙක් ඒ පළාත්වලට. අද, ජනාධිපතිවරයාට ඕනා කෙනෙක් පත් කරන්න පුළුවන්.
  • ව්‍යවස්‌ථා අධිකරණය‌ නමින් නව අධිකරණයක් පිහිටුවා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් ඇති සමහර බලය එයට දී ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කිරීම. යෝජිත ව්‍යවස්ථා අධිකරණයට  ජාතිය  බලා නියෝජිතයන් පත් කිරීම.
  • පළාත් සභා විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් රැගෙන යෝජිත ව්‍යවස්‌ථා අධිකරණයට දීම. 1991 දී උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කල වෙලේ උතුරු පළාත් සභාව විසුරුවා හැරියේ මේ බලය එදා රජයට තිබු නිසායි.
  • රාජ්‍ය සේවය පාලනය කිරීම (දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්,ග්‍රාමසේවා නිලධාරි) දැන් තිබෙන මධ්‍යම රජයට නොව, මහ ඇමතිවරයා යටතේ ඇති පළාත් රාජ්‍ය සේවා කොමිසමට පැවරීම.

———————————————————————————————-

         රටේ සියළු ජාතින් එක්වන්ව, එක්සිත්ව  වාසය කරමු:

ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනයට හිමි ප්‍රමුඛස්ථානය නැති නොකර ආරක්ෂා කර, පෝෂණය කල යුතුයි.

ජාතික ආරක්ෂාව (පොලිසිය ද ඇතුලත්) මධ්‍යම රජය පමණක් සතු බලයක් විය යුතුයි, පළාත් වලට නොවේ. 

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බිහි වෙන්නේ පෙඩරල් රාජ්‍යක් නොව, භයානක, කොංෆෙඩරල් රාජ්‍යකි. එය අවසන් වනුයේ ඊලමෙනි. ෆෙඩරල් රාජ්‍යයක් මෙරට  බිහි වුනේ 1987දී ජේ ආර් ගේ 13වෙනි සංශෝධනයෙනි. තවත් ෆෙඩරල් කරන්න දෙයක් මේ රටෙහි ඉතිරිවී නැත, මේ පොඩි රට කඩනවා මිස.   

මේ රටේ ඇත්තේ පළාත් 7ක් නොව 9කි; මන්ද, රජයන් හැසිරෙන්නේ ඒ ආකාරයෙනි.  2013 උතුරු පළාත් සභා චන්දයෙන් පසු රජයනට ඒ පළාතේ පාලනය අමතක වෙලා. ඒ අය දැනටමත් විදේශ රටවල් සමඟ ගිව්සුම්වලට  පවා එළඹෙනවා. නැගෙනහිර සිංහලයන්ව ඔවුන්ගේ ඉඩම් වලින් ඉවත් කිරීමට රජයෙන්ම  ඔවුන්ට විරුද්ධව නඩු! 

මුළු රටේම ආරක්ෂාවට උතුරේ, නැගෙනහිරෙන් හමුදා කඳවුරු අත්‍යාවශ්‍යයි. හමුදා කඳවුරු වසා දැමීම දැන්වත් නැවැත්විය යුතුයි.

උතුරෙන්, නැගෙනහිරෙන් ප්‍රභාකරන් එලවා දැමු  සිංහලයන් දහස් ගණන එහි නැවත පදිංචි කල යුතුයි, ඔවුන්ට  එහි යාමට අවහිර/බාධා  නොකළ යුතුයි.  දිරිමත් කල යුතුයි.

උතුරේ සහ නැගෙනහිර  නිදහසේ සංචාරය/වන්දනා කිරීමට, එහි ගොස් ඉඩම් මිලයට/කුළියට  ගැනීමට, පදිංචි වීමට, ව්‍යාපාර/ගොවිපල් පටන් ගැනීමට දකුණේ සිංහලයන්ටද හැකි විය යුතුයි. 

දැනට සැකයන් නැතත්, මෑතක සිට උතුරේදී  සිංහලයන් A9 පාරේදී වාහන අනතුරු වලින් මියයාම් ගැඹුරටම සොයා බලමු (එක ළඟ සිද්ධීන් 3ක්?).

උතුරු, නැගෙනහිර මහාමාර්ග දෙපස ඇති විශාල ‘බිල් බෝර්ඩ්’ වල සිංහල නැහැ. මධ්‍යම කඳුකරයේ (හැටන්,කොටගල,තලවාකැලේ වැනි ප්‍රදේශවලද)  මෙය සිදුවෙමින් පවතිනවා.  ඒ පළාත් වල සිංහල බස සඳහනට තහංචි දමා ඇත්නම් මධ්‍යම රජයෙන් ඒවා ඉවත් කල යුතුයි.

උතුරු, නැගෙනහිර දුම්රිය ස්ථානවල දුම්රිය පැමිණීමේ ශබ්ධ විකාශන සිංහලෙන්ද සිදු කළ යුතුයි. මාතර, පාදුක්ක, කුරුනෑගල වැනි දකුණේ සෑම ප්‍රදේශයකම  භාෂා 3න්ම දුම්රියන් පැමිණීම ප්‍රකාශ කරනවා.

උතුරු නැගෙනහිර ජීවත්වෙන සිංහලයන්ට කරන ඉඩම් වලින් නෙරපීමි/බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම් වහාම නැවැත්විය යුතුයි; වෙනත් අසාධාරණ ක්‍රියාද නතර කරවිය  යුතුයි.    

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙහිවත්ත ග්‍රාමයේ 2016 මාර්තු මස සිදුවූ සිංහලයන් 110 පලවා හැර, ඔවුන් වගා කල කුඹුරු ඉඩම් අක්කර 500 අන් අයට ලබාදීම හෙලා දකිමු; ඒ ඉඩම් ඒ අයට නැවත ලබාදිය යුතුයි. එම ප්‍රදේශයේ සිදු වෙන මහා පරිමාන බෞද්ධ පුරාවස්තු විනාශය නැවැත්විය යුතුයි.

1980 න් පමණ පසු සිදුවන දැනුවත්ව ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘති කිරීමට තවත් ඉඩ නොදිය යුතුයි; මවා පෙන්වා ඇති බොරු ඉතිහාසය මකා, සත්‍ය ඉතිහාසය මුළු ලොවටම පෙන්වමු.

ඉන්දියාවට, බැන්කී මුන්ට පොරොන්දු වූ 13+ එපා.

මධ්‍යම පාර්ලිමේන්තු මන්ත්‍රීන් අද තිබෙන 225 සිට 240 ට වැඩිකිරීමට විරුද්ධ වෙමු. 

රට කඩන වැඩ වල යෙදුනු විදේශගත අයට ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසි භාවය නොදිය යුතුයි.

ආගමන නීති තද කල යුතුයි. අනවසරව සිටින  විදේශිකයන් වහාම මෙරටින් පිටුවහල් කල යුතුයි.

උතුරු මුහුදේ අපේ ධිවර මංකොල්ලය දැන්වත් නැවැත්විය යුතුයි. වසරකට අපට පාඩුව ඇ. ඩොලර් බිලියනක්ලු.

අප රටේ ජාති-භේධ ප්‍රශ්ණයක් නැත, තිබුනේ ත්‍රස්තවාදී ප්‍රශ්නයකි, එය 2009 දී විසඳුවෙමු. 

රට වනසන/රට අවසානයේ කඩන, කිසිම වැඩකට නැති,  රටට දැරිය නොහැකි මේ පළාත් සභා සුදු අලියාට අප තදින්ම විරුද්ධ වෙමු

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා අපට එපා!  ජනමත විචාරණයක් පවත්වා, සියලු පළාත් සභා විසුරුවා හැර, බලවත් මධ්‍යම රජයක් ලබාදුන්, සියළු දෙනා සතුටින් ජීවත්වූ, 1978 පෙර තිබු, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ආපසු යාමට බලමු.

මනාප චන්ද ක්‍රමය එපා, සෑම ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක් අවශ්‍යයි.

පක්ෂයක් නැති ස්වාධින මන්ත්‍රීධුර අපේක්ෂකයන්ට තනිව චන්දය ඉල්ලීමට ඉඩ සැලසිය යුතුයි.

කමිටු 6 විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරපත් කර මාස 2ක් යන්නටත් මත්තෙන් (ඉදිරිපත් කලේ, 2016 නොවැම්බර් 19 වැනිදා), එම යෝජනා ගැන 2017 ජනවාරි 9, 10,11 දිනයන්හී ගැනීමට නියමිත පාර්ලිමේන්තු  විවාදය කල් දැමිය යුතුයි.  ජනතාව ඒ ගැන මනාව දැනුවත් විය යුතුයි. රට කඩන්න තිබෙන හදිස්සියද මේ? 

සංහිඳියාවට අපි කැමතියි; එය දෙපැත්තටම ක්‍රියාත්මක විය යුතුයි; එක් පැත්තකට පමණක් නොවේ.

රට කැඩෙන, අවසානයේදී  ඊලාම් හැදෙන, මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාවන්ට තදින්ම විරුද්ධ වෙමු, සෙසු අයත් දැනුවත් කරමු! අදම මේ අහිතකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉරා විසි කර දමමු!!!

වසර 2500 ට එහා අප රැකගත් මේ පින්බර, වාසනාවන්ත දේශය ඉදිරි පරම්පරා වෙනුවෙන් ද අප රැකගනිමු!!! 

7 Responses to “නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාවලට අප  විරුද්ධ විය යුත්තේ ඇයි? ලක්ෂ ගණනින්  බෙදා හැරිය යුතු මහජන අත් පත්‍රිකාව”

  1. Gunadasa Says:

    චානක​,
    මෙහි සමහර කරුණු එකිනෙකට නොගැලපේ. 13+ නොව 13A , නැතිනම් පලාත් සභා සුදු අලියා ඉවත් කර​, එක් ආණ් ඩුවක් නැතිව ඒකීය ලංකාවක් නැත​.
    13+ ආවේ මහින්දගේ කටිනි. අපි මේවා නැවත නැවත නොකියමු. කල මෝඩකම් පසෙක තබා සියලුම් බෙදීම් දුරුකිරීමට කටයුතු කරමු.

  2. Ancient Sinhalaya Says:

    Traitor tamils and mussies know the time is rife to get their drealam and mussisthan since the anti-Sinhalese, anti-
    Buddhist, anti-Sri Lankan catholic-run UNPatriotic party is at the driving seat. Traitor chief die hard catholic token
    Buddhist Batalande Wadakaya pol pot [email protected] is the driver an added bonus. So the traitor lot resort to whatever
    means to dismember Mother Lanka.

    Racist bigots sampanthan, sumanthiran, pig neshwaran, his balla, rauf xxxxhim, a sad ali, etc. etc. Tamils Nadu
    Alliance (TNA) and Sri Lanak Multiplying Community (SLMC) are xxxx in a frenzy, stabbing Mother Lanka to get the
    biggest piece. What the traitor xxxx do not realise is, there will be constant border wars among the three lots to expand
    territories. As soon as division comes, traitor tamils living among the Sinhalese will have to leave for their drealam, and
    traitor mussies living among the Sinhalese will have to leave for their mussiesthan and border skirmishes will be the
    order of the day. If anybody think this is bs, google india pakesthan partition. British turned a blind eye and the
    people trying to cross to the safety of their kingdoms were massacred. 100s of 1000s brutally slaughtered. This is what
    these racist xxxx want. xxxx think, they can get their kingdoms and they can keep their feet in the other kingdoms
    as well. That will be utter lunacy. Pigneshwaran think tamils will be allowed to live among the mussies? Pigs will fly if that happens!

    For the future generations’ sake do not start an eternal blood bath you traitor
    xxxx. Be Sri Lankan for once and be grateful for what you got and learn to live as one family. Don’t resort to dirty
    tricks (like mussies multiplying like xxxx with their BMWs (baby machine wives) etc. Sri Lanka is a beautiful country
    with a lot of potential to develop. You all saw it under MR. Be Sri Lankan for once. Be grateful. Being xxxx will give
    you a very very short term happiness. Think about the eternal blood baths you going to create for the future
    generations. Anti Sinhalese, anti Buddhist, anti Sri Lankan catholic-run UNPatriotic is very keen to initiate the
    future blood baths for obvious reasons!

  3. S.Gonsal Says:

    “රට වනසන/රට අවසානයේ කඩන, කිසිම වැඩකට නැති, රටට දැරිය නොහැකි මේ පළාත් සභා සුදු අලියාට අප තදින්ම විරුද්ධ වෙමු”

    – Only this is necessary and sufficient at the moment, if can be done at all. As every crook is dependent on පළාත් සභා සුදු කොටියා , this will NEVER BE DONE under a governement lead by ANY crook.

  4. S.Gonsal Says:

    Even in Federal States such action is rare, if not heard at all.

    NPC bans transport of bottled toddy from South
    Saturday, December 31, 2016 – 01:00
    Print Edition
    Bandula Seneviratne
    Vavuniya Group correspondent

    The Northern Provincial Council (NPC) yesterday adopted a resolution banning the transport of bottled toddy to the Northern Province from the South.

    Provincial Agriculture Minister P.Ainakaraneshan submitted the proposal to ban the transport of bottled toddy to the Northern Province from the South.

    The Provincial Minister while submitting the proposals to the Northern Provincial Council said that the palmyrah toddy tapping industry in the province will be affected, if bottled toddy is allowed to be transported from the Southern Province.

    He said that artificial toddy manufactured in the South is being transported to the Northern Province in bottles.

    “This situation will have an impact on the natural toddy tapping industry in the North”, he said. The Provincial Minister told the council that a number of people in the province who consumed bottled toddy were diagnosed with various ailments and infections during the past few months as they constituted chemical substances harmful to the body.

    He said that they will make the Excise Department aware of this situation and necessary steps would be taken to stop transporting artificial toddy from the South to the Northern Province.

  5. Chanaka B Says:

    ගුණදාස,

    13A කියා දෙයක් නැත. එය, 13th Amendment යන්නට කෙටි වදනකි. අවලංගු කරන්න කියා කියන්නේ පළාත් නොවේ, 1987දී JR හඳුන්වා දුන් පළාත් සභා ආණ්ඩුක්‍රමයයි. ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු මාගේ ‘හොඳ උවදෙස් 2’ පොතේ පිටු 74 – 91 (චේදයන් 250 – 321) පොතෙන් (ගුණසේන, සරසවි, විජිත යාපා) (KKN ප්‍රකාශන, 2016 සැප්තැම්බර්) මෙසේ උපුටා දක්වමි:

    250. මේ කිසිම ‘වැඩකට නැති’ පළාත් සභාවලින් මේ පුංචි රටට ඇති පලය කීම?

    251. පළාත් සභා එන්න කලින් මේ රටේ පරිපාලනමය කටයුතු මැනවින් සිදු වුනා නේ.

    252. අහිංසක සුළු ජාතින් මේවා ඉල්ලුවේ නැහැ; ඒ අයට ඕන මහ ජාතිය සමඟ සමඟියෙන් ජිවත් වෙන්න. නමුත් සමහර ජාතිවාදී නායකයෝ තම ජනතාවගේ නම විකුණා රට කඩන ඉල්ලීම් ඉල්ලනවා.

    253. 1987 හඳුන්වා දුන් 13 වන සංශෝධනය තමයි මේ රටට ගොඩාක්ම වින කලේ. අපේ රටේ ස්වෛරීභාවයට තදබල පහරක්.

    254. මුළු රටටම ඇඳිරි නිතීය දමලා, බස්/ගොඩනැගිලි ගිනි තියලා (වැරදි වැඩ), බලවත් මහජන අප්‍රසාදය මැදයි ඉන්දියාව සමඟ පළාත් සභා ඇතිකරන ගිවුසුම අත්සන් කලේ. එවකට හිටපු අගමැතිත් අරලිය ගහ මන්දිරයෙන් පිටතට අවුත් විරෝධය දැක්වූ ජනතාවට එක් වුනා කියලායි ආරංචි උනේ. එවකට සිටි, පසුව වෙඩි තැබීමකට ලක්ව අභාවප්‍රාප්ත වූ, ගරු වෙළඳ ඇමතිතුමා ගිවුසුම අත්සන් කරන උත්සවය වර්ජනය කළා.

    255. රට පෙඩරල් කරන්න එපා කියලා කෑ ගහන අයට: 1987 හඳුන්වා දුන් 13 වන සංශෝධනයෙන් රටට ගෙනාවේ පෙඩරල් ක්‍රමයක්. දැන් මේ ඉල්ලන්නේ තවත් බලතල දීලා කොං-ෆෙඩරල් කරන්න කියලා කරන ඉල්ලීමක්.

    256. 13 වන සංශෝධනය ගෙනාවත්, ඉඩම් සහ පොලිස් බලතල මධ්‍යම රජය තියා ගත්තා. නමුත් එක් පළාත් සභාවක් කටයුතු කරන්නේ ඒ අයට ඉඩම් බලතල ලැබිලා වගේ.

    257. 2009 මැයි 19 වෙනිදා යුද්ධය දිනපු ගමන් බුද්ධිමත් නායකයෙක් නම් කළයුතුව තිබුනේ ‘මේ රටේ තිබුනේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්, දැන් එක ඉවරයි’ කියලා 13 වන සංශෝධනය අහෝසි කරලා දාන එකයි (පළාත් සභා ක්‍රමය එතනින්ම හාන්සියි). සියලු ජනතාවට සාමයෙන්, සෞභාග්‍යයෙන් ඉන්න නම් මධ්‍යම රජය විසින් සාධාරණ ලෙස රට පාලනය කරන ව්‍යවස්ථාවක් හැදිය යුතුයි. ඉන්දියාවට ගැලපුනාට (ඒ අය විසින් බලෙන් අපිට ස්ථාපිත කල 13 වන ව්‍යවස්ථා සංශෝධනය) මේ අපේ පුංචි රටට පළාත් සභා අවශ්‍ය නැහැ. අපේ රට පුංචි වැඩියි. සියළු ජාතින්, සාමයෙන්, සමගියෙන් එක ධජයක් යටතේ එක දේශයක ජිවත් විය යුතුයි.

    258. ලංකාවටයි ඉන්දියාවටයි එකම පාලන ක්‍රමයෙන් කරන්න බැහැ. ලංකාවේ ජනගහනය කොටි 20යි, ඉන්දියාවේ කොටි 1200යි. තමිල්නාඩුවේ පමණක් කෝටි 66යි.

    259. ඉන්දියාවේ ක්‍රමේ මෙහෙ කරන්න ගිහිං අපි අන්තිමටම එරිලා, නහය ළඟටම. පළාත් සභා නඩත්තු කරන්න (පඩි නඩි, වාහන. බොඩි ගාඩ්ස්, නිල නිවාස, කාර්යාල විදේශ සංචාර). කිසිම වැඩක් නොකරන පළාත් සභා වල (කරන වැඩ කලින් තිබු කච්චේරි/ප්‍රාදේශීය සභා මඟින් කල හැකියි), මේ දේවල්වලට වැය කරන්නේ මහජන මුදල් රුපියල් බිලියන් ගණනින්. ප්‍රාදේශිය සභා, මහා නගර සභා වලින් තමා මහජනයාට සේවයක් සිදුවන්නේ, පළාත් සභා වැඩක්ම නැහැ.

    260. නමුත්, දැන් නම් පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වේය කියා හිතන්න අමාරුයි. අති දැවැන්ත වෘක්ෂයක් බවට එය පත් වෙලා. අහෝසි කරන්න පුළුවන් වෙලාවල් වලදී කලේ නැහැ විශේෂයෙන්ම 2009 සහ 2012 දී.

    261. ලංකාවට වඩා 125 ගුණයෙන් විශාල වූ, මහාද්වීපයක් වූ, ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නේ පළාත් ආණ්ඩු 6යි (අමතරව, ටෙරිටරි 2යි). අපේ පුංචි රටේ පළාත් ආණ්ඩු 9ක්. චන්දදායක ජනගහනය කෝටියක් වත් නැති සබරගමුව, ඌව, වයඹට වෙනම ආණ්ඩු! ඒ කියන්නේ වෙනම නීති පද්ධතීන්!

    262. කුරුනෑගල වැව රවූමේ රජය සතු වටිනා, දර්ශනීය නිවෙස් දැන් පළාත් සභා නියෝජිතයන් පරිහරණය කරනවා, මොකද ඒවා සතු වයඹ පළාත් සභාවට.

    263. ලංකාවට හරියන්නේ බලවත් වූ මධ්‍යම ආණ්ඩුවක්. සෝල්බරි ව්‍යවස්ථාව කදිමෙට මේ රටට වැඩ කළා. දැන් ව්‍යවස්ථාව අවුල් වූ නූල් බෝලයක් වගෙයි.

    264. 1970දි මුදියන්සේ තෙන්නකෝන් මහත්තයා නිකවැරටිය ආසනය දිනුවේ ශ්‍රී ලංකා, යුඑන්පී දෙකම පරද්දලා ස්වාධින අපේක්ෂයෙක් ලෙස. තවත් හිටපු ස්වාධින මන්ත්‍රිවරු තමයි ආර් ජි සේනානායක (කැළණිය), ඩොනල්ඩ් ජේ රණවීර (මස්කෙළිය), විජයානන්ද දහනායක (ගාල්ල) වගේ මහත්වරු.

    265. අද ආසනේකට කියලා මන්ත්‍රී වරයෙක් නැහැ. දැන් තියෙන ව්‍යවස්ථාවෙන් ස්වාධින මන්ත්‍රීවරයෙක් වෙනවා පමණක් නොව ස්වාධීනව, තනිවම චන්දෙ ඉල්ලනවත් බැහැ – මේවාටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී චන්ද ක්‍රමයක් වෙයිද?

    266. ඒ දවස්වල ඔය මනාප තිබුනේ නැහැ. ආසනවලට අපේක්ෂකයෝ ඉදිරිපත්වෙලා වැඩි චන්ද ලබාගෙන පාර්ලිමේන්තු ගියා. ඉතා තියුණු තරග පැවතුනා. චන්දේ දිනන්න නම් චන්දේ ඉල්ලා ගෙන් ගෙට යාම ඒ කාලේ අනිවාර්යයයි. අති තියුණු සටන් වලින් පසුව චන්ද 45, 103, 300, 500 න් වගේ දිනපු මන්ත්‍රීවරු හිටියා. පරාජිතයෝ පරාජය පිළිගෙන නම්බුකාර විදියට ගෙදර ගියා. ඒ දවස්වල චන්ද දායකයෝ දන්නවා ඒ අයගේ මන්ත්‍රි හරියටම කවුද කියලා. නරක අයව ඊ ලඟට එන මැතිවරණයෙන් පරාද කර ගෙදර යවනවා. ලංකාව වගේ පොඩි රටකට හරියන්නේ මේ ක්‍රමයයි.

    267. අද බොහෝ විට සල්ලිකාරයෝ දිස්ත්‍රික්කය පුරාම සල්ලි වියදම් කරලා මනාප අරගෙන පාර්ලිමේන්තුවට රිංගනවා. බලයට ආපු දා ඉඳලා ලබන චන්දෙ දිනන්න වියදම් කරන්න සල්ලි හොයනවා. ඒ අය ඉන්නකම් මේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වූ ක්‍රමය වෙනස් කරන්න දෙන්නේ නැහැ.

    268. එක් පළාත් සභා ආන්ඩුකාරවරයෙක් 2014දි පමණක් මහජන මුදල් රුපියල් මිලියන 18.55 ක් වැය කර, පුද්ගලික තෑගී මිලදී ගෙන, තමන් දෙන තෑගී හැටියට දීලා. මැරුනහම, මිනිහගේ පිළිරුවක් එහෙමත් හදයි.

    269. චන්දෙට ඉස්සෙල්ලා නොයෙක් පොරොන්දු දෙනවා. එහෙම කියලා චන්දෙ යදිනවා. දින්නට පස්සේ ඒ දේ හරියටම කරන්නේ නැහැ. කාවද මේ අය රවටන්නේ; තමන්ව දිනවපු චන්දදායකයින්ව. කුඩා දරුවන් මේවායින් ඉගෙන ගන්න පාඩම මොකක්ද?

    270. බොරු කීම හොඳයි කියලා කියන එක මේ රටේ පාලකයෝ ඔප්පු කලේ ඔය ‘හඳෙන් හරි ගෙනල්ලා හාල් නිකන් දෙන්නම්’, ‘ඇට අට දෙන්නම්’ වගේ බොරු පොරොන්දු වලින්.

    271. 1950 ගණන් වල පැය 24න් රාජ්‍ය භාෂාවක් ඇතිකරලා රටේ නැති ප්‍රශ්න ඇති කරලා, දින කිහිපයක් ඇතුලත u- ටර්න් එකක් ගත්තා පෙඩරල් ක්‍රමයක් දෙනවා කියලා. ආපසු, හාමුදුරුවරු සත්‍යග්‍රහ කරන කොට ඒ පෙඩරල් යෝජනාව හකුලා ගත්තා. මේ අය දේශපාලනඥයයෝද, මඩේ හිටවපු ඉනිද?

    272. 1983 ජාතිවාධි කෝලාහල ඇතිවුනේ එවකට හිටපු පාලකයන්ගේ අනුදැනුම මත කියලා සමහරු කියනවා. අහිංසක දෙමල මිනිස්සුන්ගේ ගෙවල් හොයාගෙන ගිහින් ගිනි තියලා තියෙන්නේ ග්‍රාමසේවක ලැය්සිතු අතේ අතිවලු.

    273. එදා 1983 කල ඒ ‘ගොන්’ වැඩය නිසා අදත් අප ජාත්‍යාන්තරයේ විඳවනවා.

    274. ජාතියේ පියා එදා කෘෂිකර්මාන්ත ඇමති සහ පසුව අගමැති අවධියේ බිහිකළ පදවිය, ශ්‍රී පුර, ගල් ඔය, ගෝනගල, අරන්තලාව, කනතලේ, කන්දකඩුව වැනි ගොවි ජනපද නොවන්න අප අද විදේශ වලින් සහල් ගෙන්වනවා මහා පරිමාණයෙන්. එතුමා නැතිනම්, මායිම් ගම් කියන ගම් පටන් ගැනෙන්නේ අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වගේ තැන් වලින්.

    275. එතුමා එදා දකුණේ (ගාල්ල, මාතර) මිනිස්සුන්ව එදා පදිංචි කරන කොට ඊට තදින්ම විරුද්ධවූ මාක්ස්වාදී නායකයෝ කිවේ ‘යන්න එපා එහේ කාක්කෝ තරම් ලොකු මැලේරියා මදුරුවෝ ඉන්නවා’ කියලා.

    276. 1972 දී මැරෙනකොට තමන්ගේ බැංකු පොතේ රුපියල් 350ක් පමණක් තිබු හිටපු අගමැති කෙනෙක් හිටියා.

    277. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු නිරතුරුවම වෙනස් කරන ලියවිල්ලක් නොවිය යුතුයි. ‘බල්ලන්’, ‘පුසන්’ සඳහා වූ පනත් නම් නිරතුරුව වෙනස් කලාට කමක් නැහැ.

    278. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ත්‍රේලියාව, සිංගප්පුරුව වැනි දියුණු රටවල් ඒ අයගේ ආණ්ඩුක්‍රම ව්‍යස්වස්තාව මේ අපේ විදියට වෙනස් කරන්නේ නැහැ.

    279. 1972දි අත තැබුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන අද දිනයේත් ඉවර නෑනේ. අද අපි ඔක්කොම අනාගෙන, බෙල්ල ලඟට එරිලා ඉන්නේ. දැන් 20වෙනි සංශෝධනය ලඟට ඇවිල්ලා. ගිලෙන්න තව පොඩ්ඩයි වගේ තියෙන්නේ.

    280. ලී ක්වාන් යු (සිංගප්පුරුව) සහ ජෝන් හවර්ඩ් (ඕස්ත්‍රේලියාව), දෙන්නම කිවුව දෙයක් ‘බලන්න ශ්‍රී ලංකාව දිහා, ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ආමරුවේ වැටුන අය, අප ඒ අයගෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි’.

    281. තවත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දැන් හදා ගෙන යනවලු. ආණ්ඩුව පෙරලුනොත්, අලුතින් එන අය තව එකක් හදාවි. මේකේ නිමාවක් නැහෙනේ. ගෙදරක් හැදුවට පස්සේ ෆව්න්ඩේෂන් වෙනස් කරනවද?

    282. එක් පළාත් සභාවක මන්ත්‍රීවරු පිටරට යනවලු සවාරියක්, ඒ පළාත් සභාවේ සල්ලි වලින්. ඒ පළාතේ ඉස්කෝල ළමයිට පුටු මේස සහ රෝහල් වාට්ටු ප්‍රතිසංසකරණය කරලා, ඇම්බියුලන්ස් එකක් හෝ දෙකක් අරගෙන, ගම්වල වලවල් තියෙන පාරවල් ටිකක් කොන්ක්‍රීට් කරලා දාන්න තිබුනා නේද ඔය සවාරියට වියදම් කරන සල්ලි වලින්. යන්නම ආස නම් තමන්ගේ සල්ලිවලින් යන්න.

    283. මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 20 ක්‌ සහ නිලධාරි කණ්‌ඩායමක්‌ චීන රටේ සංචාරයක්‌ සඳහා දිවයිනෙන් බැහැරව ගියේ 2016 ජුනි මාසයේදී.

    284. ඉස්සර අමාත්‍යංශයකට වෙන් කරන මුදල් වලට අත තියන්න පුළුවන් අමාත්‍යංශයේ ලේකම්තුමාට පමණයි, ඇමතිට බෑ. අද ඔක්කොම ඇමතිට යටයි වගේ. මහජන කටයුතු සඳහා වෙන්කරන මුදල් අද ඇමතිලා පිටරට සවාරි (තම හෙන්චයියන් සමඟ), භෝජන සංග්‍රහ, ගෙදර විදුලි බිල/ජල බිල ගෙවන්න පවා පාවිච්චි කර තිබෙනවා.

    285. ඉස්සර රජයේ වැඩ කෙරුනේ දෙපාර්තමේන්තුවලින්. අමාත්‍යංශ තිබුනේ ඉතා පොඩි ආයතන හැටියට. අද දෙපාර්තමේන්තුවලට තැනක් නැහැ, සෑම දේම වගේ වෙන්නේ අමාත්‍යාංශයෙන්.

    286. 1948 ශ්‍රී ලංකාවේ ප්‍රථම රජයේ කැබිනට් මණ්ඩලය සමන්විත වුනේ සාමාජිකයන් 18 දෙනෙක්ගෙන් විතරයි. අද? 1970 මැතිණිගේ කැබිනට් මණ්ඩලයට අයත් වුනේ 21 දෙනායි.

    287. ශ්‍රී ලංකාව මෙන් 120 ගුණයක් විශාල ඕස්ත්‍රේලියාවේ කැබිනට් මණ්ඩලයට අදත් ඉන්නේ සාමාජිකයන් 20 දෙනෙක්විතරයි.

    288. රජය ශක්තිමත් කරගන්න කියලා තමයි හැම මන්ත්‍රී කෙනෙකුටම වගේ කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය ඇමතිකම් දෙන්නේ. ශක්තිමත් රජයක් අවශ්‍ය බව ඇත්ත, නමුත්,
    ජනතා නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරු දැනගන්න ඕන තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන්ට පෙර රට, ස්වකිය ප්‍රතිපත්ති, ජනතාවට දුන් පොරොන්දු ගැන හිතන්න.

    289. කැබිනට් මණ්ඩලය ඉතා විශාල වීම නිසා ඒ අය නඩත්තුවට අති විශාල මහජන මුදලක් වැය කරන්න වෙනවා. කට්ටිය වැඩි වුනහම ඇතුල අවුල්, පාලනය කරගන්න අපහසුයි. කැබිනට් රහස් ලෙහෙසියෙන් එලියට ‘ලීක්’ වෙනවා. හොරකම්/අක්‍රමිකතා කරන අයට ලෙහෙසියි.

    290. මැති ඇමතිවරු සීමාවක් නැතිව පිටරට සංචාරය කරනවා. අමාත්‍යංශවල මුදල් වලින් පිටරට හෝටල වල මත්පැන් බිල් පවා ගෙවා තියෙනවා. මේවා ඉහලින්ම සොයා බලා නවත්වන්න ඕන දේවල්.

    291. දේශපාලනඥයන්ගේ වංචා දුෂණ හොයනවා නම්, සිය විරුද්ධවාදීන් හෝ තමන් සමඟ තරහා අයගේ පමණක් වංචා දුෂණ හොයනවා නම් ඒකත් වංචාවක් සහ දුෂණයක්. ආණ්ඩුව ඇතුලේ ඉඳන් වංචා දුෂණ කරන අයවත්, කොයිතරම් බලවත් උනත්, කොයි තරම් තද මිතුරන් උනත්, අල්ලන්න ඕන.

    292. වංචා දුෂණ කරපු දේශපාලනඥයන් විශේෂ වංචා දුෂණ කාර්යාංශ වෙත අරගෙන යනවා, හොඳ දෙයක්. හැබැයි නඩු පවරා වැරදි කරුවන්ව හිරේ යවන්න ඕනා. කොච්චර කල් බලං ඉම්මුද? කෙරෙන දේවල් නොවෙයි කියලායි ගොඩක් දෙනෙක් කියන්නේ.

    293. දේශපාලනඥයින් ස්වකිය බිරියන්, දරුවන්, ඥාතින් සිය පුද්ගලික ලේකම්ලා, සම්භන්ධීකරන ලේකම්ලා වගේ කරගන්නවා. සමහර අයට සංස්ථා සභාපතිකම්/අධ්‍යක්ෂකම් අරං දෙනවා. ඒ වගේමයි ලිංගික අල්ලස්. මේවා වංචා දුෂණ වලට ඉනිමං තැනීම්. තහනම් කල යුතුයි. හඳුන්වා දුන් නව ආචාර්යධර්ම පද්ධතියෙන් මේ තහනම පැනවිය හැකියි.

    294. වංචා දුෂණ, අල්ලස් ගණන් ගන්නේ නැති හෝ ඒවායේ බරපතලකම අවතක්සේරු කරන අය බොහෝ විට තාන්න මාන්න ලැබුනොත් ඒ වගේ දෙවල් කරන අය.

    295. රටේ ජනතාවට ස්වකිය කැමැත්තෙන් ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕන.

    296. බොහෝමයක් රජයේ කාර්යාල වලට ගියහම එහි නිලධාරින් කටයුතු කරන්නේ වැඩේ කරලා දෙන්න නෙවි, වැඩේ නොකෙරෙන්න. සුළු වැඩකට අපිව තුන් හතර වතාවක් බොරුවට ගෙන්වනවා. මේ එම නිලධාරීන් ඔවුන්ගේ ‘බලය’ අපට පෙන්වීමක්. උඩින්ම හොඳ නායකත්වයක් පෙන්වනවා නම් මේ අඩුපාඩු ‘ටක්’ ගාලා හදා ගත්තැකි, දැන් පඩිත් වැඩි කරලා තියෙන හන්දා.

    297. දුෂණ, වංචා තිබුනට කමක් නැහැ, ඒවාත් එක්ක රට දියුණු කරමු කියන සංකල්පය මුලාවක්. දුෂණ, වංචා හරියට කිරි කලයට ගොම එක් කළා වගේ.

    298. දුෂණ, වංචා නොමැති රටක් ලොව නොමැති තරම්. නමුත් දියුණු රටවල ඒවා ‘සංස්කෘතියක්’ බවට පත්වී නැහැ. තවද, අහු උනොත් නිතිය අකුරටම ක්‍රියාත්මක වී ඒ අයට දැඩි දඬුවම් දෙනවා, හිරේ යවනවා.

    299. දුෂණ, වංචා කරන කෙනා ඒ දේවලට ඇබ්බැහි වෙනවා, හරියට අබිං කෑ කෙනා වගේ. ඒ අයගෙන් තමන්ගේ වැඩ කොටස/රාජකාරිය හොඳින් ඉටු වේ යයි කවදාවත් බලාපොරොත්තුවන්න බැහැ. කොටින්ගෙන් හොරට සල්ලි අරන් සිමෙන්ති, කටුකම්බි, කම්බි ඇණ උතුරට ගෙනියන්න දී, ඒවායින් හැදු බිම් බෝම්බවලින් තමන්ම මැරුණු වංචනික හමුදා නිලධාරින් සිටියාලු.

    300. රටේ දුප්පත් කමට/ඉදිරියට නොයාමට තවත් හේතු කිහිපයක් තමයි අපරිපාලනය, අකලමනාකරණය, නාස්තිය, උකටලිභාවය සහ ආත්මාර්ථකාමිත්වය.

    301. දුප්පත් කම නැති කිරීමට නම් පාලකයන් තුල දුප්පත්කමට නිවැරදි හේතු සහ දුප්පත්කම තුරන් කරන නැණවත්, බුද්ධිමත් මාර්ග දැන සිටිය යුතුයි. ‘දුප්පත්කම තුරන් කරමි’ යන දැඩි කැපවීම සහ මතය ඔවුන් තුල තිබිය යුතුයි; එය මන්ත්‍රයක් මෙන් නිතර කිව යුතුයි.

    302. රට පාලනය කරන්න හැම ඇමති කෙනෙකුටම ලක්ෂ 300/400 බෙන්ස් කාර් එකක් අවශ්‍ය නැහැ. සෝභන අවශ්‍ය නැති, ආත්ම විශ්වාසයෙන් වැඩ කරන, නිහතමානි ඇමතිවරයෙක් නම් ත්‍රීවිලයෙන්/මොරිස් මය්නරයෙන් හරි රාජකාරි කරන්න වැඩට යයි. මිනිස්සු ආදරයෙන් ඒ අයව වැළඳ ගන්න හැටි බලාගන්න පුළුවන් එක ඇමතිවරයෙක් හරි ඒ විදියට හැසුරුනොත්.

    303. ඇමතිතුමා ලාභ,මිල අඩු වාහනයකින් නම් වැඩට එන්නේ එයා යටතේ ඉන්නේ ලේකම්ලා, සභාපතිලා, ඩිරෙක්ටර්ලත් මිල අඩු වාහන වලින් එන්න වෙනවා; රජයේ මුදල් බිලියන ගණන් ඉතිරි වෙනවා. නමුත් මෙවැනි ‘නිර්භීත’ පියවරන් ගන්න පුළුවන් ඇමතිලා අප අතර ඉන්නවද?

    304. ගාල්ලේ දහනායක මහත්තයාට කාර් එකක් තිබුනේ නැහැ, බස් එකෙන්මයි ගමන් බිමන් ගියේ. අනිතිමට ස්වාධීනව තරඟ කරලා යුඑන්පි, ශ්‍රී ලංකා දෙගොල්ලම පරද්දලා දින්නා.

    305. රුපියල් ලක්ෂ 400 ගානේ ඇමතිවරු 90ට විතර වාහන අරං දෙන්න නම් අපිට ගහන බදු තව ගොඩක් ඉහල දාන්න වෙයිනෙ.

    306. වාහන අවශ්‍ය අමාත්‍යවරුන්ට රුපියල් කෝටි ගණන් වටිනා අති සුඛෝපභෝගී වාහන වෙනුවට, පහසුකම් ඇති, නඩත්තුවට විශාල වියදමක් නොයන, ශ්‍රී ලාංකාවේ (හෝ ඉන්දීය/චීන) නිෂ්පාදිත, අඩුමිලට ලබාගත හැක එකම මාදිලියේ වාහනයක් සියලුදෙනා වෙත ලබා දිය යුතුයි.

    307. පත් වෙච්ච දා ඉඳලා පිට රටම සවාරි ගහන ඇමතිවරියක් ගැන වාර්තා පල උනා. නායකයන්ටයි බනින්න ඕන, හරියට කණ්ඩායම හදාගන්න බැරි නම්.

    308. මේ රටට ඇතුළුවන දොරටුව (gateway) මන්නාරමයි. ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දියාවේ ධනුස්කොඩියට කීම 20 ගානයි තියෙන්නේ. සමහර කාලවලදී සමහර තැන්වල මුහුද කොපමන නොගැඹුරුද කියනවනම්, ඇවිදගෙන එන්න පුළුවන්. බොහොම දුකසේ ජිවත්වන අවතැන්වූ සිංහල පවුල් 50 ගානක් කිසිම උදවු උපකාරයක් නැතිව, දුකසේ, මන්නාරමේ ඉන්නවා. තමන් අවට ලස්සන ගෙවල්, ගෙමිදුල් සමඟ හැදෙන හැටි මේ අයට පේනවා. ඒත් මේ ගොල්ල බොහෝ දෙනෙක් තාම ඉන්නේ ටකරන් මඩු වල.

    309. මඩකලපුවේ ‘මංගලගම’ ඉන්න දෙමල කථා කරන සිංහලයන්ගේ තත්ත්වය අති ශෝචනියයි. මේ අයට උදවු කරන මඩකලපුව වාසි, සංඝයාවහන්සේ පොලිස් අත් අඩංගුවට පවා පත් උනා.

    310. හරියට අධ්‍යාපන ක්‍රමය නැත්නම් රටක බුද්ධිමත් ජනතාවක් බිහිවන්නේ නැහැ.

    311. එක් මහා නගර සභාවකට දවල් 2ට විතර යන්න (විශේෂයෙන්ම, එහි නගර නිර්මාන සෙක්ෂන් එකට), සේවක, සේවිකාවෝ කී දෙනෙක් මේසෙට ඔලුව ගහගෙන නිදිද බලන්න. තව කිදෙනෙක් පත්තරේ බලනවද කියලා බලන්න.

    312. ‘සිංහළ අයිතීන්’ බෞද්ධ අයිතීන්’ අද තහනම් වචන වෙලාද?

    313. ශ්‍රී ලංකාවේ ජනගහන සංක්‍යාලේඛන, විශේෂයෙන්ම කොලඹ සීග්‍ර ජනගහන වෙනස්වීම් දිහා බැලුවහම සිංහළ නමැති ජන කොටසේ ජනගහන ව්‍යාප්තිය සෙසු ජන කොටස් හා සසඳන විට අඩුයි කියා පිළිගන්න වෙනවා.

    314. එදා කොළඹ නගර සභා සිමාවේ 70% පමණවූ සිංහළ ජනගහනය අද 40% වත් නැති තරම්වත්ද? මේ වෙනස ඇතිවී තිබෙන්නේ අවුරුදු 30 ක් වැනි කෙටි කාලයක් ඇතුලතදිලු.

    315. අපේ රටේ තට්ටු මාලිගා වල ජීවත්වෙන, නැව් වගේ වාහන වල යන, මාස දෙක තුනකට වරක් බටහිර විදේශ සංචාරය කරන අයට අපි ගරු කරනවා, කට ඇරලා ‘සර්’ ගානවා. නමුත්, සමහරෙක් ඒ අය ඒ සල්ලි හොයා ගත්තේ දුෂණ, වංචාකරලා, පරිසරය විනාශ කරලා නේද කියන එක අප ගණන් ගන්නේ නැහැ. අහිංසක, දහඩිය මහන්සියෙන්, සාධාරණ විදියට එදා වේල සොයා ගන්න මිනිහෙකුට ‘සර්’ ගාන එක ඊට වඩා සැපයි.

    316. හොරකම් කල දේශපාලනඥයන් සිරේ නොයවන රටක්, ශ්‍රී ලංකාව. ඉන්දියාවේත් හිරේ යවලා තියෙනවා. බිම් මට්ටමේ පාක්ෂිකයෝ ගහ බැන ගනිද්දී, පක්ෂ දෙකේ දේශපාලනඥයන් තරු පහේ හෝටලවල එකට කනවා බොනවා. ඕකට කියන්නේ ‘නුඹ මගේ පිට කසාපන්, මම නුඹේ පිට කසන්නම්’ කියලා (ටික කලකට රිමාන්ඩ් භාරයේ සිටීම (ඒකත් බොහෝ වෙලාවට රෝහලක), සිරේ යාමක් නොවෙයි).

    317. බොහෝ දේශපාලනඥයන් රිමාන්ඩ් කල පසු බන්ධනාගාර රෝහල් ගත වෙනවා. මෙයින් රටේ ජනතාව ඉගෙනගන්නා පාඩම හොඳ දෙයක් නොවෙයි.

    318. සමහරවිට ආණ්ඩුවකට වෙනවා දක්ෂ ව්‍යාපාරිකයෙක් සාර්ථක බිස්නස් එකක් කරන විදියට රට කරන්න. අනවශ්‍ය වියදම් කපා හැර, රටට උපරිම ආදායම් එන මං සොයා ඒවා වර්ධනය කරන්න ඕන. තියෙන ණය ගෙවා අයවැය හිඟයක් වෙනුවට සංචිතයක් හදා ගන්න උත්සහ ගන්න ඕන.

    319. යුරෝපීය මත්ස්‍ය අපනයන තහනම ඉවත්වීම හොඳයි. ඒත් ලෝකෙටම දෙන්න තරම් මත්ස්‍යය සම්පතක් අපට තියෙනවද? පරණ ධීවරයන්ගෙන් අහලා බලන්න අපේ මුහුදේ මත්ස්‍යය සම්පත දැන් ඉස්සර වගේ නැහැ, හොඳටම අඩුවෙලා.

    320. සුද්දන්ට කන්න දෙන්න ඉස්සෙල්ලා අපේ රටේ මිනිස්සුන්ට හොඳට කන්න අළුත් මාළු තියෙන්න ඕන, අඩු මිලට. නැහැ නේද?

    321. උතුරේ ඉන්දීය ධිවර මංකොල්ලයට ස්ථිරසාර පිලියමක් හොයා ගන්න රජයන්ට බැරි ඇයි? මෙයින් වසරකට අපට වන පාඩුව ඇමරිකන් ඩොලර් බිලියනය පන්නනවා කියලයි සමහරු කියන්නේ. ඉන්දියාව නම්‍යශීලි නැත්නම්, ICJ (International Court of Justice) එකේ නඩුවක් දාන්නයි තියෙන්නේ. ඕස්ත්‍රේලියාව එවැනි නඩුවක් දැම්මා තම ඉතා හිතවත් රටක් වන ජපානයට විරුද්ධව (තල්මස් දඩයමට විරුද්ධව). ජපානය මුකුත් කිවේ නැහැ.

    322. ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කරන්නේ අපේ ශ්‍රී ලංකාවේ. ඒත්, ‘ටී ඩස්ට්’, ‘ස්වීපිං තේ’ වලින් අපේ ‘ලෝකල් මාකට්’ එක පිරිලා.

    323. වස විස නැති ආහාර නිෂ්පාදනය නගා සිටුවීම සහ ප්‍රචලිත කිරීම ඉතාම හොඳ දෙයක්, ඒ දේවල් වෙනුවෙන් වැඩ කරන්නන්ට රටේ ප්‍රණාමය පිරිනැමිය යුතුයි.

  6. Samanthi Says:

    It looks like the same person is commenting here under two different names!

  7. Christie Says:

    අපි ඉන්දියානු අදිරදයේ යටත් විජිතයක්. මෙය වටහා ගන්න බැරීක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව.
    ඉන්දියානු ජඩවාදයට එක්වීනැගිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress