යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !
Posted on January 16th, 2017

මතුගම සෙනෙවිරුවන්

දහතුන් වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලය බෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක් මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්රකාශයේ විය. මහින්ද රාජපක් මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක්බවට පත් කිරීමට මහින්ද රාජපක් මහතාට එතරම් අවශ්යතාවයක්තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ් වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි.

වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්යන්තරයට සහ කොටි ඩයස්පෝරාවට ලබා දී ඇත. තිස් අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක්සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක්බවට පත් කිරීමටයි. මහින්ද රාජපක් මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්යවස්ථා සම්පාදක මණ්ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ් ස්වයං පාලනය ලබා දීමට නව ව්යවස්ථාවක්ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්රියාදාමයේ යථාර්ථයයි.

මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක්තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දුලංකා ගිවිසුමද ක්රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක්තිස්සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක්ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්යවහාර කරන්නේ A නිසයි.

යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක් උඩරට සිංහලයන් 1331 ක් ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක් වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක් තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක් පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්සක්පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. A අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

ඉංග්රීසි පාලන සමය අවස්ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්රමයක්සකස්කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක්යාපනයේ ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්ත්රික් හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක්වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්රිතාන් පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්රතිසංස්කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස් සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්යාවෙන් වැඩිම පිරිසක්ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්ත්රික්කයන් තුළය.

matugama16011701
matugama16011702
matugama16011703
matugama16011704
matugama16011705
2009
දී කොටි ත්රස්වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත් මණ්ඩල පත්රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්රලේඛනයක්නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස්ජනරාල් ආර්. පී. ආර්. රාජපක් මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි.

ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්ථාවන් හඳුනාගෙන ඇත. රාජ් ආයතන සහ ත්රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්රායෝගිකව අපහසු අවස්ථාවලදී එම ප්රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්රියාකල යුතුය.’

අවසර පත් විනාශ වූ අස්ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. ‘කලින් බෙදා දී බලපත් නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත් සහ/හෝ ප්රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත් පිටපත් ආදිය විනාශ හෝ අස්ථානගත වී ඇති අවස්ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස්වෙත ඉදිරිපත් කර උපදෙස්ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්රමවේදය මින් නැවත තෝරා ගැනීමක්සිදු කර බලපත් නිකුත් කිරීමට පියවර ගත යුතුය.’

පසුගිය ආණ්ඩුවේ කැබිනට්ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට්නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්රමානුකූලව 2014 වර්ෂය වන තෙක් අවතැන් වූ දෙමළ සහ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්රමවේදය අනුව බලපත් විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස්වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක්කර නැත. සැබෑව නම් කිසි විටක්සිංහලයන් වෙනුවෙන් අවශ් ක්රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක් යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක්බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්රතික්ෂේප කළ බව දැක්විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්ති විඳ ගෙන පැමිණි සියවස්ගණනාවක්තිස්සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

3 Responses to “යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !”

  1. S.Gonsal Says:

    “මහින්ද රාජපක්‌ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක්‌ බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්‌ෂේප කළ බව දැක්‌විය හැකිය.” – මතුගම සෙනෙවිරුවන්

    Why did he do this if he is a Sinhalaya ?
    Why is the currrent one not doing it if he is a Sinhalaya ?

    We need answers. Will we get an answer from next NugegodaMan ?
    Nugegod Man cannot be Tamil.

  2. Christie Says:

    මට මතක හැටියට 1958දී ඉන්දියානු පරපොසිතයන් යාපනයේ සින්හලයන් මරදමනලදී. පලවා හරින ලදී. නාගදීපය කඩාදමා පිලිම මුහුදට දැම්මේය. මරාදැමූ සමහර සින්හලයන් අයිස් දමා නුවරට එවන ලදී. අම්ම්මන්ඩි සිරිමා මොකද කලේ? හදිසි නීතිය පනවා සින්හලයන් මට්ටු කිරීම හා අඳුරේ තැබීමය.
    බන්ඩා මහ එකා 51දී පටන් ගත් සින්හලයන් නැතිකිරීම අදත් දෝනියැන්දා කරගන යයි. ඔක්කොම ඉන්දියානු ඉන්දියානු අදිරදයේ හා ඉන්දියානු පරපෝසිතයන්ගේ වැඩ. අපේ මොල හෝදලා අපි එකිනෙකා රන්ඩුවෙන්න මරාගන්න සකස්කරලා.

  3. S.Gonsal Says:

    This must have been done before Camaron + CHOGM

    ඌවට කළ විනාශයට සුද්දන්ට නඩු දානවා

    යටත් විජිත සමයේ 1817-1818 නිදහස් අරගල සමයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඌව පළාතට කළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා මහා බ්‍රිතාන්‍යය ට විරුද්ධව නඩුපැවරිමට කටයුතුකරන බව ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය.
    ඌව පළාතට ලෝක බැංකුවෙන් ලබාදෙන ආධාර යළි අය නොකරන මුල්‍යාධාර ලෙස ලබාදිය යුතු බවද මහ ඇමතිවරයා මෙහිදි සඳහන් කළේය.
    ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීවේය. වන්දි ඉල්ලීමේ යෝජනාව මුලින්ම පළාත්සභාවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවෙනවා. මොණරවිල කැප්පිටිපොල වීරයා සමග අපේ වීරයෝ 19 දෙනෙක් රාජද්‍රෝහී ලෙසට නම් කරමින් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත්කර තිබු ගැසට් නිවේදනය අවලංගු කර ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා. ඒක ඌවේ අපට ලොකු අභිමානයක්.
    මෙම විරුවන් දේශප්‍රේමින් ලෙස නම් කිරිම සඳහා කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදි පසුගියදා ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මමත් සහබාගි වුණා එහිදි අනාරවනය වු කරුනු අනුව 1817-1818 නිදහස් සටන වෙනුවෙන් ඌවේ මිනිස්සු දාහතර දාහක් දිවි පුදල තියෙනවා . නිවාස ගිනි තබා ගම්බිම් වනසා තියෙනවා. වසර 199 කට පසුහෝ අපේ දැවැන්ත විනාශ වෙනුවෙන් වන්දි ඉල්ලා සිටීමත් යුක්ති සහගතයි කියල අපි හිතනවා.
    1817- 1818 නිදහස් අරගලය නිසා පරදේශක්කාරයන් විසින් විනාශ කළ ඌව ගොඩගැනීමට තවමත් අපට හැකිවෙලා නැහැ. අපට තරම් විනාශයක් පරදේශක්කාරයන්ගෙන් ලංකාවේ වෙනත් ප්‍රදේශවලට සිදුවුයේ නැහැ.
    හරිනම් ලෝක බැංකුව ඌව නංවන්න තව තවත් අපට ආධාර කළ යුතුයි. ඌව පළාතට දෙන ආධාර යළි අය කර නොගන්නා ආධාර ලෙස ලබාදිය යුතුයැයිද සංවර්ධන ක්‍රියාවලියේදි මධ්‍යම රජයේ විශේෂ අවධානය ඌව ට යොමු කළ යුතු යැයිද ප්‍රධාන අමාත්‍ය වරයා අවධාරනය කළේය.

    සුලක්ෂ පියතිස්ස බදුල්ල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress