මේ තීන්දුව අදහාගත නොහැකියි.. මත්ත‍්‍රී ධුරය අහෝසි කල හැක්කේ ශ්‍රේෂඨාධිකරණයට පමණයි..-GL
Posted on May 10th, 2017

ලංකා සී නිවුස්

මන්ත‍්‍රී ධුරය නීත්‍යානුකූල නැතැයි අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට එරෙහිව ශ්‍රේඨාධිකරණයේ නඩු පැවරීමට ගීතා කුමාරසිංහ මහත්මිය කටයුතු කර ඇති තත්වයක් තුල ඇය වෙනුවෙන් වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට පත් කිරීම අදහාගත නොහැකි බව හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මන්ත‍්‍රී ධුරය අහෝසි කරන අවස්ථාවක දින 42ක් තුල ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ව්‍යවස්ථාවෙන්ම ඉඩ සලසා තිබියදී එම තීන්දුව ලැබෙන තෙක් ඇගේ මන්ත‍්‍රී ධුරය අහිමි කිරීම නීති විරෝධී යයිද ඔහු පෙන්වා දෙයි.

මේ තීන්දුව අදහාගත නොහැකියි.. මත්ත‍්‍රී ධුරය අහෝසි කල හැක්කේ ශ්‍රේෂඨාධිකරණයට පමණයි..-GL

මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව දීමේ හැකියාව ඇත්තේ අභියාචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණය බවද ඔහු කොළඹදී පැවති මාද්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

One Response to “මේ තීන්දුව අදහාගත නොහැකියි.. මත්ත‍්‍රී ධුරය අහෝසි කල හැක්කේ ශ්‍රේෂඨාධිකරණයට පමණයි..-GL”

  1. Kumari Says:

    All these decisions are made not in a court of law, but in a backroom in New Delhi with the advise of RAW, CIA and British MI6.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress