ඊළම හා වතුර යුද්ධ
Posted on May 15th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

13-ඒ කොටි වලිගය

ටැමිල්නෙට් නමැති ඊළම් වෙබ් අඩවියේ දිනපතාම පලවෙන්නේ අනාගත ලංකාවේ ඇතිවීමට යන වතුර යුද්ධ ගැන සංඥාය. දැනට නම් එහි ලියැවෙන්නේ බුදු පිළිමයක් මඩකලපුවේ තැන්පත්කිරීම, උතුරේ සිංහල මිනිසුන් පදිංචිකරවීම වැනි කතාය. එහෙත් මාවිල් ආරුවේදී සිදුවුනා මෙන් හා ලෝකයේ අනිත් රටවල සිදුවන දේ හා දකුණු ඉන්දියාවේ ටැමිල්නාඩ් මිනිසුන් හා එය අවට කේරළ, කර්‍ණාටක ජනපදවල මායිම් වැසියන් අතර නිතරම සිදුවන ජල ගැටුම් ගැන සිතන විට ඉදිරියේ දිනක, වතුර, ඊළම් රටේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකමක් ලෙස නිසැකවම යූ එන් ඕ-ජිනීවා ප්‍රශ්ණයක් වෙනු ඇත. මේ නිසා මෙවැනි වතුර යුද්ධ ඇතිවීමට හේතුවන රට කැබලිවලට කැඩීමේ අදූරදර්ශී පෙඩරල් ක්‍රියාවලින් වැළකීමේ අවශ්‍යතාවය කල්තියා පෙන්වාදීම ජාතිවාදය ඇවිස්සීමක් නොව ජාතිකවාදී ලෙස රට බේරා ගැනීමේ යුතුකමේ කොටසකි. දැන් 2017 මැයි වනවිට සිංහල පෙඩරල් අවතාර තුනක්, චන්ද්‍රිකා කුමාරතුංග-රාජිත සේනාරත්න-මංගල සමරවීර- යනුවෙන් ආචාර්‍ය දයාන් ජයතිලක විසින් හඳුන්වාදී ඇත.

දේශපාලන පක්‍ෂ මාරයා

ජේවීපී එකට චන්දය දෙනවා කියන නිර්‍මාල් රංජිත් දේවසිරි නම් විශ්ව විද්‍යාල ගුරුවරයාගේ මතයට අනුව මේ ඊනියා ඊළම් ප්‍රශ්ණයට විසඳුම ඊළමක් හදා ගන්නට ඉඩදීමය. රටේ සාමය, සතුට හා සමාදානය ගැන කවුරු මොන ආකාරයේ සුරංගනා කතා කිව්වත්, ශිවාජිලිංගම්, ගජේන්ද්‍ර පොන්නම්බලම් වැනි අය හා සසඳමින්, මොඩරේට් ටැමිල්ස්ලා යයි සිංහල පෙඩරල්කාරයින් විසින් හඳුන්වන සම්බන්දන්, ඒබ්‍රහම් සුමන්තිරන් හා විග්නේෂ්වරන් යන අයගේ කතා, අදහස් හා ක්‍රියාවලින් සක් සුදක්සේ පැහැදිළි වන කරුණක් නම් ජාතිය අනුව නොව චන්ද බලය හා භූමි ප්‍රදේශය අනුව නියෝජිතයින් තේරීම 1911 සිට ආරම්භවීමත් සමඟ, 1921-24 කාලයේ සිට එන මේ පෙඩරල්, 13 ඒ පාර කෙළවර වන්නේ වෙනම ඊළමක් කඩා ගැනීමෙන් බවය.

පක්‍ෂ දේශපාලනයෙන් තොර ජන සභා

එයත්, රට අගාධයට ගෙනයන වෙනත් බොහෝ දුෂ්ට ක්‍රියාත් වළක්වාගත හැකි එකම විධිය නම් 1948 න් පසු අනුගමනය කල සුද්දන් අටවා ගිය සිංහල කළු සුද්දන්ගේ බටහිර ක්‍රිස්තියානි පක්‍ෂ දේශපාලන නියෝජිත ප්‍රජාතනත්‍රවාදය සංශොධනය කර, බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්වු සම්මුතිවාදී ජන සභා සංකල්පය ක්‍රියාවට නැඟීමය. මේ මඟින් ඊළම් දෙමළ දේශපාලකයින්ට නොව දෙමළ මහජනයාට (හා සිංහල, මුස්ලිම්) ගම් මට්ටමින් බලය පවරාදීමක් සිදුවේ. මෙම ජන සභාවල මායිම් භාෂාව හෝ ආගම මත නොව ස්වාභාවික නිර්‌ණායක (ගංඟා, ඇල, දොළ, වැව්, භූගත ජල ද්‍රොණි) අනුව තීරණයවේ. දෙමළ ජනතාවට නියම බලය මාරුකිරීමක් (මීනින්ෆුල් ඩෙවොලූෂන්) සිදුවන්නේ එවිටය. ලෝකයේ අනිත් රටවල මානව අයිතිවාසිකම් ගැන කතාකරණ ඇමෙරිකාවට හෝ ඉන්දියාවට ඊට විරුද්ධ විය නොහැකිය. දමිළ ජනයාගේ පුද්ගලික ඕනෑ එපාකම් පමණක් නොව, සිංහල ජාතියට තර්‍ජනයක් නොවන තාක් දුරට දමිළ පොදු අභිලාශ (ඇස්පිරේෂන්ස්) මුදුන් පත්කරගැනීමටද ඉන් ඉඩක් ලැබේ.

මාවිල් ආරු පාඩම

2009 මැයි 19 දා ඊළම් විනාශයට හේතුවූයේ වතුර නොවේද? ෂුනාමි නිසා ප්‍රභාකරන්ගේ වලලා තිබූ ආයුධ ලුණු වතුරට බත් විය. ඊටත් වඩා තීරණාත්මකවූයේ මාවිල් ආරු සොරොව්ව වසා (2006 ජූලි 26) ගොවියන්ට වතුර අවහිර කිරීමය. මීට අමතරව යුද්ධ උපක්‍රමයක් වශයෙන් වන්නියේ සමහර කුඩා වැව් වල බැම්ම කඩාදැමුවේය. ඉඩක් ලැබුණා නම් මහවැලි ගඟේ වික්ටෝරියා බැම්මවගේ එකකට වුනත් ඩයිනමයිට් දැමීමට ඔවුන් දෙපාරක් හිතන්නේ නැත. අද 2017 වන විට මෝඩකම නිසා වෙස්සන්තර වෙන්නට ගොස් රට ඉදිරියේ සිරි සංඝබෝ වූ ජනාධිපතිලා හා අගමැතිලා තාමත් ජීවත්‌ව සිටිති. 13 ඒ මර උඟුලේ නියම රඟ උතුරේ මහ ඇමති හා පළාත් සභාව විසින් එතෙක් මෙතෙක් පෙන්වා දී ඇත. මෙම ලිපිය 2006 අගෝස්තු මාසයේදී ලංකාවේ ආරක්‍ෂක අමත්‍යංශයේ හා ලංකාවෙබ් වෙබ් අඩවියේත්, සැප්තැම්බර් 13 දා ඩේලි නිව්ස් පත්‍රයේත් පළවූ ලිපියක සංශොධිත සිංහල අනුවාදයකි. මෙහි සඳහන් වන්නේ භූගෝල විද්‍යාත්මක කරුණු මිස සිංහල-දෙමළ පක්‍ෂවාදී කරුණු නොවේ. මේ සමඟ ඇති සිතියම් වැදගත් වන්නේ ඒ නිසාය.

භූගෝල විද්‍යාවට එරෙහිව නීති පැනවීම

යූ කැනොට් ලෙජිස්ලේට් අගේන්ස්ට් ජෝග්‍රෆි කියා ඉංග්‍රීසි කියමනක් තිබේ. දේශපාලකයින් විසින් කොමිස් පතා හෝ නොපතා හෝ කරන වල්බූරු මෙග ප්‍රොජෙක්ට්ද අයත්වේ. ස්වභාව ධර්‍මයට එරෙහිව යාමේ විපාක වශයෙන් සිදුවන හානි ලෙස සැළකෙන කැළෑ කැපීම නිසා කඳු නායයාම, වැස්ස නැතිව යාම යමෙකුට ලඟ පාතින් පෙනෙන හා මතක ඇති කෙටි කාලයකදී ලැබෙන අත්දැකීම්ද මේ ගනයට වැටේ. බටහිර හා නැඟෙනහිර පකිස්ථානය කියා ඉන්දියාව කඩා රටවල් දෙකක් සැදීම මෙසේ භූගෝල විද්‍යාවට පටහැනිව සුද්දන් විසින්, ඔවුන් විසින්ම ඇතිකල හින්දු-මුස්ලිම් බෙදීමේ ප්‍රශ්නයට දුර දිග නොබලා ගත් තීරණයකි. ලංකාව 1833 දී පලාත් පහකට බෙදීමත්, ඉන්පසුව නවයක් දක්වා එය වැඩිකිරීමත් රටේ භූගෝල විද්‍යාව නොසලකා තමන්ගේ යටත් විජිත පරිපාලන වාසියම සලකා සුද්දන් ගත් තීරණයකි. මෙම වැරදි තීරණයේ විපාක එලිවෙන්නට පටන් ගත්තේ එම කෘතිම බෙදීම අනුව යමින් වෙනම ඊළමකට මග පාදා දුන්, 1987 වර්‍ෂයේ 13-ඒ සංශොධනය නමැති මර උඟුලට පසුව, 2013 ඔක්තෝම්බර් 7 දා විග්නේශ්වරන් නම් කටුස්සාට රන් මාලයක් දැමීමත් සමඟය.

වතුර නැතිව කාන්තාරයේ ඉන්නා ඔටුවාටවත් වැඩි දිනයක් ජීවත්‌විය නොහැකිය. මිනිසෙකුට නම් දින දෙක තුනක් පමණය. වතුරේ අගය දන්නා, ශිෂ්ට ලෙස, ගහ මරා නොගෙන, ඒ ප්‍රශ්ණ විසඳාගන්නා ජන සමාජ ඇත. ඇමෙරිකාවේ ඇලබාමා-ජෝර්ජියා-ෆ්ලොරිඩා යන ජනපද තුන 2015-16 වර්‍ෂවලදී මෙසේ තම ජල ප්‍රශ්ණ විසඳාගත්තේය. එහෙත් ඇමෙරිකාව හා මෙක්සිකෝ රට ගත් විට කොලරාඩෝ ගඟ ඇමෙරිකාවේදී ප්‍රයෝජනයට ගෙන මෙක්සිකෝ වේදී මුහුදට වැටෙන්නේ අපිරිසිදු දිය කඩිත්තක්, මඩ වගුරක් වශයෙනි. බංගලාදේශයට ඉන්දියාව කරන්නේද මෙවැනි බලහත්කාර කමකි. වහින කාලයට ගංඟා හා බ්‍රහ්මපුත්‍රා ගංඟා ජලය නිසා බංගලාදේශය වතුරට යටවේ. පායන කාලයට ඉන්දියාව බැමි බැඳ ජලය ගන්නා නිසා බංගලාදේශයට ජල හිඟයක් ඇතිවේ. ගංඟා මෝයකටක් වෙනම රටක් කිරීම භූගෝල විද්‍යාවට පටහැනිව ක්‍රියාවක් නිසා මෙවැනි ඉරණමකට අත්‌වී ඇත. මහවැලි ගඟ මෙසේ වියළී යන කාලයේදී ත්‍රිකුණාමළයට වතුර ලබා දෙන්නේ කෙසේද? මාතලේ දිස්ත්‍රික්කයෙන් අඹන් ගඟේ ජලය ගෙනයන මොරගහකන්ද-කළු ගංඟා ජලයට තමන්ටද අයිතියක් දිය යුතුයයි විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති 2017 ජනවාරියේදී කියා සිටියේ මේ නිසාය.

කුණු-කුඩු-ඩෙංගු-පාතාල-කොමිස්-දූෂණ

ලංකාව ශීඝ්‍රයෙන් කොට උඩයමින් සිටිනා රටක් බව මීතොටමුල්ල කුණු කන්‌දෙන් ඔප්පුවිය. රටේ එදිනෙදා පරිපාලන සිස්ටම්ස් දිගට හරහට කඩා වැටෙමින් පවතී. යකඩ යන්ත්‍රයක් දුවවන්නට තෙල්, ග්‍රීස් අවශ්‍ය වගේ රටක මේ සිස්ටම්ස් අංග නැතිව යන විට එය ක්‍රමයෙන් අසමත් රටක් බවට පත්වේ. එහෙත් සිංහල කළු සුද්දන් ජරා දේශපාලනයක් කරද්දී ඊළම් සටන දිගටම ඉදිරියට යමින් සිටී. වතුර යුද්ධ ගැන අනතුරු ඇඟවීම හෝ ඊට විසඳුම් පෙන්වාදීම මේ නිල්-කොල-රතු දේශපාලක තක්කඩින්ට වැදගත් නැත. එසේ වුවත්, කෝල්බ්‍ර‌ැක් සාමිලා වැනි අය විසින් 1833 සිට ඇතිකර දී ගිය පලාත් නවයේ බෙදීම රටට අහිතකර දෙයක් බව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කිව් දේශපාලකයා ජනාධිපති මෛත්‍රී සිරිසේනය. ප්‍රශ්ණය නම් ඉන් එහාට ගන්නා පියවර කුමක්ද යන්නය. ඉංග්‍රීසියෙන් අහනවා නම් සෝ වට් යනුය.

ගම-වැව-දාගැබ

ජනාධිපති සිරිසේන මහතා එසේ කිව්වේ උතුරට පොල් රා එවීමට විරුද්ධවිම, බුදු පිළිම එපා, සිංහල ජනයා එපා යන විනේෂ්වරන්ගේ කතාවලට පිළිතුරක් වශයෙනි. නමුත් මේ පලාත් නවයේ කෘතිම බෙදීම පුදුම හිසරදයක්, අර්බුදයක් වන්නේ අනාගතයේදී සිංහල-දෙමළ වශයෙන් වතුර බෙදා ගැනීමේ ගැටුම මතුවූ විටය. වතුර ගැන පමණක් නොව සෙසු සෑම සිංහල-දෙමළ ප්‍රශ්ණයකදීම නියම විසඳුම වන්නේ කපටි ආත්මාර්‍ථකාමී දේශපාලකයින්ට නොව රටේ මහජනයාට බලය පැවරෙන අන්දමේ ජන සභා ක්‍රමයක් යටතේ පලාත් නවයේ කෘතිම බෙදීම අහෝසි කිරීමය. ලංකාවේ ඓතිහාසික සමාජ-ආර්ථික ත්‍රිත්වයවූ ගම-වැව-දාගැබ (හෝ පසු කලෙක පල්ලිය) මේ ජන සභා ක්‍රමයමය. මෙය පෙන්වාදීම මේ ලිපියේ අරමුණය.

කෘෂි-පරිසර කලාප

ලංකාවේ කෘෂි-පරිසර කලාප (ඇග්‍රො-ඉකොලොජිකල් සෝන්ස්) 46 ක් වත් තිබෙන බව හඳුනාගෙන තිබේ. දැන් මෙන් ලෝකයේ පරිසර විනාශය වැළැක්‌වීම යන්න අතීතයේදී සටන් පාඨයක් නොවූවත්, මෙහි පහතින් ඇති, 1796 දී ලංකාව යන සිතියම (සිතියම 1) දෙස බලනවිට එයත්, පලාත් නවයේ කෘතිම බෙදීමත් අතර ඇති මූලික වෙනස පෙනීයයි (මූලාශ්‍රය: ලංකාව: බටහිර ජාතීන්ගේ පාලන සමය, හොරස් පෙරේරා, 1957). අශ්ව කරත්තයෙන් යාමට ඇති දුර සළකා ප්‍රදේශ බෙදීම ඒ කාලයේ ලෝකය පුරාම සිදුවූ දෙයකි. ලංකාව වැනි පරිසර විවිධත්‌වයක් ඇති දූපතක මූලික පරිපාලන ඒකක ඊට අනුකූල වියයුතු නොවේද යන ප්‍රශ්ණය 1948න් පසුව වත් නොැසුණේ සුද්දන් ඉදිරියේ නහයෙන් අඬා රට ඉල්ලාගත් කළු සුද්දන්ගේ මනසට එවැනි දේශීය භූගෝල විද්‍යාවක් ඇතුළු නොවන නිසාය. යුරෝපීය අදහස් ශ්‍රේෂ්ඨය යන්න ඔවුන්ගේ දැණුම හා දැකුම විය. යම් පරිසර කලාපයක් සැදෙන්නේ විවිධ භූගෝල විද්‍යාත්මක සාධකවල සංකලනය වීමෙනි. මෙම සාධක කෘතිම මායිම් සහිත ඊළමකට පටහැනිය.

සුද්දන් විසින් කෘතිමව සැදූ උතුරු හා නැඟෙනහිර යන පළාත් දෙක දෙමළ රටක මායිම් ලෙස ක්‍රිස්තියානි පෙඩරල් චෙල්වනායගම් මහතා විසින් භාවිතා කරන්නට 1940ස් ගණන් වල පටන් ගත්‌විට සිංහල ක්‍රිස්තියානි හා බොරු බෞද්ධ සිංහල කළු සුද්දන් ඊට විරුද්ධව ප්‍රතික්‍රියා නොකලේ කොළඹට කිරි ගමට කැකිරි යන කලම්බු පැරඩයිම් එකට පිටින් සිතීමට නොහැකි යුරෝපය ශ්‍රේෂ්ඨය යන මානසික වහල් භාවයක ඔවුන් හිරවී සිටි නිසාය. ඉන්දියාව, මැලේසියාව හා බුරුමය වැනි රටවල් නිදහසෙන් පසු සුද්දන්ගේ හැව ගලවා දැමීමට දැඩි උත්සාහයක් ගත්තත්, ලංකාවේ කළු සුද්දන් කලේ කුමක්ද? 1815 ගිවිසුමෙන් දිවයිනේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය රකින්නට බොරුවට හෝ පොරොන්දුවක් බ්‍රවුන්‍රිග් නම් සුද්දා දුන්නේය. එසේ නම් 1948 දී කලයුතුව තිබුණේ පොරොන්දු කඩකර සිංහල බෞද්ධයින්ට කල අමානුෂික හිරිහැර හා වෙනස්කම් ඉවත් කිරීමට රීසනබල් ලෙස ක්‍රියා කිරීමය. මෙසේ ක්‍රියා කිරීම සුද්දන් විසින් කරේ දමාගෙන සිටි අනිත් සුළුජන කොටස්‌වල මානව අයිතිවාසිකම් කඩ කිරීමක් නොවේ. නමුත් ඩී එස් සේනානායක මහතා (ඔහුගේ නෝනා ක්‍රිස්තියානිය) අයිවර් ජෙනින්ස් සමඟ කලේ කුමක්ද? පසුව 1946 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තිය වූ සිංහල බෞද්ධයින්ට පැණවූ තහනම, 1944 දී ව්‍යවස්ථා කෙටුම්පතක් වශයෙන් සෝල්බරි කොමිෂමට දුන්නේ ඔහුය.

 

ජී ජී පොන්නම්බලම්ලාගේ අසාධාරණ (අන්‍රීසනබල්) ඉල්ලිම් වලට විසඳුම ඇත්තේ බුදු දහම (හා භූගෝල විද්‍යාව) තුල බව ඩී එස් හෝ අයිවර් ජෙනින්ස් හෝ ඔලිවර් ගුණතිලක හෝ එවකට තරුණ එස්මන්ඩ් වික්‍රමසිංහ (අගමැති රනිල්ගේ පියා) දැන සිටියේ නැත. මොවුන්ගෙන් තුන් දෙනෙක්ම ක්‍රිස්‌තියානීන් විය. ආණ්ඩුව සරණං ගච්චාමි කියා හතරවැනි පදයක් නැත කිව්වේ ඒ නිසාය. අද ඉන්නා සත පහකට වැඩක් නැති නූගත් දේශපාලකයින්ද ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව දන්නේ නැත. ඉතිහාසය නොදන්නවා පමණක් නොව දන්නේ වැරදි ඉතිහාසයය. උදාහරණයක් වශයෙන් නිදහස් අධ්‍යාපනය ගෙනාවේ යුුෙන්පී එකෙන් යයි තරුණ යුුෙන්පී මන්ත්‍රීලා මේ දිනවල කියමින් සිටී. ඩී එස්ලා ඊට විරුද්ධවූ බවත් කන්නන්ගර මහතා ඩී එස්ගේ ඇසවසා මේ පණත ඉදිරිපත් කල බවත් මේ අය නොදනී. ඊට පෙර ඩිිෙස්ලා සර්‍ව ජන චන්ද බලය දීමටද විරුද්ධ විය. 2017 වෙසක් දිනය වනවිට ප්‍රසිද්ධ කර ඇති යුනෙස්කෝවට සම්බන්‌ධ ප්‍රංශයේ වැඩවසන හාමුදුරුනමකගේ සහභාගීත්‌වයෙන්, ජනාධිපති සිරිසේන මහතාගේ ආරාධනය උඩ ලියන ලද බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති නම් පොතේ ඇති දේ ලංකාවේ ජන සභා ක්‍රමයක් මඟින් ක්‍රියාවට නංවා ලෝකයට ආදර්‍ශයක් දීමට එතුමාට දැන් අවස්ථාවක් උදාවී ඇත. මෙම අදහසම ක්‍රියාවට නැංවීමට කලින් ජනාධිපති රාජපක්‍ෂ මහතාද කැමැත්තක් දැක්‌වූවත් ඔහු ලඟ සිටි නිලධාරියෙක් හා දේශපාලකයෙක් එය කඩා කප්පල් කර දැම්මේය. රටේ හා ඔහුගේ ඉතිහාසය වෙනස් වීමට තිබූ අනගි අවස්ථාවක් ඔහුට අහිමිවිය.

ඊළම් සිතියම

මේ සමඟ ඇති සිතියම් දෙකක (සිතියම් 2 හා 3) රතු ඉරකින් පෙන්වන්නේ ඊළම් වාදීන් විසින් ලෝකයට පෙන්වන අනාගත ඊළම් රටේ මායිමය. ඊළම් යනු ලංකාවේ හෝ ටැමිල්නාඩ්වල හෝ ව්‍යාපාරයක් නොව, ලෝකයේ විසිරී සිටින දෙමළ ජනයාගේ ව්‍යාපාරයකි. මේ නිසා ලංකාවේ ටී එන් ඒ එක සමඟ සාකච්චාකර මේ ලෙඩේ සනීප කල නොහැකිය. යම් ලෙසකින් ඊළම් රටක් හැදුනොත් උඩරට කඳුකරයේ සිටින ඉන්දියන් දෙමළ ජනයා විසින් දැනට ටැමිල්නාඩ් ජනපදයේ ඇති ආකාරයේ පොන්ඩිචේරි ක්‍රමයේ ස්වාධීන ප්‍රදේශයක් (මලයනාඩු) ඉල්ලීම නතර කල නොහැකි වුවත් එය මේ සිතියම් වල වෙනම රතු ඉරකින් වෙන්කර පෙන්වාදී නැත. මෙවැනි පොන්ඩිචේරි ක්‍රමයක් 2007 තිස්ස විතාරණ මැජෝරිටි රිපෝට් එකෙන්ද යෝජනා කලේය. එහෙත් 1995, 1997 හා 2000 චන්ද්‍රිකා මැතිණියගේ යූනියන් ඔෆ් රීජන්ස්-පැකේජ් ඩීල් කාලයේ සිටම නීලන් තිරුචෙල්වම් ඊට විරුද්ධවූයේ ඒ නිසා උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රාන්ත සිතියමේ කාවෝ කෑවා වගේ හිල් (මුස්ලිම් හා සිංහල ස්වාධීන ඒකක) ඇතිවෙනවා කියාය. මෙවැනි මුස්ලිම් හිල් පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමළය, මඩකලපුවට අමතරව හම්බන්තොට හා බේරුවලද ඇතිවිය හැකිය.

ලංකාවේ සමස්ථ භූ භෞතික පදනම සමඟ විහිළු කිරීම

ලංකාවේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමීමට කතාකල රෝසි බර්නැඩින් සේනානායක, නිමල්කා ප්‍රනාන්දු හා කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දුව වන මනෝරි මුත්තෙට්ටුවගම වැනි කට්ටිය කාඩිනල්තුමා විසින් මෑතකදී කල ප්‍රකාශයක් නිසා පස්සගසා ඇතිබව නිසැකය. නමුත් මේ අය ලංකාවේ භූ භෞතික පදනම සමඟ සෙල්ලම් කිරීම අතහැර නැත. පැන්ජියාවෙන්, ගොන්ඩ්වානාලන්තයෙන් කැඩී වෙන්‌වූ ලංකාව ආයිත් පාලමකින් හෝ බිංගෙයකින් ටැමිල්නාඩ් වලට පාස්සන්නට හදන්නේ ඒ මඟින් සිංහල බෞද්ධ පදනමට පිටිපස්සෙන් පිහියෙන් ඇනීමට හැකි බව දන්නා නිසා මිස එංගලන්තය හා යුරෝපය පාලමකින් එක්කලා වගේ උවමනාවක් නිසා නොවේ. එසේ නැත්නම් දැන් තිබෙන පාලම් පාරුවට වැඩි දෙයක් අවශ්‍යද? එංගලන්නය ක්‍රිස්තියානි යුරෝපයේම දූපතක් වුවත් ලංකාව ද්‍රවිඩස්ථානයේ දූපතක් නොවේ. බ්‍රිතාන්‍යය සමඟ කල 1948 කටුණායක-ත්‍රිකුණාමළ ආරක්‍ෂක ගිවිසුම් තෙක්ම ලංකාව ඓතිහාසිකව කලේ ටැමිල්නාඩ් උවඳුරෙන් ගැලවී සිටීමේ සටනය.

පාලම් සිංදුවට (පිස්සුවට) කලින් සිටම විශේෂයෙන් 1994 න් පසු, වෙන කිසිවක් නිසා නොව, 1975 දී ඇල්ෆ්රඩ් දුරෙයි‌යප්පා හා 1978දී ඉන්ස්පැක්ටර් බස්තියන්පිල්ලේ මැරූ ටයිගර් බෝම්බකරුවන් ක්‍රමයෙන් කොළඹ හතේ වීදිවල සැරිසරන්නට වීමත් සමඟ ඇතිවූ මරණ භය නිසා කොළඹ සිංහල කළුසුද්දන් විසින් රට කෑලිවලට කඩා දමා හෝ කොළඹට වී බලයේ සිටීමේ ඒකායන අරමුණින් ගෙනා පැකේජ් ඩීල් මාලාවද, රටේ භූ භෞතික පදනම විකලාංග කිරීමට හා ඒ හරහා ඇතිවන ව්‍යාකූලත්‌වය තුලින් සිංහල බෞද්ධ පදනමට බැටදීමට ගන්නා උතසාහයකි. දැන් 2016 දී මෙය බාරදී තිබෙන්නේ මාක්ස්වාදී හා ක්‍රිස්තියානි කල්ලියකටය. මොවුන් අතර එකදු හරි හමන් බෞද්ධයෙක් සිටිනවාද? මේ අය ලංකාවට බංගවේවා හා පසුව 1971 න් පසු දේශපාලන සතුරා මරණු යන සටන් පාට ගෙනා අයය. දුටුගැමුණු මහරජුට ගඩොල් මෝඩයෙක් කී මොවුන්, සර් ඩී බී ජයතිලකට ඇබිත්තයා කියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කෑ ගැසුවේ ඔහු කුඩා කල කැළණිය පන්සලේ හැඳුන-වැඩුන නිසාය.

යම් රටක භෞතික භූගෝල විද්‍යාව වශයෙන් සළකන්නේ එහි කඳු ගංඟා ආදියත්, පස්, ගස් කොළන්, සතුන්, පොලොව යට භූ විද්‍යාව හා කාලගුණය හා දේශගුණය වැනි දේය. මේවායේ විවිධ සංකලනයෙන් පරිසර කලාප සැදේ. ලංකාවේ භෞතික භූගෝල විද්‍යාව ඊළමේ හරහට සිටී. අංක 2 සිතියමෙන් පෙන්වන්නේ මේ අර්බුදයේ සරල දේශපාලන මුහුණතය. රට මැදින් කඳුකරයක් පිහිටීම නිසා නිරිතදිගින් හමන මෝසම් සුළගේ වර්‍ෂා ජලය උතුරට හා නැඟෙනහිරට නොලැබේ. ඊසානදිග මෝසම් සුළඟින් ලැබෙන ජලය ඒ ප්‍රදේශවලට නොසෑහේ. යාපනයේ හිරිගල් නිසා ගැඹුරු ලිං මඟින් මිස ජලය ලබාගැනීමට නොහැකිය. අධිකව ගත්තොත් කරදිය උඩට ඒ. මධ්‍යම කඳුකරයේ සිට රට වටේට ගලනා ගංඟා කෙටිය. මේ නිසා වර්‍ෂා කාලයෙන් පසු ඒවා බොහෝසෙයින් වියලී යයි. වර්‍ෂා කාලයේදී ගංවතුර ඇතිවෙන්නේද මේ නිසාය. වියලි කලාපයේදී ඒ ජලය එකතුකර ගැනීමට මිනිසුන් ගත් උත්සාහය 1905 දී සුද්දන් විසින් පිළියෙල කරන ලද සිතියමෙන් (4 සිතියම) දැකගත හැකිය. ජලයේ ඇති වැදගත්කම නම් අවශ්‍ය වේලාවට අවශ්‍ය තැනේ, අවශ්‍ය ප්‍රමාණයට එය ලැබීමය. මෙසේ නොවේනම් ජලය ප්‍රශ්ණයක්වේ. ලංකාවේ රජවරු වැව් තැනුවේ මේ නිසාය.

තෙත් කලාපයේ ජලය වියලි කලාපයට හා ශුෂ්ක කලාප දෙකට ගෙනයාමේ ඕනෑකම සිංහල රජවරුන්ගේ මහවැලි ගඟ හා කලා ඔය මල්වතු ඔය ආශ්‍රිත වාරිමාර්‍ග ව්‍යාපාර වලින් පෙනී ගියේය. මොරගස්කන්ද-කළු ගංඟා ව්‍යාපෘතිය සිංහල-දමිළ වතුර බෙදාගැනීමේ ප්‍රශ්ණයක් ලෙස නොව ලංකා දිවයිනේ මිනිසුන්ට ජලය සපයන කප් රුකක්සේ සිතිය යුතු මේ නිසාය. මහවැලි ගංඟා ව්‍යාපාරය පෙන්වන සිතියමේ (සිතියම 3) ඉංග්‍රීසි කේ අකුරෙන් පෙන්වන්නේ කනකරායන් ආරු නම් වර්‍ෂා කාලයට පමණක් ගලනා ප්‍රධාන ගඟය. මේ ගඟත් අනිත් උතුරට ගලනා කුඩා ගංඟාත් (පායන කාලයේදී මේවා දියකඩිත්තවල් ය) මොරගස්කන්ද ව්‍යාපෘතියෙන් ජලය ලබා වතුර ගෙනයන ඇලවල් බවට පෙරලෙන්නේය. එහෙත් වියලි කාලයේදී ඒවාට ලැබෙන ජල ප්‍රමාණය පහලට වැටෙන විට එය සිංහලයා දමිළයාට වතුර කපනවා යයි සටන් පාටයක් නොවිය යුතු අන්දමට විසඳන්නේ කෙසේද? එක රටක් වශයෙන් නොසිට දෙකට හෝ තුනකට බෙදී දේශපාලන මායිම් සදා ගෙන දිවයිනේ සමස්ථ භෞතික එකතුව විසන්ධි කිරීමෙන් ලංකාවේ දේශපාලක කළු සුද්දන් විසින් මීතොටමුල්ලේ කුණු කන්දට වඩා ලක්‍ෂ වාරයක් බරපතල පිළිකාවක් රටට පටවනවා ඇත. පාලමක් දමා ලංකාව ටැමිල්නාඩ් වලට එකතුකරදීම පාලමට ඩයිනමයිට් දමා විනාශකල හැකිය. එහෙත් රටේ භෞතික සමබරතාවය විනාශ කලොත් කලාමය. මේ සමඟ ඇති සිතියම් හතර හඬගා කියා සිටින්නේ රටේ භෞතික ඒකාග්‍රතාවය, සොබා දහම මේ දිවයිනේ මිනිසුන්ට දුන් දායාදය දේශපාලකයින්ගේ පටු වාසිය සඳහා කඩා බිඳ දැම්මොත් සිදුවන නැස්පත්තියය. 1906 දී සැදූ 4 වන සිතියම වෙන් කල දෙමළ ඊළමක් නොව මධ්‍යම කඳුකරය හා බද්‌ධ වුන ඒකීය රටක් ඉස්මතුකර පෙන්වයි.

දේශපාලන භූගෝල විද්‍යාව

යම් යම් සුළු ප්‍රශ්ණ ඇති කුඩා ඒකීය රටක් පෙඩරල් කර, එසේ බෙදීම මඟින් එකමුතුකම ලබාගන්නට සිතන එකම රට ලංකාවය. සුඩානයෙන්, දකුණු සුඩානය කියා රටක් කඩා දුන් බටහිර රටවල් දැන් එකිනෙකා මරාගන්නා හා සාගතයෙන් මැරීයන අරාජික බිමක් දෙස බලා සිටී. ඇමෙරිකන් ජාතිකයෙක් ලංකාව ගැන ඇසුවේ හව් කැන් යූ යුනයිට් බයි ඩිවයිඩින් කියාය. බටහිර යුරෝපයේ කුඩා රටවල් වන බෙල්ජියම, ස්විට්සර්ලනතය පෙඩරල් වූයේ ඒවායේ භූගෝලීය පිහිටීමට සම්බන්‌ධ ඓතිහාසික සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙසය. එංගලන්තයෙන් වෙන්‌වී යාමට ස්කොට්ලන්තය කරන උත්සාහය එකමුතුකම ගන්නට බෙදීම නම් සූත්‍රය අසාර්‍ථක වන බව ඔප්පු කරයි. පෙඩරල් වන්නේ කලින් වෙන් වෙන්ව සිටි ප්‍රදේශ ආරක්‍ෂක හේතුමත හෝ ආර්ථික හේතුමත එකමුතුවීමට තීරණය කිරීමෙන් මිස ලංකාවේ කළු සුද්දන් මෙන් පෙඩරල් වලිගය පාගා ගැනීමෙන් නොවේ.

සිංහල කළු සුද්දන් හා දෙමළ බෙදුම්වාදී දේශපාලකයින් අතලොස්සක් විසින් කරගෙන යන මේ විගඩම දෙමළ ජනයාට බලෙන් පටවන හිසරදයක් පමණක් බව පැහැදිළිය. තමන්ට වෙනම දෙමළ රටක් දෙනවා, දෙනවා, කියනවා නම් එය එපා කියන දමිළයෙක් කොළඹ පමණක් නොව ලන්ඩන් හෝ පැරිසියේ වත් සිටිය නොහැකිය. ඒ දිනවල මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටි රාජිත සේනාරත්න ඇමති කියා සිටියේ යාපනයට ගියවිට යාපන ජනයා ඔහුගෙන් ඉල්ලා සිටියේ පෙඩරල් නොව, පාසැල්, ඉස්පිරිතාල, බීමට වතුර යනාදිය බවය. දැන් 2017 චෙල්වනායගම් අනුෂ්මරණ කතාව දෙමින් ඔහු කියන්නේ සිංහල ජනයාත් පෙඩරල් ඉල්ලිය යුතුය කියාය. උතුරේ ඇති උග්‍ර කුලභේදයවත් ඊළම් යටතේ නැතිවේද යන්නවත් තහවුරුව නැත.

හයි ස්කූල් ගර්ල්

ජනාධිපති ජයවර්‍ධන මහතා, චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිවූ විට කිව්වේ පාසැල් ශිෂ්‍යාවකට ජනාධිපතිකම් කල නොහැකි බවය. ඊට පිළිතුරු වශයෙන් ඇය කිව්වේ ජේ ආර් බහුභූත ව්‍යවස්ථාවක් හදා ඇති බවය. මේ දෙන්නාම රටට අසාර්‍ථකවූ දෙන්නෙකි. තමා ජනාධිපතිව සිටි කාලයේදී (1995-2000) ගෙනා ජිිෙල්-නීලන් පැකේජ් ඩීල් ඒ කාලයේ පාර්ලිමේන්තුවේදී ගිනිතැබූ යුුෙන්පී එක දැන් 2017 වනවිට ඒවා ක්‍රියාවට නැංවීමට යනවා යයි චන්ද්‍රිකා මැතිණිය සතුටින් උදම් අණමින් පසුවේ. මේ අනුව පොලිස් හා ඉඩම් බලතලද සහිතව ලංකාව බෙදන්නේ ප්‍රදේශ හතකටද නවයකටද යන්න වැදගත් වන්නේ ලංකාවේ ගංඟාවල්ද ඒ අනුව කෘතිම ලෙස සිංහල ගංඟා, දෙමළ ගංඟා, මුස්ලිම් ගංඟා කෑලි වශයෙන් දේශපාලන ඒකක වලට මානසිකව (මිනිසුන්ගේ හිත් තුල) හා භෞතිකව කැඩී යන නිසාය. උඩ සිට පහලට ගලන ගඟ මේ කිසිවක් නොතකයි. මේ ප්‍රදේශවල දේශපාලකයින් විසින් මේ ගංඟාවල් හා ගංඟා ජලය නැවත නැවත කොමිස්වලට විකුණා පුදුම ජංජාලයක් ඇතිකරණු නිසැකය.

බෞද්ධ විසඳුම

ලංකාවේ තිබෙන පක්‍ෂ දේශපාලන ක්‍රමය අසාර්‍ථකව ඇති බවත්, 1978 න් පසුව ඇතිකල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් පක්‍ෂ- දිස්ත්‍රික්- මනාප ක්‍රමය රටට ඛේදවාචයක්ව ඇති බවත් ගැන විවාදයක් නැත. පවතින මේ ක්‍රමයෙන් හා පලාත් සභා මර උඟුලෙන් වාසියක් ලබන්නේ සිංහල දේශපාලක නෑදෑ පවුල් හා දෙමළ ඊළම්වාදීන් පමණය. මේ දේශපාලන පක්‍ෂ විසින් මේ රට ප්‍රපාතයට ගෙන යමින් සිටී. සිංහල දේශපාලකයින් කරණා විනාශය ඉදිරියේ ක්‍රමාණුකූල ලෙස අරමුණකරා ඉදිරියටම යන්නේ දෙමළ බෙදුම් වාදය, ක්‍රිස්තියානිකරණය හා ශාරියා ව්‍යප්තවාදයත් බව විමසීමෙන් බලනවිට පෙනීයයි. මෙය සංකේත‌වත් කල විඩියෝ දර්‍ශනයක් මම දුටුවෙමි. කතානායක විසින් දිනේෂ් ගුණවර්‍ධන මහතාව පාර්ලිමේන්තුවෙන් පොලිසිය ලවා ඉවත් කරනවිට ඇතිවූ සිංහල-සිංහල කලබගෑනියේදී, විපක්‍ෂනායක සම්බන්දන් මහතා සිය ආසනයේ සිට ඒ දෙස බොහෝ වේලාවක් බලාගෙන සිට නැඟිට හෙමින්සීරුවේ, හොරගල් අහුලනවා වගේ (මට සිතුන හැටියට, කැන්ටිමට හෝ වැසිකිළියට), පිටව ගියේය.

1921 න් පසුව සිට සිංහල දේශපාලක කළු සුද්දන්ගේ වංක, කපටි, කුහක ක්‍රියා නිසා දැන් ඇත්තටම වයිට් මෑන්ස් බර්‌ඩන් එකක්‌වී ඇති දෙමළ ඊළම් ප්‍රශ්ණයට විසඳුම 1924 සිට 2017 දක්වා කල සිංහල-දෙමළ ජනයා රැවටූ වංචා සහගත හැසිරීම අතහැර 1931 දී ඩොනමෝර් කොමිසම විසින්ද යෝජනාකල අන්දමට ජනයාට බලය ලැබෙන එංගලන්තයේ කවුන්ටි හා නගර සභා වලට සමානවන ජන සභා ක්‍රමයක් ස්ථාපිත කිරීමය. ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්‌දන ව්‍යාපාරය නමින් මෙවැනි ක්‍රමයක් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් 1930ස් ගණන්වලදීම සාර්‍ථක ලෙස දියත් කලේය. පානදුරේ විල්මට් පෙරේරා මහතාද මේ අදහසම ඒ කාලයේම හොරණ ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීය.

දැනට තිබෙන 14,000 කට වැඩි ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාශ සංඛ්‍යාව පරිසර සාධක (ජලය) මායිම් වශයෙන් යොදා අළුතෙන් ස්ථාපනය කර (මේවා 4,000 සිට 14,000 කලේ ප්‍රේමදාස ජනාධිපතිය), පක්‍ෂ දේශපාලනයෙන් තොරව මහජනයා විසින් තෝරාගත් කමිටු පිහිටුවා, ගම් මට්ටමින් ඔවුන්ට කල හැකි එදිනෙදා ජීවිතයට බලපාන කටයුතු කරගෙනයාමට ව්‍යවස්ථාවෙන් ඉඩලබා දිය යුතුය. ගැමි දිරිය යන නමින් මේ අදහස 2010 වනවිට ක්‍රියාත්මක වෙමින් තිබුණත් බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා විසින් එය අහෝසිකර දිවි නැඟුම නම් යෝධ දෙපාර්‍තමේන්තුවක් පිහිටෙව්වේය. ඔහු විසින් ඊට පෙර ජන සභා ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක්වද පත්කලත් පසුව ජන සභා පිහිටුවීමේ අදහසත් හදිසියේම අතහැර දැම්මේය. දිවි නැඟුම නම් නිලධාරීවාදය වෙනුවට ජන සභා හෝ ගැමි දිරිය හෝ රටපුරා ක්‍රියාවට නැංවූවා නම් අද දෙමළ ප්‍රදේශවල සත්‍යග්‍රහ කරන්නට ටී එන් ඒ එකට අවකාශයක් ලැබෙන්නේ නැත. ලංකාවේ ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබුණේය. භාෂාව හෝ ආගම අනුව නොව පරිසර සාධක අනුව මායිම් සැදූ ජන සභා පිහිටුවීම නිසා සමඟියෙන් ජීවත්‌වීම එදිනෙදා ජීවිතයේ කොටසක්වේ. ජන සභා ඒකකවල පාසැල්වල සිංහල හා දෙමළ ඉගැන්‌වීමෙන් අවුරුදු 10 ක් තුල ඊළම් අදහස මිය යනු ඇත. දැනට රටේ දක්නට ලැබෙන ඩෙංගු, සදාචාරය හා විනය පිරිහීම, දූෂණ, අපරාධ, අධික ආත්මාර්‍ථකාමීබව යනාදී අශිෂ්ට ලක්‍ෂණ මර්‍දනය කිරීමේලාද මහජනයාට කිට්ටු ජන සභා වඩා කාර්‍යක්‍ෂම වනු නිසැකය. ඒ කාලයේ සිටි දිසාව (මුදලි) ගෙන් පහල, කෝරාළ, අතුකෝරාළ හා විදානේ යන අය කල රාජකාරි අද ජන සභාවේ විෂය පතයට වැටේ. පොලිස්, සෞඛ්‍ය, ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ජන සභා කටයුතු විය යුතුය. රට බේරා ගැනීමේලා මෙම ජන සභා සංකල්පයේ ඇති අතිශය වැදගත්කම වටහාගෙන, එය හා බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රම අතර ඇති සම්බන්‌ධය (ලිච්චවි පාලනය) පෙනි පෙනීත්, එය මහජනයා ඉදිරියට ගෙන නොගොස් හාමුදුරුවරුන් නිහඬව සිටීම ඇමෙරිකාවේ සිට ලංකාව දෙස බලා සිටිනා මට praheeLikaavaki (mehi saÐahan siþiyam obata eviimata iimeel ekak evanna. siivijee7@jiimeel.kom

4 Responses to “ඊළම හා වතුර යුද්ධ”

  1. Hiranthe Says:

    Fantastic,

    I do agree with this 100%

    Who will take this up when became the leader??

    I can only trust Gota or Sarath W.

    MR is too dependent on PC members and their vote bank.

    MR also can do it after coming to power by dissolving the PC’s…Will he go against Endia??

  2. Wetta Says:

    I also agree with the facts and proposals in this article.

    Hiranthe, We (or our politicians including MR) should realize that creating or dissolving PCs is not a threat to Endia or any other country. PCs in SL are our own governance systems and created for our people and not for Endian people. We are not proposing to dissolve any PC in Endia, so we need to tell them frankly and cordially to mind their own ass rather than trying to scratch their neighbors’ ass.

    If they don’t want to mind their own ass then we should be smart enough to find ways make them scratch their own ass, rather than ours. That is what is called “clever politics” and the current bunch of donkeys in the Gavapalanaya have no idea how it should be done.

  3. Hiranthe Says:

    Wetta,

    If they see these articles and follow on comments, that would be a good eye opener for any patriotic politician.. not for the Gava / Yama / palanaya bunch.

  4. Christie Says:

    ඉන්දියානු පරපෝසිත් මහත්ම ගාන්දි නැමැත්තා 1927 ඇවිල්ල උතුර හා කන්ද උඩරට ඇවිදලා සිහින මවාගෙන ගියා. මෝඩි අදිරදයා දෙවරක් ඇවිත් සැබෑවූ සිහින අමතා ගියා.
    ඉන්දියානු අදිරද මෝඩි ඇවිල්ල ඉන්දියානු වැසියන් අමතලා ගියා. අපි සින්හල මුස්ලිම් හා කිතුනුවන් සමග කෙලගන්නවා.අපි අපිත් කෙලගන්නවා. ඒ අතරේ ඉන්දියානු පරපෝසිතයො සින්හල සන්හාරය කරගෙන යනව.
    Gandhi came in 1927 and dreamt about it. Modi saw the realized dreams. Jai Hind. Nonviolent Genocide of Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress