ශ්‍රිලංකා, ඒකාබද්ධ නව පෙරමුණක්! මහින්ද සභාපති ධුරයට! රහසිගත සාකච්ඡා පලදරණ ලකුණු!
Posted on November 27th, 2017

LNW SPY

Published on: Nov 27, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා පත්කරන ලද කමිටු නියෝජිතයන් ඉතාම රහසිගතව සිදුකරන සාකච්ඡා වලදි මේ සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර නව පෙරමුණේ සභාපති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කිරිමටද කැමත්ත පලවි තිබේ.

ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ විම නතර වි යෑම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ වගකිම් වලින් ඉවත් විම හේතුවෙන් ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ඇති අර්බුද අවම විමත් හේතුවෙන් එම එම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැමත්ත පලකර ඇති බවයි  අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

පසුගියදා 25දා රාත්‍රි කොළඹ ව්‍යාපාරිකයේකුගේ නිවසේදි මෙම කමිටු දෙකේ සාමාජිකයන් මුණගැසුනු අතර දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම සදහා ගෙන ආ යෝජනාවට ප්‍රමුඛතාව ලැබි අතර ඒ අනුව අදාල පෙරමුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නායකයන්ට දැනුම්දී එම උපදෙස් අනුව තවත් සාකච්ඡාවක් හෙට (28දා) පැවැත්වීමට නියමිතයි.

8 Responses to “ශ්‍රිලංකා, ඒකාබද්ධ නව පෙරමුණක්! මහින්ද සභාපති ධුරයට! රහසිගත සාකච්ඡා පලදරණ ලකුණු!”

  1. Senerath Says:

    කොළඹ ව්‍යාපාරිකයේකුගේ නිවසේදි ?
    Must be a ව්‍යාපාරික who is an arahant.

  2. Senerath Says:

    කේක්‌ කපා වස බීම

    ත්‍රස්‌ත සැමරුම් උතුරේ වඩා සාර්ථක අන්දමින් සිදුවේ. යාපනය විශ්වවිද්‍යාලයේදී කේක්‌ කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා තිබේ. කේක්‌ කපා සමරන්නේ යහපත් පුද්ගලයකුගේ උපන් දිනයද? රටම භීතියට පත්කළ ත්‍රස්‌ත නායකයා සැමරීමට යාපන විශ්වවිද්‍යාල සිසුන් පෙළඹීම භයානක පෙර නිමිත්තක්‌ නොවේද? මොවුන් ඉදිරියේදී යළිත් ප්‍රභා ගත් මග ගැනීමට උත්සාහ කරයිද? මේ ත්‍රස්‌ත සැමරුම් වැළැක්‌වීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන් උත්සාහ කර නැත. සංහිsඳියාව නිසා මේවා නැවැත්වීමට ආරක්‌ෂක අංශ මැදිහත් වන්නේද නැත. රට යන්නේ කොයි අතටද? කේක්‌ කපන අතටද? වස කන අතටද? යළි ත්‍රස්‌ත භීෂණයක සේයා මතුවන්නේද? යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ප්‍රභාකරන් සමරා රටට දෙන පණිවිඩය කුමක්‌ද? නැවත තමන් ඊළාම් සටනට පණදෙන බවද? ඒ භීෂණකාරී අතීතය නිසා වඩා විශාලම හානිය සිදුවූයේ දෙමළ ජනතාවට බව මොවුන් නොදන්නේද? ප්‍රභාකරන්ට කේක්‌ කැපීම යනු අයිසින්වල තවරා සයනයිඩ් කෑමට ගැනීම හා සමාන නොවන්නේද? වැල්ලවැටිතුරේදී ද මේ ත්‍රස්‌ත භීෂකයාගේ උපන් දිනය සමරා තිබේ. මේ නොවැම්බරයේ ටික ටික එළියට බසින ඊළාම්වාදීන් ලබන නොවැම්බරයේ කවර නැටුමක්‌ නටයිද? යහපාලන ආණ්‌ඩුව මේ ත්‍රස්‌ත සැමරුම් තහනම් කිරීමට උත්සාහ නොකරන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ නිසාද? 2015 රෙජීම වෙනසට පෙර නම් මෙවැනි ආකාරයට නිදහසේ ත්‍රස්‌ත සැමරුම් කිරීමට කිසිවකුට ඉඩ ලැබුණේ නැත. පහන් පත්තු කළේද අතිශය රහසිගතවය.

    එසේ නම් දැන් කොටි හිතවාදීන් වඩා ප්‍රහර්ශයෙන් ප්‍රභාකරන් සමරන්නේ මන්ද? ප්‍රභාකරන් සැමරීමට නීතියෙන් කිසිදු ඉඩක්‌ නැත. එසේම මේ ත්‍රස්‌තවාදියා සැමරීමට ඉඩදීම ජාතියට නිග්‍රහයක්‌ නොවේද?

    කේක්‌ කපමින් කොටි සැමරීමේ අනතුර මේ ආණ්‌ඩුව නිසි ලෙස අවබෝධ කරගෙන ඇත්ද යන්න නම් ප්‍රශ්නයකි. කේක්‌ කපා ප්‍රභාකරන් සැමරීමෙන් පසුව මොවුන් කඩුව අතට ගනීද? තුවක්‌කුව අතට ගනීද? උතුර නැගෙනහිර පළාත්වල තවමත් කොටි සාමාජිකයෝ විsසිර සිටිති. මොවුන්ට තමන්ට පැරණි සටන් හරඹ අමතකව නැත. කේක්‌ කැපීමෙන් සිදුවන්නේ යළිත් බෙදුම්වාදයට උද්දීපනයක්‌ සැපයීම නොවන්නේද? මේ බෙදුම්වාදී උද්දීපනයේ අවසානය යළිත් රට අරාජිකත්වයට කරා යැම නොවේද? මේ අරාජිකත්වයට ඉඩ දී බකන්නිලාගෙන සිටීමට ආණ්‌ඩුවට හැකිද?

    ප්‍රභාකරන්ගේ ඊළාම් සටනින් දෙමළ වැසියන් දහස්‌ ගණනක්‌ මහපොළවට යටවිය. තවත් දහස්‌ ගණනකට උන්හිටිතැන් අහිමිවිය. පිරිසක්‌ ආබාධිත විය. දහස්‌ ගණනක්‌ වැන්දඹුවන් බිහිවිය. එහෙත් යළිත් කේක්‌ කපා උත්සාහ කරන්නේ අඳුරට අතීතයට අතවැනීමද? ඒ අඳුර ශාන්තියක්‌ද?ඒ අඳුර ශාප කළ යුතු වුවත් දැන් සිදුවන්නේ එයට ප්‍රේම කිරීම නොවේද?

    යාපනය විශ්වවිද්‍යාල සිසුන් ජනප්‍රියවීමේ අර්ථයෙන් ප්‍රභාකරන් සමරන්නේද? ප්‍රභාකරන් සැමරූ අතීත ශිෂ්‍ය ප්‍රජාවට යහපතක්‌ අත්වූවේද යන්න ඔවුන් සිතා බැලිය යුතුය. තැන්නම් මේ විශ්වවිද්‍යාල ප්‍රජාවට ද සිදුවන්නේ කේක්‌ කපා වස බොන්නට බව සටහන් කළ යුතුමය.

  3. Lorenzo Says:

    EXCELLENT!!

    Didn’t I say so????

    The MOST IMPORTANT thing is NOT to divide the SLFP.

    MR and MS will DIE but the party that STOOD AGAINST UNP must remain in ONE PIECE.

    Otherwise my dear fools, we can NEVER defeat the UriNePee.

    MR is a CLEVER politician (not like some commentators here with NO political knowledge). MR did the right thing again.

    MR SHOULD JOIN SIRISENA CHINTHANAYA and defeat UNP!

  4. Senerath Says:

    Let me make a prediction.

    This MR+MS marriage will never happen even though MS will help prosecution of Gota and MR family

    If my prediction doesn’t come true, I will stop commenting here. SLPP SLFP election strategy is a different matter. I am not interested in election straegies. I am only intersted in what is good for country and what is bad.

  5. Ananda-USA Says:

    I think MR WILL HELP to reconstitute the SLFP, because BOTH MR and MS KNOW that to do OTHERWISE is tantamount to ensuring a UNP victory, albeit by a narrow margin, and leaving a fractured moribund SLFP in its wake.

    BUT, MR will DO SO ONLY after RECEIVING significant concessions from MS, maximally the PM post in a NEW Govt with a NEW Cabinet, or minimally the post of Leader of the SLFP for now. MR WILL NOT give his support to the MS-SLFP Faction for MERE CRUMBS, but for SUBSTANTIAL CONCESSIONS that will ENSURE that the Patriotic MR-FACTION will ULTIMATELY TRIUMPH and form a New Govt under his leadership.

    The SENTIMENT among Sinhala Buddhists in Sri Lanka is HEAVILY against the Yamapalanaya and is in favor of the Patriotic Opposition. They will SWEEP the Local Govt elections, no matter whether they are in or out of Govt.

    The UNP will use all of its thuggery and its propaganda machinery to confuse the issues, but THEY WILL FAIL ABYSMALLY, only AGGRAVATING the anger of the majority community. II WILL BE TOO LITTLE, TOO LATE, and the best laid plans of its DESHAD-DROHI leaders will fall to pieces!

    The only other method to protect Sri Lanka in the short term is to create a BROAD Coalition between the JO, the NFF, the SLPP and ALL other Patriotic Forces and contest as an ENTIRELY NEW Political Party.

    The Sinhala Buddhist Community will support that effort instead of the MS-SLFP faction, but nevertheless the result will be a UNP victory, albeit with a MUCH STRENGTHENED Patriotic Front that can compete and WIN the General Elections in 2020.

    The result could also be that in the INTERIM, the UNP, DESPERATE to WIN in 2020 and save its leaders from PRISON and/or permanent residence abroad, will COMPLETELY CONTROL and HASTEN the creation of a New Constitution and other LEGAL SAFEGUARDS for themselves at the expense of the Nation, IMPRISON all of its opponents, and will EMPOWER EVERY Minority community to the fullest.

    VIOLENCE in the STREETS will be the order of the day, and the blood of Patriots will FLOW profusely in good cause.

    Nevertheless, in the end, the PATRIOTIC FORCES will TRIUMPH, and the current PARA-GATHI Yamapalanaya leaders will fly out of the country to safe havens ALREADY in place in foreign countries and survive on their ill-gotten gains sequestered abroad. Now you know another reason why ROBBING the Central Bank and leaving the ROBBERS FREE to deploy the funds both within and outside Sri Lanka was the HIGHEST PRIORITY of the Yamapalanaya. That FUNDED the PARACHUTE that enabled their leaders to take the necessary criminal risks in the future.

    Oh, BTW, I see that Lorenzo, the RESIDENT LTTE-UNDERCOVER AGENT at LankaWeb is at it again, spreading MORE CONFUSION and DISINFORMATION among the Patriots, while STILL SHAMELESSLY PROCLAIMING and TAKING CREDIT for his role in OUSTING MR and INSTALLING MS! I bet you that neither MR, nor MS are EVEN AWARE of the existence of this cockroach! Bah a WRETCHED Man!

  6. Ananda-USA Says:

    One potentially significant piece of news is that Patali Champika Ranawaka is now saying that Lord Naseby’s DEBUNKING of the Tamil Diaspora claims of 40,000 Tamil dead in the last phase of the War of National Liberation in 2009, should be LEVERAGED by the Yamapalana Govt to free Sri Lanka from War-Crimes charges.

    This Megalomaniacal Chimp has lain low on Patriotic Pronouncements ever since he bought for himself a nice Ministerial Portfolio as the Minister of Megalopolis Development without Development Funds in the Yamapalanaya by helping to OUST Mahinda Rajapaksa.

    Now, EVEN HE senses the looming CHANGING OF THe GUARD and is moving to REFURBISH his Patriotic credentials.

    Anichchawata Sankara!

  7. Senerath Says:

    More news probably confirming what I predicted. Not sure which news or which MR said different things. He also say “Ape Janadhipathy” elsewhere , now he is implying Aappa Janadhipathy. May be the media man heard wrongly, he must have said ආප්ප, not Ape.

    ශ්‍රීලනිප-ඒකාබද්ධ එකඟතා ගැන පැතිරෙන කතා බොරු – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

    ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” ට ඊයේ (27 වැනිදා) පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක්‌ ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද හමුවක්‌ පැවැති බවටත් පැතිරගොස්‌ ඇති කතා සත්‍යයෙන් තොර බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ජනාධිපතිවරයාට තමා සමඟ කතා කිරීමට අවශ්‍ය නම් දුරකථනයෙන් කතා බහ කළ හැකි බවද හෙතෙම කීය.

    තමාගේ තනි කැමැත්ත මත පක්‍ෂ එකමුතුව ගැන තීරණයකට එලඹිය නොහැකි බව පැවසු මහින්ද රාජපක්‍ෂ මහතා එවැනි තීරණයක්‌ තනිව ගැනීමට කටයුතු කළහොත් තමන් ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට සමහරු උත්සාහ කරනු ඇතැයිද කීවේය.

    නෝමන් පලිහවඩන

  8. Senerath Says:

    OK. I found what exactly Mahinda said. This one makes sense. Media people analysing just the two words he said. I don’t know how reliable Dilrooks ‘blakmail theory’, may be a mud theory too.

    අපි අගමැතිකම් විපක්ෂ නායකකම් ඉල්ලා නෑ

    සමහර හාමුදුරුවරු සමහර ගිහියෝ කියන විදිහට අපි අගමැතිකම් විපක්ෂ නායක කම් ඉල්ලුවේ නෑ. ඒවගේ කෙටි මාර්ග අපිට ඕන නෑ. ඕවා අපිට මඩ ගහන්න කියන කතා. ඔය කතා කියන සමහරු ඒකාලේ විවිධ ඕන එපා කම් වලට නිතර අරලිය ගහ මන්දිරයට ආව ගිය අය.

    හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ(26) අහුන්ගල්ල පුලිනතරාමයේ පැවැති දානමය පින්කමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    ඔබතුම්න්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කරනවාද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා කියා සිටියේ දැනට ඒ සඳහා මන්ත්‍රීවරු තිදෙනෙකු පත් කර ඇති බවත් ඔවුන් ඒ වගකීම ඉටු කොට තමන්ට කරුණු වාර්තා කරනු ඇති බවත්ය.

    මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධය සමඟ එක්වෙනවා නම් ටී එන් ඒ එක සමඟත් එකතු වෙනවා කියා යුඑන්පීය කියනවා යැයි මාධ්‍යවේදීහු කීය.

    මෙහිදි රාජපක්ෂ මහතා කියා සිටියේ ඒක තමයි අපිටත් ඕන. අපේ කට්ටිය අපිට දෙන්න අපේ ජානාධිපති අපි බලා ගන්නම් යනුවෙනි.

    ඒ.ජී.රේණුකා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress