සෝමාලියා කොල්ලකරුවන් මැඩලා ලොවක් හෙල්ලූ ලාංකිකයා දෙරණේ.. හිගාකන ලංකාවට ඩොලර් වැස්සක් වස්සන හැටි කියයි.. රාජිතට-චම්පිකට එලිපිට අභියෝග..
Posted on November 28th, 2017

 lanka C news

ගත වූ කාලයේදී මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ පැවති දෙරණ 360 වැඩසටහන සදහා සහභාගී විය.ශ‍්‍රී ලංකාවට ඉතා විශාල වශයෙන් විදේශ විනිමය ගෙන දුන් සහ විශ්‍රාමික රණවිරුවන්ට රැකියා හයදහසක් පමණ සැපයූ අති සාර්ථක ව්‍යාපාරයක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂන සේවය වත්මන් රාජය බලයට පැමිණි පසු දේශපාලනඥයින් දෙදෙනෙකුගේ උවමනාවට කඩා බිඳ දැමු ආකාරයද ඉන් රණවිරුවන් 6000 කට පමණ රැකියා අහිමිවූ බවත් සේනාධිපති මහතා ලිපි ලෙඛණ සහිතව පෙන්වා දෙන ලදී.

හම්බන්තොට වරාය හා මතතල ගුවන් තොටුපල ඩොලර් බිලියන දෙකකට අඩු මුදලකට විකුණා දැමීමට නතර කර තමන්ගේ සාධාරණ ව්‍යාපාරය නැවත ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නම් වසර තුනක කාලයක් තුල ඩොලර් බිලියන තුනක විදේශ විනිමයක් මෙරටට උපයා දීමට තමන් සූදානම් බවත් ඒ සදහා තමනට සත පහක හෝ උපකාරයක් අවශ්‍ය නොවන බවත් ඔහු ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේය.

එවන් මුදලක් වසර තුනකින් රටට එන්නේ නම් අනාගත පරපුරට අයත් දෙපල විකිණා දැමීව වන් හිඟන වැඩ කරන්න උවමනාවක් නොවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

තම ව්‍යාපාරයත් එහි තීනිමය පදනමත් ගැන ඔ්නෑම අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න හා චම්පික රණවක සමග සජීවී විවාදයකට සූදානම් බවත් ඒ සදහා සහභාගී වන ලෙස අභියෝග කරන බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළධ නෞකා ආරක්‍ෂා කර දීම සදහා පසුගිය රජය සමගේ ආරම්භ කරනු ලැබූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂන සේවය ලොව සියළු නෞකා සමාගම් අතර ජනප‍්‍රියතම මුහුදු ආරක්‍ෂන සේවාව විය.

නව ආණ්ඩුව යටතේ එය රජයට පවරාගෙන නාවුක හමුදාව විසින් ව්‍යාපාර කටයුතු කරගෙන යමින් සිටී.

3 Responses to “සෝමාලියා කොල්ලකරුවන් මැඩලා ලොවක් හෙල්ලූ ලාංකිකයා දෙරණේ.. හිගාකන ලංකාවට ඩොලර් වැස්සක් වස්සන හැටි කියයි.. රාජිතට-චම්පිකට එලිපිට අභියෝග..”

  1. Christie Says:

    Indian puppet SWRD Bandaranayke nationalized Sinhala businesses and helped Indian Colonial Parasites to grow exponentially. . He daughter does the same.

  2. Kumari Says:

    UNP governments’ always boast about getting International Investors / Business people to invest in Sri Lanka. They give lot of tax breaks and also our land to the foreigners. UNP always strangle the Sinhalese business community. Same as Mr Senadhipathy, even the girl who sold the apartment Ravi Karunanayake had to sell all her investments and leave the country too.

    When Roni de Mel became FM, one of his pledges was to destroy Dasa Mudalali.

    This country should recognise (already a world recognised) businessman like Mr Senadhipathi and get him to mentor the young Entrepreneurs in the land.

  3. Samanthi Says:

    ගෝඨාට මේච්චර බයද? – පොදු දේපල පනත ගෙන ජාතිත වස්‌තුවක්‌ හිරේ දැමීම!
    ———————————————————————-

    සමන් ගමගේ – Divaina

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ගෝඨාභය රාජපක්‍ෂ නම් වූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්‌ක කර කොළඹ පිත්තල හංදියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරමින් ඔහු ඝාතනය කිරීමට උත්සාහ දරුවේ විජයග්‍රාහී මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මකව තිබූ ඉකුත් 2006 වසරේ දෙසැම්බර් පළමුවැනි සිකුරාදාය.

    එහෙත් එදා ගෝඨාභය මරා දමන්නට පොට්‌ටු අම්මාන්ගේ අණින් කොළඹට පැමිණ එම ප්‍රහාරය එල්ල කළ කොටි ත්‍රස්‌තවාදියාට නොහැකි විය. අඩුම තරමේ ගෝඨාභයට දැනෙන අන්දමේ සීරීමක්‌වත් කිරීමට ත්‍රස්‌තවාදීහු අසමත් වූහ.

    ප්‍රහාරයෙන් පැය භාගයකට පමණ පසු ලේ තැවරුණු කමීසය පිටින්ම එල්ටීටීඊයේ ප්‍රබල ඉලක්‌කයක්‌ව සිටි ගෝඨාභය සිනහමුසු මුහුණින් යුතුව අරලියගහ මන්දිරයට පැමිණ සිය සොහොයුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    මේ වැරදුණු කුරුමානම ද, එකල එල්ටීටීඊය එල්ල කළ මෙවන් ප්‍රහාර අතරින් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සොහොන් ලකුණු පෙන්වූ තවත් එක්‌ සිද්ධියක්‌ බවට පත්වූවේ යෑයි කිවහොත් එයද නිවැරදි වන්නකි.

    එහෙත් එදා මෙසේ කොටින්ගේ ඝාතන ලැයිස්‌තුවේ මුල් තැන හිඳ මරණයෙන් ගැලවී එල්ටීටීඊය වනසා ජාතියට නිදහස දිනා දෙන්නට කැපවූ ඒ ගෝඨාභය රාජපක්‍ෂට අද අත්වී තිබෙන ඉරණම කුමක්‌ද?

    අවසන් සටන නිමා කරමින් නන්දිකඩාල් කලපුවේදී වෙලුපිල්ලේ ප්‍රභාකරන් මැරී වැටුණු දිනයේ සිට මේ රට බෙදී වෙන්වනු දකිනු රිසි වූ විජාතික බලවේගවල මෙන්ම ඩොලර් බුදිමින් උන්ට කඩේ ගිය එන්ජීඕ නඩවල උදහසට ලක්‌වූ ප්‍රධාන චරිත දෙකක්‌ වූහ. ඉන් එක්‌ චරිතයක්‌ වූයේ යුද්ධයට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. දෙවැන්නා වූයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂය.

    මේ චරිත දෙක ඇතුළු රට බේරාගත් යුද සෙන්පතියන් සහ රණවිරුවන් ඉලක්‌ක කර ගත් එම විජාතික බලවේග හා රටට සතුරු වූ එන්ජීඕ කාක්‌කෝ ඉකුත් 2010 වසරේ දී රටට සාමය දිනා දුන් රජය පෙරලා දමා කාටත් පාඩමක්‌ ඉගැන්වීම සඳහා කුමන්ත්‍රණයක්‌ දියත් කළහ.

    ඒ විජයග්‍රහාහී සටනේදී හමුදාවට නායකත්වය දුන් සරත් ෙµdන්සේකා සාධකය පොදු අපේක්‍ෂකයකු ලෙස පෙරට ගෙන එමිනි. එහෙත් මුල් අවස්‌ථාවේ එය ව්‍යර්ථ විය. එසේ වුවද ඒ උත්සාහය අතහැරීමට ඔවුහු සූදානම් නොවූහ.

    අවසානයේ 2015 වසරේදී උන්ට රිසි සේ එය සිදුවිය. ඒ යහපාලනය බිහි කිරීම තුළිනි. ඉන්පසු උන් අපට පාඩම් කියාදීම ඇරඹීය. වත්මන් යහපාලන රජය බලයට පැමිණීමේදී ජනතාවට දුන් පොරොන්දු අනුව 2015 ජනාවාරි 8 න් පසු ආරම්භ කෙරුණු විමර්ශන කිහිපයක්‌ම තිබිණි.

    ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය, වසීම් තාජුඩීන් විමර්ශනය, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා අවිරාඡ් ඝාතනය සහ ප්‍රවීණ මාධ්‍යවේදීන් වූ උපාලි තෙන්නකෝනට පහර දීම, කීත් නොයාර්ට පහරදීමේ විමර්ශනය මේ අතර මුල් තැනක තිබිණි.

    මෙකී විමර්ශන ආරම්භයේ පටන්ම ෙද්‍රdaහී එන්ජීඕ නඩවලින් නැගුණු එකම හඬ බවට පත්ව තිබුණේ රාජපක්‍ෂ පවුල සහ ගෝඨාභය රාජපක්‍ෂ යන්නය. ඔවුන් එසේ හඬ නගද්දී ඇතැම් අවස්‌ථාවල එකී විමර්ශන ඒ දෙසට ඇදී යන බවක්‌ද පෙනෙන්නට විය.

    මේ නිසාම වත්මන් ආණ්‌ඩුව බලයට පත්වූ දිනයේ සිටම සමාජයේ නිරන්තර කතාබහට ලක්‌ වූ මාතෘකාවක්‌ බවට “ගෝඨාභය රාජපක්‍ෂ අද හෝ හෙට අත්අඩංගුවට ගන්නවා” යන්න පත්ව තිබිණ. පසුගිය දිනවල යළි කරළියට පැමිණි වැලිකඩ සිද්ධිය හමුවවේදී ද මේ කතාව යහමින් කියෑවෙන්නට විය.

    මිනිස්‌සු එසේ කතාබහ කරද්දී වරක්‌ “ඇවන් ගාර්ඩ්” සිද්ධියට අධිකරණයට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂයන්ට ඇප අත්සන් කරනතුරු උසාවි සිරමැදිරියේ රැඳී සිටින්නට සිදු වූවාද අපට මතකය. එහෙත් මේ දක්‌වා ගොඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමක්‌ නම් සිදු නොවිණි.

    එසේ අත්අඩංගුවට නොගත්තද එදා රට වෙනුවෙන් වැඩ කිරීම හමුවේ එල්ටිටීඊයේ මාරාන්තික ප්‍රහාරයක ගොදුරක්‌ වී නූලෙන් බේරුණු ගෝඨාභය රාජපක්‍ෂට අද සිදුව තිබෙන්නේ සිරගත කිරීමේ අභියෝගයකට මුහුණ දෙමින් උපන් රට වෙනුවෙන් කළ සේවය මෙනෙහි කරමින් කල්ගෙවන්නටය. එය මොනතරම් ගුණමකුද?

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය සුදානමින් සිටින්නේ යෑයි යන්න මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්‌ව තිබෙන්නකි.

    පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය පසුගියදා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යුද්ධයට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත. එය සැලවී මහා සංඝරත්නය ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකින් පසු තාවකාලිකව සියල්ල නතර වී තිබෙන අතර සමාජ ජාල මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වීමත් සමඟ ඉහත කතාබහ සමාජගත විය.

    මේ අන්මදමට ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබී ඇත්තේද එල්ටීටීඊයේ ඊනියා මහවිරු සතිය ඇරඹෙද්දීය. උතුරේ මියගිය ත්‍රස්‌තවාදීන්ට පහන් දැල්වෙද්දී යුද්ධයට නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ තිබුණේ නම් මෙහිදී එයද සුෙවිශේෂී වන්නකි.

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ එලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම සත්‍යයක්‌ බව දැන් තහවුරු වී ඇත. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙක්‌ම එය සනාථ කළහ.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌, මේජර් ජෙනරාල් කුමාර හේරත්, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර, සහ මේජර් ජෙනරාල් රංජිත් සමරතුංග යන හිටපු හමුදා ප්‍රධානීහු එම මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.

    එහිදී අදහස්‌ දැක්‌වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කළේ ආණ්‌ඩුව රණවිරුවන් හිරේ දමද්දී උතුරේ එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් සැමරීමට පුළුවන්නම් යහපාලනය එල්ටීටීයේ ආණ්‌ඩුවක්‌ වන බවය. බහුතරයක්‌ සිංහලයන්ගේ බදු මුදලින් අද එල්ටිටීයේ සොහොන් හැදෙද්දී යුද්ධයට නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හිරේ දාන්නට ආණ්‌ඩුව සැරසෙන බවද කී ඒ මහතා එසේ සිදුවුවහොත් සමස්‌ත ජනතා අභියෝගයකට මුහුණ දීමට ආණ්‌ඩුවට සිදුවනු ඇති බවටද අනතුරු අඟවනු ලැබිණි.

    මෙහිදී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි අදහස්‌ දක්‌වමින් යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවම පොදු අරමුණකට ගනිමින් යුද ජයග්‍රහණයට මෙහෙයවූ නායකයා ගෝඨාභය රාජපක්‍ෂ බව සඳහන් කළේය. එසේම අත්අඩංගුවට ගත් එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කරමින් ලක්‍ෂ ගණනින් අවතැන් වූ ජනතාව රැකබලා ගෑනීමට හමුදාවට භාර කළ පශ්චාත් යුද සමයේ ගෝඨාභය භූමිකාව සුවිශේෂී එකක්‌ යෑයිද හෙතෙම පැවසීය.

    රියර් අද්මිරාල් ආනන්ද පිරීස්‌ අදහස්‌ දක්‌වමින් අතීතයේදී කවුරු ආරක්‍ෂක ලේකම් වුවද එල්ටිටීඊය පරාජය කළ නොහැකි වුවත් ගෝඨාභය රාපක්‍ෂ තුළ තිබූ දැක්‌ම නිසා එය සිදුකළ හැකිවූ බව පෙන්වා දුන්නේය.

    නොයෙක්‌ විරසක තිබුණු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එක මේසයකට රැගෙන ආවේ ගෝඨාභය රාජපක්‍ෂ බව මෙම මාධ්‍ය හමුවේදී කී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අද දකුණේ දේශප්‍රේමියකුව හිරකරන්න ආණ්‌ඩුව සැරෙසෙද්දී උතුරේ ෙද්‍රdaහීන් වෙනුවෙන් පහන් දැල්වෙන බවද සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුවේදී ඉතා සංවේදී ලෙස අදහස්‌ දැක්‌වූ ආබාධිත රණවිරුවකු වූ මේජර් ජෙනරාල් රංජිත් සමරතුංග ගොAඨාභය වැනි දේශප්‍රේමී විරුවකු සිරගත කළහොත් කොන්දේසි විරහිතව එයට එරෙහිව පෙරමුණ ගැනීමට තමන් සුදානම් බව අවධාරණය කළේය. මේජර් ජෙනරාල් කුමාර හේරත් අදහස්‌ දක්‌වමින් පවසා සිටියේ ලෝකය ගෙන බැලුවද යුද්ධයක්‌ ජයග්‍රහණය කරා ගෙන ගොස්‌ ඇත්තේ දේශපාලන නායකත්වය යෑයි යන්නය.

    දැන් මේ හමුදා ප්‍රධානීන් කියන අන්දමට ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට ආණ්‌ඩුව සැරසේන්නේ කුමක්‌ නිසාද? චෝදනාව වී තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මුදලින් සිය පියා වූ ඩී.ඒ. රාජපක්‍ෂ නමින් කෞතුකාගාරයක්‌ ඉදිකරමින් රජයේ මුදල් අවභාවිත කිරීමය.

    ආණ්‌ඩුවේ බලධරයනි මේ ඩී.ඒ. රාජපක්‍ෂ කියන්නේ කවුරුන්ද? 1956 විප්ලවයේදී එස්‌.ඩබ්.අර්.ඩී. බණ්‌ඩාරනායක මහතා සමඟ එක්‌වර නැගිට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමින් ජනාතවාදී දේශපාලන ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට ඉදිරිපත් වූ චරිතයය.

    එසේම තිස්‌ වසරක්‌ පුරා අප විඳවූ එල්ටිටීඊයේ ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කරන්නට අභීතව දේශපාලන නායකත්වයක්‌ දුන් පස්‌වන විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ සහ ඒ සටනේදී ත්‍රිවිධ හමුදාවට නායකත්වය දී රටට නිදහස ගෙනෙන්නට කැපවූ ගෝඨාභය රාජපක්‍ෂ යන පුතුන් දෙදෙනා මෙලොවට දායාද කළ තාත්තාය.

    ඉතින් ඔහු පිදිය යුත්තෙක්‌ නොවන්නේද? එසේ නොන්වන්නේ යෑයි කාට හෝ සිතේ නම් පළමුව කළ යුත්තේ මෙතෙක්‌ රජයේ මුදලින් ගොඩනඟා අදටත් නඩත්තු කරනු ලබන සියලු දේශපාලන නායකයන්ගේ නමින් තිබෙන ස්‌මාරක හා ඔවුන් වෙනුවෙන් කර ඇති ඉදිකිරීම් කඩා ඉවත් කිරීමය.

    එසේම මේ සියල්ල සිදු කළ පුද්ගලයන් හා තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලදී මේ දක්‌වා රජයේ මුදල් වැය කළ සියලුම දේශපාලනඥයන් සතේට ගණන් බලා අත්අඩංගුවට ගත යුතුය. තවත් කියන්නට දේ ඇති එහෙත් මේ ගැන වැඩිය කතා කිරීම අපට හරි හිරිකිතය.

    මෙසෙ සියල්ල ඇල්ලූ බපසු ගෝඨාව අත්අඩංගුව ගත්තාට කමක්‌ නැත. අප මේ ටික කියන්නේ අද ගෝඨාභය හිරේ හිඳිනු දකින් දොළදුකින් හොටු පෙරාගෙන හඬන මහාචාර්ය, ආචාර්ය ආදී වශයෙන් වූ සියලුම එන්ජීඕ කාක්‌කන්ටද ඇසෙන්නටය.

    අනේ මහත්වරුනි, මේ මොන විහිලුවක්‌ද? ඇත්තටම හැමෝම ගෝඨාභයට මෙච්චර බයද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress