ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම – Violation of Election Laws by HE the President
Posted on January 5th, 2018

කුසල් පෙරේරා ස්වාධීන මාධ්යවේදී By Kusal Perera

Please see below the English Translation

2018 ජනවාරි 04 වන දින 

සභාපති,

ශීර් ලංකා මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ මහ ලේකම් කාර්යාලය

සරණ මාවත

රාජගිරිය.

සභාපතිතුමනි,

ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම

උක්ත කාරණාවට අදාල වූ පළාත් පාලන මැකිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රකාශනය ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගනිමින් එළි දැක්වීම සම්බන්ධයෙන් මම මෙවැනිම ලිඛිත පැමිණිල්ලක් මීට හරියටම සතියකට පෙර 2017 දෙසැම්බර 28 වන දින ඔබ වෙත යොමු කළෙමි. එමගින් මම,

1. ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම

2. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්තරණ ශාලා ගාස්තුව සහ එම උත්සවය වෙනුවෙන් සිදු කළ වියදම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම

3. ජාතික රූපවාහිනිය එම මැතිවරණ රචාරක කාර්ය සඳහා යොදා ගැනීම

යන කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහා පියවර ගත යුතු යැයිද පියවර රසිද්ධ කළ යුතුයැයිද ඉල්ලා සිටියෙමි.

එහෙත් ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කළේ යැයි මා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිහඩ වන්නා වූ ඔබ, මැතිවරණ කටයුතු සඳහා රාජ් දේපළ හා සම්පත් භාවිතය නීති විරෝධි යැයි හා එවැනි කාර්යන් සඳහා රජයේ නිලධාරීන් වගකිව යුතු බව නැවත නැවතත් මාධ්යයට රකාශ කිරීමත් පැමිණිලි සඳහා විද්යුත් තැපැල් ගිණුම් දිස්තිරක්ක අනුව රකාශයට පත් කිරීමත් විහිළුවක් යැයි මම කියමි.

මැතිවරණ නීති උල්ලංඝණය පිළිබඳව කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් පියවර ගැනීමේදී කල් මැරීමෙන්, එවැනි උල්ලංඝණ කිරීම් සඳහා ඔබ තව දුරටත් ඉඩ තබන්නේය. ඔබ ඇතුළු මැතිවරණ කොමිසම ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන්නේ සඳහා නොවේ. එපමණක්ම නොවේ. ජනාධිපතිට එරෙහි එම පැමිණිල්ල සම්බන්ධ කිසිදු පියවරක් නොගැනීමෙන් ඔබ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හා වගකීම දේශපාලන වශයෙන් පාවා දෙන්නේ යැයිද මම චෝදනා කරමි.

මෙම චෝදනාවෙන් මැතිවරණ කොමිසම නිදොස් කරගැනීමට ඔබට තවමත් කාලය ඇත. එබැවින් වෙනුවෙන් මවිසින් 2017 දෙසැම්බර 28 වන දින ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට යොමු කළ පැමිණිල්ලට අදාලව වහා පියවර ගන්නා මෙන් නැවත මෙයින් ඉල්ලමි.

ස්තුතියි.

මෙයට විශ්වාසි,

කුසල් පෙරේරා

ස්වාධීන මාධ්යවේදී

පිටපත්සියලූ මාධ් වෙත

විද්යුත් තැපෑල මගිනි

 

2017 දෙසැම්බර 28 වන දින

 

සභාපති

ශ්රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ මහලේකම් කාර්යාලය,

සරණ මාවත,

රාජගිරිය.

 

සභාපතිතුමනි,

 

ජනාධිපති විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම

 

මේ සමග යොමු කෙරෙන ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය සහිත ලිපියෙන් ඉතා නිරවුල්ව හෙළි කෙරෙන අයුරු, ශ්රී..නි.පයේ සභාපති ධූරය වෙනුවෙන් ඉටු කළ යුතු මැතිවරණ කටයුතු සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගන්නේය.   

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේ තරග වදින දේශපාලන පක්ෂයක් වන අතර එහි ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම මැතිවරණ ප්රචාරක  කටයුත්තකි. වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද දින (දෙසැම්බර 28 වන දින) උදය වරුවේ පැවති මැතිවරණ ප්රචාරක උත්සවය සඳහා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසූරියගේ අත්සනින් ආරාධනා ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ සහිතව නිකුත් කර ඇත. මෙය සිය මැතිවරණ ව්යාපාරය වෙනුවෙන් ජනාධිපති රාජ් ආයතනයක් යොදා ගැනීමකි.

 

සමග මතුවන අනෙක් බරපතල කාරණාව වනුයේ මෙම උත්සවය වෙනුවෙන් මුදල් ප්රතිපාදනය කොතැනින් සිදුවූයේද යන්නය. එවගේම අද උදය වරුවේ මෙම උත්සවය සජීවීව ජාතික රූපවාහිනිය මගින් විකාශනය කෙරුණු බවද දැන ගන්නට ඇත.

 

එබැවින්,

1. ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීම

2. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා ගාස්තුව සහ එම උත්සවය වෙනුවෙන් සිදු කළ අනෙක් වියදම් පිළිබඳව වහා පරීක්ෂණයක් පැවැත්වීම

3. ජාතික රූපවාහිනිය එම මැතිවරණ ප්රචාරක කාර්ය සඳහා යොදා ගැනීම

යන කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහා පියවර ගත යුතු වන්නේය.

  

එකී පියවර පිළිබඳව නොපමාව ප්රසිද්ධ ප්රකාශයක් කරන මෙන්ද මෙයින් ඉල්ලමි.

 

ස්තුතියි.

මෙයට විශ්වාසි,

 

කුසල් පෙරේරා

ස්වාධීන මාධ්යවේදී

 

පිටපත්

1. මැතිවරණ කොමිසමෙහි සියලු සාමාජිකයින් වෙත

2. සියලු මාධ් වෙත  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress