ජනපති සීරුවෙන්! – රට යන අත
Posted on January 18th, 2018
ජනිත සෙනෙවිරත්න උපුටා ගැන්ම දිවයින
මේ වන විට රටේ දේශපාලන තත්වය අතිශය උණුසුම්ය. පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් සති තුනකි. එහෙත් ඊටත් වඩා දේශපාලන පෙරළි මේ වන විට ආරම්භ වී තිෙරී. ඒවායින් පෙනෙන්නේ සුවිශාල දේශපාලන වෙනසක් අත ළඟ බවය.
Ñ”මම පසුගිය ආණ්ඩුවෙන් එලියට බැස්සේ හොරකමට දූෂණයට විරුද්ධවයි. එදා එළියට බැහැලා අලුත් ආණ්ඩුවක් හැදුවේ ඒ හොරකම් දූෂණ නැවත කරන්න ද කියලා මම අහනවා. එක්සත් ජාතික පාක්ෂිකයන් මට ඡන්දය දුන් බව ඇත්ත. මම ඔවුන්ට ගරු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මඩ ගහන්නේ මාව බය කරන්නද මාව එළවන්නද? මේවා ඒ අයගේ උවමනාවෙන් කරන ලද ඕනෑකමින් කරවනවාද කියල මම දන්නෙ නැහැ.”
මම එදා එළියට බැස්සෙත් ජීවිත අවදානමක් නොතකායි. ඒ නිසා මට මේ විවේචන හොඳට පුරුදුයි. බැඳුම්කර කොමිසම පත්කළේ යූඑන්පියට ගහන්න කියලා සමහර මන්ත්‍රීවරුන් කියා යනවා. හැබැයි මම කොමිෂන් සභාව පත් කළේ බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න. මට කා එක්කවත් පුද්ගලික ප්‍රශ්න නෑ.”
”මගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. මම මෙතන ඉන්න ආපු කෙනෙක් නොවෙයි. මම හෙට නෙවෙයි අද වුණත් යන්න ලෑස්තියි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ ඒ ගැන මත දෙකක් තිබුණු නිසයි. මම නිලධාරීන් එකක් සාකච්ඡා කරලයි ඒක කළේ. ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය මා පිළිගන්නවා නම් ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෑ.”
”මම හොරු ගැන කිව්වම කවුරුත් කුලප්පු වෙන්න අවශ්‍ය නැහැ. මම එදත් හොරකමට විරුද්ධයි අදත් හොරකමට විරුද්ධයි. අපි ආවේ කුමකටද කියලා කල්පනා කරන්න ඕනෑ. අපි ආවේ ගිය ආණ්ඩු කරපුවම කරන්නද කියලා මම අහනවා.”
”අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපති කමට පත් කරද්දී මං විරුද්ධ වුණා. එදා මම කිව්ව දේ ඇහුවා නම් අද මේ ප්‍රශ්න නෑ. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැණලා ඒවා නතර කරන්න බැහැ. කවුරුවත් මාව විවේචනය කළත් මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්නේ නැහැ. මාව බය කරන්නත් බෑ. මේ විදියට ආණ්ඩුව කරනවද නැද්ද කියල ඔයාලත් තීන්දු කරන්න….” මේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිනට් මණ්ඩලය ඉදිරියේ කළ කතාවය.
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්තම වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව පියවර ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ වාග් ප්‍රහාර වලට ලක්වන්නට ජනාධිපතිවරයාට සිදුවීමෙන් පසු කැබිනට් මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිවරයා මෙසේ දැඩි කතාවක් සිදුකර රැස්වීම අතර මග එයින් නැගිට යන්නට ගියේය. අවසානයේ ජනාධිපතිවරයා අස්වසා යළි එහි කැඳවා ගෙන එන්නට අගමැතිවරයා සහ ඇමැතිවරු පිරිසක් කටයුතු කර තිබිණි.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර මෙතෙක් තිබූ සීතල යුද්ධය දැන් එළිපිටම ප්‍රහාර එල්ල කරගන්නා තත්වයට වර්ධනය වී තිබේ. හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාත් එජාප මන්ත්‍රීවරුන් වන මරික්කාර් සහ මුජිබර් රහුමාන් මෙවර ජනාධිපතිවරයාට වාග් ප්‍රහාර එල්ලකර තිබේ.
මීට පෙර සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා විසින් ජනාධිපතිවරයා විවේචනය කරන ලදී. සුළු මොහොතකින් ඔහුව ඇමති ධුරයෙන් ඉවත් කරන්නට හැකියාව තිබියදීත් ජනාධිපතිවරයා එසේ නොකළේය.
එක්සත් ජාතික පක්ෂය එදා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කළේ ඔහු හැර අන්කවර අපේක්ෂකයකු වුවද පරාජයට පත්වන පසුබිමක් තුළය. තනිව තරග කර ජයග්‍රහණය කරන්නට පසුබිමක් තිබුණේ නම් එජාපය කිසිවිටෙක පොදු අපේක්ෂකයකු හට සහය දක්වන්නේද නැත. අනෙක් අතට එදා පාවෙන ඡන්ද අතිබහුතරයක් මෛත්‍රීපාල සිරිසේනහට ලැබුණු අතර එය තනි එජාප ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මධ්‍යස්ථ මතධාරීන් පවා එදා මෛත්‍රීට ඡන්දය භාවිත කළහ.
එදා පාර්ලිමේන්තුවේ සුළුතරයක් වූ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්නට හැකි වූයේ මෛත්‍රීපාල සිරිසේන නිසාය. එසේ නොවන්නට එජාපයට රජයක් පිහිටුවන්නට අවස්ථාව ලැබෙන්නේ නැත.
එපමණක් නොව 2015 මහා මැතිවරණය ආසන්නයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මහා ලේකම්වරු ඉවත් කර එජාප ජයග්‍රහණයට මාර්ගය විවර කර දුන්නේ වත්මන් ජනාධිපතිවරයාය. එම නිසා එජාපය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට උපකාර කළේ යම් සේද ඊට වඩා ප්‍රති උපකාර ගණනාවක් ඔහු එජාපයට සිදු කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඉල්ලීම් හා අභිලාෂයන් නොතකමින් තම බලතල පවා පරිත්‍යාග කරමින් ඔහු එජාපයට රිසි ලෙස කටයුතු කරන්නට ඉඩ දුන්නේය.
එහෙත් මෙරට ඉතිහාසයේ විශාලම සොරකම ඉදිරියේ මුනිවත රකින්නට නම් රටකට ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැත. ඔහු වංචාවට දූෂණයට එරෙහිව පියවර ගනිද්දි අද එජාපය අවි අමෝරාගෙන ඔහුට එරෙහිව නැගී සිටී.
ඒ කෙසේ වෙතත් රටේම ජනතාව බලා සිටින්නේ බැඳුම්කර දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක්ය.
මේ වන විට බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි ඉංග්‍රීසි පිටපත් 26 ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි සිංහල පිටපතක් 34 ක් ද ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.
එසේම මේ වන විට බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිළිබඳව අධ්‍යනය කරමින් සිටිති. නීතී විශාරදයින් මෙන්ම අල්ලස් නීතීය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති විශේෂඥ කණ්ඩායමක් විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බව සඳහන්ය.
බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ යුතු චෝදනා, එම චෝදනා ඉදිරිපත් කළ යුත්තේ අල්ලස් පනතේ කුමන නීතිය යටතේද යන්න සහ ඒ සඳහා ඇති සාක්කි ආදිය පිළිබඳව අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව සඳහන්ය.
January 19th, 2018 at 5:09 pm
බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ යුතු චෝදනා, එම චෝදනා ඉදිරිපත් කළ යුත්තේ අල්ලස් පනතේ කුමන නීතිය යටතේද යන්න සහ ඒ සඳහා ඇති සාක්කි ආදිය පිළිබඳව අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව සඳහන්ය. But section will never ever happen. This CB report contains 3 books will be only another publication going under the carpet.
January 19th, 2018 at 5:28 pm
රටේ ජනතාව බලා සිටින්නේ බැඳුම්කර හොරු සහ අනෙක් හොරු සියල්ලම අපා ගත කරවන තුරුය.
සිරිසේනට තව ඇත්තේ මාස 20 කි. නැවත ඔහුට ජනාධිපති වීමට නොහැක්කේ ඔහු චන්දයෙන් පරාජය වන නිසා.
නමුත් කම්බ හොරු සිරගත හෝ අපාගත කිරීමට ඔහුට හැකි වුනොත්, තම තනතුරත් ජීවිතයත් දෙකම රැක ගත හැකිය. 2015 චන්දයෙන් පරාජය වූයේනම් තමා සහ තම පවුල භූමදාන වී හමාරය කිව්වේ සිරිසේනමය. 2019 තවත් චන්දයකි.
January 19th, 2018 at 11:44 pm
අපාගත කිරීමට ඔහුට නොහැක. එසේ කිරීමටනම් ආරක්ෂක ලේකම් තුමාට එළිය පෙන්නා යක්ෂයෙක් පත්කල යුතුය.