ගෝටාභය හිරේ දමා 2020 ජනාධිපති හීනයේ ඉන්න අය මෙන්න..
Posted on February 6th, 2018

අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

දින සීයේ ආණ්ඩුව කාලයේ ඊ ළඟට අත්අඩංගුවට පත් වන පුද්ගලයා නම් කලේ විධායක කමිටු සාමාජික ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.  දැන් ඒ වැඩේ රාජිත සේනාරත්න සහ පා ච රණවක ඇමතිතුමන්ලා භාර ගෙන තිබෙනවා.  මී ළඟට අත්අඩංගුවට පත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා නීතිපති රාජිත සේනාරත්න මැතිතුමන් කියද්දී සොලිසිටර් ජනරාල් පා ච රණවක ඇවන්ට්ගාඩ් සිදුවීමට ගෝඨා අත්අඩංගුවට ගන්නා බව දේශපාලන වේදිකාවල පවසමින් එ් බව තහවුරු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව තමයි යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවද නැද්ද කියන එක ගැන පොලීිසයට උපදෙස් දෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය ඇමතිවරුන් විසින් සිදු කරනවානම් මේ තරම් නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනිකරණය වුණු යුගයක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ.

ආණ්ඩුවට තිබෙන ලොකුම භය ගෝඨාභය.  අද එජාප පාක්ෂිකයින් පවා කියනවා රට හදා ගන්න ඕනි නිසා ගෝඨාභය මහත්තයා ජනපතිවරණයට ඉදිරිපත් වුණොත් පක්ෂ භේද පැත්තක තියලා එතුමාට ඡන්දය දෙනවා කියලා.  ඒ නිසා ජනපති සිහිනයේ ඉන්නා අයට ගෝඨාභය මැතිතුමා අත්අඩංගුවට ගන්න ලොකු උවමනාවක් ඇති වෙලා. එතුමාව සිරබාරයට පක්කරලා තමන්ගේ ගමන යන්නයි මේ ඇමතිහොරු උත්සහ කරන්නේ.

ගෝඨාභය මැතිතුමා වැරදිකරු කර ඇත්තේ ඔහු විසින්ම ආරම්භ කළ මුහුදු ආරක්ෂකයින්ගේ අවි තැන්පත් කරන ගබඩාව ඇවන්ට්ගාඩ් ආයතනයට පැවරුවා කියලා. එවැනි පැවරීමක් සිදුවෙලා නෑ.  ඇත්තෙන්ම එම ව්‍යාපාරය කර ගෙන ගියේ නාවික හමුදාව. ඉන් අනතුරුව ගන්නා ලද තීන්දුවකට අනුව රක්නා ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම යන ආයතන තුනේම හවුල් ව්‍යාපාරයක් විධියටයි මේ කටයුත්ත ඉදිරියට කරගෙන ගියේ. එහෙම මිස කවදාවත් ඇවන්ට්ගාඩ් සමාගමට පැවරුවේ නෑ.  මෙම අලුත් සංකල්පයක් රටට හදුන්වාදීම හරහා රටට දැවැන්ත විදේශ විනිමයක් ගලාගෙන ආවා වගේම විශ්‍රාමික රණවිරුවන්ට රැකියා අවස්ථාත් උදා වුනා.‍  මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් තමයි. එම හවුල් ව්‍යාපාරය සදහා  ඇවන්ට්ගාඩ් සම්බන්ධ කර ගත්තේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරයේ සිටින අත්දැකීම් ඇති  ලංකාවේ එකම සමාගම නිසා.

මේ  මුහුදු ආරක්ෂකයින්ගේ අවි ගබඩා සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නේ ගෝඨාභය මැතිතුමා.  මෙම නැවුම් සංකල්පයෙන් රටට දැවැන්ත විදේශ විනිමයක් ආවා. ඔහු මෙය හඳුන්වා නොදුන්නා නම් විදේශීය සමාගම් වලට මේ ව්‍යාපාරය යනවා.  පූර්වාදර්ශ නොමැතිව නාවික හමුදාව යටතේ මෙම ව්‍යාපාරය කර ගෙන යන විට ගැටළු මතු වුණා.

රටේ නාවික හමුදාව විදේශිකයින් සමග අවි සම්බන්ධ ව්‍යාපාරයක යෙදී සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම මේ ගෙන එන සමහර අවි ත්‍රස්තවාදී කල්ලිවලින් පාතාලයේ භාවිතාකර තිබෙන නීති විරෝදී අවි. ඒවා රටේ නිල හමුදා බාරගැනීම ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අපරාධවලට සහය දැක්වීමක් විදිහට මිත්‍ර රටවල් වැරදියට හුවා දැක්වීමේ අවදානමක් මතුවුනා.    මේ ව්‍යාපාරය සීඝ්‍රයෙන් දියුණු වෙමින් නාවික හමුදාවට දරා ගත නොහැකි මට්ටමට වර්ධනය වුණා.  මේ සියල්ල නිසා තමයි හවුල් ව්‍යාපාරයක් බිහි කරන්න තීරණය කලේ.  එයින් නාවික හමුදාවේ ආදායම අහිමි වුණෙත් නෑ අඩු වුණෙත් නෑ.  ඇත්තෙන්ම ආදායම වැඩි වුණා.  විශ්‍රාමික රණවිරුවන්ට ආදායමක් ලැබුණා.  නමුත් නාවික හමුදාවට ආදායමක් අහිමි වුණා කියලා චෝදනා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් තුමන්ට.  මේ තුල තිබෙන තාර්කික භාවය කුමක්ද?

රටට ආදායමක් ගෙනෙන නැවුම් සංකල්පයක් හඳුන්වා දුන්නාම ඒකට ඒ මනුස්සයාට දඬුවම් කරනවා නම් මිනිස්සු අළුතෙන් හිතන්න බිය වෙනවා.  අළුත් අළුත් දේ නොසිතන ජාතිය ලොව නොනගියි කියන කියමන ආණ්ඩුවේ නායකයින් අහලා නැද්ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

– අරවින්ද අතුකෝරල

One Response to “ගෝටාභය හිරේ දමා 2020 ජනාධිපති හීනයේ ඉන්න අය මෙන්න..”

  1. Christie Says:

    Indian wants to destroy Gota because India made am error of judgement in supporting Mahinda in 2005 election. India did not take Gota into account when profiling Mahinda for the job.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress