ස්වර්ණ හංස පදනම මියන්මාර තානාපති හමුවෙයි
Posted on October 10th, 2018
මියන්මාරයේ නායිකාව වන අවුන්සාන් සූචිගේ කැනඩා ගෞරව පුරවැසිකම කැනඩා රජය මගින් ඉවත් කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් ස්වර්ණ හංස පදනම මගින් අද දින මෙරට මියන්මාර තානාපති අතිගරු ‘හන් තු’ මැතිතුමන් මුණ ගැසි සිදුකළා. එම අවස්ථාවට සිංහලේ දුතපිරිස ; ගාල්ලේගේ පුණ්‍යවර්ධන මහතා, යසපාල නානායක්කාර මහතා, ආචාර්ය සූර්ය ගුණසේකර මහතා, සමිත් ලංකාදේව සහ ගම්දොලහේ මොහොට්ටාලගේ ඉන්දික සහභාගිවුණා.
සන්නසක් බාරදුන් මේ සිංහල දුත පිරිස, බුරුමය-ම්යන්මාරය ලෙස නම වෙනස් කරගැනීම අගය කරන බවත් එමගින් බටහිරට ඕනෑ පරිදි රටේ නම වෙනස් කර සුරා කෑම කල නොහැකි බව සදහන් කළා.
අවුන් සාන් සූචී මැතිනියට දී තිබු ගෞරවණිය පුරවැසිකම කැනඩා ආණ්ඩුව විසින් අවලංගු කිරීම මගින් එතුමියගේ ප්‍රතිරූපයට හානි නොවන බවත් ඇය නිර්භීත ජාතිකවාදී වීරවරියක් ලෙසට මියන්මාරය තුල ජනතා හදවත් තුල ලැගුම් ගන්න බවත් පවසා සිටියා. දෙරට අතර පොදු ලක්ෂණයක් වූ ථෙරවාදී බුදු දහම ආරක්ෂා කරගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත් කමත් මෙහිදී කතා බහට ලකවුනා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට, මෙරට කාන්තාවක් වූ රාධිකා කුමාරස්වාමි විසින් මියන්මාරයට විරුද්ධව මානව හිමිකම් චෝදනා සැකසීමට සාවද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම සිංහල ජාතිය වශයෙන් අප හෙලා දකින බවත් එම සාවද්යා වාර්තා පදනම් කරන් එක්සත් ජාතින් ආසියානු රටවලට මැදිහත් වීම කරන බවත් ඊට යටත් නොවෙන ලෙසත් මෙම පිරිස තානාපතිතුමන් හට දන්වා සිටියා.
https://www.facebook.com/swarna.hansa.9/videos/10156768580456719/?__tn__=%2CdC-R-R&eid=ARB91R8qM2S_FWOSKfM7Up58T_nttgOO0cjgrxAyKnOfU1LbycPIpg9Ydd6fOO_kqLzoza4JbJgU47rZ&hc_ref=ARSqlWm1MEkPmkxasl0cZpz0PdJDD_np8dQk2lqWqfA2WFCzYUBalb_QgDX8HyDgxC0&fref=nf
October 10th, 2018 at 7:45 pm
Great, All Therawada Buddhist countries should get together and form an alliance. We all can trust each other without any reservation. We all have the same threat from the West
October 11th, 2018 at 2:18 am
We are threatened by Hinduthwa. Kumaraswami, Navanathum Pillayan and Yasmin Sooka are all Indian Colonial Parasites.
No wonder they support Indian Colonial Parasites from India.