උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය 23 දා පෙරවරුවේදී අවසන් කරයි
Posted on October 23rd, 2018

දිනසේන රතුගමගේ

උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය 23 දා පෙරවරු දහයට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි.

මෙම සභාවාරය සදහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභා ගර්භයට පැමිණෙන විට පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරු විග්නේස්වරන් මහතා හමුවට ගොස් ඔහුගේ ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතීය.

තවත් සමහර මන්ත්‍රීවරුන්  උපන් දිනය වෙණුවෙන් සුබ පතා යළිත් ඔබට මේ සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය දැරීමට  අවස්ථාවක් උදාවේවා යනුවෙන්ද ප්‍රාර්ථනා කළහ.

ප්‍රධාන අමාත්‍යවරයා සිනාමුසු මුහුණින් යුතුව සියළු දෙනාගේ සුබ පැතුම් පිළි ගනිමින් ඔවුන්ට පෙරළා ස්තූති කිරීමටද අමතක නොකළේය.

ඔක්තෝබර් 23 වෙනිදා පැවැත්වෙන උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරයට යෝජනා ඉදිරිපත් කිරීම් ප්‍රශ්න නැගීම් සදහා අවස්ථාව හිමි නොවන බවත් එක් අයෙකුට විනාඩි 3 සිට 7 ක දක්වා කාලයක් පමණක් වෙන් කරණ බවත් මීට ඉහතදී සභාපතිවරයා දැණුම් දී තිබුණි.

උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය වෙණුවෙන් සියළු දෙනා වෙණුවෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක්ද පිළියෙල කොට තිබුණි.

One Response to “උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය 23 දා පෙරවරුවේදී අවසන් කරයි”

  1. Hiranthe Says:

    Tax payers Money!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress