රටේ අර්ථික විනාශ කළ රනිල් මාෆියාව ජනාධිපතිතුමා ඝාතනය කරන්න සැළසුම් කළා
Posted on October 29th, 2018

නාච්චාදුව – කිත්සිරි වනසිංහ උපුටාගැණීම  මව්බිම

රනිල් වික්‍රමසිංහ මාෆියාව මේ රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් මහ ජනතාව ආර්ථික වශයෙන් ඝාතනය කළා මදිවට, රාජ්‍ය නායකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඝාතනය කිරීමට සැලැසුම් කළ බවට ජනතා අධිකරණය හමුවේ ඔප්පු වී තිබෙනවා. ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වී ගත් කාලෝචිත තීන්දුව නිසා මහජනතාවගේ ජනාධිපතිවරයාගේත් ජීවිත සුවපත් වූ බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවැසීය.
‘මව්බිම’ට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේද පැවැසීය.

රට ගොඩනඟමින් සිටි නායකයකු වන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු සේවාව අතර මැදි කාලයකදී මේ රටට ලබා ගැනීමට ජනතාවට නොහැකි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ නව පැමිණීමත් සමඟ ජනතාව වෙනදා මෙන්ම වීදි බැස කිරි උතුරමින් කැවුම්, කිරිබත් කමින් අනාගත සුරක්ෂිතභාවය හදෙහි තබාගෙන සතුටු වෙනවා.

රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් ගෙන ගිය හොරකම නිසා මහජනතාව භීතියට පත්ව පීඩනයෙන් මිරිකෙමින් ජීවත් වුණා. ආර්ථිකයේ විනාශය ගලාගෙන ගියේ පොඩි මිහිහගෙ කර මතින්. මේ රටේ බදු බර ජනතාවට වැටහෙන්න පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ පාලනයෙන්. රටේ ගොවිතැන, කර්මාන්තය, අනෙකුත් නිපැයුම් මහ පොළොවට සමතලා වුණේ ගෙවී ගිය වසර තුන හමාරක කාලය තුළයි. බිඳ වැටුණ මේ රට යළි ගොඩනඟන්නට නව ආණ්ඩුවට දැඩි කැප කිරීමක් කරන්නට සිදු වෙනවා.

මහින්ද මෛත්‍රි සුසංයෝගය මේ සියලු ගැටලුවලට හොඳ මාවතක් සලසන්න නිවැරැදි අඩි තාලමකට පියමන් කරනවා. එය ඒකාන්තයි. දැන් රට භාරව ඇත්තේ දුරදර්ශී නායකයන් දෙදෙනකුටයි. ඒ තුළ රටේ හෙට දවස යහපත් වෙනවා වගේම නූපන් පරපුර වෙනුවෙනුත් රටක් ඉතිරි කරන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේත් රටේත් දේශහිතෛෂී කණ්ඩායම් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් සමඟ එක්ව සිටින නිසා ඉදිරි අනාගතය සුරක්ෂිතයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress