ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අතිගරු කතානායක තුමාට විවෘත ලිපියක්-වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය කුමක්ද යන ගැටලුවට ඇති සාධාරණ විසදුම සම්බන්ධවයි
Posted on October 30th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අතිගරු කතානායක තුමනි,

වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය කුමක්ද යන ගැටලුවට ඇති සාධාරණ විසදුම සම්බන්ධවයි

වර්තමාන දේශපාලන තත්වය ඔබතුමාව ගැටළු සහගත තත්වයකට පත්කර ඇති බවක්, අපට දිස්වේ. ඔබ තුමාට නොවැම්බර් මස 16 වෙනිදා දක්වා කල් තැබූ පාර්ලිමේන්තුව වහා කැදවීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව අපට පෙනේ. එසේ සිදුව ඇත්තේ වර්තමානයේදී සිදුව ඇති බල පෙරළියත් සමගය. ඔබට දැන ගැනීමට අවශ්‍ය වන්නේ, බහුතරය ඇත්තේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද නැත්නම්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටදැයි යන බලය උරගා බැලීමේ අවස්තාවක් මතු කර බැලීමටය. ඔබතුමා කතානායකතුමාය. විනිසුරුවරයෙක් වන්වූ මහා ගාම්භිරවූ තනතුරක් දරන්නෙක් වන අතර මෙය අවබෝධ කරගැනීමට ඔබතුමා සතුව ඇති දත්තයන් හොදටම ප්‍රමාණවත්ය. ඒ මෙසේය.

  1. ආණ්ඩුව : එක්සත් ජාතික පක්ෂය ආසන 106

                මුස්ලිම් කොංග්‍රසය                   1

                EPDP                                1

               එකතුව                             108

  1. විපක්ෂය: ද්‍රවිඩ සන්ධානය (නිල විපක්ෂය )  16

               ජනතා විමුක්ති පෙරමුණ               6

               එක්සත් ජනතා නිදහස් සන්ධානය  95

              එකතුව                                 117

මේ අනුව ඉතා පැහැදිලිව මෙතන ඔබට පෙන්නුම් කර දෙන්නේ ආණ්ඩුවට වඩා විපක්ෂය බලවත් බවයි. නමුත් මේ සිද්ධාන්තය ඔබතුමා පිළිගැනීමට සුදානමක් නැති බැවින්, ඔබතුමා මේ ඉතා සරල ගැටලුව, රටක් කළඹන මහා අරගලයක් දක්වා වර්ධනය කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති බවක් මෙරට පරමාධිපත්යවූ ජනතාවට පැහැදිලිවම දිස්වීමට පටන්ගෙන ඇත.

ඔබ මේ සත්‍ය කරුණු වලට එරෙහිව සිටගන්නේ නම් ඔබට ද්‍රවිඩ සන්ධානයේ සහයද ජනතා විමුක්ති පෙරමුණේ සහයද එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති බව සිතන්නට පෙළඹේ. නමුත් කතානායකවරයා වන ඔබතුමාට නිල විපක්ෂය, හා නිල විපක්ෂ සංවිධායකත්වය හොඹවන පක්ෂ ආණ්ඩුවේ කොටස් සේ, සැලකීමට හෝ සිතීමටද ඉඩක් නැත. ඒ ඔබ කතානායක තුමා වන බැවිනි. මේ සත්‍යට එරෙහිව ඔබ සිතුවොත් හෝ ක්‍රියා කලොත්, ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ, මුලික ගුණාංගයක් වන විපක්ෂයේ පැවැත්ම විනාශ කල මහා ජාතික අපරාධ කාරයෙකුගේ තත්වයට පත්වේ. එම නිසා ඔබට මේ කරුණු මත තීරණ ගැනීමට සිදුවේ.

තවද මේ සිදුව ඇති බල පෙරලිය ඉතා පැහැදිලිවම පෙන්වන්නේ, ඉතිහාසයේ සිදුවූ ජනතාවාදී මහා විපර්යාසයක් ලෙසයි. ඒ මෙසේය,

2015 ජනවාරි මස 8 වෙනිදා චන්ද ප්‍රතිපල වලට අනුව, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චන්ද 6.217,162 ලබාගත් අතර එය 51.28% ප්‍රතිශතයකි. තවද මහින්ද රාජපක්ෂ මහතා ලබාගත්තේ,චන්ද 5,768,090කි මෙය 47.58% ප්‍රතිශතයකි. වර්තමානයේ සිදුව ඇත්තේ මේ දෙදෙනා එකතුව රජයක් පිහිටුවා තිබීමයි. මෙවැනි අවස්තාවක් යනු ඉතිහාසයේ සිදුවන ඉතා අහඹු සිදුවීමකි. ඒ අනුව මේ රජය තුල චන්ද 11,985,252ක ජනතා බලයක් ගැබ්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 98.86%කි. මෙවන් ජනතා බලයකින් ආධ්‍යා රජයක් රටටම මහා ආශිර්වාදයකි.

තත්වය ඉතා පැහැදිලිව මෙසේ තිබියදී තවත් කරුණු සෙවීමට වෙර දැරීම නිරර්ථක කාර්යයක් බව පැවසීමට සිදුව තිබේ .

ඔබ තුමාට තෙරුවන් සරණයි!

චන්ද්‍රසේන පණ්ඩිතගේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress