ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර ඉදිරිපත් කල 2019 මෙවර අය වැය සමෘද්ධිලාභීන් රවටන විජ්ජාවක්.
Posted on March 6th, 2019

ජනමාධ්‍ය නිවේදනයයි Samurdhi Development Officers Union 

2019 වර්ෂය වෙනුවෙන් ඊයේ (05) දින මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් යන අය වැය, ඉදිරි මැතිවරණ වෙනුවෙන් සමෘද්ධිලාභීන් ඡන්දය අපේක්ෂාවෙන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ආණුඩුව විසින් ඉදිරිපත් කරන ලද විජ්ජාවක් බව අප සංගමය මෙයින් පෙන්නා දෙන්නෙමු.

සමෘද්ධිලාභීන් හට අනිවාර්ය ඉතිරිකිරීමේ ගිණුමෙන් රු.30000.00 මුදලක් වාරික දෙකකින් අපේ‍්‍රල් හා නොවැම්බර් යන මාසයන්හි නිදහස් කරන බවට සිදු කල ප‍්‍රකාශය ඊට කදිම නිදසුනකි. සෑම සමෘද්ධිලාභියෙකු හටම සිය පුද්ගලික ගිණුමට අනිවාර්්‍ය ඉතිරි කිරීමක් ලෙස සෑම මසකම සමෘද්ධි සහනාධාරයෙන් මුදලක් බැර වෙයි. මෙම මුදල් ආපසු ලබා ගැනීමට 2013 අංක 01 දරණ සමෘද්ධි පනතෙහි 33(9) වගන්තියට ප‍්‍රකාර සමෘද්ධි ප‍්‍රජාමූල බැංකු කළමණාකාරණ මණ්ඩල අනුමැතිය යටතේ නිකුත් කර ඇති 2018 අංක 02 චක‍්‍රලේඛණය මගීන් රු.25000.00 උපරිමයකට යටත්ව මුදල් ආපසු ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කර ඇත.

එකී මුදල් ආපසු ගැනීමේ ක‍්‍රමවේදය ගැටළු පවතින අතර, වයස අවු:70 ඉක්මවීම මුදල් ආපසු ගැනීමට ඇති එක් අවස්ථාවක් වන අතර රෝගී අවස්ථාවන්ට ප‍්‍රතිකාර ගැනීමට මෙම මුදල් නිදහස් කිරීම ඇති අනෙක් අවස්ථාව වෙයි. ඇතැම් නිලධාරීන් සමෘද්ධි ප‍්‍රතිලාභීන් ඉල්ලූම් කරන මුදල ලබා නොදීම හා වයස අවු: 70 යන කාරණය අසාධාරණ බැවින් පවතින මෙම තත්වය දෙපාර්තමේන්තුවෙහි අභ්‍යන්තර චක‍්‍රලේඛ  මගීන් නිවරැුදි කිරීමට හැකියාව තිබියදී මුදල් අමාත්‍යවරයා විසින් සිය අයවැය කථාවට මෙය ඇතුලත් කිරීම සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර දේශපාලන වාසි වෙනුවෙන් සිදු කරන ලද ප‍්‍රකාශයක් බව මනාව පෙන්නුම් කරන්නකි. සමෘද්ධි බැංකු වල ඇති සමෘද්ධිලාභීන්ගේ සිය පුද්ගලික ගිණුමේ ඇති මුදල් ආපසු ලබා ගැනීමට ආණ්ඩුව විසින් ඉදිරිපත් කල මෙවර අයවැය තුලින් හැකියාව ලැබු බව වැරදි චිත‍්‍රයක් රට තුල මෙයින් නිර්මාණය කරන අතර පුද්ගලික ගිණුමක මුදල් ආපසු ගැනීමට මුදල් අමාත්‍යවරයා අයවැයෙන් යෝජනා කිරීම විහිළු සහගත බව අප සංගමය මෙයින් අවධාරණය කරන්නෙමු.

සමෘද්ධි සහනාධාර පවුල් ලක්‍ෂ 06 කට අළුතින් සහනාධාරය ලබා දෙන බවට වු යෝජනාව වසරකට පෙර සිට අවස්ථා ගණනාවකදී සිදු කර ඇති අතර මෙයද ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගැනීමේ අරමුණින් කටයුතු කරන බව අප සැක කරන කරුණකි.

මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම සිය දේශපාලන උවමනාවෙන් සමෘද්ධි වැඩසටහන යොදා ගැනීම මත අඩු ආදායම්ලාභී ජනතාව හට ඵලදායී ආදායම් උත්පාදන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට මෙතෙක් හැකියාවක් නොලැබුන අතර ආණුඩව ඉදිරිපත් කල ජනතාවට ශක්තියක් දුප්පතුන්ට රැකවරණයක් යන මෙවර අය වැයද එවැනි යෝජනාවන් නොවන, හුදෙක් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය අපේක්ෂාවෙන් ඔවුන් රවටන විජ්ජාකාරී අයවැයක් බවත්, ආණුඩුවේ මෙම විජ්ජාවට සමෘද්ධිලාභීන්ට නොරැුවටෙන බවටත් වැඩිදුරටත් අප සංගමය මෙයින් දන්වා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,
චාමර මද්දුම කළුගේ, Chamara Madduma Kaluge
ප‍්‍රධාන ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress