මංගල සමරවීර ඉදිරිපත් කරපු අයවැයෙන් මේ රටේ ජනතාවට අඩුම තරමේ බලාපොරොත්තුවක්වත් දුන්නේ නැහැ
Posted on March 7th, 2019

අද දින (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා

මංගල සමරවීර ඉදිරිපත් කරපු අයවැයෙන් මේ රටේ ජනතාවට අඩුම තරමේ බලාපොරොත්තුවක්වත් දුන්නේ නැහැ. ගම්පෙරළිය කියලා ගම්මාන 33000ට රුපියල් මිලියන 48000ක් වෙන් කරලා තියෙනවා. 2015 ජනාධිපති මැතිවරණයේදි කියපු පුංචි කාර් සිහිනය විතරක් නැති කරලා මේ අය අයවැය පොතෙන් මිලියන 48000ක් හොයලා තියෙනවා. වාහනවලට ගහන බද්ද විතරක් මිලියන 48000යි. වාහනවලින් ගන්න බද්දෙන් තමයි ගම්පෙරළිය කරන්නේ.

සමෘද්දි අලුතෙන් දෙන්න මිලියන 10000ක් වෙන්කරලා තෝරා ගත්ත භාණ්ඩ සදහා මිලියන 15000 බද්දක් ගහනවා. තෝරා ගත්ත භාණ්ඩ මොනවාද කියලා දැන ගන්න වෙන්නේ ගැසට් එක මුද්‍රණය වුනාමයි. මේ තෝරා ගත්ත භාණ්ඩ කියන්නේ විකිණෙන්නේ නැති දේවල් නෙවෙයි. ජනතාව පරිහරණය කරන දේවල්. එතනදි වෙන්නේ ජනතාවගෙන් අරගෙන ඒකෙනුත් මිලියන 5000ක් අඩුවෙන් දෙන එකයි. මිලියන 37000ක් තෝරා ගත් භාණ්ඩ හා සිගරැට් දුම්වැටි සදහා බදු ගහලා තියෙනවා. මේ විදියට බදු විතරක් මිලියන එක් ලක්ෂ එැට දෙදහාක්. මිනිස්සුන්ට කියලා තියෙන්නේ ණය දෙන්නම් කියලා. බැසිල් රාජපක්ෂ මහතා සමෘද්ධිලාභීන්‌ගේ බැංකුවේ තියෙන සල්ලිවලින් වාරික හතරකින් දෙන්න රුපියල් 2500ක් දුන්නා. බැසිල් මහත්තයාට නඩු දාලා ඒ 2500 සමෘද්ධිලාභියාගෙන් පහුගිය කාලයේ අය කර ගත්තා. අපි දුන්නේ පොලියට නෙවෙයි. දැන් අපියෙල් මාසයට 15000, නොවැම්බර් මාසයට 15000යි දෙනවා. ඒකටත් සියයට 6ක පොලියක් ගන්නවා. තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි දීලා ඒකෙන් සියයට 6 පොලියක් ගන්නවා. ආන්ඩුව ලාභ ලබන්න පොලියට දෙනවා මිසක් ජනතාව‌ වෙනුවෙන් කරන දෙයක් නැහැ. මිනිස්සු අන්දලා තියෙන්නේ. දැන් අලුතෙන් බැදලු අයට මිලියන 10ක ණයක් දෙනවාලු. මිලියන 10ක් ගන්න නම් ලක්ෂයක ආදායමක් තියෙන්න අවශ්‍යයි.ආදායමෙන් සියයට 40යි ආපහු අය කර ගන්න ණයක් දෙන්නේ. අවුරුදු 25ට මිලියන 10ක් ගත්තොත් රුපියල් 40000ට වඩා ගෙවන්න වෙනවා. ආදායම් බදු ගෙවන්නත් වෙනවා. ලක්ෂ 12 ආදායමක් තියෙන්නත් අවශ්‍යයි. ඒක ගන්නත් ඉඩමක් තියෙන්න අවශ්‍යයි. කසාද බදින්න සල්ලි නැතිව තරුණ තරුණියෝ ඉන්නේ.2016 සිට බදු වැඩිනොකරපු සියලුම දේ සදහා සියයට 15ක අලුත් බද්දක් ගහලා. ඒ කියන්නේ කසාද සහතිකයට, මරණ සහතිකයට පවා බදු ගහනවා. මේ ආන්ඩුව ජනතාව පිට වැඩි බරක් පටවලා මිසක් දීපු සහනයක් නැහැ. පොහොර නිකම් දෙනවා කිව්වට පොහොර ගැන කතා කරලා නැහැ. වැවිල්කරේ කම්කරුවන්ට පඩි ගෙවන්න රුපියල් 50ක් සමාගම්වලට ගෙවනවා කිව්වාට සත 50ක් අයවැයෙන් වෙන් කරලා නැහැ. ඒක වැවිල් කර්මාන්ත ඇමැතිතුහාගේ අතින් ගෙවනවාද දන්නේ නැහැ. මිලියන 10ක නිවාස ණයක් දෙන්න යෝජනාව ගෙනාවට ඒකට රුපියලක්වත් අයවැයෙන් වෙන් කරලා නැහැ. බැංකුව ලෝන් එකක් දෙන්න නම් අයකරගන්න ක්‍රමයක් තියෙන්න අවශයයි. එක්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වලින් ආන්ඩුවේ අය නම් ණය අරන්.

අවුරුදු 70ට වැඩි අයට රුපියල් 2000 දිමනාවක් මහින්ද මහත්තයා දුන්නා. යහපාලනයෙ ආපු ගමන් ඒකෙන් රුපියල් 100ක් අඩු කලා. කලවාන ලේකම් කොට්ඨාශයේ 70ට  වැඩි අය 660 පොරොත්තු ලේකණයේ ඉන්නවා. අයගම 432ක්. කළවානේ විතරක් 1683ක් ඉන්නවා. ඇලපාතෙන් ඇහුවාම තුන්සියයකට ආසන්න පිරිසක් ඉන්නවාලු. අවුරුදු 74ක කෙනෙක් මගේ ළගට ඇවිත් කියනවා  මම පොරොත්තු ලේඛණයේ ඉන්නවා. දෙන්නෙක් මැරුණ නිසා මට දැන් ඒක ගන්න පුලුවන්ද අහනවා. මේ අහිංසක මිනිස්සු තව අවුරුදු 30ක් ජිවත් වුනත් මේ ආණ්ඩුවට බැරිද ඒ රුපියල් 2000 දෙන්න. ඒ වෙනුවට 70ට වැඩි කෙනෙක් මැරුණ ගමන් තමන්ට ඒ දීමනාව ගන්න පුලුවන්ද බලන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. ඒක තමයි වයසක අයගේ දැන් බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. සිහින මාලිගා හදන්න කෝටි ගණන් වැය කරනවා වෙනුවට මේ රටේ අවුරුදු 70ට වැඩි අයට 2000 දෙන දේවත් කරන්න.

අපේ රටේ නාස්තිය සියයට 25ක් කියපු විගණකාධිපතිවරයාට මාසික කුළියට වාහනයක් ගන්න එක්කෝටි විසි අට ලක්ෂයක් වැය කරලා. මාසයකට පන්ලක්ෂ තිස්පන්දහසක්. දවසකට 18500ක්. විගණකාධිපතිතුමා කියන්නේ නාස්තිය අවම කරන්න කියලයි. ආන්ඩුවට වාහන මොනතරම් තියෙනවාද. එහෙම තියාගෙන දවසකට 18500ක් වියදම් කරලා. එයාගේ යටතේ ඉන්න අයත් කැබ් රථ විසිගානක් මාසයකට එක් ලක්ෂ 58000 ගානේ අරන්. මේ ආයතනය තියෙන්නේ රටේ නාස්තිය අවම කරන්න. නාස්තිය අවම කරන තැන ප්‍රධානියාගේ ඉදන් නාස්තිය කරන හැටි උගන්නලා තියනවා. රජයේ නිලධාරීන් දැන් ඊට වැඩිය නාස්ති කරන්න ගනියි. ආන්ඩුවෙන් වාහනයක් සල්ලිවලට ගත්තා නම් මීට වඩා ලාභයි. මේ වගේ නාස්තිය තමයි යහපාලන ආන්ඩුව ඇතුලේ පහුගිය කාලෙම වෙලා ජිවත් වෙන්න බැරි තැනකට රට පත්වුනේ.

2018 අය වැයපොත 2019 අයවැය පොත බැලුවාම ඉලක්කම් විතරයි. කරපු දෙයක් නැහැ. වික්‍රමසිංහ රජතුමා රට සහලින් ස්වයංපෝෂිත කලේ නැහැ. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි සහලින් රට ස්වයංපෝෂිත කරලා රට යැව්වේ. ගබඩාවල ඉඩ මදිවෙලා ගුවන්තොටුපලේත් වී පිරෙව්වා.

පසුපෙල මන්ත්‍රීවරු ජනාධිපතිවරයා අපිට රිද්දපු නිසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරනවාලු. පසුපෙල කියන කට්ටිය පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ එලවලමයි පස්ස බලන්නේ කිව්වා. අපිට හොද නායකයෙක් අවශ්‍යයි කිව්වා. අමාත්‍යංශ ගණනාවක වැය ශීර්ෂ පරාජ කරනවා කිව්වා. දැන් හ්ම්…. ශබ්දයක් නැහැ. මේකත් අගමැතිවරයාගේ උගුලක්. ශ්‍රීලනීප මන්ත්‍රීවරු ඡන්දය දුන්නේ නැත්නම් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරනවා කියලා බය කරලා ඡන්දය ගන්න හදන්නේ. අපේ අදහස නම් මුලු අයවැයම පරාජය කරලා මැතිවරණයකට රට ගෙනියන්න අවශ්‍යයි.

නාමල් කුමාර රගපෑමක් කරන්නේ. හිටපු ආරක්ෂක ලේකම් හෝ ජනාධිපතිවරයා ඝාතනය කිරීමක් සදහා කුමන්ත්‍රණයක් වෙලා නැහැ කියලා හිටපු පොලිස් ඇමැතිතුමා කිව්වා. දැන් අධිකරණය තියෙනවා නඩු පැවරීමට තරම් කරුණු තියෙන බව. ඒ කියන්නේ හිටපු ඇමැතිවරයා බොරුනේ කිව්වේ. ඒ අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට ගත්තේ නැත්නහම් මේවා එළිවෙන්නේ නැහැ.

අපිට රටේ මිනිස්සු වෙනුවෙන් ඡන්දයක් තියලා අලුත් ආන්ඩුවක් හදන්නත් ජනතාවට සහන දෙන්නත් මැතිවරණයකට යන බලාපොරොත්තුව තියෙන නිසා අපි උත්සාහ කරන්නේ සමස්ත අයවැයම පරාජයට පත්කරන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

එන්. එම් පෙරේරා, රොනි ද මෙල් , මහින්ද රජාපක්ෂ මහත්වරු අය වැය පාර්ලිමේන්තුවට ගේන්න සුදානම් වෙන මාසයක දෙකක කාලයක් ගවුරවයක් ගාම්භීරත්වයක් තිබුණා. අද වෙද්දි ඛේමාගේ කොලුවා ගෙනාවද මොකක් නිසාද මන්දා කිසිම ගරුත්වයක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ මේ වගේ හිස් ලියවිලි පාර්ලිමේන්තුවට එන්නේ අපේ කරුමෙද මන්දා. 2017 යෝජනා 2018 එනවා. ඒ විදියටම 2019ටත් එනවා. ඒ යෝජනාවල ප්‍රගතිය බලපුවාම කිසිවක් වෙලා නැහැ. මුදල් අමාත්‍යංහයේ ප්‍රතිපාදනවලින් සියයට 40ක් ප්‍රයෝජනයට අරන් නැහැ. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නය වැසිකිලි. හම්බන්තොට වැසිකිලි ලක්ෂයක් නැහැලු. නිවාස දශ ලක්ෂයක් හදන ඇමැතිට වැසිකිලි දස ලක්ෂයක් හදන්න බැහැ කිව්වා වගේ අපිට දැනෙන්නේ. ඒ වගේ එක එක්කෙනාට මඩ ගැහුලි චෝදනා කිරිම් තමයි මේ අයවැයේ සෑහෙන්න තිබුණා.සමස්ත අයවැයෙන් සියයට 6ක් වෙන් කරනවා කිව්වාට අපි ඒක දැක්කේ නැහැ. 2019ත් කප්පාදු කරන එක නම් කරලා තියෙනවා. දරුවන්ට ටැබ් එක දෙනවා කියලා අන්තිමට කිරි විදුරුවට වැටුනා. කිරි වීදුරුව ගිය වතාවෙත් දෙනවා කිව්වා. මේ පාර ටැබ් එක නැති වෙලා කිරි වීදුරුව ඉතිරි වෙලා. ජාත්‍යන්තරයේ පිළිගත් විශ්ව විද්‍යාලවලට 14ක් යවනවාලු. හැබැයි ආන්ඩුවේ අයවැය ඇතුලේ රැකියා විරහිත උපාධිධාරී 70000 ගැන කතා කරන්නේ නැහැ.

ගොවි ජනතාවට , කම්කරුවාට, ඉංජිනේරුවාට රට ගැන දැක්මක් තියෙන්න අවශ්‍යයි. මේ යෝජනාවලින් මේ තරම් රැකියා උත්පාදනය වෙයි ආර්ථීක වර්ධන වේගය ඉහළ යයි කියලා දැක්මක් ගන්න අයවැයෙන් පුලුවන්. අයවැය සම්මත කරන්න දෙමළ සන්ධනායට කප්පම් දෙනවා.කම්කරු කෝංග්‍රසය ඇතුලු පක්ෂ වගේම දෙමල සන්ධානයත් ජනතාව ගැන හිතන්න අවශ්‍යයි. නැතුව වරදාන වරප්‍රසාදවලට අයවැය සම්මත කිරිම විශාල පාපයක් ව්‍යවසනයක්.

ගිය පාර්ලිමේන්තු වාරයේදි පක්ෂ නායක රැස්වීමේදි තිරණයක් ගත්තා නිතිපතිවරයා හා මැතිවරණ කොමසාරිස්වරයා ගෙනත් කඩිනමින් පළාත් පාලන මැතිවරණයට යන්න තින්දුවක් ගන්න බව කිව්වා. මැතිවරණය නොපවත්වා වසර එකහමාරක් පමණ ආයතන හුදකලාවෙලා. පාසල් අවශ්‍යතාවල ගැටලුවට ආන්ඩුකාරවරුන්ට යන්න වෙලා. ඒ නිසා මේ අර්බුදය රටේ තියෙද්දි අගමැතිවරයාටත් ජනාධීපතිවරයාටත් පාර්ලිමේන්තුවටත් අණ පනත් අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමේ වගකීමක් තියෙනවා. නමුත් කියන්න ලැජ්ජයි මේ සම්බන්දයෙන් කිසිම පියවරක් ගන්න කතානායකවරයා පියවර ගත්තේ නිහැ. ලෙස්සලා හරින ඇග ගලවා ගන්න න්‍යායට මේ අය ඉන්නවා. පහුගිය දවස්වල පළාත් සභා මැතිවරණය වෙනස් කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනත් කඩිනමින් යෝජනාව තුනෙන් දෙකෙන් සම්මත කරලා මැස තුනක් ඇතුළත මැතිවරණයකට යනවා කියන බලාපොරොත්තුව දුන්නා. ඒ සිහිනය පෙන්නවලා හෙලිකොප්ටරවලින් පවා කට්ටිය ගෙනත් පනත සම්මත කරලා අවුරුදු එකහමාරක් තිස්සේ මැතිවරණයකට ගියේ නැහැ. ඒ ඡන්දය දුන්න අය අද කෝ. ඒ සම්මත කරපු 157න් අද වෙනකොට 40ට වැඩි පිරිසක් ඉවත් වෙලා. ආන්ඩුව ඔවුන්ව රවටපු බව ඒ අය පිළීගන්නවා. අද ශ්‍රීලනිපය මේ සම්බන්ධයෙන් විවේඡනය කරනවා. මැතිවරණය දිනා ගැනීම සදහා සියලු දෙනාට එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවමේ ආන්ඩුවේ අවසන් හුස්ම පොද හෙලමින් ගේන අයවැයක්. මේ අවසාන මොහොතේ ගෙනාපු අයවැය දිහා ගොඩක් බලන් හිටියා. පසුපෙලන ඉන්න චණ්ඩි මන්ත්‍රීවරු අයවැයට කන් දුන්නෙත් නැහැ. හැමු මහත්තයා එකයි කියන්නේ. කට්ටිය අත ඔසවනවා. අපි සමස්ත අයවැයම, බොරු ලියවිල්ලම අහෝසි කරන්නයි පියවර ගන්නේ.

ප්‍රශ්නය – ජවිපේ සහ විපක්ෂ නායකතුමා අතර 20 සංශෝධනය ගැන සාකච්ඡාවක් පැවැත්වුනා

ජානක වක්කුඹුර – විපක්ෂ නායකවරයා විදියට සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න අවශයයි. විධායක ජනාධිපතික්‍රමය සමග ගැට ගැහුණු සියල්ල ඉවත් කරන වැඩපිළීවෙලකුයි අවශ්‍ය. මේ පාර්ලිමේන්තුවේ මේ දේවල් කරන්න කාලයක් නැහැ. ආන්ඩුව හදන්නේ මොකක් හරි පටලවා ගෙන ජනාධිපතිවරණය කල් දාන්න. අපි මේ උගුලට අහු වෙන්නේ නැහැ. මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් ඇවිත් විධායක ජනාධිපතික්‍රමය සමග ගැට ගැහුනු සියල්ල වෙනස් කරන්න සියලු දෙනාගේ එකගතාවය මත වැඩපිළීවෙලක් සකසන්නයි අපිට අවශ්‍ය.

විධායක ජනාධීපතික්‍රමය ගේන කොට තිබුනේ කොට්ඨාශක්‍රමය. විධායක ජනාධිපතික්‍රමය ඉවත් කරලා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති අගමැති පත්කරන්න ගියෝත සල්ලි කාරයින් තමයි පත්වෙන්නේ. සියලුල කරන්න වෙන්නේ මැතිවරණයෙන් පස්සේ. රටටම ගැලපෙන ජනතාවගේ මතය අනුවයි සියල්ල සිදුවිය යුත්තේපාර්ලිමේනතුවේ තුනෙන් දෙක විතරක් තිබුලා මදි. රටේ ජනතාව කැමැති වෙන්නත් අවශ්‍යයි.

ප්‍රශ්න – මැතිවරණ කොමිෂමෙන් පියවරක් ගන්න බැරිද

ජානක වක්කුඹුර – පළාත්සභා මැතිවරණයවත් තියාගන්න බැරි කොමිෂමක් තියෙන්නේ. ඒකෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරලා නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කට්ටියක් සුදානම් වුනා. මුදල් වියදම් වුනා විතරයි.

ප්‍රශ්න – උපාධිධාරීන්ට රජයේ රැකියාම දෙන්න අවශ්‍යද

ජානක වක්කුඹුර- නැහැ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. උපාධිය ගන්න විට රැකියාවක් කරන්න පරිසරය සකස් විය යුතුය.

මාධ්‍ය- මහින්ද රාජපක්ෂ මහතාටත් රජයේ රැකියා දෙනවා මිස විකල්පයක් තිබුනේ නැද්ද.

ඉන්දික අනුරුද්ධ – උපාධීධාරියාට රජයේ රැකියාවක්ම දෙන්න අවශ්‍ය නැහැ. පහුගිය අයවැයෙනුත් මේ ආන්ඩුව උපාධිධාරියාට ණය දෙන්න යෝජනා කලා. කීදෙනෙකුට දුන්නද. පෝර්ට් සිටි එක හම්බන්තොට වරාය අපි ළග තිබුණා නම් උපාධීධාරීන් කීදෙනෙකුට රැකියා බිහිවෙලාද. අද චිනයේ උපාධීදාරීන් ඇවිත් වැඩ කරනවා. අද සංවර්ධන නිලධාරීන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. මේ ආන්ඩුව කරන්නේ ඒක අහවලාගේ වැඩක්. ඒක අපිට අවශ්‍ය නැහැ කියන එකයි. උපාධීධාරියාගෙන් රටට වැඩක් ගන්න පුලුවන් රැකියාවක් බිහිකිරීම වගකිමක්.

මාධ්‍ය – රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තියෙනවාද

ජානක වක්කුඹුර – ඒකට තමයි අත්සාහ කලේ මහින්දෝදය විද්‍යාගාර හදලා පාසලෙන් එළියට එන දරුවාගේ හැකියාවට රැකියාවක් දෙන්න. මේ ආන්ඩුව ඒ සියල්ල නැති කළා.

ඉන්දික අනුරුද්ධ – ඒ හදපු මහින්දෝදය විද්‍යාගාරවලින් තවත් තුන් හාරසියයක් විවෘත කරන්න තියෙනවා. විද්‍යාගාරයට අවහ්‍ය ගුරුවරයා නැහැ. සමහර ඒවගේ පන්ති පවත්වනවා. බස්නාහිර පළාතේ ළමයි 17 එක ගුරුවරයෙක් විදියටයි ගුරු පුරප්පාඩුව තිබුනේ. දැන් එය ඉහළ ගිහින්. ඒ ටික සම්පූර්ණ කළා නම් එතැනත් උපාධීධාරීන්ට රැකියා දෙන්න තිබුණා.

One Response to “මංගල සමරවීර ඉදිරිපත් කරපු අයවැයෙන් මේ රටේ ජනතාවට අඩුම තරමේ බලාපොරොත්තුවක්වත් දුන්නේ නැහැ”

  1. Dilrook Says:

    A one-sided analysis.

    The budget has many bad things. Showering people with benefits when the country is in a debt trap is crazy. We were in the debt trap since 2012 and Mahinda did the same. His ‘bumpkin’ budget was similar.

    This budget raises salary of war heroes neglected since 2009. A very welcome move.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress