අයවැය දෙවැනිවර කියැවීමේදී විපක්සයේ බහුතර ඡන්දයෙන් පරාජය කරන්න එකගතාවයකට ආවා, නමුත් එජනිස මහලේකම්වරයා ඇතුලු කණ්ඩායම ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා.
Posted on March 14th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අද දින පැවැති මාධ්‍ය හමුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා

ජනාධිපති වැය ශීර්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමේදී මන්ත්‍රීවරුන් කියපු විදියට යමක් වෙයිද කියලා අපි බලන් හිටියා. ඒ වගේම පෙරේදා අයවැය දෙවෙනිවර කියැවීමේ  ඡන්ද විමසීමේදී අපි බලාපොරොත්තු වුනා යම් ආකාරයකින් තර්ජනයක් ආන්ඩුවට එල්ල කරන්න හැකිවෙයි කියලා.  නමුත් අයවැය සදහා ඡන්දය විමසීමේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගත්ත තීරණය ගැන විපක්ෂය ලෙස අපි කණගාටු වෙනවා. දවස් 11ට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. අයවැය දෙවැනිවර කියැවීමේදී විපක්සයේ බහුතර ඡන්දයෙන් පරාජය කරන්න ඒ වෙලාවේදී සියලු දෙනා එකගතාවයකට ආවා. ඒ වගේම ආන්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න උත්සාහ කලොත් ඒ උත්සාහය පරාජය කරන්නත් අපි තිරණය කළා. කණ්ඩායමක් ලෙස ඒ ස්ථාවරයට අපි එකග වෙලා සභා ගැබට ගියා. අවසානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදි අපි නොසිතූ දෙයක් සිද්ධවුනා. එජනිස මහලේකම්වරයා ඇතුලු කණ්ඩායම ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා. ඒක අපි බලාපොරොත්තු නොවුනු තත්ත්වයක්. එවැනි තත්ත්වයකත් අපි ඡන්ද 76ක් අයවැයට එරෙහිව ප්‍රකාශ කරන්නත් තුනෙන් දෙකේ බහුතරයෙන් අයවැය සම්මත කර ගත්තා කියන අභිමානය නැති කරන්නත් අපිට හැකි වුනා.

ඊයේ දවසේ ජනාධිපති වැය ශීර්ෂය වගේම ආන්ඩුවේ කැබිනට් ඇමැතිවරු අට දෙනෙක්ගේ වැය ශීර්ෂ පරාජය කරන්න පියවර ගන්න බව එජාප පසුපෙල මන්ත්‍රීවරු කාලයක් තිස්සේ කිව්වා. ඒ අය කිව්වා මිසක් අපි ඒක විශ්වාස කලේ නැහැ. අපි දන්නවා එජාපයේ ඒ වගේ කෂේරුකාවක් තියෙන මන්ත්‍රීවරු නැති බව. ඊයේ ජනාධිපති වැය ශීර්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැය ශීර්ෂය හොදයි කියලා කට්ටියම ඡන්දය දුන්නා. අප විපක්ෂය නියෝජනය කළ නිසා අපිට ගැටලුවක් ඇති වුනේ නැහැ.  මලික් සමරවික්‍රම, කබීර් හසිම්,  වගේ අයගේ වැය ශීර්ෂවලට වෙන දේත් අපි බලන් ඉන්නවා. ඒ විදිහට ඉතාම හොද දේශපාලන රංගනයක් ඊයේ අවසන් වුනා. මේ දේශපාලන රංගනයේ තිර පිටපත හා අධ්‍යක්ෂණය රනිල් වික්‍රමසිංහ මහතාගේ බව අපි දන්නවා.

දැන් නම් අපිට සැකයක් තියෙනවා ඇතැම් අයගේ ක්‍රියාමාර්ගත් එක්ක තුන්වැනිවර කියැවීමේදී අය වැය පරාජය කරන්න පුලුවන් වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් 2015 සිට සැබෑ විපක්ෂයේ භූමිකාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාවට නංවන මන්ත්‍රීවරුන් විදියට අපි අයවැයට දැඩි විරෝධයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අයවැය තනිකරම නිස්සාර පුස්සක් බව හෙළිදරව් වෙලා තියෙන්නේ.

මංගල සමරවිර මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදි කියනවා පොහොසත් බබාලාට දැන්ම ඉදලා බදු ගෙවන්න පුරුදු කරනවාලු. ලක්ෂ 12ක් පොතේ තිබුනොත් ඒකට පොලිය රුපියල් 5000ට වැඩිවෙන නිසා පොහොසත් බබෙක් වෙනවාද. ලක්ෂ 12 තැන්පතුවක් බැංකුවේ තියෙනවා නම් පොහොසත් දරුවෙක් වෙනවාද. දරුවාගේ ආතා, කිරිඅම්මා, නැන්දා මාමා වගේ නෑයෝ දරුවෙක්ගේ උපන්දිනයට කියක් හරි පොතට දාලා දෙන එක සිරිතක්. ලක්ෂ 12ක් කියන්නේ මහ ලොකු ගානක් කියලා මංගල සමරවිර ඇමැතිතුමා හිතාගෙන ඉන්නේ. දැන් පොලියෙනුත් පොලිය කපන බව ඔප්පු වෙලා තියෙන්නේ. අපි අහන්නේ මේ රටේ ප්‍රධානපෙලේ කෝටිපති ව්‍යාපාරිකයින්ට නීත්‍යාණ්‍ුකූල නොවන ආකාරයට මොන තරම් බදු සහන පසුගිය කාලයේ මේ යහපාලන ආන්ඩුව දුන්නාද. ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගමට, ප්‍රාඩෝ ගෙන්වන අයට, ගම්මරිස් මුහුද මැදදි පටවන අයට බදු සහන දීලා පුංචි නොදරු කිරි සප්පයාගේ සිට මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහන අයවැයක්. මේක තමයි අපි දකින අයවැයේ ස්වරූපය.

මේක මැතිවරණ වර්ෂයක්. අපිට කැමැති වෙලාවක මැතිවරණයකට මුහුණ විපක්ෂය ලෙස අපිට හැකියාව තියෙනවා.මේ වෙද්දි ශ්‍රිලනිපය හා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා ඇති වෙලා තියෙනවා සන්දානයක් ඇති කිරීමට.පවතින එජාප ආන්ඩුව ලැබෙන පළවෙනි මොහොතේම පරාජය කිරිමට පුලුල් සන්ධානයක අවශ්‍යතාවය අපි පිළිගන්නවා. දේශප්‍රෙමී සන්ධානයක් රටට අවශ්‍යයි. රට විකුණන ප්‍රතිපත්තියට එරෙහි එජාපයේ කවුරු හෝ ඉන්නවා නම් සන්දානයට එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ සන්ධානය පිරිසිදු එකක් විය යුතුයි. මහ බැංකු හොරු මිට ඇතුළත් විය යුතු නැහැ. බැදුම්කර සිද්ධිය හරහා යම් යම් දේ ලබා ගත්ත පිරිස් එකතු කර ගන්නේ නැහැ. විවිධ ආකාරයෙනක් දීමනා ගත්ත අය මේ සන්ධානයට ඇතුලත් වුනොත් රටේ ජනතාව තුළ මේ සන්ධානය ගැන විශ්වාසයක් නැති වෙයි. මේක ශුද්ධ වු සන්ධානයක් විය යුතුයි. විනය හා නිතිය තදින් ක්‍රියාත්මක වෙන සංවරශිලි රටක් අපි බිහි කරන්න අවශයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා

ඊයේ පාර්ලිමේන්තුවේ කෙරුණ කතාවලින් ඒ අයම පත්කරපු ජනාධිපතිවරයාව දැඩිව විවේඡනය කරනවා අපි බලන් හිටියා. ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන බව පම්පෝරි ගැහුවා. අවසානයේ සියලු දෙනා වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දුන්නා. මේ සංදර්ශන පෙහොට්ටුවට ඡන්දය දෙන අය බලන්නේ නැහැ. මේ රවටන්නේ එජාපයේ පාක්ෂිකයින්. එජාප පාක්ෂිකයින් රැවටිලා රැවටිලා තවත් රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ගැලරියට කතා කරලා අතයටින් සහාය දෙන එකයි වෙන්නේ.මේකත තමයි එජාපයේ ඉදිරිපෙල පසුපෙල කවුරුත් කරන්නේ.  අපි සන්ධානයට යන්න සාකච්ඡා පැවැත්වෙනව. නමුත් මට පොඩි බයක් තියෙනවා.  ඒ සන්ධානය මැතිවරණයකට ගිහින් අයවැය ඡන්දයට වුනුදේම වෙන්න ඉඩ තියෙනවා. විශ්වාසය තියන්න බැරි මිනිස්සු එක්ක සන්ධාන ගහපුවාම එහෙම සැකයක් ඇති වෙනවා. අයවැයට එරෙහිව ඡන්දය දෙන්න එකග වෙලා ඉදලා අවසානයේ ශ්‍රිලනිප කණ්ඩායම පැනලා ගිහින් හැංගිලා හිටියා.අවසනායේ අපිත් එක්ක සන්ධාන ගහලා අපේ අපේක්ෂකයා දිනන කොට ,  ගිය වතාවේ දින්නත් අගමැති කම දෙන්නේ නැහැ කිව්වා වගේ දෙයක් වෙයිද දන්නේ නැති නිසා ඒ බව ඇති වෙනවා. සන්දනායක් හදන කොට මේ සියල්ල පිළීබද අවධානය යොමු කළ යුතුයි. විශ්වාස කරන්න බැරි පුචද්ගලයෝ එක්ක සන්ධාන ගහලා අවධානමකට වැටෙන්න අවශ්‍ය නැහැ. ජනතාව ඉන්නේ අපිත් එක්ක. අපිටත් ටිකක් කල් යද්දි අමතක වෙනවානේ.  ඒ නිසා  නැවතත් අතීතය මතක් කරලා දෙනගමන් පැනලා ගියපු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බොහොම ස්තූතියි. නැවත අපිට සන්ධානයක් හදද්දි දෙවරක්කල්පනා කරන්න. අමාරුවේ වැටෙද්දි පැනලා දුවන අය එක්කයි අපි සන්ධාන ගහන්නේ කියන කාරණය දැන් අපිට සැලකිල්ලට ගන්න පුලුවන්.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ කොමිෂන් සභා වැය ශීර්ෂ ගැන සාකච්ඡා වුනා. ඉතිහාසයේ වැය සදහා යොදා ගන්නේ රාජ්‍ය ව්‍යාපාර. ස්කාගාර,කැලනි ටයර්, වානේ සංස්ථාව, එයාර් ලංකා වගේ දේවල් තිබුණා රාජ්‍ය ආදායම ලැබෙන. අද වැය ශිර්ෂවලට වැය කරන්නෙ ජනතාවගෙන්. අද වෙද්දි ජනතාවගේ  ඉහට උඩින් බදු නග්ගලා තියෙනවා. ඩියුටි පී වාහන 225 යන අය අහිංසක අයට ගන්න තියෙන වැගන් ආර් එකේ බදු ලක්ෂ 35ක් දක්වා වැඩි කරනවා. අපිට ඉනධනවලට කීය වුනත් කමක් නැහැ ලීටර් ගානට සල්ලි ගෙවනවා. අපි දින 51 තුන්වතාවක් තෙල් මිල අඩු කළා. මේ දින කිහිපයට මේ ආන්ඩුව තුන්වරක් තෙල් මිල වැඩි කළා. පාර්ලිමේන්තුවේ 225ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිය පත්කරන්න ඡන්දය දෙන ජනතාවට පෙට්‍රල් ගහගන්න විදියක් නැහැ. හොද නැහැ කියමින් අරක්කු සිගරැට් මිල වැඩි කරනවා. හොද නැත්නම් තහනම් කළා නම් හරි. සිගරැට්ටුවක් බොන කොට රැපියල් 60ක බදු බොන්න වෙනවා. අරක්කු බෝතලයක් බොද්දි 1000 බදු බොනවා. මේ විදියට ගියොත් බදු බිලා වෙනම ලෙඩක් හැදෙන්න ඉඩ තියෙනවා. වාහනයක් නිෂ්පාදනය කරන ජපානයේ කොම්පැනියකටවත් ලංකාවේ වගේ ආදායමක් ලැබෙන්නේ නැහැ. කාබන් බද්ද වගේ දෙයක් අයකරනවා නම් ඒ අය කරන මුදල් කාබන් නිශේදනය කිරීමේ ව්‍යාපෘතියක් තියෙන්න අවශ්‍යයි. අපි මංගල සමරවීර ඇමැතිතුමාගෙන් අහනවා එතුමා යෝජනා කරන කාබන් නිශේදනය කිරීමේ ව්‍යාපෘතිය මොකක්ද කියලා. අලුත් වාහනවලට කාබන් බද්ද අඩුයි. අලුත් වාහනයෙන් කොළඹ  වටේ රවුම් 100 දුවන මිනිහාට කාබන් බද්ද අඩුයි. 7 ශ්‍රී වගේ කාරයක් වෙසක් පෝයට විතරක් එළියට අරන් වෙසක් බලන්න යන දුප්පත් මිනිහාට කාබන් බද්ද වැඩියි. අවුරුද්ද පරණ නිසා. කාබන් බද්දෙත් ධනවතාට බදු අඩුයි. දුප්පතාට බද්ද වැඩියි. ත්‍රිරෝද රියදුරන් රජයේ රැකියා ඉල්ලන්නේ නැහැ. පාඩුවේ ජිවත් වෙනවා. විශාල ජනතාවක් ප්‍රවාහනය කරනවා. ඔවුන්ගෙනුත් මේ කාබන් බද්ද අයවෙනවා. මැතිවරණ කොමිෂම තියෙනවා. සභාපති ඉන්නවා. නිලධාරින් ඉන්නවා. සේවකයෝ නඩත්තු වෙනවා. වාහන තියෙනවා. මැතිවරණ නැහැ. පොලිස් කොමිෂම තියෙනවා. හරියාකාරයව උසස්විම් නැහැ. පොලිස් නිලධාරීන්ට ශ්‍රීලනීප මන්ත්‍රීවරු පිටිපස්සේ යන්න වෙලා. අල්ලස් කොමිෂම තියෙනවා. අපි පැමිණිලි සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මේවා ගැන විභාගයක් නැහැ.හොදම දේ  විමේ වහලා දාලා වියදම් අඩු කරලා ජනතාවට ජීවත් වෙන්න පහසුකම් සලසන එකයි. ඒ අයගේ නහයට උඩින් වතුර යන්නත් දැන් ළගයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසුරිය මහතා

මොන මාධ්‍ය සංදර්ශනයක් ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කළත් ලංකාවේ මුල්‍ය අර්බුදය උග්‍ර වෙලා. ඒෂියා  මිල දර්ශකයේ 7.6    අඩුවෙලා. මේ වගේ දේවල් නිසා අයවැයේ සමහර යෝජනා දැනටම විහිලු වෙලා ඉවරයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වලින් මිලියන 300ක් හැම පළාත්පාලන ආයතනයකටම වෙන් කරලාලු. ජනාධිපතිතූමා කියනවා මොරගහකන්ද ව්‍යාපෘතියට බිලියන 6ක් ගෙවන්න තියෙනවා තවම මුදල් වෙන් කරලා නැහැලු. ව්‍යාපෘති කරපු අයට තවම මුදල් වෙන් වෙලා නැහැ. මේ විදියට එන්ටර්පුයිස් ශ්‍රි ලංකා පටන් අරන් ගමේ ඉන්න පොඩි ව්‍යාපාරිකයාත් අමාරුවේ දාන්නයි මේ කට්ටිය උත්සාහ කරන්නේ. මෑතකදි රජය ණයක් ගත්තේ 7.85 පොලියට.අවුරුදු 5 බැදුම්කරයකට 6.85 පොලියකටත්, අවුරුදු 10ක බැදුම්කරයකට 7.85ට පොලී අනුපාතයකටත් තමයි මේවා ගන්නේ. අපි අනිත් රටවල් එක්ක බලද්දි තායිලන්තය 2.51යි. වියට්නාමය 4.78, ග්‍රීසිය 3.85යි. මැලේසියාව 3.87යි. අපි ඩොලර් ගෙවද්දි පොලිය විතරක් නෙවෙයි ගෙවන්නේ. රුපියල බාල්දු වුනු මුදලත් ගෙවන්න වෙනවා. උදාහරණයක් විදියට මේ අවුරුද්දේ රුපියල සියයට 26කින් බාල්දු වෙලා. ඩොලර් වලට ගෙවද්දි 8.5ට අමතරව තව රුපියල් 26කුත් හොයා ගන්න වෙනවා. මේ ව්‍යාපෘති කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.. එහෙමනම් කෝහොමද මේ ආන්ඩුව පවත්වා ගෙන යන්නේ.

මේ මුල්‍ය අර්බුදය විසදන්න නම් ආයෝජකයින් තුල විශ්වාසයක් ඇති කළ යුතුයිත මේ ආන්ඩුව කෙරෙහි නම් ආයොජකයින්ට කිසිම විශ්වාසයක් නැහැ. මෙහෙම ගියොත් වෙන්නේ ආර්ථකය කඩා වැටීමයි. එන අවුරුද්දේ මොකක්ද වෙන්නේ. අයවැයෙන් ණය ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මේ ණය අර්බුදයේ අපි දැනටමත් ඉන්නවා. මේ නිසා අපි පුලුවන් ඉක්මනට ණය අර්බුදයෙන් මිදෙන්න ජාතික ප්‍රතිපත්තියකට යන්න වෙනවා. එජාප මන්ත්‍රීවරු මාධ්‍ය සංදර්ශන නොකර රටට ආදායම් ලබා ගන්න පුලුවන් විදි පෙන්වා දෙන්න අවශයයි. අයවැයෙ ආදායම් ලබා ගන්න පුලුවන් එක යෝජනාවක් තියෙනවාද. කෙටිකාලිනව මුදල් සොයා ගැනීමේ ක්‍රමවේද සොයා ගන්න වෙනවා බදු වලට අමතරව.ආර්ථික විද්‍යාවේ කියනවා බදු ගන්න ප්‍රමාණය වැඩි වුනාම රජයට මුදල් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. සියයට 100ක් බදු ගත්තොත් කවුරුත් බදු ගෙවන්නේ නැහැ.සියයට 0 බදු තිබුණත් මුදලක් ලැබෙන්නේ නැහැ. දැන් සීමාව ඉක්මවලා තියෙන්නේ. හැකි ඉක්මනින් මැතිවරණයකට ගිහින් විශ්වාසයක් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවයක් දැන් ඇති වෙලා තියෙනවා.

ප්‍රශ්න – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැවටිමක්ද කරන්නේ

රන්ජිත් සොයිසා – ශ්‍රී ලංකා නිදහස් පක්සය රවටමින් ඉන්නවා නෙවෙයි. ඇතැම් පුද්ගලයෝ අවස්ථාවට උචිත ආකාරයෙන් කටයුතු කරන්න යාම නිසා ඇති වුනු තත්ත්වයක් තියෙනවා. අපි තවමත් විශ්වාස කරනවා මේ ආන්ඩුව පලවා හැරීමට පොදු සන්ධානයක් අවශ්‍ය බව. ඒ වෙනුවෙන් අපි කැප කිරිම් කරමින් සිටිනවා. හොද අවබෝධයකින් යුක්තව අපි කටයුතු කරන්නේ.හිතා මතා රටත් ජනතාවත් අමාරුවේ දමන ක්‍රියාමාර්ගවලට අවතිර්ණ වෙන්නේ නැහැ.

ප්‍රශ්න – ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පිළිබද ඡන්ද විමසිමක් ආවානම් ඔබලා ඡන්දය දෙනවාද

රන්ජිත් සොයිසා – ආවේ නැහැනේ.

තාරක බාලසූරිය – කණ්ඩායම් රැස්වීමේදි සහයෝගයක් දෙන්න අවශ්‍ය බවයි සාකච්ඡා වුනේ.

රන්ජිත් සොයිසා- දෙවැනිවර ඡන්දය පරාජය කරන්නත්, ජනාධීපතිවරයාගේ වැය ශීර්ෂය සදහා බෙදීමක් ආවොත් ඒ සදහා සහාය පලකිරීමක් කරන්නත්  විපක්ෂ නායකතුමා දැන්ම්දීලා තිබුණා. අවාසනාවට එහෙම දෙයක් ආවේ නැහැ.

මාධ්‍ය – මේ විදියට ශ්‍රීලනිපය කටයුතු කරද්දි සාකච්ඡා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද

දිලුම් අමුණුගම – එල්. ටී. ටී. ඊ එකත් එක්කත් සාකච්ඡා නම් තිබුනේ. සාකච්ඡා සාර්ථක වෙන්නත් අසාර්ථක වෙන්නත් පුලුවන්. ශ්‍රීලනිපය පිටි පස්සේ යාමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. බහුතර ජනතාව අපිත් එක්ක ඉන්න නිසා මැතිවරණ දිනන්න නම් ඒ අයට අපි පස්සේ ඒමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ දේවල් සැලකිල්ලට ගනියි සාකච්ඡා පවත්වන අය. ඒ නිසයි මම කිව්වේ සාකච්චා කරන අයට ඉතිහාසය මතක් කර ගන්න මේක හොද අවස්ථාවක්

මාධ්‍ය – සාකච්ඡාවලට සම්බන්ධ වෙන නියෝජිතයින්ට මේ සිද්ධි සම්බන්ධයෙන් දැනුම්දීලාද තියෙන්නේ.

දිලුම් අමුණුගම – එතුමන්ලාව දැන්ම්වත් කරන්න දෙයක් නැහැනේ. එතුමන්ලා පාර්ලිමේන්තුවේ හිටියානේ මේ අවස්ථාවේදී. සියලු දෙනා අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තු ඇවිත් පැනලි ගිය බව දැක්කනේ. අපි කියන්න අවශ්‍යයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඡන්දය පාවිච්චි කළා. කොන්ද තියෙන අයත් ඒ අතරේ ඉන්නවා.

මාධ්‍ය – ජනතාව පෙලන බදු ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ සමයේත් ඒ විදියට බදු වැඩි කළා. ඇයි මේ තරම් ජනතාව ගැන කැක්කුමක් දැන්.

දිලුම් අමුණුගම – බඩු අඩුකිරීම් වැඩි කිරීම් ඒ කාලෙත් වුනා. ඒ කාලේ වැඩි නොකළ යුතු දෙයක් අපි වැඩි කළා නම් ඒක වැරදිලි. අදත් කිරිපිටි තව රැපියල් 60කින් වැඩි වෙන්න තියෙනවා. බදු නැතිව රටකට දුවන්න බැරි බව අපි පිළිගන්නවා.දුප්පත් ජනතාවට බලපාන සියලු කාරණාවලට බදු ගහනවා. ජනතාවට ජිවත් වෙන එකෙන් වැඩක් නැති තත්ත්වයක් ඇති වෙනවා. ජනතාව යන්ත්‍රසූත්‍ර වගේ වෙනවා. අපි බදු ගත්තේ නැහැ කියන්නේ නැහැ. දුප්පත් ජනතාවට සාධාරණයක් වෙන්න අවශ්‍යයි.

රංජිත් සොයිසා – බදු සරල විය යුතුයි. වාහන වලට දුම් වියෝනය කරන බද්දකුත් අය කරනවා. කාබන් බද්දකුත් අය කරනවා. කිසිම රටකට බදු නැතිව දුවන්න බැහැ. ණය ගන්නේනැතිව රටක් ගෙනියන්න බැහැ. අපි බලයට පත්වුනත් මේ දේවල් කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ කිව්වේ මේ බදු සරල විය යුතු බවයි. සමහර බදු අපි අත හැරලා දැම්මා.

තාරක බාලසුරිය – අපි කතා කරන්නේ සමස්ත බදු ප්‍රතිපත්තිය ගැන.ඒ කාලේ ආර්ථික වර්ධන වේගයක් තිබුණා.  අද තියෙන්නේ 3.3 ආර්ථක වර්ධනයක්. රටේ මුදල් නැහැ. ඒ වගේ අවස්ථාවක හැම ක්සේත්‍රයකින්ම බදු ගහලා ජනතාව අමාරැවේ දැමිම ගැනයි අපි කතා කරන්නේ.

මාධ්‍ය – ශ්‍රිලනීප එක්ක සම්මුතියක් තවම නැද්ද

රංජිත් සොයිසා – තවම සම්මුතියක් නැහැ. සම්මුතියක් සදහා උත්සාහ කරනවා.

මාධ්‍ය – දයාසිරි ජයසේකර උත්සාහ කරනවා ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් ගේන්න.

රන්ජිත් සොයිසා – ඒක සාධාරණයිනේ.එතුමා ශ්‍රිලනීප අපෙක්ෂකයෙක් විය යුතුයි කියලා. ජනතාව කියන්නේ පොහොට්ටුව ලකුණින් පොහොට්ටුවේ කෙනෙක් ජනාධිපති කරන්න කියලා. ඒ ප්‍රකාශයේ ගැටලුවක් නැහැ. දැන් සාකච්ඡා පැවැත්වෙනවා. සම්මුතියකට ආවම ප්‍රශ්නය විසදෙනවා. බහුතර මතය ජය ගනියි.

ප්‍රශ්නය – අයවැයේදි ඇයි මේ වගේ සම්මුතියකට එලැඹුනේ නැත්තේ

රන්ජිත් සොයිසා – ඒක හෘද සාක්ෂිය පිළිබද ප්‍රශ්නයක්

දිලුම් අමුණුගම – සම්මුතියකට එළැඹිලා පැයකට කළින් පැනලා ගියා. ඒක තමයි ඇත්ත කතාව. අර සම්මුතිය ගැනත් බලන්න වෙයි සාකච්ඡා කරද්දි. ඡන්දෙට පැයකට කලින් පැනලා ගියොත් අමාරැවේ වැටෙනවා.

තාරක බාලසූරිය – ශ්‍රීලනිපයේ සමහර අය තුන්වැනි බලවේගයක් විදියට කටයුතු කලොත් ඒ අයට හැමදාම කැබිනෙට්ටුවේ ඉන්න පුලුවන් කියලා විශ්වාස කරනවා. ඒක තමයි යථාර්ථය. ඒ අය දේශපාලන ඉතිහාසය දිහා බැලුවාම ආන්ඩුවක් පෙරලන්න යද්දි බහුතරයක් ජනතාව කේන්ද්‍ර වුනේ ශක්තිමත් බලවේගයත් එක්ක. 1989 මහජන එක්සත් පෙරමුනෙන් මන්ත්‍රීවරු තුන් දෙනෙක් හිටියා. 94දි එක්කෙනෙක්වත් ආවේ නැහැ. එජාපය පරාජය කරන්න නම් පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න අවශ්‍යයි කියලා ජනතාව තිරණය කරපු නිසයි එහෙම වුනේ.මේ අය තුන්වෙනි බලවෙග්යක් වෙනවා කිව්වාට රටේ අවශ්‍යතාවය තියෙන්නේ තියෙන්නේ ඒ අය තුන්වෙනි බලවේගය වෙන එක නෙවෙයි. මේ ආන්ඩුව පුලුවන් ඉක්මනින් ගෙදර යැවිමයි

2 Responses to “අයවැය දෙවැනිවර කියැවීමේදී විපක්සයේ බහුතර ඡන්දයෙන් පරාජය කරන්න එකගතාවයකට ආවා, නමුත් එජනිස මහලේකම්වරයා ඇතුලු කණ්ඩායම ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා.”

  1. Charles Says:

    It is times That thé Sri Lanka Podujana Peramuna décidés tô go it alone. Wé cannot dépend on SLFP. Dayasiri Jayasekara is tio ambitious and it is difficult with him as it is with Duminda Dissanayake tô agréé tô form a United Front. SLPP with thé correct propaganda can certainly win thé élections without tagging along with SLFP. SLFP is a dead party it cannot bé revived not with people liké Duminda Dissanayake, Dayasiri Jayasekara, Nimal Siripala de silva Sarath Amunugama, Mahinda Samarasinghe and with those bastards who have joined thé UNP and also with Kumara Welgama.

  2. Dilrook Says:

    Sirisena cannot be trusted.

    He fooled Mahinda at least 6 times so far in the past 5 years. There should be a limit Mahinda gets fooled.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress