රණවිරුවන්ට උපහාර
Posted on May 18th, 2019

සේනක වීරරත්න

ත්‍රස්තවාදය අපරට වෙලාගත් අඳුරු යුගයකදී සිය උපන් බිම වෙනුවෙන් සටන් කර දිවි පිදූ ඔව්හු සැබෑ දේශප්‍රේමින් වූහ.

ඒ මියගිය විරුවන් කෙරෙහි දක්වන ප්‍රණාමය සහ ඔවුන් වෙනුවෙන් නැගී සිටීමේ යුතුකමින් අපට කිසි ලෙසකින් වත් ඉවත්විය නොහැක. ඔවුන් පිලිබඳ මතකය අප තුල සදහටම තිබිය යුතුවා පමණක් නොව ඔවුන්ගේ ප්‍රතිරූපය විනාශ වීමටද ඉඩ තැබිය නොහැක.

නුදුරු අතීතයේ අප විඳි කටුක අත්දැකීම් නැවතත් මතුවීම වැලැක්විය හැක්කේ ඒ විරුවන් පිලිබඳ මතකය අප තුලත් අපේ දරුවන් තුලත් සැමදා රඳවා ගැනීමෙන් පමණි.

ඒ විරුවන් අවමානයට ලක් කිරීමට ඇතැමුන් ලංකාව තුලත් ඉන් පිටතදීත්, ජාත්‍යන්තර රස්වීමවලදීත් නැවත නැවත තැත් කලද උපන් දේශය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම, ආත්ම පරිත්‍යාගය සහ ජීවිත පූජාව මිළ කල නොහැක. ඒ තාරුණ්‍යයේ ආධ්‍යාත්මයයි. එය නොමැතිව කිසිම රටකට ජාතියකට පැවතිය නොහැක.

සේනක වීරරත්න

image.png

One Response to “රණවිරුවන්ට උපහාර”

  1. Christie Says:

    THE DAY OF: Wiping out of the Indian terrorist outfit trained, armed, financed, managed and branded Tamil Tigers by India. 18 05 2009

    Easter attack Looks like another Indian Job.
    India knew and informed its good friend Saudi Arabia about the coming attack.
    Indian Moles must have been among the Terrorists and organized everything.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress