වැරදි පිළිගන්න කිරිඇල්ල සූදානම්
Posted on September 24th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පාක්ෂිකයන්ට රැකියා ලබාදීම වැරැද්දක් නම් තමා එය පිළිගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඒ,  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට නීතියට පටහැනිව සේවකයින් බඳවාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළ විමර්ශනයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේද මෙවැනි පත්වීම් ලබාදී ඇති බවයි.

ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරුන් වැරදි පූර්වාදර්ශ සිදු නොකර නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress