රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙන් හෙළිදරව්වක්
Posted on November 1st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමටනම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලෙසට බ්‍රිතාන්‍යයේ සිට තමන්ට දුරකථන ඇමතුම්ලැ බුණු බවට රණවිරු අයිතිවාසිකම් ජාතික බලවේගය අද හෙළිදරව්වක් කළා.

මේ අතර 2016 වසරේ ආබාධිත රණවිරුවන් සිදුකළ උද්ගෝෂණයකට සහය පළ කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුවකට සහභාගිවීම සඳහා අද දස වන වතාවටත් භික්ෂූන්වහන්සේ කොටුව අධිකරණ සංකීර්ණයට වැඩම කර සිටියා.

2016 වසරේ ආබාධිත රණවිරුවන් පැවැත්වූ උද්ඝෝෂනයක් අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ඊට සහය දුන් බව පවසමින් භික්ෂූන්වහන්සේට 2018 වසරේ ගොනු කළ නඩුවකට සහභාගිවීම සඳහා අද එම භික්ෂූන්වහන්සේ කොටුව මහේසත්‍රාත් අධිකරණයට කැඳවා තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress