සජිත්ට, දෙමළ සන්ධානයේ සහය – කොන්දේසිවලට එකඟ වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා
Posted on November 4th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

දෙමළ ජාතික සන්ධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. <br /><br />එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම තීරණය ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දීමට කටයුතු කරන බවයි.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂවලින් සැදුම් ලබන අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව ඊයේ නිවේදනය කළා

දෙමළ සන්ධානයේ තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කරන එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පළ කළේ මෙවන් අදහසක්.

‘‘ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඊයේ තීන්දුවක් අරගත්තා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න. දෙමළ ජාතික සන්ධානය විදියට අපිත් ඒ තීන්දුව පිළිගන්නවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මේ තීරණයම අපි ගත්තා.

අපි ගත්ත තීරණය හරි. නමුත් අපි යළි රැස්වනවා. අපේ මේ, තීරණය ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දෙනවා. ’’

කෙසේ වෙතත්, විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස දෙමළ පක්ෂවල කොන්දේසි වලට එකඟත්වය පළ කිරීම නිසා සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress