ශ්‍යාම් සෙල්වදොරේ පිළිබඳව
Posted on November 8th, 2019
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ශ්‍යාම් සෙල්වදොරේ ඉගෙනුම ලැබුවේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ය. මට ඔහුව කිහිප වතාවක් යෝක් විශ්ව විද්‍යාලයේදී හමුවී තිබේ. ඔහු මට වඩා ජේෂ්ඨ සිසුවෙකු වූ අතර ඔහු අධ්‍යනය ලැබුවේ යෝක් හි කීල් කැම්පස් එකේ වන අතර මා අයත් වූයේ යෝක් හි ග්ලෙන්ඩන් කැම්පස් එකටය.

යෝක් විශ්ව විද්‍යාලයේ නොයෙකුත් වැඩසටහන් වලට ශ්‍යාම් ඒමට පුරුදුව සිටියේය. යෝක් විශ්ව විද්‍යාලයේ ශක්තිමත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සංසදයක් තිබේ. මොවුන් බොහෝ දෙනෙකු කොටි හිතවාදී සිසුන් වූ අතර විශ්ව විද්‍යාලයේ එල්.ටී.ටී.ඊ ධජය ප්‍රදර්ශනය කරමින් නොයෙකුත් රැස්වීම් සංවිධානය කිරීම් කරන ලදි. මොවුන්ට ශ්‍යාම් සෙල්වදොරේව තමන් ගේ එල්.ටී.ටී.ඊ ධජය යටතට ගෙන ඔහු ලවා ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් සංහාරය කරනවා යැයි කීමට අවශ්‍ය වූ නමුදු ඔවුන් ගේ අතකොළුවක් වීම ශ්‍යාම් ප්‍රතික්ශේප කලේය. එහෙත් සත්‍ය වශයෙන් ශ්‍යාම් සෙල්වදොරේ 1983 ජාතිවාදී ප්‍රහාර වල වින්දිතයෙකි. එහෙත් ඔහු ලංකාවට එරෙහිව ඔවුන් සමග සිට ගත්තේ නැත. ශ්‍යාම් සෙල්වදොරේ හදවතින්ම ශ්‍රී ලාංකිකයෙකි.