බිලියන 90ක එල්.එන්.ජී. ගනුදෙනුව ගැන අමරවීර වාර්තාවක් කැදවයි
Posted on December 2nd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රුපියල් බිලියන 90කට අධික මුදලක් රජයට අහිමි කර ඇති බව පැවසෙන එල්.එන්.ජී. ගනුදෙනුව සම්බන්ධව වහාම වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. හෙවත් ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවති අතර, එහිදී මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එහිදී හෙළි වී ඇත්තේ සියයට 63ක රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව භාර නොදී චීන සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි.

එමගින් රජයට රුපියල් බිලියන 90ක මුදලක් අහිමි වී ඇති බවයි එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම ගනුදෙනු සම්බන්ධ සවිස්තර වාර්තාවක් වහාම ලබාදෙන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress