ඉන්දු ලංකා සබඳතා පිළිබඳ සිරිමා මැතිණයගෙන් පාඩමක්
Posted on December 4th, 2019

මතුගම සෙනෙවිරුවන්

            වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝඩි අගමැති තුමාගේ  ආරාධනයෙන් ඉන්දියාවට සැපත් වූ අවස්ථාව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමක් වෙයි. එහෙත් එම සංචාරයේ දී මෝඩි ජනාධිපතිවරයා කළ කතාවෙන් ගම්‍ය වනුයේ ඔවුන් තවදුරටත් අන්‍යාකාරයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන ආකාරයයි. මෙය දීර්ඝ කාලීනව හිතකර තත්ත්වයක් නොවේ. වසර හතරහමාරක් තිස්සේ රට තුළ පැවති අස්ථාවර තත්වයත් ව්‍යවස්ථා අර්බුදයත් නිසා එළඹෙන මැතිවරණය තෙක් මේ රටේ ශක්තිමත් පාලනයක් ස්ථාපිත වීම පමා වීමට තියෙන ඉඩකඩ වැඩිය. එවැනි අවස්ථාවක ඉන්දීය සබඳතා නිවරදී කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මෙහිදී අපට සිහිපත් වන්නේ හිටපු අගමැතිණියක වන සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ දේශපාලන ධූර කාල වලදී ඇය එඩිතරව ගත් තීරණයන් සහ ඉන්දු ලංකා සබඳතා නිවරදි ආකාරයටඉ කළමනකරණය කර ගත් ආකායයි.

            1960 වසරේ ඇය මේ රටේ අගමැති ලෙස පත්වූ පසු එම රජය ඉදිරියේ තිබූ බලවත් ප්‍රශ්ණයක් වූයේ ඉන්දියානු පුරවැසි ගැටළුවයි. අනෙක කම් කච්චතිවු දූපත පිළිබඳ ප්‍රශ්ණයයි.මේ ප්‍රශ්ණ දෙක සමථයට පත් කිරීම පිණිස ඇය සිය රාජතාන්ත්‍රික ඥානය යොදවමින් රාජ දූතයන් මගින් අදහස් හුවමාරු කරගත් බව පැවසේ. එහිදී වැදගත් වනුයේ සිරිමා මැතිණිය ස්වොත්සාහයෙන් යටගිය කරුණු අධ්‍යනය  කර ගත් ආකාරයයි. මෙහි ප්‍රතිඵලය වූයේ ඉන්දියානු පුරවැසියන් රැසක් ආපසු ඉන්දියාවට පිටත් කර යැවීමට හැකි වීමයි. ඩඩ්ලි සේනානායක රජය මේ ප්‍රශ්ණය අවුල් කර තිබුණද සිරිමා මැතිණිය එය යළි නිවැරදි තනට තල්ලු තර  ගනිමින් එසේම උඩරට ජීවත් වූ සිංහල වැසියන්ට අසාධාරණයක් නොවන පරිද්දෙන් විසඳීමට උත්සාහ ගත් ආකාරය දැක්විය හැකිය. ඇය මේ ප්‍රයත්නය පිළිබව එදා ජාතික රජ්‍ය සභාවේ දී විශිෂ්ට කතාවක් කළේය. එය මෙලෙස දැක්විය හැකිය.

      මේ ප්‍රශ්ණය පිළිබඳව අභවප්‍රාප්ත ඩඩ්ලි සේනානායක මහතා විසින් 1968 සහ 1969 යන වර්ෂ වලදී ඉන්දීය අගමැති සමග සකච්ඡා පවත්වන ලද නමුත් කිසියම් සම්මුතියකට එළඹිමට අපොහොසත් වුණා. මේ ප්‍රශ්ණය පළබඳ මා සාකච්ඡා ආරම්භ කලේ 1973 අප්‍රි යෙල් මාසයේ දී ඉන්දිරා ගාන්ධි මැතිණිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී යි.මේ සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් අප රටවල් දෙකේ ජ්‍යෙෂ්ට නිළධාරීන් ලවා මේ ප්‍රශ්ණයට අදාල කරුණු ගැන විමසා බලවා වාර්තාවක් ලබා ගැනීමට තීරණයක් ගත්තා. ලබා ගත් සියලුම ඓතිහාසික හා වෙනත් සාධක සාක්ෂි නීතිමය කරුණු ආදිය ගැන ඉතා හොඳින් විමසා බලන ලෙස නිළධාරීන්ට නියෝග කලා.මේ නිළධාරීන් කොළඹදී සහ නව දිල්ලියේ දීත් සාකච්ඡා මාලාවක් පවත්වා අදාල කරුණු ගැන ඉතා හොඳින් සලකා බලා  වාර්තාවක් ඉදිරිපත් කලා. මේ සාකච්ඡා වලදී අප කච්චතිවු දූපත ගැන පමණක් වෙන්කොට ගෙන සලකා බැලුවේ නැහැ.පොක් සමුදු සන්ධීයේ සිට ආදම්ගේ පාළම -ඇඩම්ස් බ්‍රිජ් දක්වා ඇති මුහුදු මායිම් සළකුණු කර ගැනීමට තීරණය කලා.එසේ කිරීම මේ ප්‍රදේශයේ  අපේ ඛනිජ සම්පත් සොයා ගැනීමට හා සංවර්ධනය කිරීමට දීර්ඝ කාලීනව අපට වාසියක් හා වැඩි ප්‍රයෝජනයක් ගෙන දෙන ක්‍රියා පිළිවෙලක් වන බව පැහැදිළියි.

         පේදුරු තුඩුවේ සිට වයඹ දෙසට නාවක සැතපුම් 18 ක් පමණ ඈතින් පිහිටි ලක්ෂයක සිට ආදම්ගේ පාලම දක්වා නාවික සැතපුම් 80 ක් ක් පමණ දිගට වැටෙන මුහුදු මායිමත් මේ ගිවිසුමෙන් සලකුණු කෙරෙනවා. මේ මුහුදු මායිම කච්චතිවු දූපතේ සිට බටහිරින් නාවුක සැතැප්මකට ඈතින් වැටී ඇති බැවින් එම දූපතේ අයිතිය එහි ආධිපත්‍ය ගැන මතභේදයක් හෝ අර්බුදයක් මින් ඉදිරියට කිසි කලෙක උද්ගත වන්නේ නැහැ. මුහුදු මායිමෙන් තම රට පැත්තට වැටෙන මුහුදු තීරය හා ගොඩබිම පිළිබඳ පරමාධිපත්‍ය සහ සම්පූර්ණ අධිකරණ බලය ඒ ඒ රටට අයිති වනවා.රටවල් දෙකේම ධීවරයන් මසුන් අල්ලන වාරයන් තුළදී සහ වන්දනා කරුවන් ආගමික උත්සව පවත්වන මාර්තු මාසයේ දී මේ දිවයිනට පැමිණෙනවා. ඉන්දියානු  වන්දනා කරුවන්ට ගමන් බලපත්‍ර හෝ වීසා නැතිව දිවයිනට පැමිණීමට ඉඩ සැලසෙනවා.

       එක් එක් රටට අයිති මුහුදු තීරයේ අනිත් රටේ මුහුදු යාත්‍රා විසින් අතීතයේ සිට සිරිත් පරිදි යාත්‍රා කිරීමට ලබා තිබුණු අයිතිවාසිකම් එසේම පවතීවි. මුහුදු මායිමේ සිට තම රට දෙසට වැටෙන ප්‍රදේශයේ ඛනිජ තෙල් ඇතුලු සියලුම ඛනිජ සම්පත් සොයා ගැනීමට සංවර්ධනය කිරීමට හා ප්‍රයෝජනය ගැනීමට එක් එක් රටට සම්පූර්ණ නිදහස හා අයිතිය ලැබෙන අතර සමුද්‍ර දේශ සිමාවෙන් එහා පැත්තක සිට අනෙක් පැත්තට විහිදී  පිහිටා ඇති ඛනිජ ඉල්ලම් ආදිය වඩාත්ම ප්‍රයෝජනවත් හා ඵලදායි ලෙස හාරා ගැනීම ගැන දෙරට අතර සම්මුතියක් ඇති කර ගැනීමට අවශ්‍ය විධි විධාන සලසා දී තිබෙනවා.

        සිරිමා බණ්ඩාරනායක මැතිණියත් ඉන්දිරා ගාන්ධි මැතිණියත් අතර අත්සන් කරන්නට යෙදුණු මේ දේශ සීමා ගිවිසුම  වගන්ති අටකින් සමන් විත වන අතර  එහි පළමුවන වගන්තියෙන් දැක්වෙන්නේ මේ දෙශ සීමාවේ අක්ෂාංශ සහ දේශාංෂයන්ය. එහි තෙවනි වගන්තියෙන් පැහැදිලි වන්නේ ඉන්දියානු ධීවරයන්ට සහ වන්දනා කරුවන්ට ආගමික උත්සව අවස්ථාවලදී කච්චතිවු දූපතට පැමිණීමට ඉඩ සැලැස්වීමයි. 1974  ජූනි මස 24  දින අත්සන් කරන්නට යෙදුණු මෙම ගිවිසුම  කියවා බැලූ කල්හි අද පවතින අර්බුදකාරී ප්‍රශ්ණයන්ට පැහැදිලි විසදුමක් සෙවිය හැකි වේ. ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට පත් ඉන්දියානු ධීවරයන් සහ යාත්‍රා නිදහස් කර ගැනීමක් ගැන ගෝඨාබය රාජපක්ෂ මහතා ඉන්දියාවට පිවිස කල්හි කතා බහක් ඇති විය. එම සාකච්ඡාවට වඩා වැදගත් වන්නේ මෙම ගිවිසුමයි. මේ ගිවිසුම ගැන නොදැන එකිනෙකාගේ බලවත් කම අනුව මේ ප්‍රශ්ණයන් විසදීමට හැකි නොවේ.

      අනෙක් ගිවිසුම නම් ඉන්දියානු පුරවැසියන් සඳහා වූ ගිවිසුමයි. 1964 වසරේ ලාල් බහාදූර් ශාස්ත්‍රී මහතා සමග එළඹ ගත් මේ ගිවිසුම අනුව ලංකාවේ වතු කම්කරුවන් 825000 න් පන්ලක්ෂ විසිපන්දාහක් ඉන්දියාවට යැවිය යුතු විය. එයින් ලංකාවේ පුරවැසි කම් හිමි විය යුතුව තිබුණේ 125000 කට පමණකි. නමුත් සිරිමා මැතිණියගේ  පාලනය බිඳ වැටීමෙන් පසු ඇති වූ තත්ත්වය මත ඩඩ්ලි සේනානායක රජය මේ වතු කම්කරුවන් ඉන්දියාවට යැවීම ගැන බලවත් උත්සායක නිරත වූයේ නැත. ඒ වෙනුවට ගිවිසුමේ සඳහන් කර්යයන් අවුල් කළහ. පසුව  සමගි පෙරමුණ රජය සිරිමා මැතිණියගේ මූලිකත්වයෙන් බලයට පත් වූ පසු කළ මුල්ම කාර්යයන් අතර මේ ඉන්දියානු පුරවැසි ප්‍රශ්ණය විසඳීමට කාලය ගත කිරීම විය. මේ සම්බන්ධව සිරිමා මැතිණිය 1974 ජූලි මස 23 දින ජාතික රාජ්‍ය සභාවේ දී පළ කළ අදහස් මෙසේය.

              1970 ද මා නැවත අගමැති පදවිය භාරගත් පසු පළමුවෙන්ම කලේ මා අත්සන් කළ ගිවිසුමේ කොන්දේසිත් පසුගිය ආණ්ඩුව විසින් සම්පාදනය කල ව්‍යවස්ථාවත් අතර තිබුණු මූලික වෙනස නැති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමයි. ඒ වාගේම මම පියවර ගත්තා ගිවිසුම සාර්ථක ලෙසත් වඩා වේගයෙනුත් ක්‍රියාත්මක කිරීමට.මේ සඳහා අර්ථසාධක අරමුදල් ආපසු ගෙවීමේ ක්‍රියා පටිපාටිය සහ වත්කම් එතෙර ගෙන යෑමට අවශ්‍යබලපත්‍ර නිකුත් කිරීමෙ වැඩ පිළවෙල වඩා ලිහිල් සහ ඉක්මනින් නිම කළ හැකිවන අයුරු සකස් කලා. ඉන්දියානු පුරවැසියන් ලෙස භාරගන්නා ලද අය ඉක්මනින් ආපසු ඉන්දියාවට පිටතකර යැවීම සඳහා වතු පාලකයන්ගේ උනන්දුව සහ ක්‍රියාකාරි සහයෝගය ලබා ගත්තා. මුල් අවධියේ දී ඇති වූ පූමාදය නිසා ගතවූ කාලය තුල ඇතිවූ අඩුපාඩුව පිරිමසා ගැනීම සඳහා  ඉන්දියානු පුරවැසිකම් ලැබූ අය ආපසු ඉන්දියාවට පිටත්කර යැවීමේ වැඩ පිළවෙල වඩාත් වේගවත් කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සහ ක්‍රම ගැන ඉන්දරා ගාන්ධි මැතිණීය සමග සාකච්ඡා කිරීමට එතුමිය 1973 අප්‍රියෙල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථාව උපයෝගී කර ගත්තා. ඉන්දියාවට ආපසු පිටත්කර යවනු ලබන්නවුන් ගේ සංඛ්‍යාව වර්ෂයක් පාසා සියයට දහයකින් වැඩි කිරීමට එතුමිය එකඟ වුණා. ඒ ක්‍රමය අනුව පන්ලක්ෂ විසිපන්දාහක් ආපසු ඉන්දියාවට පිටත් කර යැවීම 1981 වන විට සම්පූර්ණ කර අවසාන කිරීමට හැකිවනාවඇති. ඉතිරි හැත්තෑපන්දාහ ආපසු යැවීම 1983  ජූනි මාසය වන විට අවසන් කළ හැකි වනවා.

         සිරිමා මැතිණිය සද් භාවයෙන් කළ මේ කටයුත්ත සම්පූර්ණ වූවානම් අද මලය කඳුකරයේ දෙමළ ජාතිවාදී ප්‍රවණතාවන් දේශපලඥයන් හරහා සුදු වන්නේ නැත. එහෙත් එම රජය බිඳි වැටීමෙන් පසු 1977 පත් වූ ජේ.ආර්. ජයවර්ධන රජය මේ ඉන්දියානු පුද්ගලයන් ආපසු නොයවා ඔවුන්ට දිව්රුම් පෙත්සමක් මගින් පුරවැසි කම ප්‍රදානය කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්  කඳුකරයේ දෙශපාලඥයන්ට අද සිය පිරිස වන වතු කම්කරුවන් ගේ චන්දය වෙන්දේසි කිරීමේ හැකියාව ලැබී තිබේ. කෙසේ වෙතත් එදා සිරිමා මැතිණිය ගත් දූරදර්ශී තීරණ ආදර්ශයට ගැනීම අදට ඉතාමත් කාලෝචිය.   13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුය යන්නෙන්  සිහින් තරවටුවක් ගෝඨාභය රාජපක්ෂට කරන්නේ ඉන්දු ලංකා ගිවිසුමක් එද අත්සන් කර ඇති බැවිනි. නමුත් එයටත් පෙර ඉන්දියානු ලංකා ගිවිසුමක් ඇති බවද ඉන්දියාවට මතක් කර දිය යුතුය. පසුගිය කාලයේ දී මෝඩි අගමැති වරයා මලය කඳුකරයට විත් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනට මැද්දනේ සිට ගෙන රටට රජයට කළ බල පෑම කාහටත් අමතක වී නැතිවාට නිසැකය. ඒ බල පෑම නිසා අඹ ගමුව ප්‍රාදේශීය සභාව  තුනකට කැඩීමට රනිල් වික්‍රමසිංහ යොමු විය. නෝර්වුඩ් හා මස් කෙළිය යනුවෙන් දෙමළ දේශපාලඥයන්ට ඇරුණු පළාත් පාලනයක් ඇති කිරීම කළ මේ බලහත්කාරය කිසි සේත් නීත්‍යානුකූල නැත. එම ප්‍රයත්නය පරාජයට පත් කරලීමට මහින්දරජපක්ෂ යන්  ද කිසිම උත්සාහයක නිරත වූයේ නැත.. 2019 ජනපතිවරණයෙන් ඔප්පු වූයේ ඒ චන්ද වෙන්දේසිය පුස්සක් බවයි. මෙවැනි කරුණු  ආදර්ශයට ගැනීම මගින් 2019 දේශප්‍රේමී ජනතා ජයග්‍රහණය ශක්තිමත් කළ හැකිය. ද හින්දු පුවත්පතට ගේඨාභය රාජපක්ෂ දුන් සම්මුඛ සාකච්ඡාවේ දී 13 ගැන දැක්වූ අදහස් වඩා ප්‍රතිඵලදායක කරගන්නට නම් ඉන්දියානු සීමාව ගැන තර්කානුකූලව අදහස් දැක්වීමට සමත් විය යුතුය. සිරිමා මැතිණියගේ විශිෂ්ට ආදර්ශය එයට හොඳින්ම ප්‍රමාණවත්ය.

මතුගම සෙනෙවිරුවන්

One Response to “ඉන්දු ලංකා සබඳතා පිළිබඳ සිරිමා මැතිණයගෙන් පාඩමක්”

  1. Ancient Sinhalaya Says:

    Patriotic Sirima negotiated Sirima Shasthri Pact and 650,000+ tamils volunteered to go back. While the
    repatriation going on Sirima lost the elections when traitor alugosuwa (to Sinhalse Buddhists only) [email protected] promised
    ata atak. In the end [email protected] gave only 6 six less. Then traitor alugosuwa [email protected] abolished the Sirima
    Shasthri Pact and gave citizenship to all 650,000+ tamils for their votes. Today, they must be numbering 4
    million? For a greater drealam. The recent elections showed it clearly. Still GooandPee some Sinhala dhrohiyas?
    of course, of course for a packet of rice etc. etc.

    Now PM Modi introducing a Bill to bring in hindus from other countries. Sri Lanka should encourage these tamils to
    go there since their hearts and loyalties lie across the waters. Traitors sambandaya (one foot in the grave still hatred
    filled eyes), church acolyte sumanthira (free education to be a lawyer, still trying for a drealam while living all over
    the country comfortably. The government should kick these traitors from our soil. No better time than this. These
    out and out traitors. We didn’t bring any of these fake natives. Send them to their beloved tn where their hearts
    and loyalties are!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress