රාජිතගේ සමීපතමයෙකු සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්
Posted on December 12th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම විකුණමින් රුපියල් කෝටි 100 ක මුදලක් එක්රැස් කිරීමේ ජාවාරමක නිරත වන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක ප්‍රකාශ කළා.
එම ජාවාරම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.