SMIDEX 2019 ජාතික සම්මාන උළෙලේදී විශිෂ්ඨතම කර්මාන්තය කොළඹ දිස්ත්‍රික්කයෙන්.
Posted on December 23rd, 2019

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇගැයීම හා දිරි ගැන්වීම සඳහා දිවයිනේ සියළුම පළාත් ආවරණය කරමින් ක්ෂේත්‍ර 14 ක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇගයීමට ලක්කර, සම්මාන ප්‍රදානය කිරීම 2019.12.20 වැනි දින ප.ව. 2:00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය. මෙහිදී පළාත් හා ජාතික මට්ටමින් විශිෂ්ඨ ව්‍යාවසායකයාන් සඳහා සම්මාන ප්‍රදාන කිරීම සිදුවිය.

මෙම සම්මාන උළෙලේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා වැඩි වටිනාකමින් යුත් ජාතික සම්මාන හා පලාත් සම්මාන වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.

ලංකාවේ විශිෂ්ඨතම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය ලෙස ප්ලැටිනම් ජාතික සම්මානය කොළඹ දිස්ත්‍රික්කයේ ලංකා ස්පයිස් පුද්ගලික  සමාගම (Mac Curry) විසින් හිමිකරගන්නා ලදී.

තවද ලුහු ඉංජිනේරු ක්ෂේත්‍රයේ ජාතික ස්වර්ණ සම්මානය තොටවත්ත ඉංජිනියරිං වර්ක්ස් ආයතනයද, රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත යටතේ ජාතික ස්වර්ණ සම්මානය ලේටෙක්ස් ලංකා පුද්ගලික සමාගම (WAPP), ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ජාතික  ස්වර්ණ සම්මානය ලංකා ස්පයිස් පුද්ගලික  සමාගම හිමිකරගන්නා ලදී.

මේ අතර සෙව්කො පේපර් කෝපරේෂන් පුද්ගලික සමාගම හා ජවානා ග්‍රැ‍ෆික් (Panther) පුද්ගලික සමාගමද  ජාතික රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව පළාත් සම්මාන 5ක් දිනා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්තවලට හැකිවිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress