අග්‍රාමාත්‍යතුමා පුවක්දණ්ඩාව, පන්ථාරාම විහාරාධිපති හිමියන්ගේ සුවදුක් විමසයි
Posted on September 1st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බෙලිඅත්ත, පුවක්දණ්ඩාව, පන්ථාරාම මහා විහාරයේ විහාරාධිපති, දෙහිගහහේනේ ඥානවිමල හිමියන් බැහැදැකීමට අද 2020.09.01 දින බෙලිඅත්ත පුවක්දණ්ඩාව පන්ථාරාම විහාරස්ථානයට ගිය  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විහාරාධිපති හිමියන්ගේ සුව දුක් විමසා බැලුවේය.

රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන ඥානවිමල හිමියෝ අග්‍රාමාත්‍යතුමාට මෙහිදී අනුශාසනා කළහ.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, දකුණු පළාත් සභාවේ  සභාපති සෝමවංශ කෝදාගොඩ මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress