යස්මින් සූකා කොටි උපාසිකාවට පොටෝ මාරුවීම
Posted on September 8th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph,D.

නොබෝදා කොටි ඩොලර් උපාසිකා යස්මින් සූකාට සිදුවූ අකරතැබ්බයක් ලංකාවේ මාධ්‍යවලින් වසන්‌කර තිබුණේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධූරය වැනසීමේ ව්‍යාපාරයට උඩගෙඩි දෙන මැය, ලංකාවේ ඩොලර් කාක්කන් සමඟ හවුල්වී පින්තූර සටහනක් සදා එය ලංකා ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ නැවත නැවත පලකරවා ගත්තේය. එය ඇගේ ජාත්‍යන්තර ලංකා සත්‍යය හා යුක්තිය නම් සංවිධානයේ වැඩකි. මේ උපාසිකාවකගේ සත්‍යය හා යුක්තියට අදාල භාවනාවත්, ලක්‍ෂ සංඛ්‍යාත විශ්‍රාම ගත් හා නොගත් නිලධාරීන්ගෙන් කීපදෙනක් ගෝඨාභය විසින් තමාට ලංකර ගැනීමත් අතර ඇති සම්බන්‌ධය කුමක්ද?

එහි අරමුණවූයේ ගෝඨාභය වටකරගෙන ඉන්නේ යුදහමුදා නිලධාරීන් පිරිසක් යයි කියමින් ඔවුන්ගේ පින්තූර ලෝකයාට ප්‍රසිද්‌ධ කිරීමය. මෙහි යටි අරමුණ යහපාලනකාරයින්ගේ අළුත් නීති යටතේ මේ අය රටින් පිට ගියවිට යුද අපරාධකාරයින් සේ ඔවුන් අත් අඩංගුවට ගන්නට ඒ රටවල කොටි නියෝජිතයින්ට උල්පන්දම් දීමය. කෙතරම් තදියමින් අපරීක්‍ෂාකාරී ලෙස ඇය මෙය කලාද කිව්වොත්. මේජර් ජෙනරාල් සුරේෂ් සලි ගේ නම දමා එයට බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස්ගේ පින්තූරය දැම්මේය. මෙය මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමකි.

මේ නිසා රවීන්ද්‍ර ඩයස් ලක්‍ෂ පනහක වන්දියක් ඉල්ලා සූකාට එන්තරවාසියක් යැවුවේය. සූකා දණ ගැසුවේය. කල වරදට සමාව ඉල්ලුවේ ඇය සත්‍යය වෙනුවෙන් පෙනී සිටින නිසා බව පවසමිනි. යමෙකුට හානියක් කිරීමට සිතා වරදක් කර පසුව ඒ වරද පිළිගෙන සමාව ඉල්ලීම ලක්‍ෂ පනහ බේරා ගැනීමේ උපායක් පමණය. සූකාගේ එන්.ජී.ඕ එකටත්, එහි ඉන්නා ලංකාවේ ඩොලර් ඔත්තු කරුවන්ටත් මෙසේ හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමට ඇති ඉඩකඩ ඇසිරීමට නීති කෙටුම්පතක් හදන ලෙස සුසන්තා ගුණතිලකට භාරදී තිබීම වැදගත් මේ නිසාය.

සූකිගේ අක්කා, නවනීතම් පිල්ලේ 2013 දී ප්‍රශ්ණ කලේ නිදහස් මන්දිරයේ බෞද්‌ධ කොඩියක් දමා ඇත්තේ ඇයිද කියාය.
Who is afraid of the Buddhist flag? (Educating Navanethem Pillay)
http://www.lankaweb.com/news/items/2013/09/04/who-is-afraid-of-the-buddhist-flag-educating-navanethem-pillay/

මොවුන්ට මෙසේ ලංකාව පාපිස්සක් සේ සළකන්නට ඉඩ දුන් යුගය 2020 න් පසු අවසාන වේය යන්න රටේ සිංහලයින්ගේ බලා පොරොත්තුවය. පිල්ලේව කසාද බඳින්නට මර්වින් සිල්වා විසින් ඇයට කල යෝජනාව, ඇයට දිය හැකිවූ හොඳම පිළිතුර නොවේ. නියම පිලිතුර දීපිකා උඩගම, නිර්‌මලා ප්‍රනාන්දු වැනි ලංකාවේ ඉන්නා ඇගේ හා සූකාගේ නංගිලා මොනිටර් කිරීමය.

රට තුල මෙවන් මඩ අසත්‍ය ප්‍රචාර කරගෙන යන එන්.ජී.ඕ. ඩොලර්‌කාක්කන්ට විරුද්‌ධව නඩු පැවරීමට රවීන්ද්‍ර ඩයස් ගත් ක්‍රියාව, සෙසු හානියට පත්‌වන අයටද ධෛර්යයක් වනු නිසැකය. සූකාගේ සමාව ගැනීම මෙහි පහතින් දැක්වේ.

Asian Mirror, September 5, 2020

Yasmin Sooka apologises to Sri Lankan Brigadier

Ms. Yasmin Sooka of International Truth and Justice Project Sri Lanka (ITJPSL) has apologised to Brigadier Ravindra Dias of the Sri Lanka Army for wrongfully using his picture to portray the same as that of Major General Suresh Salley, incumbent Director of Sri Lanka State Intelligence Service.
Brigadier Ravindra Dias through his Attorney at Law Nilanga Perera, has sent a letter of demand dated 06/07/2020 to Ms. Yasmin Sooka and ITJPSL for wrongfully using his picture. The letter of demand claimed that using Brigadier Ravindra Dias’ picture and portraying the same as that of Major General Salley’s, had put the Brigadier’s life at risk that would otherwise be faced by General Salley in his official capacity as Sri Lanka’s premier Intelligence officer and further demanded a sum of Rs. 5,000,000/- from Ms. Yasmin Sooka and/or ITJPSL.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress