නීතිය හා සත්‍යය
Posted on October 7th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

පාස්කු ප්‍රහාරය පිළිඹඳව විමසන කොමිෂම ඉදිරියේ හිටපු ජනාධිපති සිරිසේන හා හිටපු අගමැතිවරයෙක්‌වූ රනිල් දුන් ශාක්‍ෂිවලදී මෙන්ම ඊට පෙර ශාක්‍ෂිදුන් පූජිත් ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු, නිලන්ත ජයව‌ර්‌ධන හා සිසිර මෙන්ඩිස් යන අයගෙන් ඇත්ත කියන්නේ කවුද, බොරු කියන්නේ කවුද යයි තෝරා බේරා ගැනීම කොමිෂමට දුෂ්කර කාර්‌යයක් වන්නේය.

ඇසින් දුටු ශාක්‍ෂි පවා ඒ ශාක්‍ෂිය දෙන තැනැත්තාට සත්‍යයක් වුවත් නියම සත්‍යය නොවිය හැකි බව ෆුට්බෝල් ක්‍රීඩාවේදී ක්‍රීඩා විනිශ්චය කරුවන් විඩීයෝ පටි නැවත බලා තීරණ වෙනස් කිරීමෙන් පෙනේ. සියදෙනෙක් ඉන්නා ශාලාවකට යමෙක් ඇතුල්වී කරණ දෙයක් නොයෙක් අය නොයෙක් වෙනස් ආකාරයට වා‌ර්තා කරණ අන්දම පර්යේෂණ කර පෙන්‌වාදී තිබේ. ඉඳගෙන ඉන්නා තැන, ඇස් පෙනීමේ තරම, මානසික තත්‌වය යනාදී නොයෙක් කාරණා අනුව ඒ ඒ අයට පෙනෙනදේ වෙනස් වියහැකිය..

රට ජාතිය ගැන නොව පුද්ගලික වාසිය සඳහා දේශපාලනය කරණන් හා ඔවුන්ගේ හෙංචයියලාවී මහජන මුදලින් යැපෙන සුදුසු හෝ නුසුදුසු නිලධාරීන් යනු ලෝභ, ද්වේෂ, මෝහයෙන් පිරි පංචස්කන්‌ධ ලෙස සළකන විට තමන්ගේ ඇඟබේරා ගැනීම සඳහා ශාක්‍ෂි දෙන ඉහත සඳහන් අය පැහැදිලිවම නීතිය ඉදිරියේ බොරුකාරයින් වන්නේ තමාම කොමිෂම ඉදිරියේ බොරු ශාක්‍ෂියක් දී ඇති බව වාර්‌තාවී තිබුණොත්‌ය. එකිනෙකාට විරුද්‌ධව කියන කතා මැන කිරා බලා රීසනබල් නිගමන වලට ඒම හැර දෙයක් කොමිෂමට කල නොහැකිය. සුද්දගෙ නීතික්‍රමය අනුව බාහිර කාරණා සළකා යමෙක් බොරු කියන බව නිගමනය ක්‍රීමට ඉඩක් නැත.

කොමිෂම රනිල්ගෙන් ඇසූ ප්‍රශ්ණ වලදී දමිළ කොටි ත්‍රස්තවාදයට විරුද්‌ධ තමන් ක්‍රියාකල බව කියමින්, කරුණා අම්මාන් හරවා ගන්නට ක්‍රියා කලායයි ඔහු කියා සිටියේය. තොප්පිගල කියන්නේ කැලයක් සිට ආණ්ඩුවට යුද ආධාර නොදෙන ලෙස විදේශ රටවලින් ඉල්ලා සිටීම, මිලේනියම් සිටි පාවාදීම යනාදී වශයෙන් රනිල් කලේ මීට විරුද්‌ධ දේ මය. කරුණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් ගැලවීයාම වළක්වන්නට නොර්වේ නියෝජිතයින් හරහා උත්සාහ කලබව සඳහන් ලිපියක් නම් ගම් දිනවකවානු සහිතව යම් පුවත් පතක (අයිලන්ඩ්?) පලවිය. මේ අනුව මගේ පොතට අනුව නම් රනිල් වනාහි බොරු ශාක්‍ෂිකරුවෙකි. නිකාබය තහනම් කිරීමට ආරක්‍ෂක කවුන්සිලය ගත් තීරණයට විරුද්‌ධවූ එකම පුද්ගලයා වූයේද රනිල් බව ජනාධිපති සිරිසේන ශාක්‍ෂි දෙමින් කියා සිටියේය.

ජීවිතය තණ අග පිණිබිංදුවක් වැනිය. තමන් උපන් රට බෙදා විනාශ කරන්නට මෙසේ හැසිරෙන්නේ කුමණ මානසික ආපදාවක් නිසාද?

මූඩි නම් ආයතනය ආණ්ඩුවට හානිකිරීමට සිතා කල ක්‍රියාවේදී ඉන් වාසියක් ලබාගන්නට සීනු පක්‍ෂය ඇතුළු දේශපාලකයින් ක්‍රියා කිරීමද මීට සමානය. මෙවැනි අවස්ථාවලදී රටේ ආණ්ඩුවට විරුද්‌ධ පක්‍ෂය විසින් පහරදීම ලෝකයේ වෙන රටවල සිදු නොවේ. ලංකාවට පක්‍ෂ දේශපාලනය නොගැලපෙන්නේ ඒ නිසාය. එහෙත් එය අල්ලාගෙන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට මඩ ගැසීමට විරුද්‌ධපක්‍ෂ නායක සජිත් ගෙනා දශවැදෑරුම් ප්‍රශ්ණමාලාවට අජිත් කබ්‍රාල් විසින් දුන් පිළිතුරු වචනයේ පරිසමාප්ත අර්‍ථයෙන්ම විශාල ඉල්ලාගෙන කෑමක් විය. ඔහුට සහායට හා කිරිැල්ලේ හා කබීර් හසීම්ද ගල උඩ සිටි බළලුන් විය. පාර්ලිමේන්තුවේ බොරු ප්‍රශ්ණ අසනා සීනුවේ කොල්ලන්ට බඩකට පිරෙන්නට පිළිතුරු දියහැකි උගත්-දැණුවත් තරුණයින් පිරිසක් දැන් සිටීම රටේ වාසනාවකි. දෙමළ මන්ත්‍රීකෙනෙක් ප්‍රභාකරන්ගේ බාලපුතා ගැන ඇසූ ප්‍රශ්ණයටද සරත් ෆොන්සේකා කදිම පිළිතුරක් දුන්නේය. විග්නේශ්වරන්ව තර්‌කයෙන් දමණය කිරීමට (මතවාදයෙන් පැරදවීමට) මන්ත්‍රීන් විශේෂයෙන් ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවෙන ලිපි කියවිය යුතුයයි මට සිතේ.

One Response to “නීතිය හා සත්‍යය”

  1. aloy Says:

    Dr. CW, There are two types of people who live in our country: those who love and those who don’t. Many rulers belong to the second category. And RW is one of them. This I believe is a genetic problem. For them country, heritage, environment are not important things. Unfortunately many Sinhalas who are in direstraights do not take it seriously. They think only of today..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress