සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව එන්නතක් ගැන විශ්වාසයක් තබනවාට වඩා වෛරස් රෝගවලින් බේරීමට ප‍්‍රතිශක්තිකරණ ශක්තිමත්ව තබා ගන්න
Posted on January 5th, 2021

ගාල්ල – එස්. කේ. කළුආරච්චි ලලිත් චාමින්ද රවීන්ද්‍ර චන්ද්‍රලාල් උපුටා ගැන්ම දිවයින

p11 1

– විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

එන්නතක් ගැන විශ්වාසයක් තබනවාට වඩා ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම මත කොවිඞ් වෛරස් රෝගයට සහ බෝනොවන රෝග වලින් බේරී සිටීමට මාවත විවර වන්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

ගාල්ල දිස්ත‍්‍රික් වෘත්තීයවේදීන්ගේ සංගමය සහ සියත්මා සංවිධානය එක්ව පිලාන මුදලිගේ උත්සව ශාලාවේ පැවති වස විෂ නැති රටක් පිබිදෙන හෙටක් මැයෙන් දේශනයක් පවත්වමින් පාදෙනිය මහතා මේ බව කීවේය.

පාදෙනිය මහතා මෙසේ ද කීය. එන්නතක් ගැන බලාපොරොත්තු තබාගනිමින් පොරොත්තු ලේඛනයක ලංකාව සිටින බව කියනව. මහ ජනතාව හැටියට තේරුම් ගත යුත්තේ එන්නතට වඩා ඊට සමගාමීව අපි වැදගත් කොට සළකන්නේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම මත තමයි මේ රෝගයට සහ ඒ සමගම ඇතිවෙලා තියෙන බෝ නොවන රෝග වලින් බේරීමට තියෙන මාවත විවර කරන්නේ.

කොරෝනා රෝගයෙන් බේරීම සඳහා තියෙන උපක‍්‍රම ලෙස සළකන එන්නත ගැන මතය පළ වෙනව. නමුත් මේ එන්නත කොයි ආකාරයෙන් අපිට සුවය සළසයි කියල මේ පිළිබද අවිනිශ්චිත තාවයක් තියෙන්නේ. දැන් ලෝකයේ තවම මේ එන්නත හඳුන්වල දෙනකොට ඒ පර්යේෂණ අවස්ථා හතරක් යටතේ සිදුවෙනවා. මේ අවස්ථා හතර කඩිනමින් සිදු කරපු නිසා මෙහි ඵලදායීතාවය කොපමණද කියන එක ගැන තවම අවිනිශ්චිත තාවයක තියෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට එන්නත් හතරක් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරල තියෙනවා. ඒ අත්හදා බැලීම් වලට යන්න සියල්ල අත්හදා බැලීම් තත්ත්වයේ තියෙන්නේ. ඒ අනුව ලෝකයේ දැනට එන්නත් ලක්ෂ විස්සක් මහ ජනතාවට දීල තියෙනව ලෝකය පුරා එහි ප‍්‍රතිඵල දායක වෙයි ද ප‍්‍රතිදේහ ජනනය කොයි ආකාරයෙන් වෙයිද කියන එක පිළිබඳ තවම අධ්‍යයනය කරමින් පවතින්නේ. ඒ අධ්‍යයන සාර්ථක වුවහොත් එන්නතින් සාර්ථක තත්වයක් ලැබෙන්නේ සමහර විට ප‍්‍රතිදේහ ජනනය හොඳින් නොවුනොත් හෝ එය සමහර විට ඩෙංගු වලට හදපු එන්නත වාගේ එය රෝගය අඩු කිරීමට සාධනීය කරුණක් නොවුවොත් මේ එන්නත අහෝසි වෙන්නත් පුළුවන්. එවැනි අවිනිශ්චිතතාවයක තියෙන්නේ.

කොවිඞ් මරණ සම්බන්ධයෙන් රජය තාක්ෂණික කමිටුවක් පත් කරල තිබෙනව. මෙය ගෝලී තත්වයත් තාක්ෂණය සම්බන්ධව ඇති ගෝලීය නිර්දේශත් අනෙකුත් කරුණුත් මත පදනම් වෙලා තාක්ෂණික කමිටුවක් මේ පිළිබඳව තීරණය ගත යුත්තේ.

රටක තියෙන භූගෝලීය තත්ත්වය සමාජයීය තත්ත්වය සියල්ල සළකා බලා මේ තාක්ෂණික කණ්ඩායම තීරණය ගන්නේ. ඒ අනුව තමයි තීරණයක් ගන්නේ.

අපි රෝගීන්ට බෙහෙත් දෙන විටත් අපි දෙන ඖෂධ නිසා සමහරවිට අතුරු ආබාධ සිද්ධ වෙනව නමුත් අපි බලනව රෝගියාට වඩාත් සුදුසු ප‍්‍රතිඵලයක් ලැබෙන අයුරුයි අපි බෙහෙත් නියම කරන්නේ. ඒ වගේ මෙතනදි අපි බලන්න අවශ්‍යයි මේ කොරෝනා වෛරසය නිසා පාසල් වසා තිබෙන කොට වෙන තත්වය. ඒ වගේම ආර්ථික කටයුතු වහල තිබ්බම ඇතිවන තත්වය. ඒ අනුව තුලනාත්මකව හිතල වඩාත් වැඩි වාසියක් සැළසෙන විදියට තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ. එහිදී ලෝකයේ සමහර රටවල් ක‍්‍රියාත්මක වන්නේ කොරෝනා පිළිබඳව සම්පුර්ණයෙන්ම නොසළකා හැර ක‍්‍රියාත්මක වන රටවල් තියෙනව. ඒ වගේම සමහර රටවල්වල කොරෝනා සම්බන්ධයෙන් දැඩි නීති අරගෙන වැඩ කරනව. ලංකාව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොරෝනා මර්දනයට අවශ්‍ය ප‍්‍රමුඛත්වය දෙමින් ඒ මර්දනයත් සමග රටේ සාමාන්‍ය කටයුතු හැකි පමණ ස්ථාපනය කිරීම බලාපොරොත්තුවයි. උදාහරණයක් හැටියට පාසල් පද්ධතියේ විභාග කිරීම සම්බන්ධයෙන් අපි ඒ අයට උපරිම සහායක් ලබා දුන්නා. විභාග තිබ්බ විභාග නොතිබ්බ නම් ළමයින්ට වන අගතිය සමහර විට මෙයට වඩා වැඩියි.

දැන් විශේෂයෙන් සමහර ජාතික විභාග කල් දැමීම නිසා ඒ ළමයින් ලොකු පීඩාවකට පත්වෙච්ච තත්වයකුත් තියෙනවා. පාසල් නැතුව ගෙදර ළමයි ඉන්න කොටත් ඒ ළමයින්ට වන අනතුරුදායක තත්වයත් අපි සැළකිල්ලට ගත යුතුයි. ඒ අයගේ ඉගැන්වීමේ කටයුතු සමහර වෙලාවට තාක්ෂණය පාවිච්චි කරල කරනවිට එයත් සමහර විට නිරෝගී කමට බාධාවක් වෙන්න පුළුවන්. ඒවගේම මානසික ආතතිය වැනි කටයුතුත් සිදුවිය හැකියි. මේ සියල්ල සළකළ අපි ගන්නේ අවදානම අඩුම තීරණයයි. එහිදී අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වන උපක‍්‍රමය තමයි පාසල් ඇරීම තුළදී දරුවන්ට මේ රෝගය සෑදීම වළක්වා ගන්න තියෙන ක‍්‍රමයක් තමයි අත් සේදීම ඇතුළු ඒ ආරක්ෂණ පියවර ගැනීම. ඒ වගේම අනෙක් පියවර තමයි ඒ අයගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම.

ඒ නිසා අපි ඉල්ලීමක් කරල තියෙනව අධ්‍යාපන අමාත්‍යාංශය සමග වැඩ මාලාවක් කිරීමට පළමු දෙය තමයි දරුවන් ගන්නා වු ආහාර ආපන ශාලාවල ආහාර පාසල්වල 2001 චක‍්‍රලේඛනයක් තිබෙනව සුව ආහාර වලට පමණක් සීමාවිය යුතුයි කියල. ඒ තත්වය ස්ථාපනය කිරීමට අපි කටයුතු කරගෙන යනවා අපි ඉදිරියේ දී පාසල් ආපන ශාලාවල සුව ආහාර මිස සුදුසු නොවන ආහාර ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. දෙවැනි කාරණය තමයි විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය සහ දුම්වැටි මද්‍යසාර කියන දේවල් පාසල් හරහා ප‍්‍රවර්ධනය සම්පූර්ණයෙන්ම පිටුදැකීම සඳහා දැනට තිබෙන චක‍්‍රලේඛයක්. අපි ඉල්ලීමක් කරල අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරල තියෙනව ඒ චක‍්‍රලේඛය සියයට සියයක්ම ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාසල හෝ පාසලට සම්බන්ධ ක‍්‍රීඩා හෝ වෙනත් කිසිදු කටයුත්තක දී මත්ද්‍රව්‍ය දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම විගණනයක් සහිත වැඩ පිළිවෙළකටත් යාමට අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ළමයින්ගේ අවශ්‍ය කරන ප‍්‍රතිශක්තිය ශක්තිමත් කිරීම සඳහා පැණිබීම ඉවත් කරන්නටත් ඒ සඳහා ජලය සහ තැඹිලි වැනි දේශීය පානයන් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරනව.

ඒ වගේම විදේශීය කිරිපිටි වෙනුවට දරුවන්ට දේශීය පාරම්පරික සහල් සහ ධාන්‍ය වලින් හදපු කැඳ වර්ග ප‍්‍රවර්ධනය කරන්නටත් අපි කටයුතු කරනවා. ඒ තුළින් දරුවන්ගේ පෝෂණය ගැන අවධානය යොමු කරල ඒ වගේම දුම්වැටි මද්‍යසාර භාවිතය නැති කරල ඒ තුළින් ශක්තියෙන් යුත් දරු පරපුරක් බිහි කරල ඒ පණිවුඩය නිවෙස් වලටත් ගෙනයාමේ වැඩ සටහනක් අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඇති කරගෙන යනවා. ඒ තමා කොරෝනා වෛරසය බෝ නොවන වසංගත යන සෞඛ්‍ය අභියෝගය ජය ගැනීම සඳහා අපි මේ අවස්ථාවේදී කටයුතු කරන ආකාරය මේ අභියෝග දෙකම ජය ගැනීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress