මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ
Posted on January 23rd, 2021

ආචාර්ය සුදත් ගුණසේකර

 මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ. මන්ද පළමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට හා සිංහල ජාතියට පූර්ණ නිදහස නොලැබුණු නිසාය.

 දෙවනුව අර්ධවශයෙන් හෝ මේ රටට කිසියම් දේශපාලන නිදහසක් ලැබුණේ 1972 මැයි මස ජනරජයක් වශයෙන් ප‍්‍රකාශ කළ දා බැවිනි.

1972 සිට 1977 දක්වා පුරා පස් වසරක්ම රටේ නිදහස් දිනය සැමරුම් උත්සවය පැවැත්වූයේ ද මැයි මස 22 වැනි දිනය. එබැවින් මේ රටේ නිදහස් දිනය වශයෙන් ප‍්‍රකාශකොට සැමරිය යුත්තේ ජනරජයක් වශයෙන් ප්රකාශ කළ මැයි මස 22 දා මිස ජෙනිංග්ස්ගේ බිරිඳගේ උපන් දිනය සිහිකිරීම සඳහා සුද්දා විසින් අපේ මෝඩ බටහිර ගැති කළු සුද්දන්ගේ හිස මත පටවා ගිය පෙබරවාරි 4 වැනි දින නොවන නිසාය. පෙබරවාරි 4 වැනි දින නිදහස් දිනය සැමරීමෙන් බි‍්‍රතාන්‍ය යටත් විජිත ගැතිභාවය තවදුරටත් අප පිළිගන්නා බව යළිත් තහවුරු වෙයි. එබැවින් දැන්වත් මේ පරගැති මානසිකත්වයෙන් මිදී නව ජනාධිපතිවරයාගේ දේශපේ‍්‍රමී චින්තනයට ගැලපෙන පරිදි මැයි මස 22 වැනි දිනය නම් ජනරජ දිනය වඩා උචිත බව මගේ අදහසයි.

 ”නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි” යන ප‍්‍රවෘත්තිය මම දුටිමි. මේ වූ කලී ගෝඨාභය රජයේ තවත් එක් වැදගත් දේශපේ‍්‍රමි තීරණයක් වශයෙන් මම දකිමි. එසේ වුවද ජාතික ගීය සිංහලෙන් ගායනා කිරීමෙන් පමණක් නිදහස සම්පූර්ණ නොවෙන බව පැහැදිලිව කිව යුතුය. මන්ද 1948 පෙබරවාරි 4 දා මේ රටට කිසිම නිදහසක් නොලැබුණා පමණක් නොව අද වනතුරුත් අපගේ මව්බිමට පුර්ණ නිදහසක් ලැබී නැති නිසාය. මා එසේ කියන්න් ඇයි කියා පැහැදිලි කරගැනීමට Did this country get any Independence from Britain in 1948@ Some new thoughts on Independence to Sri Lanka@Dr. Sudath Gunasekara 31.1.2019 යන ලිපිය බලන්න.

  මේ අනුව ශ‍්‍රී ලංකාවේ නිදහස ගැන කතාකිරීමේදී 1948 මේ රටට නිදහසක් ලැබුණාය කීම චේතිය රජුගේ ගනයේ මුසාවක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. 1956 ජාතියක් හා රටක් වශයෙන් එක්තරා නිදහසක් ලැබුවද 1965 දී නැවතත් බලයට පත්වූ එක්සත් විජාතික පක්ෂය” එම ජාතික පිබිදීම ආපසු හරවනු ලදුව 1972 වනතුරුම යළිත් ඒ පරගැති නිදහස් දිනයම සිරිත් පරිදි උත්සවාකාරයෙන් පවත්වන ලදී. 1971 එවකට පැවැති රජයට එරෙහිව ජ,වි. පෙ.කැරළි ගැසු අව්ස්ථාවේදී ඔවුන්ට විරුද්ධව චෝදනව වූයේ මහරැජිනගේ ආණ්ඩුවට  එරෙහිව කැරලි ගැසීම කීමෙන්ම 1948 අපට ලබුණායයි කියන ඊනියා නීදහසේ රන්ග මැනවින් පෙනේ.

 මේ රට ඇත්තවශයෙන්ම නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි මස 22 දින ජනරජයක් වූ දා සිට බව බහුතරයේ පිළිගැන්මයි. වසර 2500 ක් පුරා මේ රටේ බුද්ධාගමට හිමිව තිබුණු තැන ද නැවත ආපසු ලැබුණේ 1972 මැයි 22 දිනය. එතෙක් මේ රටේ නීති පැනවූයේ එංගලන්තයේ මහාරාජිනියගේ නමින්මය. එසේම එංගලන්තයේ මහරැජිනගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරයා විධායකයේ නායකයා ද විය. රටක් වශයෙන් අපි තවදුරටත් බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ සුවච කීකරු ගෝලයෙක්ම විය. එම තත්ත්වය වෙනස් වූයේ 1972 මැයි මස 22 දිනය. ඒ අනුව මේ රටේ ජාතික නිදහස් දිනය සැමරිය යුත්තේ සෑම වසරකම මැයි මස 22 මිස ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දින වූ පෙබරවාරි 4 දින නොවෙන බව දැන්වත් අපේ දේශපාලකයින්ට නොතේරීම මොනතරම් අභාග්‍යයක්ද?.

1972 සිට 1977 දක්වා වසර 5 ක්ම ජනරජ දිනය වශයෙන් ජාතික නිදහස් දිනය පැවැත්වුණු බව අපි කවුරුත් දනිමු. එසේම 1977 දී නැවතත් බලයට පැමිණි බටහිර ගැති එක්සත් විජාතික පක්ෂය 1978 සිට යළිත් පෙබ. 4 වැනි දිනම ජාතියේ නිදහස් දිනය සැමරීම ආරම්භ කරන ලදී. 1994 දී ජනරජයේ මාතාව වූ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ අතිජාත දූහිතෲවරියක් වූ චන්ද්‍රිකා යළිත් 1995 සිට ඇයගේ සුපුරුදු බටහිර ගැති බව ප‍්‍රදර්ශනය කරමින් ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය සැමරීම සඳහා පෙබරවාරි 4 ම මේ ලංකාවේ ඊනියා නිදහස් දිනය සැමරීම අරඹන ලදී. 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පැමිණිය ද 2015 වන තුරුම පරණ පුරුදු ආකාරයටම පෙබරවාරි 4 ම ඊනියා නිදහස් දිනය ස්මරණය කරන ලදී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 සිට සැබෑ නිදහස් දිනය මැයි මස 22 වශයෙන් ප‍්‍රකාශ කළ යුතුව තිබුණ ද දෛවයේ සරදමකට මෙන් එය එසේ සිදු නොවිණි.

 2015 දී චන්ද්‍රිකා – රනිල් – සිරිසේන තුන් කට්ටලයේ මෙහෙයවීමෙන් නැවතත් රාජ්‍ය බලය අත්පත් කරගත් එක්සත් විජාතික පක්ෂය යළිත් නිදහස පෙබරවාරි 4 ටම ආපසු දක්කාගෙන යන ලදී. පසුගිය වසර හතර තුළ නිදහසේ අභිමානය කොතරම් නොසැලකීමකට හා සැහැල්ලූවකට ලක් කෙළේ ද කිවහොත් ජාතික ගීය පවා දෙමළෙනුත් ගායනා කරන තැනට පල්ලන් බස්සවන ලදී. ඒ රනිල් – සිරිසේන – චන්ද්‍රිකා යන තිදෙනා ප්‍රෞඪ නිදහස සැමරූ ආකාරයය.

 1956 න් පසු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ දැන් ලබා ඇත්තේ 1956 මෙන්ම 2005 තත්ත්වයට වඩා ප‍්‍රබුද්ධ එසේම ප‍්‍රබල ජාතික පිබිදීමකි. පක්ෂ දේශපාලනය සහ ආගම් භේදයකින් තොරව සිංහල ජාතිය මේ වන විට ඉතා ප‍්‍රබලව ගොනු වී ඇති බව උතුරු නැගෙනහිර සහ වතුකර දෙමළ ජනතාව හැර එකාවන්ව  එක්වී ඇති සැටි 2019 -2020 ඡන්ද ප‍්‍රතිඵල දැක්වෙන සිතියමෙන් පැහැදිලිව පෙන්නුම් කෙරිණ. මේ වූ කලී ප‍්‍රබල ජාතික පණිවිඩයකි. එසේම ජාතියේ නිසි මඟ දක්වන ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යකැයි මම සිතමි.

 කිතුවසින් 2021 දී හෝ ලංකා රාජාවලියේ සිළුමිණ වූ දුටුගැමුණු මහ රජුගේ ජන්ම භූමිය වන රුහුණු පුරයේ ජන්ම ලාභියකු වූ

 ගෝඨාභය රාජපක්ෂ නම්වූ ජනපතිවරයකුගේ නව පාලනයක් යටතේ ශ‍්‍රී ලංකාවට යළිත් පූර්ණ නිදහස ලැබුණු බව සනිටුහන් කරමින් ගනු ලැබූ අනේකවිධ ජාතිමාමක තීරණ අතර තවත් ඉතා වැදගත් සංසිද්ධියක් සනිටුහන් කරමින් 1977න් පසු අවාසනාවන්ත වසර 43 කට පසු සියලූ පරගැති බලවේග පරදවා ජාතියේ නිදහස් දිනය ලෙස ශ‍්‍රී ලංකාව ජනරජයක් වශයෙන් ප‍්‍රකාශ කෙරුණු වෙසක් මස 22 වැනි දින යළිත් ජාතියේ නිදහස් දිනය මහත් අභිමානයෙන් සමරා ඉරහඳ පවතිනාතුරු ස්ථාපිත කළ වගයි යන උදානයෙන් මෙ වසරේ හෝ ජනරජ දිනය සැමැරෙනු දැක්ම  ජාතියේ අපේක්ෂාවයි”!

One Response to “මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ”

  1. Geeth Says:

    සෑම වසරකම අපගේ නිදහස සැමරීම පිළිබඳව පවතින මෙම අතිශය මුග්ධ බව පිළිබඳ ප්‍රශ්නය මතුපිටට ගෙන ඒම පිළිබඳව ආචාර්ය සුදත් ගුණසේකර මහතාට අප ස්තුති වන්ත විය යුතුයි.

    ඇත්ත, 1948 දී අපට නිදහසක් ලැබුනේ නැහැ. පුටු හුවමාරුවක් පමණයි උනේ. අදටත් කොළඹ ඉන්න සමහරු හිතනවා අපේ රට ඩොමීනියන් තත්වයෙන්ම තිබුනානම් හොඳයි කියල. 1948 පෙබරවාරි 4 නිදහස ලැබුන දිනය හැටියට සලකන්නේ අන්න ඒ අයයි. එකෙන් එලි වෙන්නේ බ්‍රිතාන්‍ය රැජින අපේ රාජ්‍ය නායිකාව හැටියට පිළිගන්න කැමති අය තමයි අපේ රට පාලනය කරන්නේ කියන එකයි. ම

    මත් පිලිගන්නවා. මේ දිනය වෙනස් කරනවානම් කල හැකි එකම කෙනා ගොටාභය රාජපක්ෂ මහතා තමයි. නිදහස් දිනය මැයි 22 දාට ගෙනයාම පමණක් ප්‍රමාණවත් නැහැ. ලංකාවේ සබැ නිදහසේ මාතාව වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිලිරුවකුත් නිදහස් චතුරශ්‍රයේ ඉඳි කරන්න ඕන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress