අග්‍රාමාත්‍යතුමා, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිගේ සුව දුක් විමසයි
Posted on January 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දැකීමට අද 2021.01.26 දින එම විහාරස්ථානයට ගිය  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ  78වැනි ඡන්ම දිනය අද දිනට යෙදී ඇති අතර ඡන්ම දිනය වෙනුවෙන් සුභාශිංසන එක් කළ අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික  ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.

උන්වහන්සේගේ ඡන්ම දිනයට සමඟාමීව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ පැවති ලේ දන්දීමේ උත්සවය සඳහා පැමිණ සිටි වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය හා පිරිස සමඟ ද අග්‍රාමාත්‍යතුමා සුහඳ කතා බහක ද නිරත වූයේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress