කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැහැ – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 31st, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටිය) මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබාදීමට යන බවට වෘත්තිය සමිති හා රට පුරා පවතින ආන්දෝලනය පිළිබඳව  මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේ සිට අද 2021.01.31 දින ලබාදුන් පිළිතුර මෙසේය.

ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම  හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.

මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා යැයි අග්‍රාමාත්‍යතුමා සඳහන්  කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress