පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න
Posted on February 17th, 2021

හෝටල් සේවක මධ්‍යස්ථානය-අන්තර් සමාගම් සේවක සංගමය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා
සංචාරක අමාත්‍යාංශය,
දෙවන මහල, ඇසෙට් ආකේඞ් ගොඩනැගිල්ල,
51-E, යෝක් වීදිය,
කොළඹ 01.

අමාත්‍ය තුමනි,

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න

මේ වනවිට විදෙස් සංචාරකයන්ට අදාල සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරමින් සංචාරකයින් ගෙන ඒම සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවක ප්‍රජාව ඍජුව සංචාරකයන් සමඟ ගැටෙන තත්වය වැඩිවන බැවින් ඔවුන් අනතුරට මුහුණදෙන ප්‍රමුඛ සමාජ කණ්ඩායමක් බවට පත්ව ඇත. සංචාරක අමාත්‍යාංශය නිවේදන කර ඇත්තේ සංචාරකයන් ලෙස පැමිණෙන ළමුන්ගේ (අවු. 12ට අඩු) PCR පරීක්‍ෂණ
ද නොකිරීමට තීරණය කර ඇති බවයි.

මේ හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය දී #කොරෝනා-19 #Corona-19 සඳහා එන්නත ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබීම කණගාටුදායක තත්වයකි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට
නොව, සංචාරක කර්මාන්තයේ සේවකයන් එන්නත ලබාදීමේදී ප්‍රමුඛ සමාජ කණ්ඩායමක් ලෙස තෝරාගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
හෝටල් සේවක මධ්‍යස්ථානය වෙනුවෙන්
නීතිඥ ජානක අධිකාරි
සභාපති,
හෝටල් සේවක මධ්‍යස්ථානය-අන්තර් සමාගම් සේවක සංගමය.

One Response to “පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට නොව හෝටල් සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න”

  1. Ratanapala Says:

    I cannot understand the reason for this idiotic complaint. Immdiately only 225 vaccinations are required to vaccinate the MPs to be followed by a similar number 10 – 12 weeks later. This is clearly a selfish complaint similar to what the Opposition Leader – Sajith Premadasa makes.

    All this is happening on the background of the Government doing its best to vaccinate the total population based on priorities as well as WHO recommendations.

    The above request is slur against the intelligence of the Sri Lankan people who made provisions for these 225 MPs to be appointed as their political representatives. At every election a country goes through a rigorous and costly process to choose these MPs and it is imperative that they be vaccinated and protected not only because they need to meet the public more frequently but also they in turn could be the very vectors of virus propagation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress