බතුයි – පොල්සම්බලුයි නෙවෙයි දැන් සිගරට් – බුලත්විටත් නෑ
Posted on November 7th, 2021

රජිත් කිර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

ගෑස් හිඟය අසීමිත සම්පත් හොරා කෑමේ ප්‍රතිලයක්

වැරදි ආර්ථික මිල පාලන ප්‍රතිපත්තිය සහ අසීමිතව මූල්‍ය අක්‍රමිකතාවයන් වෙළෙපොළේ දැවැන්ත ගෑස් හිඟයක් නිර්මාණය කර ඇත.  ඉස්සර බතුයි – පොල්සම්බලුයි ගැන කතා කරපු අයට දැන් සිගරට් – බුලත්විටත් නෑ” යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.

මාසිකව ලංකාවට ගෑස් මෙ.ටො. 45,000 ක් අවශ්‍යයි. ලෝක වෙළෙඳපොල මිල අනුව ඒ සඳහා ඩොලර් මිලියන 35 සිට 36 දක්වා මුදලක් අවශ්‍ය වේ.  ලිට්රෝ ගෑස් සමාගමට ඩොලර් සැපයූ ස්ටෑන්ඩර්ඩ් චාටර් බැංකුව මේ වන විට ණයවර ලිපි විවෘත කිරීම නවතා දමා තිබෙනවා. රාජ්‍ය බැංකු තවදුරටත් ගෑස් සමාගම් දෙකක අවශ්‍ය ඩොලර් සැපයීමට නොහැකිවීම පත්වීම ගෑස් හිඟවීමට මුලිකම හේතුවයි.  හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් මේ බව පැවසුවේ නාරාහේන්පිට පැවති  රැස්වීමක් අමතමිනි.

හිගයක් නැතිව ගෑස් දෙන්න නම්,  ලාෆ්ස් සමාගමට ඩොලර් මිලියන 9.5 ක්, ලිට්රෝ සමාගමට ඩොලර් මිලියන 24  මාසයකට අවශ්‍යයි.  මෙයට අමතවර පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් ඇතුළු ඉන්ධන ආනයනය මාසයකට තවත් ඩොලර් මිලියන 250 ක් අවශ්‍ය වේ.  පසුගිය මාස හතර පුරාම නැවත නැවතත් මෙම ඩොලර් අවශ්‍යතාව සපයන්න  වානිජ්‍ය බැංකුවලට බැරි වුණා. ඉස්සරවෙලාම  කහ පැහැති ගෑස් නැතිවුණා.  දැන් නිල් පාට සිලින්ඩර නෑ. ඉදිරියේ මේ තත්වය තවත් උග්‍ර වෙනවා. 

රජයේ ලොකු ලොකු ටෙන්ඩර් කිසිම පාරද්‍රශ්‍ය ක්‍රමයක් නැතිව දෙනවා.  චීන අශුචි පොහොර ආනයනය කෝටි 800 ක් විනාශ කලා. නැනෝ පොහොර, සීනි, පොල්තෙල් ආනයන එකම මගඩියක්.  රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් නෑ. භාණ්ඩ හිඟයක් නිර්මාණය කර හදිසි මිලදී ගැනීම් සිදු කිරීම රජයේ උපක්‍රමයයි.  එහි මිල දරාගැනීමට සිදුව ඇත්තේ පාරිභෝගිකයාටයි. ඉස්සර සම්බෝලයි – බතුයි කාලා ජීවත්වෙන්න පුළුවන් වුණා. දැන් සිගරට් එකක් – බුලත්විටක් නැති තැනකට රට පත්වෙලා.  

ලිට්රෝ අර්බුදය හොරකම් කිරීමට පාර කපා ගැනීමක්.  ගෑස් සැපයුම 2022 ඉවර වෙන බව නිලධාරි දන්නවා.  නව ගැණුම්කරුවෙකු තෝරා පත් කර ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 4 ක් යනවා.  ඒ අනුව, ඉදිරියේ දී හදිසි මිලදී ගැනීම් ලෙස ලිට්රෝ සමාගමට ගෑස් ගන්න සිද්ධ වෙනවා.  දැනටමත් ලාෆ්ස් සමාගම ගෑස් මිලදී ගන්නා මිලට දෙගුණයකට ආණ්ඩුවේ සමාගම ගෑස් ගන්නේ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

රජිත් කිර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress