මෛත්‍රීයක් නැති මෛත්‍රී ගුනරත්න නොහොත් වලිගේ පාගා ගත් ලංකා නීතීඥ සංගම් ලොක්කෝ
Posted on June 18th, 2014
චන්ද්‍රසිරි විජයවික්‍රම
The first thing we do, let’s kill all the lawyers.”
Shakespeare
වටරැක විජිත නම් පුද්ගලයාගේ නීතීඥයා වන මෛත්‍රී ගුනරත්නට ලොකු ප්‍රශ්නයක් මතු විය. එය නම් මැජිස්ට්‍රෙට් විසින් නඩුවේ විත්තිකරු වන ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ව චූදිත කූඩුවට නොදැමීම ය. විජිතගේ මානව හිමිකම් ගැන පෙනී ඉන්නා මේ මෛත්‍රී නඩුකාරයාගේ මානව හිමිකම පමණක් නොව ව්‍යවස්ථාගත අයිතියද වන තම උසාවිය තමා සුදුසු යයි සිතන ආකාරයට කළමණාකරණය කර ගැනීම මේ මෛත්‍රී ප්‍රශ්න කරයි. මෙසේ විත්තිකරුවෙකුට විශේෂ සැලකිල්ලක් කිරීම නිසා මෙවැනි විත්තිකරුවෙක් විසින් ඉදිරියේ යම් දිනයක් නඩුකාරයාවද බිමට බස්සා තීරණ ගැනීමේ අයිතිය ඔහුගේ අතට ගන්නවා නිසැක යයි මෛත්‍රී කියයි! මෛත්‍රී ද රූල් ඔෆ් ලෝ (Rule of law, නීතියේ ආධිපත්‍යයේ) භාරකාර යෙකි.
මෛත්‍රීත්, ව්ජේදාස රාජපක්ෂ හා උපුල් ජයසූරියත් වලිගේ පාගා ගත් රූල් ඔෆ් ලෝ කාරයෝ ය. විජේදාස හාමුදුරුවරුන් දේශපාලනය කිරීම තහනම් කිරීමට බොරු පනතක්ද ගෙන ආ බාර් (බාර් ඇසෝසියාසන්) ලොක්කෙකි. මීට හේතුව සමහර විට විජේදාස, තමන් අර්හත් වුනා යැයි කියන පිටිදූවේ සිරි ධම්ම (සමන්ත භද්‍ර) ගේ උපන්දින සාදයකට යෑම නිසා විය හැකිය. උපුල් ගොයියා බොදු බල සේනාවට විරුද්ධව ක්රියාකරණ ලෙස ඇටර්නි ජෙනරාල් ගෙන් ඉල්ලා සිටියේ බාර් ඇසෝසියේසන් ලොක්කා ලෙස ය. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාර මෙන්ම බලවත්සේ පිරිහීමට පත්වූ තවත් ආයතන කොටසක් නම් නීතීඥ හා නඩුකාර-උසාවි අංශයය. ජේ ආර් ඉදිරියේ නඩුකාරයින් දිව්රැම්දීමත් සමඟ එස්. බී දිසානායක වරක් කිව් පරිදි මුළු අධිකරණ-යුක්තිය පසිඳලීමේ ක්රමයම බල්ලාට ගියේ ය. වික්ටර් තෙන්නකෝන් ජේ ආර් ගෙන් ගැලවී ඕස්ට්‍රේලියාවට පලා යෑමෙන් පසු අග්‍ර විනිශ්යකාර තනතුර පවා බලවත් සේ පිරිහී ගියේය. දැන් බාර් කාරයෝ බාර් සංගමය පක්ෂ දේශපාලනයට යටකර දමා ඇත.
නඩු යන්නෝ වැනසෙන්නෝ යන කියමන මිනිසුන් පොලිසියකට යෑමට දක්වන භීතිය සමඟ එක් කල විට ජේ ආර් බිහිකල මර උගුල් බහු භූත ක්‍රමයෙන් දැන් කාලයේ හොද්ද බොර කර ගන්නා පිරිස් අතරින් පලවෙනි තැන ගන්නේ නීතීඥ රැලය. ඉතාමත් කලා තුරකින් වත් තාමත් සාධාරණ නීතීඥයින් හා නඩු කාරයින් ඉතුරුවී සිටිනවා නිසැකය. නමුත් නඩු කියන දෙපක්ෂයේ නීතීඥයින් දෙන්නා හා නඩුකාරයා එක් පක්ෂයක් ලෙස එකතුව රක්ෂාව කරගෙන යන බව දන්නෝ දනිති.
මොන ආකාරයෙන් හෝ තමා කුලියට පෙනී ඉන්නා නඩුව දිනා ගෙන හොද්ද බොරකර ගැනීමක් මිස හුනු වටයේ කථාව මෙන් යුක්තිය පසිඳලීමක් උසාවියකදී සිදු නොවේ. උසාවිය පන්සලක් මෙන් සාධාරණය ගැන සිතීමේ තැනක් නොවේ. එකම නීතිය දෙවිධියකට අර්ථ නිරූපනය කර ඇති අවස්ථා තිබෙන්නේ මේ නිසාය. මෙවැනි විෂම ක්‍රමයක් ඉදිරියේ ලෝකයට ඇති එකම පිලිසරණ සාධාරණ හා ධාර්මික නඩුකාර වරුන් ය. කලා තුරකින් හෝ එවැනි අය සිටිනා බව ඥානසාර හිමියන් හිර කූඩුවට නොදැමීමට මහේස්ත්‍රාත් වරයා ගත් තීරණයෙන් පෙනී යයි. භික්ෂූන් සඳහා වෙනම සංඝාධිකරණ ඉල්ලා අවුරුදු 60 කටත් වැඩි වුවත් සුද්දන්ගේ නීතිය කළු සුද්දන් වෙනස් කර නැත. එපමණක් නොව නඩුකාරයා මෛත්‍රී මෙන් තකතිරුවෙක් නොවන බවද මෙහිදී පෙනේ. ඥානසාර හාමුදුරුවන් හිර කූඩුවට දැමීම සිංහල බෞද්ධයින් හිර කූඩුවට දැමීමක් වැනිය. මේ හාමුදුරුවන් දැන් පුද්ගලයෙක් නොව ආයතනයක්-බලවේගයක් ව ඇති බව මෛත්‍රීට වැටහී නැත. මෛත්‍රීට ඇත්තේ ද්වේෂයක් මිස හියුමන් රයිට් කෙහෙල් මලක් නොවේ. නඩූකාරයාට ඇති අයිතිය ගැන මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නයක් මතු කිරීමෙන් ඔහු කර ඇත්තේ නඩුකාරයාව හෑල්ලු කිරීමත්, දේශපාලනයට ගෑවීමත් ය.
නීතීඥයාත්, බස් ඩ්‍රය්වර් හෝ කාර් මිකැනිකුත් අතර වෙනසක් නැත. දිග කාලයක් උසාවියට බඩ ගෑමෙන් ඔහු නඩු කියන කට්ට කම් ගැන යම් දැනුමක් ලබා ගනී. ඒ මිසක් නීති විද්‍යාව හදාරා ලබාගත් මනා දැනුමක් ඇති ලලිත් රාජපක්ෂලා, වීරමන්ත්රිලා හෝ ක්ලැරන්ස් ඩැරෝ (ඇමෙරිකාවේ) ලා දැන් ලංකාවේ උසාවි වල ඉන්නවාද? යම් සමාජයක නීති යනු ඒ සමාජයේ බලයේ සිටින පන්තියේ වාසියට හදාගත් නීතිය. රාජ්‍ය බලය යොදා ඔවුන් මෙම නීති ක්‍රියාත්මක කරවයි. ලංකාවේ තිබෙන්නේ සුද්දන් ලංකාව සූරා කෑමටත්, යටත් වැසි මිනිසුන්ට හීන මානය ඇති කරවීමටත් පැනවූ නීතිය. තමන් ගිය පසු මේ නීති ක්රියාවේ යෙදවීමට සූදානම් කළු සුද්දන් පිරිසක් බෝ කිරීම ලංකාවේ දී ඉතාමත් සාර්ථකව ඇති බව ගමෙන් ආ මහින්ද රාජපක්ෂ මහතා පවා කළු සුදු නියෝජිතයෙක් ව දැන් හැසිරෙන ආකාරයෙන් මොනවට ඔප්පු වේ. උපුල් ලා, මෛත්රීලා හෝ විජේදාසලා ගැන කවර කතාද. ඩී එස් සේනානායක ගිනි කාෂ්ඨක අව්වේ දාඩිය මුගුර දමා ගෙන ටයි කෝට් දමා බෙල්ල හිරකර ගෙන 1948 නිදහස ලබා ගත්තේ කෙලින්ම සුද්දාගේ පිටි පස්ස ඉඹිමින් ය. දැන් අය එය කරන්නේ හොරෙන් හොරෙන් ය.
ගැමියා මේ හොර සෙල්ලම නොදන්නා මෝඩයින් ය කියා මේ අය සිතයි. සුද්දන් ඒමට පෙර ලංකාව සිංහල බෞද්ධ රටකි. නිදහස ලැබුනා කියන්නේ ලංකාව නැවත සිංහල බෞද්ධ රටක් කිරීමය. මේ සඳහා පවතින නීති පද්ධතියම වෙනස් කල යුතුය. නැත්නම් ඔය කියන නිදහසක් ලබා ගෙන නැත. ඒ සිංහල බෞද්ධ රට ඒ කාලයේ දෙමළ හෝ මුස්ලිම් හෝ ක්‍රිස්තියානි මිනිසුන්ට මානව අයිතිවාසිකම් ලබා දුන්නේය. ඒ නිසා සාධාරණ (රීසනබල්) අයිතිවාසිකම් ඒ අයට අහිමි කිරීමක් දැන් කාලයේ සිදු නොවේ. නමුත් මහ ජාතිය සුළු ජාතිය කිරීමට ඉඩ දිය නොහැකි වන්නේ මහ ජාතියට ලෝකයේ වෙන රටක් නැති නිසාය.
විජේදාසලා හා උපුල්ලා දැන් කරන්නේ ඇමෙරිකාවෙන් දුන් මිලියන් ඩොලර් ග්‍රාන්ට් එකේ පයිප්පය ඉරීමය. කුමාර් රූපසිංහ නෝර්විජියන් පයිප්පය උරා හෙම්බත්වී දැන් එරික් සොල්හැම්ට විරුද්ධව ලියමින් සිටී. වටරැක විජිත සම්බන්ධ විඩියෝ හා ලිඛිත ශාක්ෂි සලකා බලන විට මෝඩ හෝ යම් කූට අරමුණක් ඇති නීතීඥ කබලෙක් මිසක් එවැනි නඩුවක් භාර නොගනී. වටරැක විජිත රැස්වීම කලේ බෞද්ධ භික්ෂුවක් ලෙස සිවුරේ ඇති බලය මතය.
මේ නිසා එයට සහභාගී වීමට වෙනත් භික්ෂුවකට ශාසනගත අයිතියක් ඇත. පොලිස්කාරයෙකුට එය වැලක්වීමට බලයක් නැත. ඥානසාර හිමියන්ගේ තර්ක වලට සතුටුදායක උත්තර දීමට මුස්ලිම් මුල්ලාට නොහැකි විය. හාමුදුරුවරුන් කියා ගෙනැවිත් ඇති අය බොරු හමුදුරුවරු බවද එලිදරව් විය. මුස්ලිම් කල්ලියක් සිවුර ඉස්සරහට දමා යම් මගඩියක් කරනවා නම් ඒ සඳහා මානව අයිතිවාසිකම් ආරක්ෂාවක් නැත. තුවක්කු හෝ පිස්තෝල වෙනුවට ඥානසාර හාමුදුරුවන් භාවිතා කරන්නේ සැර වචන හා භාෂාවය. මෙය ධර්මපාලතුමාද කලේය. සෝම හමුදුරුවෝ එය නොකලේ ඒ දිනවල රටේ තත්වය දැන් තරම්ම පිරිහී නොතිබුණ නිසා විය හැකිය. දිලාන්, රජිතා, හකීම්, චන්ද්‍රිකා, රනිල්, දයාන් ජයතිලක, වාසුදේවලාට තේරෙන්නේ මේ භාෂාවෙන් කිව්වොත් පමණය. ඥානසාර හිමියන් මුලදී සැරෙන් කතා කලත් එය කෙලවර වූයේ ඉතාමත් කාරුණික ආකාරයටය. සිවුරක් දමාගත් අයෙක් බෞද්ධ ශාසනයට ගරහනවා නම් එය වැලැක්වීමේ අයිතිය අනිත් සිවුරුවලට ඇත. මෛත්‍රී මෙය නොදනීද?
නීති විද්‍යාව ගැන පමණක් නොව ලංකාවේ ඉතිහාසය හෝ භූගෝල විද්‍යාව ගැන හෝ දැනුමක් මේ උපුල්ලා ට නැති සේ ය (ඉතිහාසය කියන්නේ අතීතයේ භූගෝල විද්‍යාවටය). මේ විජේදාසලාට මෑත අතීතය පවා අමතකව ගොස් ය. ලංකාවේ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය අවුරුදු දෙදාස් ගණනක් රැක දුන්නේ හාමුදුරුවරු මිසක් ව්ජේදාසලාගේ, උපුල්ලාගේ ආච්චිලා නොවේ. මුස්ලිම් අන්තවාදය හා ක්‍රිස්තියානි අන්තවාදයෙන් සිංහල බෞද්ධ උරුමය රැකදීමට රටේ සිංහල නායකයෙක් දැන් නැත. පාර්ලිමේන්තුවට යන්නේද හොරුන් හා රස්තියාදුකාරයින් ය. ඇමතිලා කියන්නේ ගොබ්බයින් පිරිසකටය. විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට මේ රටේ හොර දේශපාලන පක්ෂ නායකයින් සැලකුවේ, සලකන්නේ, පිරිමින් හිත හොඳ ගෑණුන්ට සලකන ආකාරයටය. බොදු බල සේනාව මේ රහස එලිදරව් කලා පමණක් නොව දේශපාලකයින්ව ගලේ පැහැරූ බළලුන් බවට පත් කලේය. පවතින ක්‍රමයෙන් හොද්ද බොර කර ගන්නා හැමදෙනෙක්ම බොදු බල සේනාවට විරුද්ධ මේ නිසාය. මහින්ද රාජපක්ෂ මහතා ඉන්ටර්ෆේත් බදාගත්, බහු සමාජවාදියෙක් වීමෙන් ඔහුටත් රටටත් කරන හානිය පෙන්නා දුන්නේ බොදු බල සේනාවය. පරණ යූ එන් පී කාරයින්, බංකොලොත් මාක්ස්වාදීන් හා රට කඩා බුද්ධාගම විනාශකර දැම්මට කුමණ්ත්‍රණ කරන පිරිස් එහෙයියන්සේ වටකරගෙන සිටින එම්පරර් හෙළුවෙන් බව පෙන්නා දුන්නේ බොදු බල සේනාවය. තමන් යන වැරදි පාර වෙනස් කර ගැනීමට ඔහුට තාමත් ඉඩ ඇත.
June 18th, 2014 at 5:58 pm
උපුල් යනු A ලෙවල් විභාගයෙන් වැඩ 4 ම Fail උන UNP පන්ඩදමෙක්.