බයියලා සහ ටොයියලා
Posted on November 5th, 2014

ආචාර්ය චන්දන ජයලත්

ගරු විමල් වීරවංශ ඇමතිතූමා විසින් මෑතකදී කළ ප‍්‍රකාශයක් හරිම අපූරුය. ඊට අනුව ඔහු බයියෙකි. විපක්‍ෂයේ සිටින්නේ ටොයියලාය. බයියලා හා ටොයියලා දෙගොල්ල එකතුවී රට කන හැටි කතා කළේ මීට වසර හතලිස් පහකට පෙර රෝහණ විජේවීර සහෝදරයාය. එදා මෙදා තූර වැඩියෙන්ම කතා බහට ලක් වූ මාතෘකාව ද කාලය වැඩියෙන්ම කා දැමූ මාතෘකාව ද වූයේ දේශපාලනයයි. තුප්පහි දේශපාලනය, අරාජික දේශපාලනය, ගැලරියේ දේශපාලනය යනාදීි වශයෙන් එහි සවභාවය මතූ කරලීමට විවිධ නාම විශේෂණ පද යොදා ගන්නට ද විය. අප ලත් ඊනියා නිදහසේ පවිටු ඵල විපාක අතර රටේ දේශපාලන අයිතිය පවුල් කීපයක් අතට යාම පැහැදිලිය. ඉන්දියාවට, බංගලිදේශයට මෙන්ම ලංකාවටද එම මඩ ගොහොරුවෙන් එතෙර වීමට හැකියාවක් නැත. පාර්ලිමේන්තුවේ භාගෙට භාගයක්ම ඉන්නේ නෑයින්ය. පාර්ලිමේන්තුවේ භාගෙට භාගයක් උසස් පෙළ අසමත් බවද දැනගන්නට ලැබූයේ පුවත් ලිපියකින්ය. පාර්ලිමේන්තු අනු කමිටු ගණනාවක් අකර්මන්‍යව පවතින බවත් ඊට හේතුව පාර්ලිමේන්තුවට යලට මහට එන මන්තී‍්‍රවරු නිසා බව ද කියැවුණි.

පළාත් සභාව කෝච්චිය අල්ලා ගන්නට හොද තී‍්‍රවීලරයක් බඳුය. ප‍්‍රාදේශීය සභාව වන්දනා නඩයකි. පුළු පුළුවන් විදියට ඡුන්ද ටිකක් එකතු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. මළ ගෙවල්, දාන මාන, සල්පිල්, තොරන්, පෙරහැරවල් ප‍්‍රාදේශීය සභාවටය. පත්වීම් ප‍්‍රදානයන් පළාත් සභාවලටය. එදා අධ්‍යාපන අධ්‍යක්‍ෂ විසින් ලියාපදිංචි තැපෑලෙන් යවනු ලබන ගුරු පත්වීම අද වන විට සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ පවත්වනු ලබන ලොකු දේශපාලන සැණකෙළියකි. දිසාපතිතුමා විසින් එවන ලද ඔප්පුව අද මන්තී‍්‍රතුමා අතින්ම දිය යුතුය. පොදු වැසිකිලියක් විවෘත කළත් කතාව ඔච්චරය. සියල්ල දේශපාලනීකරණය වී හමාරය. සමස්ථ රාජ්‍ය අංශයම දූපත් මානසිකත්වයෙන් හා වෘත්තිය මාෆියාවෙන් වෙලාගෙනය. කිසි වැඩ පිළිවෙලක් නැතිව හතර අතේ වැනෙන බොහොමයක් ආයතනවල අද ඉතිරිව ඇත්තේ දේශපාලන සංදර්ශන පෙළකි.

එහෙත් මොවුන් ගේ දේශපාලන විඥානය පැහැදිලි වන්නේ රූපවාහිනියක් ඉදිරිපිට කතා කරන්නට අවස්ථාවක් ලැබුන විටය. සුදු හුණු ගෑම, එකිනෙකා පිට කසා ගැනීම හා මොන මොනවා හෝ පල්හෑලි ටිකක් දොඩා කාට හරි මඩපාරක් හැරීම හෝ විහිඵවක් කිරීම හැර ගත යුතු යමක් එහි නැත. රටේ ලෝකයේ සිදුවන දේ පිළිබඳ කිසිදු සංවේදීතාවයක් නැත. මේ රටේ එෆ්.එම්. නාලිකා හතලිස් පහකුත් රූපවාහිනී නාලිකා විස්සකුත් පුවත්පත් හැමකක්මත් එ්වායේ ඉඩකඩ වලින් හතරෙන් තුනක්ම දේශපාලන පත්වීම් ගුටි බැට හා එකිනෙකාට එරෙහිව කෙරෙන අවලාද සඳහා වෙන්වී ඇත. මාධ්‍යකරුවන් ඔවුන් පිටුපස හබා ගොස් ඔවුන්ට අනවශ්‍ය වටිනාකම් සපයමින් ප‍්‍රතිරූප ගොඩනගාලීමේ කාර්යයට මුල්වීම ඉතා කණගාටුදායකය.

අද රූපවාහිනී නාලිකාවල කෙරෙන ඇතැම් දේශපාලන ගුටිකෙලිවලින් පෙනී යන්නේ මොවුන්ගේ තුන්වෙනි පාන්තික බව නොවේද? ගැලරි ගතිය නොවේද? තානාපතිවරුන්ට පහර දෙන අධීක්‍ෂණ මන්තී‍්‍රවරු, මීනීමරන හෝ මිනිමැරුම් සම්බන්ධයෙන් වක‍්‍රව හෝ චූදිතයින් බවට පත්වුන මන්ත‍්‍රීවරු, ස්තී‍්‍ර දූෂකයින් හා වංචනිකයින්, සිසු අරගල වලට ගොස් අට්ටාල වලට ගිනි තබන මන්තී‍්‍රවරු, විදුහල්පතිවරුනට තම දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුළත් කරගන්නා ලෙස බලපෑම් කරන මන්තී‍්‍රවරු, පාරේ මහ දවල් පොලිසියත් ඉස්සර කරගනිමින් සියලූම මාර්ග නීති උල්ලංඝනය කරමින් අති ධාවනයක යෙදෙන මන්තී‍්‍රවරු, සමෘද්ධි නිලධාරීන් ගස් බඳින මන්තී‍්‍රවරු, රජයේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදින මන්ත‍්‍රීවරු, වලත්ත පුත‍්‍රයින් ජාතක කළ වලත්ත මන්ත‍්‍රීවරු යනාදී මෙකී නොකී මන්තී‍්‍රවරු 225 ක් පාර්ලිමේන්තුවේ සිටිති. 437ක් පළාත් සභාවල සිටිති. 3524 ක් ප‍්‍රාදේශීය සභාවල සිටිති.

අනුපාතයක් ලෙස ගත් කළ ජනතාවගෙන් සෑම 4900 කටම එක් මන්තී‍්‍රවරයෙක් සිිටිති. මෙම සුදු අලි පරම්පරාව නඩත්තු කිරීම සඳහා වසරකට වැය කෙරෙන රුපියල් කෝටි ගණන හරියටම දන්නේ පී.බී. ජයසුන්දර මහතා පමණක් විය හැක. මොවුන් භුක්ති විඳින විදේශ චාරිකා, බදු රහිත වාහන සහ අනිකුුත් වරප‍්‍රසාද ගත් කළ එම ගණන දෙගුන තෙගුණ වේ. එක පැත්තකින් දේශපාලනය කතා කරන්නට යෑමෙන් අප ජාතියක් හැටියට වසරක මිනිස් පැය කෝටි අටක් පමණ නාස්තිකර ගනිති. මැතිවරණයක් එද්දී රුපිියල් කෝටි පන්සියයකට වඩා නාස්ති කර ගනිති. මුදලින් මිල කළ නොහැකි පරිසර දූෂණයක් ඇතිකර ගනිති. ජාතික අසමගිය වපුරතිි. අවස්ථා කිහිපයකදීම මේ රටේ තරුණයින් දස දහස් ගණනකගේ මරණය තීරණය කළේද බයියලා සහ ටොයියලාය. වෙන් කර හඳුනා ගත නොහැකි තරමටම බයියලා සහ ටොයියලා පැති මාරු කරගෙන කලවම් වී ඇත.

මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත‍්‍රී දූෂණ හා වංචා ඉයවහ ගොසින්ය. අකාර්්‍යක්‍ෂමතාවයෙන් ඔද්දල් වුනු වැඩ සංස්කෘතියක් අප හමුවේ ඇත. එක අතකට ජනතාවද මීට වගකිව යුතුය. වසරකට සැරයක් මැතිවරණයක් ආවද ජනතාවගේ තේරීම නිවැරදි නොවූ කළ එම සාපය පෙරළා විදිය යුත්තේ ද ඡුන්ද දායකයෝය. එක පැත්තකින් ජනතාවට තෝරා ගැනීම පිණිස ගාමණි ජයසූරිය, සරත් මුත්තෙට්ට්ටුවගම, ඇම්.ඞී.බණ්ඩා වැනි මන්ත‍්‍රීවරු දැන් නැත. ඉන්නේ බයියලා සහ ටොයියලා ය.

තවද, සමස්තයක් හැටියට විනය පිළිබඳ ලොකු ගැටලූවක් අප ඉදිරියේ ඇත. රටේ පාරවල් හැදුනට එ්වායේ ගමන් කරන්නේ රොබෝලාවන් නම්ි ඉන් පලක් නැත. මාර්ග විනය අන්තිමය. දේශපාලනඥයෝ පාරේ යන විට අනිත් මිනිස්සුන්ට කාණු පල්ලට බහින්නට සිදුවී ඇත. පෞද්ගලික බස් රථ ධාවනය ගැනත් එහෙමමයි. රජය විසින් ජීවන බර අඩු කිරීමට ගත් ආයාසය අඩු මට්ටමක පැවතීම කා හටත් පැහැදිලිය. ලෝකයේ වැඩියෙන්ම නිවාඩු දෙන රටත් ලංකාවයි. තවද, නීතියේ සවාධිපත්‍යය රැුකගැනීම සම්බන්ධයෙන් සිවිල් සමාජය තූල පවතින අවිශ්වසනීයත්වය තව දුරටත් රුස්සන සුළු දෙයක් නොවනු ඇත. කොටින්ම සමස්ත සමාජ සන්දර්භයේම පිරිහීමක් ඇත. මේ අනුව බොහොමයක් දේ සම්බන්ධයෙන් සුභවාදීව දකින්න උත්සාහ කළ ද ඉන් ඵලක් නැති වග පෙනී යයි.

ජනතාව නැවතත් මංමුලා වී සිටිති. උදාහරණයකට, අලූත්ම අයවැය ලේඛනය ඉදිරිපිට එකිනෙකට නොපෑහෙන විග‍්‍රහයන් ඉදිරියේ ජනතාව කූමක් සිතා ගත යුතූද? ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු දෙදෙනෙක් පරස්පර විරෝධී අදහස් ප‍්‍රකාශ කරද්දී සාමාන්‍ය ජනතාවට සිදුව ඇත්තේ එ් දෙකම පසෙකලා තමාගේ පොකැට්ටුවට දැනෙන පරිදි තීන්දු ගැනීමයි. වෘත්තීයවේදීයෙකු තම වෘත්තීයට අදාළ පිළිගත් සම්මූතීන් වලට යටත් වෙයි. එ් තුළ කියැවෙන එක් වැදගත් කාරණයක් වන්නේ අන් අයගේ ජිවිතාවබෝධය උද්දීපනය වන අයුරින් සත්‍යයට මුල් තැන දෙමින් මහජන සුභසිද්ධියට හේතුවිය හැකි දෑ පිළිබඳ සද්භාවයෙන් කි‍්‍රයාකිරීමයි. මන්ද, වැරදි දෙයක් වුනත් කාලයක් මුළුල්ලේ පැල පැදියම් වුනොත් ඊට පිළිගැනීමක් හා අවසානයේ සමාජ සම්මුතියක් බවට ද පත්විය හැකි බැවිනි. හරි වැරැුද්ද සොයා ගැනීම අසීරු වන්නේ එවිටය. මෙහිලා වෘත්තීයවේදියාට ලොකූ කාර්යභාරයක් පැවරෙන අතර යම් අකටයුත්තක් සිදුවන විට තම පුද්ගලික වාසි තකා අහක බලා ගෙන නොසිට පිළිගත් වෘත්තීය මූලධර්ම වලට අනුකූලව නිවැරදි දේ සංනිවේදනය කළ යුතූය. එ්ත් වෘත්තීයෙවිදියාගේ පෞරුෂය හොඳටම දියාරු වී ඇති සැටිය.
කරුණු එසේ හෙයින්, සමස්ත දේශපාලන තන්ත‍්‍රය පිරිපහදුවකට ලක්කළ යුතුව ඇත. දේශපාලන බඩ සුද්දයක් අත්‍යවශ්‍යය. තෝරා පත් කර ගනු ලබන ජනතා නියෝජිතයින්ගේ ගණන භාගෙට භාගයක් අඩු කළ යුතුය. උසාවියකින් වරදකරුවකු වීමම දේශපාලනයට ඒමට සදාකාලික නුසුදුසුකමක් විය යුතුය. ඒ සඳහා කල් යල් බලමින් සිටීමේ ඵලක් නැත. එල්ලූම් ගහ කි‍්‍රයාත්මක කරමු. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරමු. කැබිනට් මණ්ඩලය විසි පහකට අඩු කරමු. සියලූම දේශපාලන ආයතන විසිරුවා හැර මුළු රටේම එකවිට මැතිවරණයක් පවත්වමු. ජන අභිලාසයට මුල් තැන දෙමු.

බයියලා සහ ටොයියලා මෙතුවක් කල් කළ හපන්කම් බොහොමයක් අපි දනිමු. රටේ අනාගතය නැකැත්කරුවන්ට භාර දීමෙන් අත්තනෝමතික ලෙස ගන්නා දඩබ්බර තීන්දු තීරණවලින් සිදුවන්නේ ලද ජයග‍්‍රහණ ආපසු හැරවීමයි. බහුතර සිංහල ඡුන්ද පදනම සීසීකඩ විසුරුන කළ පිට එකාලාගේ රූකඩයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. කවුරු මොනවා කිව්වත් මේ බැ?රුම් තත්ත්්වය මගහරවා ගැනීමට නම් රටේ නායකත්වය සිටුවා තැබූ ඊට දර දිය සැපයූු ගරුතර ස්වාමීන් වහන්සේලා, ගොවි කම්කරු බලවේග, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවන්, සාහිත්‍යකරුවන් හා බහු ජන සංවිධාන කියන දේ ඇසිය යුතුය. මහින්දට තුන්වරක් බැරිද පුළුවන්ද හෝ විධායක බලය හොඳද නරකද යන්න හුවා දක්වමින් අපව ගිල ගෙන ඇති ප‍්‍රශ්ණවලට ඉතා අඩු ලන්සුවක් තැබීම අපි අපටම කපා ගන්නා බොරු වලක් මැය. නීති පෙළහර වලින් තාවකාලිකව වසන් විය හැකි වුවද එය සමස්ථ සමාජය ලබන ජයග‍්‍රහණයක් ලෙස සැලකීම උගහටය. අවශ්‍යව ඇත්තේ රෙජිමයේ වෙනසක් නොව ක‍්‍රමයේ වෙනසක්ය. ඒ සඳහා සියඵ දේශමාමක ප‍්‍රජාව නැවතත් එකතූවීමට සිදුවීම කණගාටුවට කරුණකි.

10 Responses to “බයියලා සහ ටොයියලා”

  1. Nanda Says:

    A reflection of true development explained logically.
    Please don’t barrage the writer with accusations and try to prove he is a NGO or LTTE supporter.
    This is what is happening.
    Do we need a Pope to come and promote this re-con-silly-action ?

  2. Leela Says:

    ආචාර්ය චන්දන ලියා අැති බොහෝ දේ සමග බහුතර ඡනයා උඩින්ම එකඟ බව නොඅනුමානය. “තෝරා පත් කර ගනු ලබන ජනතා නියෝජිතයින්ගේ ගණන භාගෙට භාගයක් අඩු කළ යුතුය. උසාවියකින් වරදකරුවකු වීමම දේශපාලනයට ඒමට සදාකාලික නුසුදුසුකමක් විය යුතුය. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරමු. කැබිනට් මණ්ඩලය විසි පහකට අඩු කරමු. සියලූම දේශපාලන ආයතන විසිරුවා හැර මුළු රටේම එකවිට මැතිවරණයක් පවත්වමු.” එපමනක් නොව ඒ සඳහා කල් යල් බලමින් සිටීමේ ඵලක් නැති බවත් සහතික අැත්තය.

    නමුත් අප වැන්නන්ට ප්‍රශ්ණය වන්නේ එ්වා කරවා ගැනීමට විශ්වාස කරන්නේ කවුද කෙසේද යන්න පමනක් නොව අද තිබෙන දේශපාලන ප්‍රවාහයන් අනුව ‘බයියලා හා ටොයියලා’ නැතිව වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ ක්ලීන් රඡයකට කෙසේ වෙතත් අද තිබෙන ඡනාධිපති බලතල සහ 2/3කේ මංත්‍රි සංඛයාව සහිතව වත් පැවැත්මක් තිබේද යන්නයි.

    දේශපාලනයේ සදාකාලික මිතුරන්වත් හතුරන්වත් නැති බව දේශපාලඥයෝම අපට පූර්වාදර්ශ සපයා අැත. ඉතින් අවස්ථාවාදී, අන්තවාදී සහ රට බෙදන්න වලිකන දේශපාලන ප්‍රවාහයන්ට අර ‘බයියලා හා ටොයියලා’ එකතු උවහොත් අද තිබෙනා වැනි හෝ සාමයක් හෝ ස්ථාවර රටක් හෝ අපට තියෙයිද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය යන්නයි මගේ අදහස.

  3. Dr.K Says:

    Dear Dr. Chandana

    What you have said in this article is the ‘Thiththa Eththa’ of what’s been happening in Sri Lanka since the date that it was declared as independent.

    We accept that Hon. Mahida Rajapaksa did a great job by relieving or rescuing the country from the murderous LTTE terrorists.

    Thereafter the whole country kept hope on him as ‘one and only’ person who could correct the country from corruptions and other misconducts. Unfortunately it has not happened or is not happening either. Instead, it has turned upside down and has reached to it’s peak of ill practices as how Dr. Chandana reveals. Hon Mahida Rajapaksa had the fullest support from the public to re -tracked the country’s path when he was selected for the second turn but now it’s too late and too hard. However, if the situation hasn’t been changed in quick the ‘ Asiyawe Ashcharaya may fall into a ditch.

  4. Senevirath Says:

    we don’t want any bayyas or toyyas if they don’t want to scrap 13a and palaath sabhaa . 1 mp for 100000 voters may be enough but these bayyas and toyyas never talk about it

  5. Nanda Says:

    කලුසුද්දන්ගෙ උපදෙස් හොය හොයා වැඳ​
    මස්වැද්දන්ගෙ කෝරානය උනා හොඳ​
    හද රිද්දන්න බොදු ජනයගෙ හොඳද අද​
    බියවද්දන්න හෙලයා බොරු ගොතනවද​

  6. Nanda Says:

    බයියා නමත් සාඩම්බර කරුනක්ද
    ටොයියා කිවුවෙ කෙල්ලන්ටම නොවෙද​
    අය්යා මිහිඳු හෙල බොදුකම රැක දෙය් ද
    කොය් ආගමත් එකයය් කවි කියවෙය් ද​

  7. douglas Says:

    Lanka Web: Thank you for the promotion of these Sinhala Scholars and facilitating them to present their views in Sinhala language. I had the opportunity to show these articles to some of the people who are not that conversant in the English language. They were very happy and did tell me to send you a “Big Thank You”.

    Please do write in Sinhala and you can reach another segment of the population who are denied the opportunity of getting to know many more matters concerning the management of their affairs.

    Thank you and keep up the good work.

  8. AnuD Says:

    This article is 100% true. but, what we can do. One way is to teach the public.

    They won’t allow a proper leader to elevate himself. they will destroy the person.

  9. Dilrook Says:

    The needless governance layer is the provincial councils. Pradeshiya Sabhas are vital as they carry out grassroots level administrative functions. They are well established. The parliament is also vital. It is the provincial councils that are useless. Already people elect MPs to parliament on a district basis. Why should the district be consulted again to elect provincial councillors? Also, the provincial councils have been assigned powers that were vested in parliament. Provincial Councils are an absolute disgrace. The entire 13A must be abrogated.

    It is foolish to have district councils in place of provincial councils as the nation is already over-governed. 22 councils in place of 9 is ridiculous. An authority for every 4,900 persons is only part of the horror. One authority for every 15 square kilometres is a shocking ratio which highlights the administrative plunder the people go through. On top of this they have secretaries, drivers and personal assistants.

    A good starting point to clear this mess is to abrogate 13A forthwith. It can directly save Rs. 15 billion a year in needless administrative costs. Indirect savings and capital expenditure savings are many times higher. Saving in lost productivity on election dates, election campaigning and election holding expenses are also in billions.

  10. ranjit Says:

    Whether good or bad we have only one leader at the moment who can be trusted to save our Motherland and that is none other than the Hon Mahinda Rajapaksa current President of ours. He has done lot of things to the country after the war and still he continues his good work but the only problem he has is he do not have a good trusted team with him except few. Most of his team mates are corrupt and useless and most of the politicians nowadays are not educated well and most of them were involved in Mafia acts like drugs,Murders,Thefts etc.They come to the parliament thru ill gotten money used to get votes. The public must reject these kind of people and choose good educated sons and daughters of Motherland to represent them.Everyone knows the corrupt and bad guys but still they vote for him for few bucks. Do not sell your valuable vote for a packet of rice and little Booze.Think wisely this time and send people who can be trusted.We need good decent educated leaders to represent us in the world stage. President is doing everything he can to help the people to be educated and to be par with well educated people in the world. Let’s do it.We the people must take a lead to send these gangsters and drug lords to face justice and to be in a 4×4 cell in Welikada.

    All citizens must unite and elect good people to represent us rather than traitors and dividers. We need a united Lanka rather than divided Lanka. Sri Lankan politicians who go behind foreigners and talk on behalf of them for green bucks and create unnecessary problems in our homeland should be punished. Those traitors gave the terrorists everything they wanted when they were in power and was about to divide the country.Thanks to the straight forward leadership and to those valiant war heros who fought a do or die battle to save our country. Scrap 13A is a good thing that will save good amount of money which can be used to build roads,Schools,Hospitals etc. Hope every citizen will use his brains and select new faces with good education rather than drug lords,murderers and pimps. Let’s hope for a better future in the coming days.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress