UNP General Secretary Tissa Attanayake’s Letter addressed to Ranil Wickremasinghe on his resignation
Posted on December 8th, 2014
තිස්ස අත්තනායක, පා.ම.
2014 දෙසැම්බර්08 දින
එක්සත් ජාතික පක්ෂයේ නායක,
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
අංක 400
‘සිරිකොත’
කෝට්ටේපාර
පිටකෝට්ටේ.
ගරු නායකතුමනි,
පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව
මෙවැනි ලිපියක් මාගේ දේශපාලන ජීවිතය තුළ කිසිදිනක ලියන්නට සිදුවේයැයි මොහොතකටවත් නොසිතුවෙමි. රනිල්-සජිත් සමගිය ගොඩ නැගීමෙන් පසු ඊට එරෙහිව මෑත කාලයේ පක්ෂය තුළ ගොඩ නැගුණු මලික්-රවී-මංගල කුමන්ත්‍රණ කල්ලිය විසින් පක්ෂයට සහ පාක්ෂිකයාට සිදු කරන විනාශයත්, පක්ෂය සමගි කළ මට එම කල්ලිය විසින් නොනවත්වා කරන දේශපාලන කෙනෙහිළි කමුත්,මාගේ දේශපාලන ගමන අඩාල කරවන අරමුණින් සිදු කරන පිහි ඇනුම් සහ මෑතකදී ගොඩ නැඟූ දේශපාලන සන්ධානය ගැන පක්ෂය වෙනුවෙන් තීරණ ගැනීමේ දී පක්ෂ මහලේකම් ලෙස මා දැනුවත් කිරීමක් පවා නොකොට, මාගේ හෝ පාක්ෂික බහුතරයේ මතය අබමල් රේණුවක් තරමටවත් නොසලකා කරගෙන යන අත්තනෝමතික වැඩපිළිවෙළත් විසින් හෘදය සාක්ෂියට එකඟව වැඩ කළ නොහැකි, සිත් කළකිරවන තත්ත්වයට මා පත් කර,වේදනාකාරී මෙම දේශපාලන තීන්දුව ගැනීමේ තැනට මා තල්ලු කරවන ලද බව අන් කවරෙකුටවත් වඩා ඔබතුමාගේ හෘදය සාක්ෂි දරනවා ඇත.
මා දේශපාලන ජීවිතය ආරම්භ කළේ මීට වසර 35 කට පෙර, එනම්1981 දී, කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණෙනි. එහි සභාපතිවරයා වශයෙන් පක්ෂ මූලස්ථානයේ පූර්ණ කාලීනව සේවය කරමින් ආරම්භ කළ එම දේශපාලන ගමන නොයෙක් අභියෝගවලට මුහුණ දෙමින්, පක්ෂයේ මහ ලේකම්වරයා දක්වා මා පැමිණියේ මාගේ දැඩි කැපවීම සහ දක්ෂතාව මත විනා කිසිවෙකුගේ හිතවත්කම් වලට ලැබුණු වරප්‍රසාද මත නොවේ.
වසර1989 දී රට තුළ එජාප පාක්ෂිකයන්ට එරෙහි දැඩි භීෂණයක් පැවති වකවානුවක, දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත මා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර එතැන් සිට අද දක්වා නොකඩවා වසර25 ක් තිස්සේ ඉතා ක්‍රියාශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමි.1993 දීඋසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවංගත ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා විසින් මා පත්කරන ලද අතර 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට අප පක්ෂයට පැමිණි අනුර බණ්ඩාරනායක මැතිතුමාව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ඉඩ කඩ ලබා දී විශ්ව විද්‍යාල කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අනතුරුව වගකීම භාර ගතිමි.පසුව2001 වසරේ දී අප පක්ෂය බලයට පැමිණි විට ඔබතුමාගේ නායකත්වය යටතේ මධ්‍යම පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළෙමි.
මෙසේ පැමිණි දේශපාලන ගමනේ දී පක්ෂය වෙනුවෙන් හිරේ විලංගුවේ පවා වැටීමට මට සිදු විය. 2000 වසරේ පැවති මැතිවරණයේ දී එවකට තිබූ ආණ්ඩුව විසින් මහනුවර දිස්ත්‍රික්කයේ අප පක්ෂ කටයුතු අඩපණ කිරීමට මා සිරගත කළ අතර එම මැතිවරණය මෙහෙයවීමට මට සිදුවූයේ බෝගම්බර සිර ගෙදර සිට පක්ෂය වෙනුවෙන් දුක් විඳිමිනි. පසුව මා නිදහස් වූ අතර එවකට පැවති ආණ්ඩුවෙන් මාහට සිදු කළ දේශපාලන හිරිහැර සහ අසාධාරණයට එරෙහිව විරෝධය පාමින් මාගේ සංකල්පයක් මත ගාමිණී අතුකෝරළ උපනායකතුමාගේ මූලිකත්වයෙන් එදා මහනුවර සිට කොළඹ දක්වා දියත් කළ ‘ජනබල මෙහෙයුම’ පා ගමන පසුව 2001 වසරේදී අප පක්ෂය බලයට පැමිණීමට දැඩි දායකත්වය ලබාදුන් ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරකම බවට පත්විය. එහි දී එම මෙහෙයුම ‘ජනබල මෙහෙයුම’ ලෙස නම් කළේ මා විසින් බව අද සිහිපත් කරනුයේ නිහතමානී සතුටකිනි. අනතුරුව එවකට පැවති ආණ්ඩුව දුර්වල වන තෙක් රට පුරා ‘ජනබල මෙහෙයුම්’ අප සංවිධානය කළ අතර පක්ෂයේ උප නායක ගාමිණී අතුකෝරළ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ රවී සමරවීර යන අය මා සමග එක්ව එම දේශපාලන මෙහෙයුම් සංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලදී.
ජනබල මෙහෙයුම හරහා දියත් කළ එම දේශපාලන සටන් කෙළවර වූයේ ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබා දුන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ලබා ගැනීමෙනි. ඒ පැමිණි ගමනේ දී අප පාක්ෂිකයා දැඩි කැප කිරීමක් කළ නමුත් එදා ආණ්ඩුවෙන් අප පාක්ෂිකයාට ප්‍රමාණවත් සාධාරණයක් ඉෂ්ඨ නොවූ බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව ඇත. එදා ලබාගත් ආණ්ඩු බලය එවකට ඇමැති මණ්ඩලයේ සිටි රාජිත සේනාරත්න සහ රවී කරුණානායක ඇමතිවරුන්ගේ අනුවණ සහ අදූරදර්ශී හැසිරීම් නිසා අපට අහිමි වූ අතර ඒ බවට මාගේ සමකාලීන අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වන ආනන්ද කුලරත්න සහ ඉමිටියාස් බාකීර් මාකර් මැතිතුමන් ලා වුවද සාක්ෂි දරනු ඇත. මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මේ ගැන එතුමාගේ කෘතියක ඉතා යථාර්තවාදී විග්‍රහයක් කරඇති බව පසුකලෙක මම දුටුවෙමි.
කෙසේ වෙතත්2004 දී අපට ආණ්ඩුබලය අහිමි වූ අතර 2005 වසරේදී මා නැවත දෙවිනුවර සිට කොළඹ දක්වා පා ගමනක් ඉතා සාර්ථකව සංවිධානය කළෙමි. එහෙත් පැවති මැතිවරණ වලින් අප පරාජය වූ අතර මා පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස 2006 වසරේ දී වගකීම් භාර ගත්තේ පක්ෂය පරාජයේ මානසිකත්වයෙන් බිඳ වැටී, බෙදී වෙන් වී අර්බුදයකට පත්ව තිබූ මොහොතකය.එහෙත් බෙදී වෙන්වී සිටි පක්ෂය අවසානයේ 2014 වසර වන විට රනිල්-සජිත් එකමුතුවෙන් ශක්තිමත් කිරීමට මූලිකත්වය ලබා දීමට මට හැකිවූ බව සිහිපත් කරනුයේ ඉතා සතුටිනි.
රනිල්-සජිත් එකමුතුව ඇති කරන්නට පදනම් වූයේ කොළඹ, ගලදාරී හෝටලයේ පැවති රැස්වීමක දී පක්ෂයේ උපායමාර්ගික සැලසුම් කමිටුව (Strategic Planning Committee) වෙත මා ඉදිරිපත් කළ අදහසකට අනුව ගත් තීරණයකි. එහිදී පක්ෂයේ අභ්‍යන්තර සමගිය ශක්තිමත් කර, සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකත්වයට පත් කිරීමටත්, ජනමාධ්‍යය සහයෝගය ජනාධිපතිවරණය ජයගැනීමට අත්‍යවශ්‍ය බැවින් එම සහාය ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීමටත් මා විසින් එම කමිටුවට යෝජනා කරන ලදී. ඒ අනුව රනිල්-සජිත් සමගිය ගොඩ නැංවීම සඳහා ඔබතුමාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම මුලපුරා, කොතරම් බාධක පැමිණියත් එය සාර්ථක කරගන්නට ක්‍රියා කළෙමි.
රනිල්-සජිත් එකමුතුව ගැන සමස්ත පාක්ෂිකයා සමග මට සතුටුවන්නට පුළුවන් වුවද ඒ ගැන අසතුටින් සහ ඊර්ෂ්‍යාවෙන් බලන පිරිසකගේ කඳවුරක් අප පක්ෂය තුළ ඇත. රවී කරුණානායක සහ මංගල සමරවීර මන්ත්‍රීවරුන් රනිල්-සජිත් එකමුතුවට දැඩි සේ විරුද්ධ බව රහසක් නොවේ.මාගේ පෞද්ගලික මතය නම් ඒ වෙන කිසිවක් නිසා නොව රනිල්-සජිත් එකමුතුව නිසා මලික්-රවී-මංගල කණ්ඩායමේ ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍රය අවුල් වී ගිය බැවිනි.ඒ නිසා ඔවුන් සෘජුව සහ වක්‍රව ඔවුන්ට සම්බන්ධකම් ඇති වෙබ් මාධ්‍ය පවායොදා ගනිමින් රනිල්-සජිත් එකමුතුවට පාර කැපූ මට නිර්දය ලෙස පහර ගසන්නට පටන් ගත්තේය.කොටින්ම කිවහොත් දින කීපයකට පෙර (දෙසැම්බර්6) මා සංවිධානය කළ පක්ෂ විශේෂ මහ සමුළුවට මැර පිරිස් ගෙනැවිත් මා කතා කරන විට ‘හූ’ කියවන්නට රවී කරුණානායක මහතා කුමන්ත්‍රණය කළ බව දැන් රහසක් නොවේ. ඒ බවට ඔබතුමාගේ ආරක්ෂක අංශ පවා සාක්ෂි දරනු ඇත. එහෙත් පාක්ෂිකයා ඒ කුමන්ත්‍රණ සාර්ථකව පරාජය කළේය. එසේ නොවන්නට එදා සම්මේලනය එම කුමන්ත්‍රණය නිසා අපවිත්‍රවන්නට ඉඩ තිබිණ.කෙසේ වෙතත්, රනිල්-සජිත් එකමුතුව ගැන සමස්ත පාක්ෂිකයා තුළ ඇති සතුට දැක මම අද සතුටු වෙමි. මේ සියල්ල ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමා සාක්ෂි දරනු ඇති බවට මම විශ්වාස කරමි.
ආණ්ඩු බලය ගැනීමට වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානයක් ගොඩ නැඟීමේ අදහසට කිසිවිටක මා විරුද්ධ වූයේ නැත. එහෙත් මා දිගින් දිගටම විරුද්ධ වූයේ එකී සන්ධානය මගින් එක්සත් ජාතික පක්ෂයෙන් මබතුමා හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකොට, වෙනත් කණ්ඩායමකින් අපේක්ෂයකු ඉදිරිපත් කිරීමේ අදහසටය.එයට හේතු වන්නේ එසේ වෙනත් අයෙකු ඉදිරිපත් කිරීම මෙතෙක් දේශපාලන සන්ධාන ගොඩනැගීමේ මූලික සම්ප්‍රදායට සහමුලින් පටහැණි වීමත්, මෙම සන්ධානය මගින් එයට සියයට 80 කට අධික ජන පදනමක් සපයන, ඡන්ද සටනේ දර-දිය අදින එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකයාගේ අපේක්ෂා ඉටු නොවන බවට පැහැදිලිව මට කරුණු පෙනීයාමත් ය. නායකතුමනි, මෑත ඉතිහාසය තුළ ගොඩ නැඟූ දේශපාලන සන්ධාන සියල්ලේම මැතිවරණ අපේක්ෂකත්වය ලැබුණේ එම සන්ධානවල ප්‍රධාන දේශපාලන පක්ෂයටයි.1970 වසරේදී සමගි පෙරමුණේ නායකත්වය දැරුවේ එහි ප්‍රධාන කොටස්කාරයා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවයි. එසේම 1994 වසරේ පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වය හිමිවුණේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවටයි. 2001 වසරේ එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය හිමි වූයේ එහි ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටයි.2005 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය හිමි වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. එහෙත් මෙවර එම සම්ප්‍රදාය කුමන්ත්‍රණකාරී ලෙස බිඳ හෙළමින්,මෙම සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය ලැබුණේ නැත. එමගින් මෙම සම්ප්‍රදායට පදනම් වූ ඡන්දය මෙහෙයවන ප්‍රධාන පක්ෂයට සහ පාක්ෂිකයාට ප්‍රතිලාභ ලැබීමේ ප්‍රමුඛතාව හිමිවන තීරණාත්මක බලය අප පක්ෂයට දැන් අහිමි වී තිබේ. කෙසේවතත්, අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස අප ඇතිකර ගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන්නට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අප ඇතිකර ගන්නා සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කර, අප පක්ෂයේ සහ පාක්ෂිකයාගේ අපේක්ෂා ආරක්ෂා කරන කොන්දේසි තුනකට යටත්වය. පළමුවැන්න, ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වූ පසු අග්‍රාමාත්‍යධුරය ඔබතුමාට ලබා දීමට සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ලබා දුන් ප්‍රතිඥාව සහතික කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන, ජනාධිපති ධුරයේ ඇති විධායක බලතල පැය 24 ක් ඇතුළත අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට පැවරීමය. දෙවැන්න, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාර්ශවයේ මැදිහත්වීමෙන් ආණ්ඩුවෙන් 20 ක්– 25 ක් අතර පිරිසක් විපක්ෂයට ගෙන එමෙන් පසුව පමණක් ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාව නම් කිරීමයි. තුන්වැන්න, ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වී දින 100 ක් තුළ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සංශෝධනය කර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම ගැන ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම කණ්ඩායමෙන් සහතිකයක් ලබාගැනීමයි.
එහෙත්, මේ දක්වාම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් මේ කිසිදු කොන්දේසියක් සම්පූර්ණ කර නොමැත. එසේ නොමැතිව, ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා ට ලබාදී ඇති අතර ඔහුගේ කණ්ඩායම එක්සත් ජාතික පාක්ෂිකයාගේ කරපිටින් බලයට එන්නට දැන් සූදානම් වී සිටී. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණියහොත් එක්සත් ජාතික පක්ෂයට හෝ පාක්ෂිකයාට යුක්තිය හෝ සාධාරණත්වය ඉටුවන්නේ ද යන්න ගැන මට ඇත්තේ දැඩි අවිශ්වාසයකි.ඊයේ(07)ඉරිදා ලංකාදීප ප්‍රධාන පුවත මේ පිළිබඳව මා තුළ තිබෙන සාධාරණ සැකය තවත් තහවුරු කරයි. එම පුවතින් හෙළි කරන්නේ ජනාධිපතිවරණයට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. වෙනත් වචනයෙන් කියනවා නම් ඔවුන්ගේ සැලැස්ම වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින්, කඳුළින් සහ දහඩියෙන් මෙවර ජනාධිපතිවරණය දිනාගෙන,වෙනත් පක්ෂයක් සාදා, අප පාක්ෂිකයාට පයින් ගැසීමයි. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ඔබතුමාට අමුතුවෙන් අවධාරණය කළ යුතු නැති බව මම දනිමි.
අනෙක් අතට මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයට පැමිණීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මා මුණ ගැසී, අඩුම තරමේ සම්ප්‍රදාය ගරු කිරීමටවත් මා සමග කතා බහ කර නොමැත. ඒ වෙන කිසිවක් නිසා නොව මෛත්‍රීපාල සිරිසේන මහතාව රූකඩයක් මෙන් නටවන මලික්-රවී-මංගල කල්ලියේ බලපෑම නිසා බව මම හොඳින් දනිමි.
එහෙත් හිත හදාගෙන පක්ෂයේ කටයුතු කර ගෙන යන්නට පසුගිය සති කිහිපයේ මා කිහිප විටක්ම උත්සාහ කළද,මලික්-රවී-මංගල කල්ලියෙන් මට ඒ සඳහා ඉඩක් ලබා දුන්නේම නැත.මීටදින කීපයකට පෙර (දෙසැම්බර්6) මා සංවිධානය කළ පක්ෂ විශේෂ මහ සමුළුවට මැර පිරිස් ගෙනැවිත් මා කතා කරන විට ‘හූ’ කියවන්නට රවී කරුණානායක මහතා කළකුමන්ත්‍රණය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ගෙන් එකක් පමණකි.ඊට අමතරව එම කල්ලියට හිතවත් වෙබ් අඩවි ඔස්සේ ‘තිස්ස අත්තනායක රුපියල් මිලියන500 කට ආණ්ඩුවට අළෙවි වන බවට’ මඩ ප්‍රචාර පසුගිය සති කීපය පුරාම ගෙන ගියේය. මගේ හෘදය සාක්ෂිය මුදලට මිලදී ගත නොහැකි බව මම දැඩි අවධාරණයෙන් කියා සිටිමි. මුදලට රටම පාවා දෙන ගනු දෙනු ගැන චෝදනා ඇත්තේ මට නොව රවී කරුණානායක මහතාට එරෙහිවය.
L.T.T.E. සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලත් ඇමෙරිකාවේ රාජ් රාජරත්නම් ගෙන් මේ රටේ විනිමය රෙගුලාසි උල්ලංඝණය කර ඩොලර් කෝටි ගණන් මුදල් ගෙන්වා ගැනීම ගැන අධිකරණයේ නඩුවක් පවතින්නේ මට එරෙහිව නොව රවී කරුණානායක මහතාට එරෙහිවය. එසේමL.T.T.E යට එරෙහි යුද්ධය පැවති සමයේ රණ විරුවන්ගේ ජයග්‍රහණ හෑල්ලුකරමින්, මුළු එක්සත් ජාතික පක්ෂයම ජනතාවගෙන් කොන් කරවන කිලිනොච්චි ගියා කියා මැදවච්චි යනවා, අලිමංකඩ ගියා කියා පාමංකඩ යනවා” වැනි පක්ෂයත්, රටත් පාවා දෙන ප්‍රකාශ රවී කරුණානායක මහතා කළේ කාගේ මුදලට යට වී දැයි ඔහුගෙන් අමුතුවෙන් ප්‍රශ්න නොකරම කාටත්තේරුම් ගත හැකිය.එපමණකින් නොනැවතී, අප පක්ෂය දුර්වල කරමින්,ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබා දෙමින්,අප පක්ෂයෙන් 17 දෙනෙකු ආණ්ඩුවට පළවා හැරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේද රවී කරුණානායක මහතා බව මේ මොහොතේ මම එළිපිටම ප්‍රකාශ කරමි. ඔහු එසේ කළේ ජ්‍යෙෂ්ඨත්වය සහ බලය පක්ෂය තුළ තහවුරු කර ගැනීමේ ඔහුගේ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණ ඉටු කර ගැනීම පිණිසයි. දැන්රවී කරුණානායක මහතාගේ අරමුණක් වන්නේ ඔහුට හිතවත් කොට්ඨාස සංවිධායකයින් පත් කරවා ගැනීමයි. මෙවර විශේෂ මහ සම්මේලනයේ දී ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් ආසන පරදින සෑම කොට්ඨාස සංවිධායකවරයෙකුවම වහාම ඉවත් කරන බවයි”.පළමුව, ඔහුට එවැනි බලයක් දුන්නේ කවුදැයි නොදනිමි.දෙවනුව, මේ රටේ සමහර ආසන අප පක්ෂයට වාසිදායක වන අතර තවත් සමහර ආසන අප පක්ෂයට වාසිදායක නැත. එහෙත් අපට ඒ හැම සංවිධායකයෙකුම අත්‍යවශ්‍ය වේ.
නායකතුමනි, මලික්-රවී-මංගල කල්ලියේ ගොදුරක් බවට අද මා පත්වුණා පමණක් නොව, ඔබතුමාද ඔවුන්ගේ සිරකරුවෙකු බවට පත්කර හමාරය.පසුගිය කාලසීමාව තුළ පක්ෂයේ තීරණාත්මක තීන්දු, තීරණ කිසිවක් පිළිබඳව පක්ෂ මහ ලේකම්වරයා ලෙස මා දැනුවත් කර නැත. ඒ පිළිබඳව මට ඇත්තේ බලවත් කණගාටුවකි. අඩුම තරමේ පසුගිය දා අත්සන් කරන්නට යෙදුණු අවබෝධතා ගිවිසුම තවමත් මට පෙන්වා නැත. එමෙන්ම, පිහිටුවන්නට යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය හෝ වරින් වර ඇතිකර ගත් විවිධ අභ්‍යන්තර එකඟතා සහ ගිවිසුම් පිළිබඳව තවමත් මා දැනුවත් කර නොමැත. එසේ කිරීමට හේතුව ලෙස මට පෙනී යන්නේ එකී එකඟතා සහ ගිවිසුම් මගින් එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයාට යුක්තිය ඉටු නොවන හෝ අවාසිදායක හෝ වන කාරණා වලදී පක්ෂයේ මහලේකම් ලෙස මා අනිවාර්යයෙන්ම මතු කරන විරෝධතාව වළක්වා ගැනීමයි.මලික්-රවී-මංගල කල්ලිය විසින් එදා සිට පක්ෂය නොයෙක් අභියෝග වලින් ආරක්ෂා කිරීමට කැප වූ අප සියලු දෙනාවම යටපත් කරන දේශපාලන පරිසරයක් පක්ෂ අභ්‍යන්තරය තුළ දැන්ගොඩ නඟමින්සිටී. ඔබතුමා විසින්ම මා හට ප්‍රකාශ කළ පරිදි, මෙම ගොඩනැගෙන නව සන්ධානය විසින් ඔබතුමාව බිත්තියට හේත්තු කර අවසන්ය”. මෙවැනි වාතාවරණයක් තුළ පක්ෂ මහ ලේකම් ධුරයේ වගකීම සහ කාර්යභාරය තව දුරටත් මට මගේ හෘදය සාක්ෂියට අනුකූලව ඉටු කළ නොහැකි බව මට මෙන්ම ඔබතුමාටද සක් සුදක් සේ පැහැදිලි වනු ඇතැයි මම විශ්වාස කරමි.
එපමණක් නොව දිගින් දිගටම මහ ලේකම් ධුරයෙන් පළ නොකියා පලා බෙදන තත්ත්වයකට පසුගිය කාලය පුරාම මා මුහුණ දුන් බව වේදනාවෙන් සඳහන් කරමි. වරින් වර මහලේකම් ලෙස මා වෙත තිබූ පරිපාලන බලය විවිධ පුද්ගලයන්ට බෙදාදෙමින්, මා දුර්වල කරන වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ සිට දියත්වෙමින් තිබුණි.මා තුළ එයින් උපන් කළකිරීම මා නිහඬව විඳදරා ගත්තා මිස පක්ෂයට හානිවන කිසිවක් නොකීවෙමි, නොකළෙමි.කෙසේ වෙතත්,මා හට මහ ලේකම් ලෙස පැවරී තිබූ සංවිධාන වගකීම ඉෂ්ඨ කර, එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්නට මම නොයෙක්වර උත්සාහ කළෙමි. අවසානයේ මාගේ සංකල්පයක් අනුව, ඔබතුමාගේ ද අනුමැතිය ඇතිව රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සංවිධායකයන් 12, 500 පත් කර, මැතිවරණය මෙහෙයවන්නට සමත් යාන්ත්‍රණයක් මා ගොඩ නැගූ අතර එහි කල එළි දැක්ම නොයෙක් බාධා කිරීම් සහ කකුළෙන් ඇදීම් මැද ‘නියමුවෝ අපි’ නමින් කොළඹ හයිඩ් පාක් පිටියේ දී ඉතා සාර්ථකව මා විසින් ඉකුත් ඔක්තෝබර් 28 දින සංවිධානය කරන ලදී. එහි සාර්ථකත්වය අවංකව, ප්‍රසිද්ධියේ අගය කළේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණකි. ‘නියමුවෝ අපි’සංවිධානයේ සහ රැළියේ සාර්ථකත්වය පසෙක තිබියදී එහි වගකීම මගෙන් ඉවත් කර ඇති අතර, එය නියමුවෙකු නැති දේශපාලන අනාතයෙකු බවට ආරම්භයෙන් මාස දෙකක් යන්නට පෙර පත් වෙමින් තිබේ. මේ සියල්ල මා හට දරා ගත නොහැකි වේදනාවක් බව සඳහන් කරමි. මෙවැනි වාතාවරණයක් තුළ පක්ෂ මහ ලේකම් ධුරයේ වගකීම සහ කාර්යභාරය තවදුරටත් මට මගේ හෘදය සාක්ෂියට අනුකූලව ඉටු කළ නොහැකි බව මට මෙන්ම ඔබතුමාටද වැටහෙන බව දනිමි.මම ඔබතුමාගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ පක්ෂය කල්ලි වාදීන්ගෙන් සහ අවස්ථාවාදී, කුමන්ත්‍රණකරුවන්ගෙන් ගලවාගෙන, සැබෑ‘යූ.ඇන්.පී.කාරයන්ට’ අවස්ථාවක් ලබාදී,දශක දෙකක් තිස්සේ ආණ්ඩුවක් නැතිව සිටින ඔවුනගේ අපේක්ෂාවන් ඉටු කරවන තත්ත්වයක් ඇති කරවන ලෙසයි. එහෙත්, මලික්-රවී-මංගල කල්ලිය මූලික වී ඇතිකර ගත් මෙම සන්ධානයෙන් එක්සත් ජාතික පක්ෂයටත්, පාක්ෂිකයාටත් ඇතිවන යහපත ගැන මට විශ්වාසයක් නැත. ඒයහපත සහතික කර ලබා ගැනීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැනවූ කොන්දේසි වලට එකඟ කරවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පොදු අපේක්ෂකයා කරවන සාකච්ඡා වලට පක්ෂය වෙනුවන් සහභාගී වූ මලික්-රවී-මංගල කල්ලිය සමත් වී නැත.2004 වසරේදී මලික් සමරවික්‍රම මහතා අප පක්ෂය වෙනුවෙනුත්, මනෝ තිත්තවැල්ල මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වෙනුවෙනුත් සහභාගී වීසිදු කළ මනෝ-මලික් සාකච්ඡාවේ අවසන් ප්‍රතිපලය ලෙස 2001දී ලබා ගත් ආණ්ඩුව අපට අහිමි විය.ඒ එදාය. අද මලික් සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමේ සාකච්ඡා වලින් අපේ පක්ෂයට ජනාධිපති අපේක්ෂකත්වයත්, පක්ෂයේ සහ පාක්ෂිකයාගේ අනාගතයත් අහිමි වී ඇත.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමේ තීරණය සති කීපයක් තිස්සේ පරෙස්සමෙන් කරුණු කල්පනා කර බලා මා එළැඹුණු තීරණයකි. එහෙත් කිසි දිනක මම එක්සත් ජාතික පක්ෂය හැර නොයමි. කෙසේ වුවද, පක්ෂ මහ ලේකම් තනතුරේ වගකීම සහ කාර්යභාරය ආත්ම ගෞරවයකින් යුක්තව ඉටු කිරීමට මට නොහැකි අතර එම ධුරයෙන් ඉවත්වීම හැරුණු කොට වෙනත් විකල්පයක් ද මා හට නොමැති බව පැහැදිලිය.
පසුගිය කාලය තුළ විවිධ හැළ-හැප්පිලි සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමග එක්ව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, කොට්ඨාස සංවිධායකවරුන්ටත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත්, අප පක්ෂයේ නිලධාරීන් සහපාක්ෂිකයන්ටත්, පක්ෂ මූලස්ථාන කාර්ය මණ්ඩලයටත් මගේකෘතවේදීත්වය මෙහිදී පළ කරමි.
මේ තාක් කාලයක් මට මග පෙන්වා, උපදෙස්දී, මා මෙහෙයවූ ඔබතුමාටත්, මට සහය ලබාදුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මගේ අවංක ස්තුතිය පිරිනමමි.
ස්තුතියි.
මෙයට- හිතවත්,
(අත්සන් කළේ)
තිස්ස අත්තනායක, පා.ම.
December 8th, 2014 at 1:35 pm
Well said, I hope these are coming from the heart. Thank you Tissa
December 8th, 2014 at 1:59 pm
Dear Tissa
You have taken a great decision and the whole country will respect you one day in the future for taking the first step to protect Sri Lanka from national and international mafia. Thank you
December 8th, 2014 at 3:17 pm
Briefly, I gather from the Letter of Resignation of Tissa Attanakayake from the UNP, that he resigned resigned because:
1. The Malik-Ravi-Mangala group gutted his position, and his ability to function, as UNP General Secretary,
2. The Common Candidate is not a UNP Party leader committed to UNP’s political agenda and acceptable to rank-and-file party members,
3. The 3 Conditions in the Agreement to back Maithripala Sirisena as the Common Candidate negotiated by the Malik-Ravi-Mangala group, to wit
3.1 Upon Maithripala Sirisena being elected as Executive President, he would within 24 hours appoint Ranil Wickramasinghe as the Prime Minister and transfer the Executive Powers of the Presidency to the Prime Minister and his Cabinet of Ministers.
3.2 Maithripala Sirisena would be accepted and named as the Common Candidate upon bringing with him 20-25 UPFA members, defecting the Common Opposition.
3.3 Maithripala Sirisena would revise the Constitution completely, and abolish the Executve Presidency within 100 days.
have already been violated in that Maithripala Sirisena did not bring 20-25 defectors, and, therefore, should not have been named the Common Candidate.
4. After winning the Executive Presidency, Maitripala Sirisena and the JHU ship-jumpers INTEND to create a new political party of THEIR OWN, outside the UNP, viloating UNP expectations and creating another split within the Common Opposition, and not giving the UNP the benefit of the defectors from the SLFP!
This letter CLEARLY DEMONSTRATES to me TWO THINGS:
1. The EXTENT of the MONUMENTAL TREACHERY committed by the Maithripala Sirisena in agreeing in SECRET to GUT the Constitution of the Nation and hand over the nation to its AVOWED enemies that he had fought against as an SLFP party member for 47-years!
Does this STUPID Common Candidate DESERVE our TRUST?
2. The EXTENT of the INTERNECINE FACTIONAL INFIGHTING, CORROSIVE ROT & DECAY within the UNP itself. This does not begin to touch the issue of MINORITY INTERESTS with the UNP that TIME & AGAIN PREVENTS the UNP from adequately PROTECTING & DEFENDING the Nation.
Does this FRACTURED United National Party DESERVE our TRUST?
3. The Common Opposition is “Common” in name only, its FRACTURING into MORE opposing camps within itself, is ALREADY UNDERWAY!
What an UNHOLY Alliance and Three-Ring-Circus of Untrustworthy Bunglers!
December 8th, 2014 at 3:21 pm
” කිසිදා ඒ ජා ප හැරදා නොයමි ”’ මෙය අස්වුනෙත් තමන්ට තැනක් නොදුන් නිසය්. පක්ෂයේ ජාතික ප්‍රතිපත්ති එයාට හොඳය දෙපැත්තටම යන උ න් යන්නේ තමන්ට ලොකුතන් නොදුන් නිසය් . රට ගැන හිතලා නොවෙය් . අවාසනාව අපේය
December 8th, 2014 at 3:23 pm
are u leaving to to protect the country or to save the party
December 8th, 2014 at 7:15 pm
“එසේමL.T.T.E යට එරෙහි යුද්ධය පැවති සමයේ රණ විරුවන්ගේ ජයග්‍රහණ හෑල්ලුකරමින්, මුළු එක්සත් ජාතික පක්ෂයම ජනතාවගෙන් කොන් කරවන කිලිනොච්චි ගියා කියා මැදවච්චි යනවා, අලිමංකඩ ගියා කියා පාමංකඩ යනවා” වැනි පක්ෂයත්, රටත් පාවා දෙන ප්‍රකාශ රවී කරුණානායක මහතා කළේ කාගේ මුදලට යට වී දැයි ඔහුගෙන් අමුතුවෙන් ප්‍රශ්න නොකරම කාටත්තේරුම් ගත හැකිය”
We know Ravi is another “Kaanu Kataa” so he has his place and no one respect his views and cares about his comments. He is another Sajin Vas in MR Camp’
But being the responsible party secretary, Tissa never appreciated the Rana Viruwoes or the war efforts of the GOSL or Gota. He should have cleared the damaged image of the party from those comments and the Run-nil’s comments on Thoppigala, if he really was feeling otherwise. Now he has become National minded, all of a sudden.
However, we are proud that you have joined the MR Camp despite the letter saying you will not leave the party. If KP and Karuna are welcome in the National camp, why not you Tissa?. Run-Nil has lost the most trustworthy person in the UNP by him taking the side of Ravi-Mangala ponna camp.
Your organising skills are valuable here to defeat the camp of the West + Endia. At least one gentleman joined the camp filled with filth like Mervin, Sajin, Kudu Dumia etc.
Welcome Jayantha Ketagoda into the National Camp!!.. He must have realised that the entire film industry is supporting MR and he cannot survive alone. However, it is a plus point for MR. He is better than the filth too. We know no one can survive with Gonseka and it was just the matter of time.
Ranatunga talks about anti-corruption and clean society but going behind the Bandit Queen.. what a joke??
December 8th, 2014 at 11:18 pm
All are jokers and Idiots in the Opposition.They do not know what they were talking in various places and times. What Ranil-Chandrika did during the war? Fonseka what he did after the war? TNA what they did during the war and after the war? Our countrymen knows about these jokers for a long time.They will get a good answer on January 8th so just cool down.It will be fun and entertainment. Better prepare some Booze and Chinese food to witness this big event for the new year 2015.
December 9th, 2014 at 2:12 am
Jeevan Kumaratunga and Vasudeva Junk are going to join My3. Accept Jeevan and reject Vasu.
These people have nation wide appeal.
Mervin is also trying to leave. My3, don’t take Mervin.
4 more UPFA MPs from Kandy, Matale, Kurunegala are planning to crossover to UNP tomorrow.
December 11th, 2014 at 9:43 am
Looks like Lorenzo has become a political “SAASTHARAKARAYA”?
December 11th, 2014 at 11:39 am
>>>Looks like Lorenzo has become a political “SAASTHARAKARAYA”?<<<
Sounds DESPERATE to me. He only focuses on potential crossovers from the government, and downplays UNP crossovers to the government. Meanwhile the average Sri Lanka VOTER just wants to keep the country moving forward and could care less about the executive presidency or ANY of the things coming out of the mouth of Ranil/Maithripala.
December 11th, 2014 at 12:54 pm
Vimutti,
Let me teach you about numbers.
Numbers INCREASE as you go towards the right.
1,2,3,4,5,6,7,8,9,10,11,12,……….
2 MPs came from UNP to UPFA.
1,2,3,4,5,6,7,8,9,10,11,12,……….
12 MPs came from UPFA to UNP.
1,2,3,4,5,6,7,8,9,10,11,12,……….
4 PC councilors came from UNP to UPFA.
1,2,3,4,5,6,7,8,9,10,11,12,……….
8 PC councilors came from UPFA to UNP.
1,2,3,4,5,6,7,8,9,10,11,12,……….