ගඟෙන් දිය බී මුහුදට ආවඩන  අපේ දේශ පාලකයෝ
Posted on December 12th, 2014

 ධර්මසිරි සෙනෙ විර ත්න

75% වන සිංහලයන්ගේ චන්දය  සිඟා කා  බලයට පත්වී  බටහිර ත්   ඉන්දියා ව ත්  පිනව  වමින්  චන්දය දුන් අ  ය නොසලකා  , ඔවුන්ගේ මුලික ප්‍රශ්න යටපත් කරමින්   ඔවුන් නොමග යැවෙන  යහ පාලනය ක් ගෙනදෙමය්  අනන් මනං දොඩවති . සිංහලයන්ට ඇති  මුලික හා වැදගත්ම ප්‍රශ්නය වන 13අ  සහ පළාත් සභා  ගැන වචනයක් හෝ පිට නොකිරී මට  වග බලා ගනිති  මොවුන් සේරම සිංහලයන්ගේ කනෙන් රිංගා යන්නට උත්සාහ කරති  රට පාවාදෙන් උන්ටද හරි හරියට චන්දය දෙන  උන් සිංහලයන් අතරද ඇත.

  සැපට කකා බිබී ඉඳීම මිස වෙනත් දෙයක් නොසොයන  දේශ පාලන ඉතිහාසය ගැන හෝ ජාතික ඉතිහාසය ගැන හෝ මල පොතේ අකුරක් නොදන්නා  නොසොයන  අ  ය චන්ද්‍රිකා ටත් රනිල් ටත් හුරේ දමන හැටි  දැකීමට ලැබීමත්  අවාසනාවකි ඔවුන්ගේ පැටිකිරිය  ගැන නොදන්නා අයෙක් චන්දය දීමට නොයා යුතුය. 

මේ දෙදෙනාගෙන් මයි ත් ත්‍රී පාලනයකට කිසිදා ඉඩක් නොලැබේ ලැබෙන්නේ වය්රී පාලනයකි  චෞර පාලනයකි. පළපුරුදු  සිරිසේනත් හෙළ උරුමයත්  සෝභිත හිමියොත්  ප්‍රධාන ද්‍රෝහීන් දෙන්නා සමග එකතු වීම අදහා ගත නොහැක්කකි . මහින්ද පොරොන්දු සියල්ල ඉටුකර නැත. ප්‍රභා මරා ත්‍රස්තයන් ඝාතනයකර උතුරත් නැගෙනහිරත් වෙන්කළ ඔහු  අපට අවශ්‍යම වන්නා වූ  13අ සහ පළාත් සභා  අහෝසි කිරීම ගැන  කතා කරන්නේ නැත.

                                      මේ සියල්ල අබිරහසකි මොකදෝ” ගුප්ත බලවේගයක් ;” විසින්  අප ඉදිරියේ කඩතුරාවක් ඇ ද ඇත .
 
මහින්දට  කැමති අයත්  සිරිසේනට කැමති අයත්  දෙගොල්ලම  කැමති  13අ අහෝසිකිරීමටය. රනිල්ට හා චන්ද්‍රිකාට කැමති අ  ය ට මොනව  වුනත් හොඳය . එහෙත් මහින්දත් සිරිසේනත් දෙන්නාම මේ ගැන නිහඬය.  දැන් අපට බය අපේ චන්දයෙන් පත්වී  උරුමක්කාරයෝ කරුමක්කාරයන් කර  රට දෙකඩ කරන 13 ඉදිරියටත් පවත්වා ගෙන යාවි  කියාය . තුනේන්දෙක තියා ගෙනත් එය නොකළ මහින්දට  සමාවක් නැත .  ඔහු මෙය ප්‍රමාද කලේ හේතු ඇ තිවනම්    එය  අපි දන ගත යුතුය  එය ප්‍රමාද කිරීමක් මිස  නොකරන දෙයක් නොවන බවට ඉඟියක් හෝ දිය යුතුය.

ඉන්දියාවට බියවීමට ජේ ආර් ටත් හේතු තුබුනේය .  එහෙත් ජේ ආර් ට එදා චීනය  හෝ රුසියා මිතුරුකම් තිබුනේ නැත. මහින්ද ජේ ආර් තරම් බිය විය යුතු නැත.  ඔය තරම් බය නම් ජනමත විචාරණයක් පවත්වා  රටේ  මනාපය ලෝකයට ප්‍රකාශ කිරීමට කටයුතුනොකරන්නේ ඇ ය් . ජනතා මනාපයට එරෙහිවීමට සෙසු ලෝකයට  පහසු නැත.   

අපේ මේ කුකුස් දුරු කිරීම  සියලුම අපේක්ෂකයන්ගේ යුතුකමය.

                                     පළාත් සභා අහෝසි කිරීමට  නොහැකිනම් වහාම රටේ ජන අනුපාතයට අනුව සිංහල බෞද්ධයන් උතුරු නැගෙන හිර පදිංචි කලයුතුය  එවිට  මොන බලතල දුන්නත්  සිංහල රට බේරෙනු ඇත. දෙමල නිජබිම් එවිට නැත,. රටේ උරුමක්කාරයන්ට රටේ ඕනෑම තැනක පදිංචිවීමේ අයිතිය වත් අරගෙන දෙන්න  මහින්ද හෝ සිරිසේන   කටයුතු කරනු අතය් අපි අපේක්ෂා කරමු 

මීට පෙර  ”’දුක හිතෙන කතාවක් ”’ මැ යින් මම මේ පිලිබඳ ඉඟියක් දුන්නෙමි  එම ව්‍යාපෘතිය සිංහල මනසින් ඈත්වී නැත . එහෙත් වැඩි දෙනෙකුට එය විෂය වුයේ නැති බව  සටහන් වලින් පෙනී ගී යේය .  

මහින්ද කියන නව චින්තනය හා නව මුහුණුවර  අඩු වශයෙන් එයාවත් වේවා . සිරිසේන චෞර ග්‍රහණයෙන් මිදේවා කදී බින්දී විසිරුණු සිංහල බෞද්ධයෝ යලි එකතුවී  සිංහල රට ආරක්ශාකරත්වා . ගඟෙන් දිය බී මුහුදට ආවැඩීම   නතර කරත්වා  . දැනට මට කල හැක්කී මෙසේ  ප්‍රාර්ථනා    කිරීම පමනය්  ව්‍යසනයක් අ ත ළඟය 

2 Responses to “ගඟෙන් දිය බී මුහුදට ආවඩන  අපේ දේශ පාලකයෝ”

  1. S.A Says:

    සෙනෙවිරත්න මහතාණෙනි.
    ඔඹතුමා ලියනදෑ මසුරන් වටී. 13A දැන් කාටකාටත් අමතක ගානයි.
    දේශපාලකයින්ට ඵය දැන් තහනම් වචනයක් වේ. දෙපැත්තේම දේශපාලුවන්ට පලාත්සභා ගැරීමට හොඳ හොද්දක්වී ඇත. මෝඞ සිoහලයා තම බෙල්ලට තොණ්ඩුව වැටෙනතෙක් තවතවත් බෙදී අනන්මනන් දොඩවයි. අපි කාට කියනනද?

  2. Christie Says:

    What about Malay Nadu. They are no go areas for Sinhalese since Chandrika’s Janawasama.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress