ලේසිම චන්ද ගුණ්ඩුව  දුෂණයෙන් භීෂණයෙන් තොර  යහ පාලනයය්
Posted on December 14th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 රටේ දැවෙන ප්‍රශ්නය , මුලික ප්‍රශ්නය  හා  අනාගතය තීරණය කරන ප්‍රශ්නය වන 13අ සහ පළාත් සභා අහෝසි කිරීම  ගැන කතා නොකර  ඉහතකී පහසුම  චන්ද ගුණ්ඩුව දැන් චන්ද දායකයා වෙත  සියලුම අපේක්ෂකයන් ගෙන් ඉදිරිපත්වී ඇත.

ඕනෑම  අන්දමකට නිර්වචනය කල හකි නිසා  මේ පොරොන්දුව  තමන් ඉටුකර ඇති බව  පසුව කියන්නට  දිනු එකාට හැකියාව ලැබේ   ජේ ආර්  කිව්වේ තම පාලනය ධර්මිෂ්ට පාලනයක් කියාය  සරත් චන්ද්රට බිමදාගෙන ගැසුවේත් විනිසුරන්ට  ගල්ගසුවෙත් ඒ ධර්මිෂ්ට පාලනය මගිනි ප්‍රේමදාස  60000 ක් පමණ මැරුවෙත් එම පාලනයේ ”’දිගුව” මගිනි එහෙත් ඒ ජා ප  යින්ට  එය දැහැමි යහ පාලනයක් විය බටලන්දේ ඝාතන  කොමිසමට අනුව සිදු නොවීය  .  එසේවුයේ යහ පාලනය නිසාය.

චන්ද්‍රිකා  රනිල් රට කොටින්ට දෙන තුරු  බලා ගෙන  සිටියේද යහ පාලනය පවතී සමයේය . මහින්ද 13අ අහෝසි නොකරන්නේද යහපාලනයක් පවත්වා ගැනීම සඳහාය. ජේ ආර්ගේ සිට මේ දක්වා අතුරුදහන් වුවන්  ගේ සංඛ්‍යාව බැ ලු විට යහපාලනයේ රංග පෙනීයය්.

එහෙත් කාට කියන්නද පාලකයින්ට අනුව ඇත්තේ යහපාලනයකි  එය එසේයය් සඵත කිරීමට උගතුන්ද ඇත. ප්‍රේමදාස කාලයේ ආර්ථික උපදේශක තිලක් රට්නාකාර පැවසුවේ රුපියලේ අගය අඩුවී නැතිබවත් රුපියලට තවමත් ඇත්තේ ශත සීයක් බවත්ය.

13අ අහෝසි කරන්නේ යය පොරොන්දු වුනත්  එය නොකර සිටීමට ඔවුන් නොයෙක් හේතු දක්වනු ඇත . එහෙත් යහ පාලනයේ  කය්වාරුව  දිගටම ගසනු ඇත. මේ මගින්  රටම හැමදාම රැවටීමට ඔවුහු උහ්සාහ ගත්හ

 දේශ පාලකයෝ බල ලොභීහුය උන්ගෙන් ඔය කියන යහපාලනය ලැබුනත් ලැබෙන්නේ  සොච්චමකි 

අපි අපිව පාලනය කර ගෙන සිත දමනය කරගෙන  එලොව සඳහා වැඩකටයුතු කරගෙන යන්නට සිතා සිටිමු එතෙක් මේ පින්බිම අපට ඉතිරි කර දෙන්න ””” පින් කරන( හා නොකරන) හාමුදුරු වරුණේ”  යයැය්  අපි බැගෑපත්ව ඉල්ලාසිටින්නේ බෞද්ධයන්ට පතිරුප දේශයක මිස එලොව සඳහා කටයුතු කරන්නට වෙන තැනක බැරි බැවිනි.   

3 Responses to “ලේසිම චන්ද ගුණ්ඩුව  දුෂණයෙන් භීෂණයෙන් තොර  යහ පාලනයය්”

  1. Independent Says:

    සෙනෙවි අය් යා,
    බුදුරජාණ් වහන්සේ අපිට පටන් ගන්න කිව්වේ සීලයෙන් ය. සීලයක් නැතිව සමාධියත්,ප්‍රඥාවත් පහල නොවේ.
    රටක් පාලනය කළත් එසේමය. යහපාලනය යනු සීලය යි. එයනැතිව 13අ ඉවත්කිරීම වැනි ඉතාම වැදගත් දෙයක් කිරීමට , ලෝකයටම උනත් මුහුනදියහැකි අභ්‍යන්තර බලය ලබා ගත නොහැකියි.
    ඔබ බුදු දහම දන්නා කෙනෙක් නිසා ටිකක් හිතා බලන්න.
    උදාහරණයක් ලෙස හොරෙකුට අපේගේ බලාගන්නැයි බාරදී , ටිකක් හොරකම් කලත් කමක් නැත, බුදු පහන දල්වා සවසට භාවනා කරන්නැයි අපිට ගමනක් යා හැකිද ?
    තුන්ලෝකාග්‍ර බුදුහිමිගේ වදන සත්‍යයයි ඔබ දනී නම් මෙයට පිලිතුරු දෙන්න.
    ඉතාම අසාධාරන ලෙස මගේ කොමෙන්ට් පවා අපේ ජනාධිපති තුමා ගේ යාලුවන් සීමා කොට ඇත. එබැවින් පිලිතුර පමාවනු ඇත.

  2. Senevirath Says:

    independent අනුපිලිවෙල නම් ශීල සමාධි ප්‍රඥා ය. යහපාලනය ශීලය යය ගතහැක. ඇත්ත එයය් නැත්තෙත් එයය් ජේ ආර් , ප්‍රේමදාස, චන්ද්‍රිකා කිව්වේ තම පාලනය යහපාලනය බවය් මහින්ද දැන් කියන්නෙත් එයමය් මාත්‍රා ගණනින් එහා මෙහා වීමක් තිබිය හැක .සරත් චන්ද්රට ගැසීමත් විනිසුරන්ට ගල් ගැසීමත් ජේ ආර් අනුදත්තේය. තරුණයන් මරා දමා භික්ෂුන් 600ක් ඇත අඩංගුවට ගත ප්‍රේමදාස ත් ඒවා අනුමත කළේය. සර්වාගමිග සංකල්ප ගෙනාවේය . චන්ද්‍රිකා රට ප්‍රභාට වසර 10 කට දෙන්නට උත්සාහ ගත්තාය. මේ සියල්ල ඔවුන්ට ශීලයක් විය . මහින්ද ගේ කාලයේ සිදුවූ දූෂණ භීෂණ කිසිවක් මහින්ද ”’අනුමත කර නැත ””දුම්බින්ද ලා මරුවින් ලා කරනවා වියහැකයය්ය් ඒත්තු ගන්වෙමින් සිදුවෙමින් පවතී රට බෙදන වුන් ගාල් කර තබා ගනී මේදී මහින්ද අතින් අඩුපාඩු වීමට හැකියය් රටට ඒත්තු ගන්වන්වන්නට ද සමහරුන්ට හැකිවී ඇත,. එනිසා අපි යමක් කියන කොට ප්‍රවේසම් විය යුතුය. කෙලමොලෙන්ම අනින්නේ නැතිව ඉඟියෙන් පැවසිය යුතුය . බුදු දහම ප්‍රග්නාවන්තයන්ට ය . ලිපිද ප්‍රඥාවෙන් කියවිය යුතුය. ”’අද්යාහාරයෙන්”’ ගැනීමක් ගැන ව්‍යාකරණයේ එය් තවත් වචන ඇත. වැඩිය කිව්වොත් එකක් වත් නැතිවෙය් web රකටත් ප්‍රශ්න නිසා වෙනත් තැන ක ලියාපදිංචි කිරීමට සිදුවියාය් මම ඇසුවෙමි . ඔබත් මමත් කරුණු දන්නා අ යය්දන්නා රනිල් හා චන්ද්‍රිකා ගැන කෙලින්ම කිවහැකි දේ බොහෝය .
    පාසලේ නුගත් එහෙත් ජීවිත තක්සලාවේ න ප්‍රඥාව ලැබූ සාමාන්‍ය ගැමියන්ට ඉඟිය තේරුම් ගත හැක. ඔබට පමණක් නොව මටද web එකටද කැපිලි ඇත. අපි ප්‍රවේසමෙන් ඉදිරියට යමු independent අනුපිලිවෙල නම් ශීල සමාධි ප්‍රඥා ය. යහපාලනය ශීලය යය ගතහැක. ඇත්ත එයය් නැත්තෙත් එයය් ජේ ආර් , ප්‍රේමදාස, චන්ද්‍රිකා කිව්වේ තම පාලනය යහපාලනය බවය් මහින්ද දැන් කියන්නෙත් එයමය් මාත්‍රා ගණනින් එහා මෙහා වීමක් තිබිය හැක .සරත් චන්ද්රට ගැසීමත් විනිසුරන්ට ගල් ගැසීමත් ජේ ආර් අනුදත්තේය. තරුණයන් මරා දමා භික්ෂුන් 600ක් ඇත අඩංගුවට ගත ප්‍රේමදාස ත් ඒවා අනුමත කළේය. සර්වාගමිග සංකල්ප ගෙනාවේය . චන්ද්‍රිකා රට ප්‍රභාට වසර 10 කට දෙන්නට උත්සාහ ගත්තාය. මේ සියල්ල ඔවුන්ට ශීලයක් විය . මහින්ද ගේ කාලයේ සිදුවූ දූෂණ භීෂණ කිසිවක් මහින්ද ”’අනුමත කර නැත ””දුම්බින්ද ලා මරුවින් ලා කරනවා වියහැකයය්ය් ඒත්තු ගන්වෙමින් සිදුවෙමින් පවතී රට බෙදන වුන් ගාල් කර තබා ගනී මේදී මහින්ද අතින් අඩුපාඩු වීමට හැකියය් රටට ඒත්තු ගන්වන්වන්නට ද සමහරුන්ට හැකිවී ඇත,. එනිසා අපි යමක් කියන කොට ප්‍රවේසම් විය යුතුය. කෙලමොලෙන්ම අනින්නේ නැතිව ඉඟියෙන් පැවසිය යුතුය . බුදු දහම ප්‍රග්නාවන්තයන්ට ය . ලිපිද ප්‍රඥාවෙන් කියවිය යුතුය. ”’අද්යාහාරයෙන්”’ ගැනීමක් ගැන ව්‍යාකරණයේ එය් තවත් වචන ඇත. වැඩිය කිව්වොත් එකක් වත් නැතිවෙය් web රකටත් ප්‍රශ්න නිසා වෙනත් තැන ක ලියාපදිංචි කිරීමට සිදුවියාය් මම ඇසුවෙමි . ඔබත් මමත් කරුණු දන්නා අ යය්දන්නා රනිල් හා චන්ද්‍රිකා ගැන කෙලින්ම කිවහැකි දේ බොහෝය .
    පාසලේ නුගත් එහෙත් ජීවිත තක්සලාවේ න ප්‍රඥාව ලැබූ සාමාන්‍ය ගැමියන්ට ඉඟිය තේරුම් ගත හැක. ඔබට පමණක් නොව මටද web එකටද කැපිලි ඇත. අපි ප්‍රවේසමෙන් ඉදිරියට යමු v

  3. Independent Says:

    ජනපතිත් දැන් ඔය චන් ද ගුංඩුව දෙමින් ඉඳී. යහපාලනය සඳහා ඡන් දය දෙන්නලු.

    අනේ ජනපති තුමනි.

    මුස්ස්වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
    සුරා මේරය මජ්ජපමා දට්ථනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
    අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

    කියමින් ඔබේ යහපාලනය ආරම් භ කරනුමැන​. එයට චන් ද අවශ්‍ය නැත​. ගුංඩු ද අවශ්‍ය නැත​.

    සබ්භ බුද්ධානු භාවේන සධා සොත්ථී භවන්තුතේ යයි මගේ පැතුම එවිට ඉඳියාවේ ලොකුම කෝවිලට ගොස් බිමවාඩි වී ලබන ආශිර්වාදයට වඩා බලගතු වනු නියතයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress