ප‍්‍රකට ක‍්‍රිකට් තරුවක් සිංහරාජයේ වල්ලපට්ට ජාවාරමක..
Posted on April 27th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී  ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වල්ලා පට්ටා ගස් කැපීම පසුපස සිටින බවට පොතුපිටිය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තපිටියේ සුමන හිමියෝ කියා සිටිති.

රක්‍ෂිතව ආසන්න පදිංචිකරුවන් යොදවමින් ඔහු වළලාපට්ට ගස් කපමින් වන්නාන්තරය වනසමින් සිටින බවද උන්වහන්සේ චෝදනා කළහ.

”ලෝක උරුම සිංහරාජ අඩවියේ සිදුවෙන මහා පරිමාණ වල්ලපට්ට ගස් විනාශය නතර කිරීමට දැන්වත් බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.

මේ ගැන අපට වාර්තා වූ තොරතුරු එක්ක වල්ලපට්ට ගස් කපන එක පිටුපස ඉන්නේ මේ රටේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු බව කියවුණා. ඔහු මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු දම්මලා වල්ලපට්ට ගස් කපනවා.

මේ ගැන මේ ප්‍රදේශයේ ජනතාව පොලිසියට සහ ප්‍රාදේශීය ලේකම්වරියව දැනුවත් කරලා තියෙනවා. නමුත් ප්‍රතිචාර නෑ.

මේ නිසා දැන් ජනතාවත් වල්ලපට්ට කපන එක ගැන පොලිසියට හෝ ප්‍රාදේශීය ලේකම්තුමියව දැනුම්වත් කරන්නේ නෑ. මොකද, පැමිණිලි කළත් ඒ අය නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress