බලය බෙදා දීම!
Posted on December 23rd, 2014

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අපට නිතර දෙවේලේ කනට හුරු පුරුදු කතාවකි ඒ. බලය බෙදා දීම. කා විසින් කාටද මේ බලය බෙදා දිය යුත්තේ. කා ලගද මේ බලය ඇත්තේ? කාටද බලය නැත්තේ? මේ සංවාදය යන අතරේ පැන නගින අතුරු ප්‍රශ්න කන්දරාවයි..

අප දන්නා ආකාරයට අප ජීවත් වෙන පෘතුවියට බලය ලැබෙන්නේ හිරුගෙන් වෙන අතර, දෛනිකව හිරු නම් වූ අප සෞර්ය ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය සෑම තප්පරයක් පාසාම නිරන්තරයෙන්ම බලය බෙදා හැරීමක නිරත වෙයි. සූර්යා විසින් නිකුත් කරනු ලබන මහා බල කන්දරාවෙන් මේ පෘතුවිය ලබනුයේ ඉතා ස්වල්පයක් වන අතර, එම බලය මෙම පෘතුවිය මත පවතින ජීවින්ට හා අජීවී පදාර්තයනගේ කාර්යයන් සදහා යොදා ගැනේ. මෙම බලය පෘතුවියේ සියළු කාර්යයන් සදහාම ප්‍රමාණවත් වුවද, මෙම බලය නිසිලෙස බෙදා හැරීමේ කලමනාකරණයක් නැති නිසා දෝ පෘතුවි තලයේ ජීවත්වෙන විශාල ප්‍රමාණයක් වූ ජීවීන් හා අජීවී පදාර්තයන් බල ඌණතාවයකින් පෙලේ. මෙම ප්‍රශ්ණය ප්‍රබල සමාජ ගැටළුවක් වන අතර, මෙය වහාම විසදීම සදහා පවතින තත්වයන් සමාජයන්ට බල කරමින් සිටී.

පලමු කරුණ වන්නේ පෘතුවියේ සියළුම පෙදෙස් වලට ඒකාකාරයව මෙම බලය බෙදා හැරීමේ කටයුත්තට අවහිර කරනුයේ සෞර්ය ග්‍රහ මණ්ඩලීය යාන්ත්‍රණය වන බැවින්, එම කාර්යය ස්වභාවය සම්මතයක්  වශයෙන් සලකා කටයුතු කිරීමට අපට සිදුව තිබේ. උත්තර ධ්‍රෑවයට හා දක්ෂිණ ධ්‍රැවයට අවශ්‍ය කරනුයේ ඉතා අඩු බලයක් බැවින් එම පෙදෙස් දෙසට ඉතා අඩු බලයක් මුදා හරින සූර්යයා නිරක්ෂීය කලාපයට විශාල බලයක් මුදා හැරීම හරහා, භූමිමය වශයෙන් විෂමාකාර බල මුදා හැරීමක් සිදු කලද, විශාල සත්ව හා ශාක පරම්පරාවක් ජීවත්වෙනුයේ මෙම නිරක්ෂීය කලාපයට ආසන්නයේ බව අවබෝධ කරගත් විට ස්වභාවයද බල මුදා හැරීමේදී අසාධාරණ ආකාරයකට එම කටයුත්ත සිදු කර නැතැයි යන්න ගම්‍ය වේ.

පෘතුවිය මතට වැටෙන බල ශක්තියෙන් මිනිසාට අත ගැසිය හැකි මානයේ ඇති දෑ සිය වර්ගයා අතර සාමූහිකව බෙදා ගන්නවා වෙනුවට ඉතා සුළුතරයක් දෙනා එම බලය සිය පෞද්ගලික අවශ්‍යතාවයන් සදහා ගොනු කර තබා ගැනීමේ හේතුවෙන් මහා බල අසමතුලිතතාවයක් මෙලොව තුල ජනිතව ඇත.  මේ හේතුවෙන් සමාජමය වශයෙන් බල ඌන තාවයකින් යුත් කණ්ඩායමක් ලොව පුරා බිහිව සිටී.

බල ඌනිත පුද්ගලයින් ගෙන් අති විශාලයක් දෙනා, මේ සිදුව ඇත්තේ කුමක්දැයි නොදනී. මෙම තත්වය පෘතුවි තලයේ සිටින සත්වයින්ගෙන් ප්‍රබලවම බල පාන්නේ මිනිසාට වෙන අතර, මෙම මිනිස් ක්‍රියාකාර කම් හේතුවෙන් අනිකුත් සත්ව හා ශාකද වලටද යම් ප්‍රමාණයකින් බලපෑමක් සිදුවෙන අතර, එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රබල සමාජ ගැටළුවකි..

සූර්යයාගේ බල සම්ප්‍රේෂණය මගින් මෙලොවට අවශ්‍ය කරන, ඔක්සිජන්, ජල කලමණාකරණය, හා ආහාර නිශ්පාදනය මූලිකව ඉටු කරන ප්‍රධාන කාර්යභාරය වේ. මේ අනුව සූර්යා තම බලයෙන් පෘතුවිය මත මුදා හරිනු ලබන කොටස, පෘතුවි වාසී සියල්ලන්ටම අවශ්‍ය කරන වාතය, ජලය, හා ඝන ආහාර වශයෙන්ද තවත් ක්‍රියාන්විතයන් ගනනාවක් යටතේ ලබා දෙයි. සූර්යයා හා පෘතුවි වාසීන් අතර සිදුවෙන බල සම්ප්‍රේෂණ ක්‍රියාවලියේදී අතර මැදියා වශයෙන් ක්‍රියා කරනු ලබන්නේ ශාක ප්‍රජාව වන අතර, ඒ අනුව මේ පෘතුවිය තුල ශාක ප්‍රජාවන්ට උරුම වන්නේ උත්තරීතර තත්වයකි. මිනිසාටවත් උරුම නැති මේ තත්වය සම්බන්ධව මිනිස් ප්‍රජාව තුල වර්තමානයේදී විද්‍යාත්මක් අවබෝධයක් නැති අතර, ගසක් යනු ඕනෑම වේලාවක කපා බිම හෙලා දැමිය හැකි වස්තුවක් ලෙස විශාල ජන කොට්ඨාශයකගේ අවබෝධයයි. මෙම අනවබෝධය හරහා මිනිසාට උරුමව පවතින බලය මිනිසා විසින්ම අන්‍යයන් අතට පත් කර හරින සීමාවකට තල්ලුව ඇත.

මේ අතර, සූර්යා විසින් අඩු සූර්ය තාප ප්‍රමාණයක් මුදා හරිනු ලබන පෘතුවි උතුරු දේශවාසීන්ට අවශ්‍ය කරන බල ඌනතාවය මගහරවා ගැනීම සදහා බල ශක්ති මංකොල්ලයක නිරතවීම ආරම්භව මේ වනවිට ශත වර්ෂ ගනනාවක් ඉක්මවා ඇත. පලමුව කුරුදු, මුතු මැණික්, අනිකුත් කුළු බඩු වලින් ආරම්භව මේ වන විට ඛණිජ තෙල් අමු අමු වේ මංකොල්ල කෑම දක්වා වූ බලය ඩැහැ ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කලමනාකරණය කිරීම සදහා විශාල සංවිධානද පිහිටුවා ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු මේ බල මංකොල්ලයේදී පෘතුවි උතුරු දේශවාසීන් රැකවරණය සපයන ප්‍රධාන ආයතනය වන අතර, මෙය බල මංකොල්ලය සිදුකරන්නේ කෙසේදැයි තීරණය කරන ප්‍රධාන ආයතනයද වේ.

රටකට එරෙහිව, සම්භාධක පැනවීම, යුද්ධ කිරීමට බලය පැවරීම, ජාත්‍යන්තර නීතිය නමින් අටවා ගත් බලවත් රාජ්‍යයන් උදෙසා බල නොපාන නීති කඩමාල්ලකින් බිය ගැන්වීම,, ආහාර අධාර සැපයීම, සෞඛ්‍ය සේවාවන් සැපයීම, අධ්‍යපන ආධාර සැපයීම යන සකල විද ආකාරයට හැඩ ගැන්වූ ආයතන මගින්, සතුරා බල මංකොල්ලය සිදු කරයි. ශ්‍රී ලංකාවට මෙය මේ සියළු කරුණු වලට අමතරව බලය බෙදා හැරීම නම්වූ සුන්දර වචන කන්දරාචක් මවා පා මේ රට තුල යලි ගින්දර ජාලයක් ඇවිලවීමටද තැත් කරයි.

අප සැබැ ලෙසම බලය බෙදා හදා ගෙන ජීවත්වූ ජාතියක් වන අතර, විවිධ ආක්‍රමණිකයන්ගේ ආක්‍රමණ හේතුවෙන් අපට අප තුල වූ බලය අහිමි විය. අප සතුවූ බලය ආක්‍රමණිකයා සුපුරුදු ලෙස කොල්ලකාගත් අතර, අද අප ජනතාව අතට බලය අවශ්‍යව තිබේ. එය ද්‍රවිඩද, මුස්ලිම්ද, සිංහලද යන වර්ගීකරණයකට නතු නොවී සියළුම ශ්‍රී ලාංකිකයන්ටම අවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. එදා රජ්ජුරුවන්ට කන්න දුන්න ජාතියක් අද රජ්ජුරුවන්ගෙන් කෑම යදින ජාතියක් බවට පත්කල ආක්‍රමණිකයාම වර්තමානයේ මෙරට පාලනයට බලය බෙදා හැරීමක් සම්බන්ධව බලපෑම් කරයි.

මෙරට ජනතාවට උරුම ප්‍රධාන බලය බෙදා හැරීම හරහා සිදුවන්නේ නොමිලේ වාතය, නොමිලේ ජලය, හා නොමිලේ ආහාර ඔවුනට උරුම වීමයි. මෙය ස්වභාවය විසින් මෙරට වාසී සියළු ජීවීන් උදෙසා ගොනු කල ස්වභාවයේ නීතියයි. බටහිර සතුරා මෙරටට පැමිණීමට පෙර මෙරට වාසී ජනතාව සුපිරි වෙළද සැලෙන් හාල් මිලදී නොගත් බව දන්නා අප, කුඹුර නම්වූ හරිත සූර්යය පැනලය නිසි ලෙස නඩත්තු කොට හිරු සපයන බලය සෘජුවම තමන් විසින් නෙලා ගත්හ. ඒ සදහා අවශ්‍ය කරන පොහොරද, බීජද ලබා ගන්නා ලද්දේද නොමිලේම වූ අතර, මෙරට ජනතාවට සැබැ ලෙසම බලය බෙදනවා යනු මෙම කාර්යයන් ජනතාව අතට යලි ලබාදීමය.

මෙම කාර්යය නිසි ලෙස කිරීමට නම් ජනතාව අතර, මෙරට තුල ඇති වගා කිරීමට හැකි, වගා කලයුතු සියළුම ඉඩම් නිසි කළමණාකාරිත්වයක් යටතේ බෙදා දිය යුතුමය. ඉඩම යනු හිමිකරගෙන ඔහේ පාළුවෙන්නට ඉඩහැරිය යුතු කාටවත් උරුම පෞද්ගලික වස්තුවක් නොවන අතර, හරිත වර්ණයෙන් දිදුලන භූමියක් විය යුතුමය. මෙම කාර්යය මනාව අවබෝධ කරගත් ජන නායකයකු වූවේ අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායන මහතා වූ අතර, ඔහු විසින් නිසිලෙස කරගෙන ආ එම කාර්යය සිද බිදලූයේද එතුමාගේ අකල් මරණයයි.

ජනතාවට බලය බෙදාදීම යනු අතීභාර දූර කාර්යභාරයක් වන අතර තමනට පැවරූ බලය නිසි ලෙස හැසිරවීමට සූදානම්වූ මනසක් නැති ජනතාවකට බලය පැවරීමට කිසිත් කල නොහැකි දෙයකි. එදා මෙරට ජනතාව සතුව තිබු ඒ බලය උදුරා ගනු ගැබුවේ, පලමුව 1818 විමුක්ති අරගලයට එරෙහිව වූ අතර, සියළුම ස්වභාවය සමග අත්වැල් බැදගෙන ගොඩනංවා තිබූ කුඹුරු වතුපිටි  හරකා බාන හා සියළුම ශක්ති මත් පුද්ගලයින්ද දරුණු ආකාරයට ඝාතනය කරමින් ජනතාව තුල වූ සියළුම බලයන් විනාශ කර දමන ලදී. දෙවනුව මෙරට ජනතාව සතු බලය කොල්ල කනු ලැබුවේ එවුන් විසින්ම නිර්මාණය කරනු ලැබූ නීති රීති මගිනි. නීතිය උන්ගේ වූ අතර, මුඩු බිම් පනත හරහා මෙරට ජනතා බලය කොල්ල කණු ලැබිණ. මේ ඉඩ කඩම් යනු හිරු බලය ජනතාව අතට පත් කරන ප්‍රදාන මාධයයයි. මෙවන් වූ අන පනත් මගින් කොල්ල කනු ලැබූ මෙරට ජනතාව සතුව තිබූ බලය මේ වෙන තෙක් කොල්ල කනු ලැබූ ප්‍රවේගයට සමාන වේගයකින් ජනතාව අතට පත් කරනු ලැබුවේ නම් නැත.

මෙරට සියළුම ජන කණ්ඩායම් වලට බලය අවශ්‍යව තිබේ.  ඒ අළුතින් මෙරට රජයකින් බලා පොරොත්තු වෙන බලයක් නම් නොවේ. තමන්ගේ කටයුතු තමන්ට කරගැනීමේ හැකියාව ඇති හැමදෙනාටම ඒ සදහා බලය  අවශ්‍යව තිබේ. ඒ අතීතයේදී මෙරට ජනතාව සන්තකව තිබූණ යටත් විජිතවාසීන් විසින් පැහැර ගන්නා ලද බලයයි. එසේ බලය ලැබීම හරහා මෙරට ජනතාව කේන්ද්‍ර ගත වෙන්නේ මෙරටට රජය සමග වන අතර, රජුට බත, බුලත සපයන්නා මෙරට ජනතාව බවට පත්වෙයි. ජනතාවට බලය අවශ්‍යව තිබේ.

 

 

3 Responses to “බලය බෙදා දීම!”

  1. Christie Says:

    Power of India. Indians, Indian colonial parasites and vermin.

  2. Senevirath Says:

    චන්ද්‍ර
    ඉතිහාසය හෝ අපේ උරුමය නොදන්නා දැන් ඉන්න බත් බූරුවන්ට ඔබ කියන අද හස තේරෙන්නේ නැතිවා විය හැක.අපේ උරුමයට ගැලපෙන රටාවක් අවශ්‍ය ටිකදෙනෙකුට පමනය්

  3. chandrasena Pandithage Says:

    සෙනෙවි,
    ඔබ ලිවූ වචන ස්වල්පය තුල විශාල කථාවක් ලියවේ. මේ රටේ ඇති ගැඹුරුම තත්වයයි ඔබ එලි දක්වන්නේ. එවන් සමාජයක බොහෝ මිනිසුන් කරන්නේ; මිනිසුන්ගේ නොදුනුවත්භාවය සම්පතක් කරගෙන පල ප්රයෝජනයට තැනීමයි. තවත් කණ්ඩායමක් අපි මොකටද මේ මිනිසුන්ට කියාදෙන්න වෙහෙසෙන්නේ යන මතය ඇතිව තම උන්නතිය සදහා පමණක් කටයුතු කරයි. අපි මේ සමාජ දේහයේ සෛලයන් මිස සමාජදේහය නොවන බැවින් අපටද කල හැකි කාර්යභාරය ඉතා සීමා සහිතය. අප නිසා එක මනුෂ්‍යයකු යම් අවබෝධයක් ලබන්නේ නම් එයද අප ලබන විශාලම ජයග්රහණයයි. ඔබට ස්තුථියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress