සාර්ලිස් මාස්ටර් හා නැවත පිබිදියයුතු ජාතිකත්වය
Posted on June 7th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

1848 ජූලි මස ගොන්ගාලේගොඞ බංඞා දඹුල්ල විහාරයේදි ශ්‍රී සුභ සර්වසිද්ධි රාජසිංහ ලෙස රජකරවා මාතලෙන් ඇරඹුන විප්ලවය අවසන්වූයේ ප්‍රථමයෙන් පුරන් අප්පු ටොරිංටන් ආන්ඞුකාරයාගේ සුදු හමුදාවේ අත්අඞංගුවට පත්වී 1848 අගෝසේතුවේදී මරාදැමීමෙනි. පසුව ගොන්ගාලේගොඞ බංඞා හා ඹහුගේ සොහොයුරා ඇතුඵ අනෙකුත් කැරැල්ල මෙහෙයවූවන් අත් අඞංගුවට ගැනින. 1849 ජනවාරියේදී ගොන්ගාලේගොඞ බංඞාට මරණ දඞුවම පැමිනවූ ටොරිංටන් එම කැරැල්ල මැඞපැවැත්වූයේ ඉතාමතේ මිලේච්ඡ ලෙස කැරැල්ලට සහභාගිවුවන් ඝාතනය කරමිනි. එයින් පසු හෙලයට නායකයෙක් හෝ වීරවරයෙක් නොමැති කලයක් උදාවිය.

1817 උෳව-වෙල්ලස්ස කැරැල්ලත් 1848දී මාතලේ-කුරැණෑගල කැරැල්ලත් ඉතාමත් නිර්දය ලෙස මර්දනය කල ඉංග්‍රීසි හමුදාව නැවත බොහෝ කලකට සිංහලයන්ට නායකයෙක් ඇතිනොවන තැනට වග බලාගත්හ. මෙවැනි සමයක සිංහලයින්ට තමන්ට වන අසාධාරණයක් තබා මැසිවිල්ලක්වත් කියාගත නොහි අසරණවු ජාතියක් බවට පත්ව සිටියහ. ඒ අතරතුර බටහිර අධ්‍යපනය අපමත බලෙන් පටවා කඵ සුද්දන් බිහිකිරීමත් සිංහල බෙෳද්ධයින් අන්‍යආගමිකකරනය කිරීමත් ජයටම කරගෙන යනු ලැබින.

සුද්දෝ කඵතර බෝධියත් විහාරයත් කඞා ඒ හරහා මහාමාර්ගය තැනීමට සැලසුම් කලවිට ඊට එරෙහිව පැමිනිල්ලක් හෝ උද්ඝෝෂණයක් හෝ මෙහෙයවීමට තරම්වත් අපට නායකයෙක් නොසිටි අතර අවසානයේදි සිංහලයින්ට සිදුවූයේ තායිලන්තයේ රජුට පෙත්සමක් මගින් මේ වෙන්නට යන විනාශය දන්වා එයට සහනයක් ඉංග්‍රීසි ආණ්ඞුවෙන් ලබාදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීමය.

ජාතික නායකයෙක් හෝ විරවරයෙක් හෝ නොමැතිව අපි අන්ත අසරණ වි සිටියේ එලසය. එවැනි සමයක සුද්දෝ බලෙන් ඔවුන්ගේ රජුගේ එනම් පස්වන ජෝර්ජ්ගේ පින්තුර අපේ ගෙවල්වල ඇතුඵවන දොරට උඞින් හෝ ආලින්දයේ ප්‍රමුඛ ස්ථානයක ප්‍රදර්ශණය කිරිමට අණකලහ. මේ ආඥාව ආණ්ඞුවේ මුලාදෑනිවරැන් හරහා පතුරැවනු ලැබූ අතර එය ක්‍රියාත්මක නොකල ගෘහයන් සුදදාගේ උදහසට ලක්විය. මෙසේ එදා සෑම සිංහල ගෘහයකම පාගේ පස්වන ජෝර්ජ්ගේ ප්‍රතිරෑප අපට අකමැත්තෙන්වුවද  ප්‍රදර්ණය කිරීමට සිදුවිය. සුද්දා අපේ ජාතිආලය බිදදැමීමට අටවපු නොයෙකුත් උගුල් අතර ජෝර්ජ්ගේ ප්‍රතිරෑපය අපේ හිසට උඞින් අපේම ගෙදර එල්ලී සිටීමද එකකි. සුද්දාගේ ඇදුම් ඇද, සුද්දාගේ නම්ගම් ඇදාගනිමින්, සුද්දාගේ අධ්‍යා‍පනය වනපොත්කල අපි එදා සිංහලත්වය කෙලෙසාගනිමින් සිටියෙමු.

පසුකලක අනගාරික ධර්මපාලතුමා ඇතිකල බෙෳද්ධ පුනර්ජීවය මතින් ගොඞනැගුනු ජාතිකත්වය තුලින් අපව නැවත සිංහල කලත් අසිංහල ගතිසිරිත් සියල්ලක්ම පහකිරීමට අපි අසමත්වීමු.  මෙසේ අනගාරික ධර්මපාල සමයේ නැවත ඇතිවු ජාතිකත්වය අපේ මනස නැවත සකස් කලත් සුද්දා බලෙන් අපමත පටවා අප ගෘහයන්ගේ ස්ථාපනය කල පස්වන ජෝර්ජ් ප්‍රතිරෑප ඉවත්කිරීමට අප අපොහොසත්වූයේ ඒවනවිට එම ප්‍රතිරෑප නිවසේම අංගයක් බවට පත්වී තිබූ නිසාත් එය ඉවත්කර එම ස්ථානයේ ප්‍රතිස්තාපනය කිරිමට වෙනත් විත්‍රයක් හො ඡායාරැපයක් අප සතුව නොතිබුන නිසාත්ය.

මෙවැනි පසුබිමකය ලක්දිව මහා චිත්‍රශිල්පී සාර්ලිස් මාස්ටර්ගේ පුනරාගමනය සිදුවන්නේ. සාර්ලිස් මාස්ටර්ගේ බුද්ධ චරිතය නිරෑපනයවන චිත්‍ර එදා සිංහල නිවෙස්වල එල්ලී සිටි පස්වන ජෝර්ජ්ව පන්නාදමා නිවස බුදුරැසින් එකාලෝක කිරිමට සමත්විය. අදත් සාර්ලිස් මාස්ටර්ගේ නිර්මාණ අප ගෘහයන්ගේ සුරක්‍ෂිතව ඇති අතර ඔහුගේ නිර්මාණ කිපයක්වත් නැති පැරණි පන්සලක් සොයාගැනීම උගහටය. ඉතාමත් උත්තුංග ආරොහ පරිණාහයකින් යුක්තවු සාර්ලිස් මාස්ටර් අප කවුරැනුත් එකසේ ආදරය කල සුසිල් ප්‍රේමරත්නයන්ගේ පියාණන්ය. ‘ලංදේසි හටන’, ‘බිලිපූජාව’ ‘රිදීකුමරි’ හැංගිමුත්තම්’ වැනි චිත්‍රකතා කලාව තුලින් හමුවූ සුසිල් ප්‍රේමරත්නයන් අප ජාතියට අගනා ගී වැලක්ද දායාද කල අප සහෘදයානන්ය. අපි ගැටයා කාලයේ නිතරම මිමිනූ ‘කෝ අද මැනිකා කොහෙද මගේ….’ ගීතය ඔබට අමතක නොවන ගී මිහිරකි. මල්ලිකා කහවිටගේ ලයාන්විත මඳුර ස්වරය…’ආදර රත්නේ මොකද ඔයා, කරබා ඉන්නේ නැතිව දයා….’ හා මුසුවුන ඒ ආදරනීය ගීතය බිහිවන්නේද සාර්ලිස් මාස්ටර් පරපුරෙනි.

එදා සුද්දාගේ පීඞනයෙන් ග්‍රහණයෙන් අප මුදවාගැනීමට අනගාරික ධර්මපාල, සාර්ලිස් මාස්ටර් වැන්නවුන් කල සේචය තුලින් බිහිවූ වත්මන් පරපුර දරැනු ත්‍රස්තවාදයකින් අපරට මුදාගැනීමට දායක නොවූවායයි කිව හැක්කේ කාටද? වසර 2009 නන්දිකඞාල් කලපුවේදී කල ජයග්‍රහනය අවුරැදු 206 කට පසු (1803  ජයග්‍රාහී වෑගොලේලෙ සටනට පසු) සිංහල ජාතිය ලැබු එකම ජාතික ජයග්‍රහණයයි. සුරවීර රණවිරැවන් අපට ලබාදුන් ජයග්‍රහණය පසුපස සිටියේ ජාතියේ ගැලවුම් කරැවානන්වූද අපගේ සදාදරණීය නායකයානන්වුද මහින්ද රාජපක්‍ෂයන් හා ඔහුගේ සොයුරැ ගෝඨාභය රාජපක්‍ෂයන්ය.

ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් පිරිසක් විසින් මුද්‍රණය කොට බෙදාහරිනු ලැබ ඇති පොත් පිංචක් යයි කියනු ලබන මඩ පත්‍රිකාව මගින් කරනු ලැබ ඇත්තේ ජාතියට නිදහස ලබාදුන් මේ සදාදරණීය නායකයානන් කල විර ක්‍රියාව හෑල්ලුවට පත්කිරීමය.  සයිබර් අවකාශයේ බේගල් වපුරවා බලයට පත්වූ ජනපතිද මේ සම්බන්ධව නිහඩ වීමෙන් තම සහයෝගය මඞ පත්‍රිකාවට දක්වා ඇත.

හැම ‘ජඞයාම’ එක්වී මේ කරන්නේ රණවිරැවන් එදා දිවිපුදා රැකගත් මවුබිම කෙලෙසීමයි. අද ලක්දිව අරාජිකවි ඇත. රජයක් නැතිතරමය. එකදු රාජ්‍යය ව්‍යාපෘතියකවත් ඉදිරි ගමනක් නැත. දසදහස්ගනනින් විරැකියාව වැඞිවී ඇත. සතොසේ අද දුකසේය. එකදු උපාධිධරයෙකුටවත් පසුගිය මාස පහ තුල රැකියා ලැබීනැත.  මහින්ද රාජපක්‍ෂ සමයේ පෝෂණයවූ ජාතික ධනය දියකරමින් රජ්‍යය වියදම් පිරිමහගනී. ‘ඕනෑ ගොනෙකුට’ මෙසේ වැඞිකලක් රාජ්‍යකල නොහැක.

පසුගිය ජනවාරි අටවනදා බොරැ කියා ලබාගත් රට අද විනාශ මුඛයේය. සිංහලයින් නැවත ඇස් ඇරිය යුතු කාලවකවානුවකි.

මහින්දගේ අවශ්‍යතාවය නැවත රටට දැනෙමින් පවතී. කුමන ලකුණකින් හෝ කුමන පක්‍ෂයකින් හෝ මහින්ද මැතිවරණයට අවතීර්න වුවත් ඔහුවටා එක්රොක්වී ඔහුට ආශීර්වාද කොට නැවත මේ රට ජයබිමක් කිරීමට ජනතාව නොයිවසිල්ලෙන් බලාහිදී. එදින ඉතා ඉක්මනින් උදාවේවා.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූනි මස 7 වනදා

3 Responses to “සාර්ලිස් මාස්ටර් හා නැවත පිබිදියයුතු ජාතිකත්වය”

  1. Christie Says:

    Namaste: From British-Indian Empire’s history: “The oldest regiment in the Indian Army is the Madras Regiment. Madras Regiment was set up in the former Madras Province. The British were ably assisted by this Regiment and they were able to capture Burma and the then Ceylon. The Madras Regiment carved a name for itself in the history of India. The Madras regiment’s elephant-crest was won after the Madras army’s daring action under Wellesley against the Peshwa’s army at Assaye, a battle he once described as tougher than Waterloo. Its regimental headquarters is in Wellington, near Ooty (Udhaga-mandalam).”
    The Sinhala uprising were always put down by the British soldiers and Indian Sepoys.
    Jai Hind.

  2. Independent Says:

    සොරුන්, තක්කඩින්, ස්ත්‍රී දූෂකයන්, මත්කුඩු ව්‍යාපාරිකයන් සඟවා ඔවුන් ආරක්‍ෂාකර ජාතික ව්‍යාපාරයක් ගෙනගිය නොහැක​. කවුරු පෙරමුන ගත්තත් ජාතිකත්වය ජයගැනීමට නම් එය පිරිසිදු විය යුතුය​. ඒ නිසා එහි නායකයින් කිසිම චෝදනාවකට අසුවූ අය නොවිය යුතුය​.

  3. Jag Says:

    When someone trying to preach dharma when the country is in flames is quite laughable. Shouldn’t we save our country first by supporting a capable leader, before addressing those secondary issues.?

    The biggest impediment for our country to progress is these ”vedhi bana” preachers who always come up with some idiotic logic. Hey, get your priorities right. ”Vedhi Bana” preachers will be looked after by the masses after general elections.

    Tissa, as always.. sensational stuff. Thank you and keep it up.!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress