“ආණ්ඩුව යහපාලන වේශයෙන් බෙදුම්වාදය පිනවන හැටි” – මොහාන් සමරනායක
Posted on June 25th, 2015

-යුතුකම සංවාද කවයwww.yuthukama.com

“අද සමාජයේ අපුරු ප්‍රවනතාවක් ඉස්මතුවී තිබෙනවා. යම් කිසි පාර්ශ්වයකට ප්‍රතිවිරුද්ධ අදහස්‌ දක්‌වන අයට ලේබල් අලවනවා. මා පුවත්පතක දුටුවා පුරවැසි බලය නමින් හදුන්වන සංවිධානයක ප්‍රවෘත්ති සාකච්චාවක්. එහි තිබෙනවා එක තැනක. අද පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නේ මහින්ද රාජපක්‌ෂ වෙනුවෙන් කඩේ යන හෙංචයියලා පිරිසක්‌ බව. එතකොට මේ පුරවැසි බලය නමින් හදුන්වන සංවිධානය පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.භාෂණයේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්.අදහස් පළකිරීමට ඇති අයිතිය වෙනුවෙන්. මතයක් දැරීමට ඇති අයිතිය වෙනුවෙන්. එහෙමනම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින විට ඒක ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැහැ. මන්ද ඒක ඔවුන්ගේ ස්වෛරීය ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්. නමුත් මේ අය දකින විදිහට එසේ පෙනී සිටින හැමදෙනාම හෙංචයියෝ. නැත්තම් කඩේ යන අය. දැන් අනිවාර්යෙන්ම මෙතනට පැමිණියාම සාමාන්‍ය පුද්ගලයකු වන මටත් ඒ හෙංචයියා කඩේ යන පුද්ගලයා කියන ලේබලය අලවනවා මයි. එහෙම නැත්තම් ජාතිවාදියා කියන ලේබලය අලවනවා. “ යනුවෙන් පුරවැසි බලයේ නොදියුණුකම පිලිබඳ මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කළේය.


ඔහු මේ අදහස් පළ කලේ යුතුකම සංවාද කවය සංවිධානය කළ වෙනස සැපද මැයෙන් කොළොඹ මහජන පුස්තකාලයේ දී පැවති සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. ජනවාරි 8න් පසු දේශීය හා විදේශීය වශයෙන් රටට අහිතකර ලෙස පෙළ ගැසෙන දේශපාලන පසුබිම ජනතාවට පැහැදිලි කිරීමට අවස්ථාවක් නිර්මාණය කළ යුතුකම සංවාද කවයට ස්තුතිය පළ කල මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

ඇත්තටම මා කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයෙකු නොවේ. එහෙත් මනුෂ්‍යයා යනු උපතින්ම දේශපාලන දෘෂ්ටියක්‌ ඇති සත්ත්වයෙක්‌. දේශපාලන දැක්‌මක්‌ නිතැතින්ම අපටත් උරුමයි. එහෙයින් අද රට ගමන් කරන ආකාරය පිළිබඳ කම්පනයක්‌ අපටත් තිබෙනවා. ඊට සාක්‍ෂිත් අප සතුයි. ඒත් වත්මන් විදේශ ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබෙන දේ අසත්‍යයි. ඒවා සාක්‌ෂි සහිතව සනාථ කළ නොහැකි දේවල් ලෙස තමයි ගන්න වෙන්නේ. හිටපු ජනාධිපති සතුව ඩොලර් බිලියන 18 ක විදේශ සංචිත තිබුණු බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒත් 2014 වසරේ රටේම විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 68 යි. මෙවැනි අසත්‍ය සහ සාක්‍ෂි සහිතව ඔප්පු කළ නොහැකි දේ පසුගිය ජනාධිපතිවරණයේ දී බහුල වශයෙන් සමාජගත කළා. ඒ බොරුව සමාජය පිළිගත්ත. කටට එන දෙයක්‌ කිව්ව. ඒ දෙයම දැනුත් සිදු වෙනව.

මේ අය ඉතා සරල කරුණු පවා බොරු ලෙස කියනව. ඒ වගේම යුද්ධයේ දී සිවිල් වැසියන් මියගියාද නැද්ද යන්න සෙවීමට යාන්ත්‍රණයක්‌ හැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට එකඟ වුණාලු.ඇත්තටම එහෙම දෙයක්‌ වුණේ නැහැ. ශ්‍රී ලංකාව කවදාවත් බෑන් කිං මූන්ට ප්‍රතිඥවක්‌ දුන්නේ නැහැ. යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයක්‌ හදන බවට. දෙපාර්ශ්වය මගින් නිකුත් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයේ එවැන්නක්‌ සටහන් වෙලා නැහැ. මෙවැනි අසත්‍ය කරුණු දේශපාලන පක්‍ෂ සහ නායකයන් විසින් මාධ්‍ය හරහා දරුණු ලෙස සමාජගත කරමින් සිටිනවා.

වත්මන් ආණ්‌ඩුවට දින 100 ක්‌ පිරුණු දිනයේදී ජනාධිපතිවරයා රට අමතා විශේෂ ප්‍රකාශයක්‌ කළා. එහි සඳහන් වුණා එතුමා බලයට පැමිණීමට පෙර අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තරය බෙදී සිටි බවට. ඒත් අපේ රට ගැන හැමෝම එසේ බෙදී සිටියේ නැහැ. අන්තර්ජාතික ප්‍රජාව යන නාමයේ සුජාත බවට කැළලක්‌ එකතු කළ ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපීය රටවල් සහ ඉන්දියාව පමණයි අපට එරෙහිව සිටියේ. චීනය රුසියාව, ඉන්දුනීසියාව මෙම ගණයට අයිති නැහැ. ඒ නිසා අන්තර් ජාතික ප්‍රජාව යන වචනය ඒ සඳහා යොදා ගැනීම වැරැදියි. ඊනියා අන්තර් ජාතික ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්‌ෂගේ පාලනය රිස්‌සුවේ නැහැ. ඇමරිකාව ඉතිහාසයේ විවිධ රටවල් කොටවලා තිබෙනවා. විවිධ රටවල යුද ගිනි අවුලා තිබෙනවා. ඉරාකයට විනාශයක්‌ ගෙන ආවා. ඒ වගේම මුළු මැදපෙරදිගටම යුද්ධ ඇති කළා. ඒ නිසා ඇමරිකාව ගැන කවදාවත් විශ්වාස කරන්න බැහැ. ඉරාකයට සම්බාධක පනවා මිනිසුන් පන්ලක්‍ෂයක්‌ පමණ මියයන්න සැලැස්‌සුවා. කුඩා දරුවන් ලක්‍ෂ ගණනින් එහිදී මියගියා. ඒ අපරාධ ඇති කළේ ඇමෙරිකාවයි. ඔවුන් කවදාවත් වෙනත් රටක්‌ දෙස ආදරයෙන් බැලුවේ නැහැ. ඉරාකය අමාරුවේ වැටුණේ ඇමෙරිකාව විශ්වාස කරන්න ගිය නිසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළ නිසයි. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක්‌ ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක්‌ නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික්‌ සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ.
මේ හැරුණු විට දීර්ඝ වශයෙන් අදහස් දැක්වූ මොහාන් සමරනායක මහතා රටට එල්ලවී තිබෙන අන්තර් ජාතික බලපෑම සහ රට ඉතා වේගයෙන් නැවත බෙදුම්වාදී දිශාවට ගමන් කරන අන්දම සාක්ෂි සහිතව ව්‍යක්තව ආකාරයෙන් උදාහරණ සහිතව පෙන්වාදුන්නේය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

 

2 Responses to ““ආණ්ඩුව යහපාලන වේශයෙන් බෙදුම්වාදය පිනවන හැටි” – මොහාන් සමරනායක”

  1. Cerberus Says:

    Mr. Samaranayaka, Excellent speech with all the facts. I am just wondering if President Mahinda Rajapaksa comes back as Prime Minister won’t these countries again take steps to pull him down. Ultimately they want a country which is so weak that they can manipulate it as they wish. They best policy is to ask these countries what they want and give it them so that they will not seek to put minorities in power to get what they want through them.

    Cuba was under sanctions for almost 50 years. They did not give up. They set up one of the best education systems for doctors and they were trained to provide free service for poor people in all the Latin countries. The purely capitalistic mentality in not there in these doctors. They do it in a pure way from their heart out of love for humanity. In USA the doctors, drug companies and insurance companies work together to make maximum profits for each other at the expense of the people. It has become a monstrous business.

    If we are to survive both Sinhalese and Tamils must realize that it is in their best interests to unite and work for the country. I was happy to see people like Kanthar Balanathan writing along those lines in the Lanka Web.

    Thank you for bringing fact to light for our people in Sinhala language so that they can understand. You should also have this translated to Tamil and broadcast to North and East.

  2. Kumari Says:

    If the 70% can stand together then minorities can’t manipulate our politicians. I hear the parliament is dissolved which is very good news if Sirisena agrees to nominate Rajapakse. If not SLFP should get rid of Sirisena as he contested from the opposition.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress